• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ශ්‍රී ලංකාව ඉන්දියාවේම කොටසක්’කියපු කතාවට හරීන්ගේ ඇමැතිකම නැතිවෙයිද? I Sri Lanka Latest News

February 22, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාව ඉන්දියාවේම කොටසක්’ බව පිළිගනිමින් ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැති ව්‍යාපාරික හා ව්‍යවසායක හමුවකදී කැබිනට් අමාත්‍යවරයකු වන හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. ඔහු එම අදහස ඉංග්‍රීසි බසින් පැවැසුවේ මෙසේය.(Sri Lanka Latest News)

‘Fuel tanks are taken by the Indian companies’ Our solar power energies provided by the Indian companies’ This is one of the reasons I think the Indian external affairs secretary mentioned” if you are traveling somewhere” travel to Sri Lanka” because Sri Lanka is a part of India” actually’

එහි දළ සිංහල පරිවර්තනය මෙසේය.

‘තෙල් ටැංකි ගත්තේ ඉන්දීය සමාගම්වලින්. අපේ සූර්ය බලශක්ති සපයන්නේත් ඉන්දීය සමාගම්. මම හිතන්නේ, ඒ නිසා තමයි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ, ඔබ කොහේ හරි සංචාරය කරනවා නම්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා, මොකද, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ඇත්තට’

එහිදී, ඔහු ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්’ ලෙස අර්ථ නිරූපණය කරමින් එය ඉන්දීය ව්‍යවසායකයන් ඉදිරියේ ප්‍රසිද්ධියේ පිළිගනිමින් කළ ප්‍රකාශය ‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්’ බවට චෝදනා එල්ල වෙමින් පවතී.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළකර තිබූ අදහස් කිහිපයක් පහත දැක්වේ.

‘අමාත්‍ය ධුරයෙන් වහා ඉවත් කළ යුතුයි’

කැබිනට් අමාත්‍යවරයකු ලෙස හරීන් ප්‍රනාන්දු ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ඒත්තු ගන්වමින් කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්’ බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු මෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළ ආචාර්ය දයාන් ජයතිලක අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඔහු ඉන්දියාවේදී කළ එම ප්‍රකාශය අතිශයින් බරපතළ එකක් බවය.

‘ඔහු මේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයකු හැටියටයි. ඒ වගේම, මේක සම්මුඛ සාකච්ඡාවකදී සිදුවුණු වචන පටලැවීමක් විදිහට සලකන්නත් බෑ. මේක හිතාමතා කරන දේශනයක් අතරතුර කරපු ප්‍රකාශයක්. ඒ වගේම, ඔහු කියනවා, ‘ඇත්තටම ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නිසා’ කියන අදහසක්. ඒ නිසා මේක අත්වැරදීමක් හෝ කටවැරදීමක් ලෙස ලඝු කොට සලකන්න පුළුවන්කමක් නෑ’ ආචාර්ය දයාන් ජයතිලක පැවැසීය.

ඔහු අවධාරණය කළේ, මෙවන් ප්‍රකාශයක් කළ පුද්ගලයකු කැබිනට් අමාත්‍ය ධුරයෙන් වහා නෙරපා දැමිය යුතු බවය. එසේ නොකළහොත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය අනුමත කරන බවට උපකල්පනය කිරීමට සිදුවන බවද ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළේය.

‘රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවත් මේක වැරදි ප්‍රකාශයක්. ඒ කියන්නේ මේ ප්‍රකාශය හරහා ඔහු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා වහාම ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතුයි. එහෙම කරන්න ආණ්ඩුව අසමත් වුණොත් අපට කියන්න වෙනවා, ආණ්ඩුවත් ඔහුගේ ප්‍රකාශය අනුමත කරනවා කියන එක’

අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ අදහස

කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය ‘වගකීමකින් කරපු ප්‍රකාශයක් නොවන බව පෙනී යන්නේ’ යැයි අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

‘මට නම් තේරුණේ එයා ඒක හරියට අර්ථයක් ඇතුව කියපු දෙයක් නෙවෙයි. කතා කරනකොට කට වරදිනවා කියන්නේ, ඒ වගේ වැරදීමකින් කියවෙච්ච ප්‍රකාශයක් කියලා. වගකීමකින් කරපු ප්‍රකාශයක් නොවන බව පේනවා. සමහර විට හොඳ හිත තහවුරු කරගන්න යාමේදී අන්තෙට ගිහිල්ලා ඕවර් රියැක්ෂන් එකකට ගිහිල්ලා වගේ තියෙන්නේ. විදේශ රාජ්‍යයක ගිහිල්ලා කතා කරනකො‌ට වගකීමකින් කතා කරනවා නම් ඔය වගේ ගැටලු එන්නෙ නෑ.’

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අදහස දැනගැනීම සඳහා කිහිප වරක් උත්සහ කළද එය ව්‍යර්ථ විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

ශ්‍රී ලංකාව, ඉන්දියාවට අයත් නොවන වෙනත් රාජ්‍යයක් ලෙස ඈත අතීතයේ සිටම පැවැති බවට මහාවංශය ඇතුළු ලේඛනගත සාක්ෂි රැසක් පවතී. ඉන්දියාවෙන් මෙරටට වෙළෙඳ, සමාජයීය, සංස්කෘතික, ආගමික, දේශපාලනික ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව බලපෑම් සිදුවුවද, ශ්‍රී ලංකාව පැවතියේ වෙනම රාජ්‍යයක් ලෙසය. කෙසේ වෙතත්, මෙම අසල්වැසි රාජ්‍යයන් දෙක අතර පවතින සබඳතාවලට වසර 2500කට අධික ඉතිහාසයක් තිබේ.

වසර 30ක් පැවැති සිවිල් යුද්ධය, ආර්ථික අර්බුදය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුද ගණනාවකදී ඉන්දියාවේ සහයෝගය ශ්‍රී ලංකාවට ලැබිණි.

‘නින්දිත උත්සාහයන්’

මේ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ට්විටර් ඔස්සේ පළකරන ලද පණිවුඩයක් ලෙස හුවා දක්වමින් සංසරණය වූ ‘ව්‍යාජ ඡායාරූපයක්’ සම්බන්ධයෙන් 2022 වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තරයේ හෙළාදැක තිබිණි. එහි සඳහන් කර තිබුණේ, ‘ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප, මිත්‍රශීලී සහ ඉපැරණි සබඳතා දුර්වල කිරීමට බංකොලොත් පාර්ශ්වයන් ගන්නා මෙවන් නින්දිත ප්‍රයත්නයන් කිසිදා සාර්ථක නොවනු ඇත’ යනුවෙනි.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

මරියතුමී වගේ කඳානේ සැරිසරන කවුද මේ අමුත්තිය I Sri Lanka Latest News

Next Post

විපක්ෂ නායක දුෂ්කර පාසල්වල දරුවන්ට පරිගණක, බස් රථ ලබාදෙන එක නවත්තන්න ජවිපෙ වැඩ පටන් අරන්! අධ්‍යාපන ඇමැතිටත් කියලා මේක නවත්තන්න කියලා! මේ මොන ජරා වැඩක්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.