• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි ඔක්කොම බලන් ඉන්නවා සිංහබාහු නැගිටපන්…

August 7, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
අපි ඔක්කොම බලන් ඉන්නවා සිංහබාහු නැගිටපන්…
Share on WhatsAppShare on Facebook

අපට සිටින අතිදක්ෂ සිනමාවේදියෙක්, ප්‍රවීණ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම දක්ෂ ගායකයකුද වන ජැක්සන් ඇන්තනී මහත්මයා පසුගිය දිනෙක බරපතළ අනතුරකට මුහුණ දුන්නා කියන පුවත ඔබ හැම දෙනාම දන්නවා. අනුරාධපුර ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගි වෙලා නැවත නවාතැන වෙත යමින් සිටියදී ඔහු ඇතුළු පිරිස ගමන්ගත් කැබ් රථය වන අලියකුගේ ගැටීමෙන් තමයි මේ අනතුර සිදුවුණේ. අනතුරෙන් ජැක්සන් ඇන්තනී මහත්මා සහ ඔහුගේ සහෝදරයාද බරපතළ තුවාල ලැබුවා. සහෝදරයාගේ තත්ත්වය එතරම් බරපතළ නැතත්, ජැක්සන් ඇන්තනී මහත්මා තවමත් සිහිසුන්ව පසුවන බව තමයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ.

ඔහුගේ ප්‍රේක්ෂකයන්, රසිකයන් වගේම ඔහුට ආදරය කරන සහෘද හිතවතුන් ජැක්සන් ඇන්තනී මහත්මාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිරන්තර විමසා බලනවා. ඒ අතර පසුගිය ජුලි 31 වැනිදා සමාජ මාධ්‍යවල පළවූ වගකීම් විරහිත ප්‍රකාශයක් නිසා දහස් ගණනක් වූ ඒ රසිකයන් මහත් කම්පනයටත් කනගාටුවටත් පත්ව තිබුණා. එම පුවතෙන් කියැවුණේ ජැක්සන් ඇන්තනී මහත්මා මෙලොව හැරගිය බවයි. ජැක්සන් ඇන්තනී මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් ඇති බවට කිසියම් පුද්ගලයකු විසින් අසත්‍ය ප්‍රකාශයක් සමාජගත කළේ ඇයිද යන්න තවමත් ගැටලුවක්. ඇතැම් විට සමාජ මාධ්‍ය තුළ අවධානය දිනාගැනීම ඔහුගේ අරමුණ වී තිබෙන්නට ඇති. ඒත් මෙවැනි අසත්‍ය තොරතුරු නිසා අපහසුතාවට පත්වන්නේ එක් පුද්ගලයකු පමණක් නොවෙයි. ඇන්තනී මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු ඔහුට ආදරය කරන සුවහසක් රසික රසිකාවන් මේ වගකීම් විරහිත පණිවුඩයෙන් පත්ව තිබුණේ දැඩි අපහසුතාවකටයි. ඒ අපහසුතාව ගැන අදහස් දක්වමින් එතුමාගේ ආදරණීය දියණිය මාධවී ඇන්තනී සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා තිබුණා.

‘බොරු පෝස්ට් ෂෙයා කරන්න එපා. සමාජ මාධ්‍යවල තමන්ගේ ලයික් ප්‍රමාණය වැඩිකරගන්න. ඒ ගැන ලැජ්ජාවට පත්වෙනවා…’

තම පියා පිළිබඳ පළ කර තිබූ මේ අසත්‍ය පුවත ගැන ඇන්තනී මහතාගේ පුත් අකිල ධනුද්ධරද මෙවැනි සටහනක් ෆේස්බුක් වෙත යොමුකර තිබුණා.

‘අපි අප්පච්චි වටේ ආඩම්බරයෙන් ඉන්නවා වගේම එයා සුව වෙනකන් රටක් බලන් ඉන්නවා. ඉඳලා හිටලා මනුස්සයෙක් තමන්ගේ ෆේස්බුක් නරඹන ප්‍රමාණය වැඩිකරගන්න නරක ආරංචි පතුරුවනවා. ඒ පුරෝගත්ත පව්වලට අපට කරන්න දෙයක් නැහැ. අප්පච්චි සුවෙන් ඉන්නවා. හැමෝගෙම ශක්තියෙන් එයා සුවවෙනවා….’

