• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරණ 7ක් එක විදියට වෙච්ච මොකක්ද මේ අබිරහස I Sri Lanka Latest News

January 11, 2024
in Exclusive, News
Reading Time: 11 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුලින් තාත්තා – ඊළඟට අම්මා දරුවො තුන්දෙනා – තව තරුණයෙක් – වෙන තරුණියක් – එකම විදියට – එකම වහ බීලා…

2023 අවුරුද්ද නිමාවෙන්නේ පවුලක්ම සියදිවි නසාගෙන මියයෑමේ කතන්දරේකුත් එක්ක. පවුලේ පියා මුලින් මියයනවා. ඉතිරි දරුවන් සහ මව පසුව මියයනවා. මේ කතන්දරය අපිට පාඩම් ගොඩක් උගන්වන බව දැනට ලියුම්කරුට හිතෙනවා. සමහර විට ඉදිරියේදී මේ කතාවේ අලගිය තැන් මුලගිය තැන් වෙනස් විය හැකියි. මොකද අපි දන්නවා පරීක්ෂණ කටයුතු කිසිවක් සිදු නොවුණු සිදුවීමක් සම්බන්ධව පූර්ව නිගමනවලට එළඹෙන්න, ඒ සම්බන්ධව කතන්දර කියන්න අපට පුළුවන්කමක් නෑ. නමුත් මේ කතාව පැහැදිලිව හඳුනාගත්තම මතුවෙන කාරණා පසුව කියන්න ඉඩ තියලා දැනට දන්න ටික අනුව අපි මේ කතන්දරය ලිහාගමු.(Sri Lanka Latest News)

මේ පවුලේ පියා මියයන්නේ මුලින්ම. ඔහු තමයි මුලින්ම සිය දිවි නසාගන්නේ. ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන්නේ ඔහුගේ සහෝදරයාගේ නිවෙසේ. මේ මරණයට පෙර ඔවුන් පොළොන්නරුවේ තමන්ට හිමිවෙලා තිබුණු ඉඩකඩම් සියල්ල විකුණලා දාලා කොළඹ ආපු බව කියැවෙනවා. ඔවුන් කොළඹ ඇවිල්ලා පදිංචි වෙනවා. ඒ, ටික දවසකට. ඒත් ඒක සති කිහිපයකට තිබුණු අවශ්‍යතාවක් වෙන්නත් පුළුවන්.

ඔවුන් පොළොන්නරුවේ ඉඳන් කොළඹ එන්නේ හෝ පොළොන්නරුවේ ඉඩම් විකුණන්නේ කොළඹ පදිංචි වෙලා ඉන්න නෙවෙයි. විදෙස්ගත වෙන්න. එතකොට ඔවුන්ට විදෙස්ගත වෙන්න බැරුව ගියාද, එහෙම නැත්නම් ඔවුන් විදෙස්ගත වෙන්න සූදානම් වෙමින් හිටියද කියන එක පැහැදිලි නෑ. කොහොම නමුත් පැහැදිලි කාරණය තමයි ඔවුන් ඉඩම් විකුණන්නේ, පොළොන්නරුවෙන් කොළඹ එන්නේ විදෙස්ගත වීමේ බලාපොරොත්තුවත් එක්ක කියන එක.

එහෙම විදෙස්ගත වීමේ බලාපොරොත්තුවත් එක්ක කොළඹ එන මේ අය නිවෙසක් කුලියට ලබාගෙන පදිංචි වෙනවා. ඒ වගේම මියගිය පුද්ගලයාගේ සහෝදරයා කොළඹම වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටි බවත් මේ කතාව ඇතුළේ පැහැදිලි වෙනවා. එතකොට ඔවුන් කොළඹ ඇවිල්ලා ටික දවසකින් තමන්ගේ වුවමනාව ඉෂ්ට නොවුණු නිසා ඒ කටයුත්ත ඉටුවෙනතුරු සමහර විට මෙහෙම නැවතිලා හිටියා වෙන්නත් පුළුවන්. ඒක අපට පැහැදිලි නෑ.

කොහොම නමුත් මේ පුද්ගලයා ඉතා ඉක්මනින් සියදිවි නසාගන්නවා. ඔහුගේ අවසන් කටයුතු සහෝදරයාගේ නිවෙසේ සිද්ධ කරනවා. අවසන් කටයුතු සිදුකරලා මේ පවුලේ උදවිය පරණ පුරුදු නවාතැනට එනවා. ඒක තේරුම් ගන්න උත්සාහ කළොත් ගමක හිටපු මිනිස්සුන්ට මරණයකදී හුදෙකලා වීම දරාගන්න පුළුවන් වුණාද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ගැන පසුව දැනගන්න ලැබෙන සමහර කාරණා නිසා පූර්ව නිගමනවලට එළඹෙන්නෙ අමාරුයි.

මොකද ඔවුන් පොළොන්නරුවේ ඉන්නකොට නම් ඔවුන්ගේ අවසන් කටයුතු සිදුවෙලා දවස් ගානක් යනකන් පුද්ගලයෝ ගෙවල්වලට එයි. ඒ වගේම මේ පවුලේ උදවිය සතුටින් පොළොන්නරුවට වෙලා පවුලක් විදියට එකට එකතු වෙලා විනෝදෙන් ඉන්න ඇති. හැබැයි ඔවුන් සියල්ල අතහැරලා දාලා නුහුරු නුපුරුදු කොළඹට ආවට පස්සේ ඔවුන්ට මේ නුහුරු නුපුරුදු කොළඹ ඇතුළේ මරණයක් වූ නිසාවෙන්, හැරදමා යෑමක වේදනාවක් නිසාවෙන් ගෙදරට ඇවිල්ලා තනි රකින්න කවුරුවත් නෑ.

අඩුම තරමේ මේ මෘත ශරීය තියන්න ඔවුන්ට තමන්ගේ ගෙදරක් නෑ. ඔවුන්ට සිදුවෙන්නේ මෘත ශරීරය ඥාති ගෙදරක තියන්න. එතකොට මළ සිරුරේ අවසන් කටයුතු කරලා ගෙදර ආවට පස්සේ ඒ රාත්‍රියේ ඔවුන් එක්ක නිදි වරන්න, දුක බෙදාගන්න, ප්‍රශ්න ගැන කතාකරන්න කවුරුවත් එන්න නැතිව ඇති. මේ අයගේ යාළුවෝ ඉන්න ඇත්තේ පොළොන්නරුවේ. මේවා ඔක්කෝම උපකල්පන. සමහර විට මේවා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ උපකල්පන ගොඩනගමින් මේ කතාව කියන්නේ එක්තරා හේතුවක් නිසා.

කොහොම නමුත් එදා ඔවුන් තීරණය කරනවා පවුලේ සියලු දෙනාම සියදිවි නසාගත යුතුයි කියලා. මේ තීරණය ඇතුළේ අවුරුදු 10 දරුවාත්, 7 දරුවාත්, 8 දරුවාත් ඉන්න නැතුව ඇති. ඒ අය එක්ක මේවා සාකච්ඡා කරන්න මේ අම්මට බෑ. අම්මා තනියම හිතලා, තනියම කල්පනා කරලා ඉතාම දැඩි තීරණයක් ගන්නවා. ඒ තීරණය ගන්න ඇත්තේ තාත්තා හිටපු තැනට අපි හතර දෙනාම යමු කියලා හිතලා වෙන්න ඇති සමහර වෙලාවට. ඒත් ඔවුන් හිතුව තරම් ඉක්මනට ඔවුන් ආයෙ මුණගැහුණද නැද්ද කියන්න අපි දන්නේ නෑ.

අපි ආගම හෝ වෙනත් විශ්වාසයන් මත පදනම් වෙලා ගන්න සමහර තීරණවලින් වේදනාවක් රිදුමක් මිසක් වෙන දෙයක් ඉතිරි වෙන්නේ නෑ කියලයි ලියුම්කරු හිතන්නේ. කොහොම නමුත් දරුවෝ තුන්දෙනත් එක්කම ඈ සියදිවි නසාගන්නවා. දරුවන්ගේ කෙඳිරිලි හඬ ඇහිලා තමයි ඔවුන් රෝහල්ගත කරන්නේ. රෝහලේදී හතර දෙනාම මියයනවා.