ඒ දරුවන් තම පියා වෙනුවෙන් කළ හැකි සියලු දේ කරන මොහොතක ඔවුන්ගේ වේදනාව සමග සෙල්ලම් කරන එක ඉතා අමානුෂික වැඩක්. ඔවුන් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. එයින් ප්‍රයෝජන ගැනීම ඉතා අකාරුණික වගේම පහත් වැඩක්. පියෙක් තම දුවට හදවතින් හරිම ළඟයි. ඒ ආදරය මාධවී තවත් වරෙක මෙලෙස සටහන් කර තිබුණා.

‘හිනාවෙන්නේ කොහොමද, අප්පච්චි එනකන් මං බලන් ඉන්නවා. මල්ලිලාටත් එහෙමයි. මගේ ලෝකේ කඩන් වැටෙද්දිත් මං ගණන් ගත්තේ නැහැ. මං චූටි කාලේ ආඩම්බරයිලු. චූටි කාලේ මං අම්මාගේ යාළුවන්ට කියනවාලු, දන්නවද? මගේ අප්පච්චි කවුද කියලා, මං ජැක්සන් ඇන්තනීගේ දුව. එහෙම කිව්වේ ඒ මගේ ආරක්ෂාව, මගේ සුරේ, මගේ ශාන්තිකර්මය, මගේ හයිය. මම පුතාට ඉන්නවා කියන කෙනෙක් හිටපු නිසා… අප්පච්චි ICU ඉඳිද්දී අපිව ගෙන්න ගෙන සින්දු කියන්න කිව්වා. මම ආසම පද පේළිය වුණේ ‘හිත යට මතක පොතේ පිටු මත සිහින පිරේ….’ කියන පද පේළිය. ඒක නැවත නැවතත් 20 පාරකට වඩා කියන්න කිව්වේ ඇයි කියලා මම දන්නවා. දුවට එන්න කියන්න කියලා අන්තිමටත් එහෙම කිව්වේ ඇයි කියලා මම දන්නවා. අද මම ඉන්නේ ලොකු බයක… නැගිටින්නකෝ අප්පච්චි… මට පාළුයි…’

ඒ දුවෙක් තාත්තෙකුට තිබෙන මහ මෙරක් තරම් ආදරයයි. ඒ හැඟීමයි. පුතුන් දෙදෙනාටත් ඔවුන්ගේ බිරියන්ටත් එසේම දැනෙනවා ඇති.

මේ අනතුර සිදුවූ දිනයේ ඇන්තනී මහතා ඇතුළත් කෙරුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලටයි. එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ඇන්තනී මහතාගේ ගෙලෙහි අස්ථි දෙකකට සහ පෙණහලුවලට හානි සිදුව ඇති බවත්, ඒ සඳහා බට දෙකක් දමා ඇති බවයි.

ජැක්සන් ඇන්තනී මහතා මෙම අනතුරට මුහුණ දුන්නේ චිත්‍රපටයක රූගත කිරීම් සිදුකිරීම සඳහා අනුරාධපුර බලා ගොස් සිටින අතරවාරයේදියි. ඔහු රංගනයෙන් දායක වෙමින් සිටි චිත්‍රපටය වුණේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ ‘සිංහබාහු’ සිනමා නිර්මාණය. සෝමරත්න දිසානායක මහතා, ජැක්සන් ඇන්තනී මහතා හදිසියේ මුහුණ දුන් මේ අනතුර ගැනත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් පසුගිය දිනෙක මෙලෙස සඳහන් කර තිබුණා.