මරණය කියලා කියන්නේ උත්තරයක්ද, නැත්නම් ප්‍රශ්නයක්ද කියන එක අපි තව ටිකක් සාකච්ඡා කළ යුතුයි. මේ වැඩේදී අපි හැම වෙලාවෙම හඳුනාගත යුතු වැදගත්ම දේ වෙන්නේ මිනිස්සුන්ට ප්‍රශ්න ආපුවාම දරාගන්න පුළුවන් නීමාවක් තියෙනවා කියන එක. අපි ඒ සම්බන්ධව පණ්ඩිත කතා කියන්න කලින් තේරුම් අරගන්න ඕනේ අපිට කොච්චර දරාගැනීමේ ශක්තියක් තියෙනවද, ඒ වගේම ප්‍රශ්නයකදී මිනිස්සු හුදෙකලා නොකළ යුතුයි කියන එක. දාලා යන්නේ නැතුව රැකගත යුතුයි. අල්ලාගෙන ඉන්න ඕනේ.

ලංකාවෙන් යනවා කියන එක ඇත්තටම සාධාරණ උත්තරයක් නෙවෙයි හැම දේකටම. මොකද ලංකාවෙන් පිටවෙනවා කියන එක දැන් රැල්ලක් බවට පත්වෙලයි තියෙන්නේ. හැමෝම හදන්නේ ලංකාවෙන් යන්න. හැමෝම ලංකාවෙන් යන්න උත්සාහ කරන බව දැනගන්න ජාවාරම්කාරයෝ සමහර ව්‍යාපාරිකයෝ මෙන්න මේ සිතුවිල්ල ව්‍යාපාරයක් කරගෙන අද වෙද්දී පළමු වැනි තත්පරේම රටෙන් යන්න හදන මිනිස්සුන්ව බාගන්න, අල්ලගන්න, කොටුකරගන්න උත්සාහ කරනවා. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. හුඟක් වෙලාවට අපේ උදවිය ඒ කතන්දරේට අහුවෙනවා.

මේ මරණ ගැන මේ කොටස ලියන්නෙ සිකුරාදා. ඒ කියන්නෙ ජනවාරි 05 වැනිදා උදේ. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් රටේ ඇති වෙලා තියෙන්නෙ ඉතාම නරක තත්ත්වයක්. මේ ලිපියෙ මුල් කොටස ලියන කොට අදාළ මරණ සංඛ්‍යාව සඳහන් වෙලා තිබුණෙ පහක් විදියට. ඒ මරණ සියල්ලම පවුලෙ ඒවා. ඒ නිසා අපි විවිධ උපකල්පන මත හිඳිමින් මේ ලිපියට කරුණු එකතු කළා. ඒ සම්බන්ධයෙන් නොයෙක් පාර්ශ්ව විවිධ කතා කිව්වා. ඒ මරණය ඇතුළෙ අපි සාමාන්‍යයෙන් දැක්කෙ දුක වේදනාව වගේ දේවල්. ඒත් දැන් මේ ලිපිය ලියන මොහොතෙ අපිට දැනගන්න ලැබෙන්නෙ විවිධ සහ වෙනස් කරුණු කීපයක්. ඒවා ඉතාම භයානක සහ නරක බව අපිට දැනෙමින් තියෙන්නෙ.

පළමු වැනි දේ වෙන්නෙ පළමු මරණකරුගෙ ආගමික දේශන පිළිබඳ කතන්දරය. ඔහු කිසිම අමුතු ආගමික නිකායකට හෝ කල්ලියකට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඔහු කතා කරන්නෙ අපි දන්නා ආගමක් ගැන. එහි අපි නොදන්න කරුණු ඔහු කියන්නෙ නෑ. ඒත් ඔහු මරණය ගැන වැඩියෙන් කතා කරනවා. ඒක විස්තර කරනවා. පැහැදිලි කරනවා. ඇතැම් විට ඔහු මරණය උත්කර්ෂයට නඟනවා වගේ එකක් පේනවා. ඒක තමයි ඔහුගෙ එකම වරද. ඒකත් අද අපිට වරදක් වගේ පේන්නෙ මේ සිදුවීම්වලින් පස්සෙ ඒ කතා අහන නිසා සහ මේ සිදුවීම් නිසාම ඒක අහන නිසා වෙන්න පුළුවන්. ඒ කරුණු හෝ දේශන ගැන මේ මොහොතේ වැඩි හෙළිදරව්වක් නොකරන්නෙ ඒවා ඕනෑවට වඩා බලන්න හෝ අහන්න යෑමෙන් තවත් යම් කෙනෙක් මේ වගේ තත්ත්වයකට පත්වීම වළක්වන්න අවශ්‍ය නිසයි.

කොහොම වුණත් මේ ලිපියෙ මුල් කොටස ලියන මොහොත වෙනකොට මරණ සියල්ලම එකම පවුලක ඒවා කියන තත්ත්වය වෙනස් වෙලා. මේ වෙනකොට තවත් මරණ දෙකක් මේ සමග ඈඳිලා ඉවරයි. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නෙ ඒවායේ තියෙන යම් යම් සමානතා පිළිබඳව.

  1. මරණයට භාවිතකරන ලද ක්‍රමය සහ ඒ සඳහා යොදාගත්ත වස වර්ගයේ සමානතා
  2. ඔවුන් එකිනෙකාට සම්බන්ධ වීම

පළමු මරණකරුගේ බිරිඳ සහ දරුවන් මියයාම.

හයවැනි මරණකරු පළමු මරණකරුගේ අවමඟුලට සහභාගි වීම සහ ඔහුගේ දේශනවලට සම්බන්ධ වූ කෙනෙක් වීම. එහිදී සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මියගිය පුද්ගලයා තමන්ගේ ශාස්තෘවරයා බව කළ ප්‍රකාශයක් ගැනද සඳහන් වී තිබේ.

හත්වැනි මරණකාරිය සහ හයවැනි පුද්ගලයා අතර යම් මිතුරුකමක් පේන්නට තිබීම. එය ප්‍රේම සම්බන්ධයක් බව ඇතැම් උපකල්පන මත පෙනී යයි. ඇයද පළමු මරණකරුගේ අවමඟුලට සයවැනි මරණකරු සමග සහභාගි වී තිබේ.

  1. දැඩි ආගමික භක්තිය.

හයවැන්නාගේ මළසිරුර මුණගැහෙන්නෙ එක්තරා ලැගුම්හලකදී. ඔහු කවුද කින්ද මන්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඔවුන් මියගිහිල්ලා හිටපු විදිය.

මේ වෙනකොට මේ සිදුවීමට සම්බන්ධ යැයි උපකල්පිත මරණ වාර්තා වෙන්නෙ මේ විදියට.

  1. මාකුඹුර ප්‍රදේශයේදී හතළිස් හය හැවිරිදි පුද්ගලයෙක් උග්‍ර විෂ වර්ගයක් පානය කොට මරණයට පත්වීම.
  2. ඔහුගෙ බිරිඳ පෙර විෂ වර්ගයටම සමාන උග්‍ර විෂ වර්ගයක් පානය කොට මරණයට පත්වීම.
  3. ඔහුගේ දස හැවිරිදි දරුවා පෙර විෂ වර්ගයටම සමාන උග්‍ර විෂ වර්ගයක් පානය කොට හෝ පානය කරවා මරණයට පත්වීම.
  4. අට හැවිරිදි දරුවා පෙර විෂ වර්ගයටම සමාන උග්‍ර විෂ වර්ගයක් පානය කොට හෝ පානය කරවා මරණයට පත්වීම.
  5. සත් හැවිරිදි දරුවා පෙර විෂ වර්ගයටම සමාන උග්‍ර විෂ වර්ගයක් පානය කොට හෝ පානය කරවා මරණයට පත්වීම.
  6. අම්බලන්ගොඩ ප්‍රදේශයේ තිස්හතර හැවිරිදි පුද්ගලයෙක් නවාතැන්පලකදී මියයාම. පෙර විෂ වර්ගයටම සමාන උග්‍ර විෂ වර්ගයක් පානය කොට මරණයට පත්වීම.
  7. යක්කල ප්‍රදේශයේ විසිඑක් හැවිරිදි තරුණියක් පෙර විෂ වර්ගයටම සමාන උග්‍ර විෂ වර්ගයක් පානය කොට මරණයට පත්වීම.
  8. පොළොන්නරුව ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයකු වස වර්ගයක් පානය කොට රෝහල්ගත කොට තිබීම.

මේ වායේ නිල වාර්තාවල සඳහන් වෙන වාක්‍යම නොවන නමුත් ඊට ආසන්න තත්ත්වයේ සහ දැනට පිළිගන්නා මත තමයි මේ. මේ අවස්ථාවේදී ලංකාවෙ පොලීසිය විශාල උත්සාහයක් අරගෙන තියෙනවා මේ තත්ත්වය ඇති නොවෙන විදියට කටයුතු කරන්න.

පළමු මරණකරුගෙ මරණ ගෙදරදී මේ ගැන දැනුම්වත් කිරීම, ඒ ආශ්‍රිතයන් පිළිබඳ දැනුම්වත් කිරීම, ඒ අයගේ පවුල්වලට මේ පුද්ගලයන් ගැන උනන්දුවෙන් ඉන්න ලෙස පැවසීම මීට අදාළයි. නමුත් මේ වෙනකොට මරණ සංඛ්‍යාව හතක් දක්වා වැඩිවෙලා ඉවරයි. මින් එපිටට ගණන් නොකරන්න අපිට පුළුවන් වෙන්න ඕනෙ. ඒ නිසා ඔබත් ඔබේ හිත වතුන් හෝ පවුලේ අය ගැන සැලකිල්ලෙන් ඉන්න.

ඒ වගේම ඔබට ඕනෙ වෙලාවක 1926 කියන්න අංකයට කතා කරන්න පුළුවන් මේ වගේ මැරෙන්නම හිතෙනවා නම්. ඒ හරහා අංගොඩ මානසික රෝග විද්‍යායතන හා සමග හෝ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. එතැනදී දැනගන්න ලැබුණු විදියට ප්‍රාදේශීය මධ්‍යස්ථාන මේ සේවය උදේ 9 සිට හවස 4 දක්වා වුණත් මානසික රෝග විද්‍යායතනයේ ඉතාම කාර්යක්ෂමව සිය සේවය ලබාදෙනවා. මේ ගැන අපි කරපු පරීක්ෂා කිරීමේදී ඔවුන් තත්පර ගානක් ඇතුළත දුරකතනයට සම්බන්ධ කරගන්න ලැබුණා වගේම, ඉතාම ඉක්මනින් සහ සුහදශීලීව කතාබස් කිරීමේ අපූරු හැකියාවක් ඔවුන් සතු බව වටහා ගන්න පුළුවන් වුණා.

කොහොම නමුත් මේ කතාව මෙතැනින් නතර වේවි කියලා අපි හිතනවා. මෙතැනින් එහාට තවත් සිදුවීම් නොවෙන්න අපි හැමෝටම විශාල වගකීමක් තියෙනවා, ඉෂ්ඨ කරන්න. ඒකයි අවසාන වශයෙන් කියන්න වෙන්නෙ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

VAT එක ගහලා ජනතාව FLAT වෙලා ඉඳිද්දී ආණ්ඩුව මහ මුහුද මැද්දේ පාටි දානවා! බාල බෙහෙත් ගෙනාපු අය උසාවියේදී හෙළිවෙමින් තියෙනවා! කෙහෙළියව ආරක්ෂා කරන්න අත උස්සපු 113 දෙනාම දේශද්‍රෝහීන්! සජිත්ගෙන් අදත් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

රන් මාල කඩන ජෝඩුවකට ගමක්ම එකතු වෙලා සුපිරි සංග්‍රහයක් දීලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.