‘මේ සිදුවීම සිදුවුණේ හරියටම පසුගිය ජූලි 05 වැනිදා. සිංහබාහු චිත්‍රපටයේ අවසන් දර්ශනය තිබුණේ රාත්‍රී රූගත කිරීමක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම හත්තිකුච්චි කියන ඓතිහාසික ස්ථානයේ තිබෙන වනාන්තරයක ඒ දර්ශනය සවස 6.30න් පසුව තමයි රූගතකිරීම් පටන්ගත්තේ. රාත්‍රී අට වන විට අපට රූගතකිරීම් අවසන් කරගැනීමට හැකිව තිබුණා. ඒ දර්ශනය සාර්ථකව අවසන් කරගැනීමේ සතුට ජැක්සන් මගේ ළඟට ඇවිත් කිව්වේ ‘සෝමේ අයියේ හරිම ලස්සනයි හරිම හොඳට සාර්ථකව වැඩේ කෙරුණා කියලා. මට එදා අදහාගන්න බැරිවුණා. මං දන්නේ නැහැ එදා ඇයි ඒ විදියට ජැක්සන් මාව බදාගෙන එහෙම කිව්වේ කියලා. මගේ ඇඟට අත තියලා කිව්වේ අද අපි රෑට හෝටලයේදී හම්බවෙමු කියලා. ජැක්සන් වේලාසන එයාගේ වාහනෙන් පිටත්වුණා. ඔහු ‘සිංහබාහු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සිංහයාගේ චරිතයයි නිරූපණය කරන්නේ. ජැක්සන්ගේ පුරුද්දක් තියෙනවා එයාගේ වාහනය පදවාගෙන යන්නේ එයාමයි. මම රියැදුරෙක් ලෑස්ති කළත් කවදාවත් එයා කැමත්තක් දැක්වූයේ නැහැ. රූගතකිරීම් ඉවරවෙලා ජැක්සන් පිටත්වුණා. ඊට ටික වෙලාවකට පස්සේ මම පිටත්වුණා. අතරමඟ තලාව හරියේදී මට කෝල් එකක් ආවා රේණුකාගෙන් ජැක්සන් අනතුරකට ලක්වෙලා කියලා ආරංචියි පොඩ්ඩක් බලන්න කියලා. ඒත් මම හිතුවේ නැහැ. මම හිතුවේ එයා කියන්නේ වෙන අනතුරක් ගැන කියලා. යන අතරමඟදී මම දැක්කා ජැක්සන්ගේ රතුපාට කැබ් රථය තලාව හරියේදි පාර අයිනට තල්ලු වෙලා තිබෙනවා.

ඒ ස්ථානය නිතරම වන අලි පාර මාරුවන ස්ථානයක්. බෝඩ් එකකුත් ගහලා තිබ්බා. මිනිස්සු එතැනට රොක්වෙලා. මොකද්දෝ කලබලයක්. එතකොට වෙලාව රෑ 9ට විතර ඇති. මම බැහැලා කෝ ජැක්සන් කියලා ඇහුවා. ඒ අහනකොට එතැන හිටපු පිරිස මේ ඉන්නේ මේ ඉන්නේ ජැක්සන් කියලා පෙන්නුවා. මම ජැක්සන් ළඟ වාඩිවෙලා උරහිසින් අල්ලලා ජැකා ජැකා කියලා හෙල්ලුවා. මට එතකොට හුස්ම තියෙන බව දැනුණා. එතකොට තමයි මගේ හුස්ම වැටුණේ. මගේ මුහුණ දිහා බලාගෙන හිටියා. බෙල්ල කියලා ජැක්සන්ට කෑගැහුණා. මම දැනගත්තා බෙල්ල තමයි මොනව හරි වෙලා තියෙන්නේ කියලා. මම එතැන හිටපු අයට කෑගැහුවා ඇයි ලෙඩාව මේ විදියට තියාගෙන ඉන්නේ, හොස්පිට්ල් ගෙනියන්නේ නැතුව කියලා. මට කේන්තිත් ගියා. එතකොට එයාලා කිව්වා වාහනයක් එනකන් හිටියේ කියලා. මම කිව්වා මගේ වාහනේ ගෙනියමු කියලා. මම බෙල්ලෙන් අල්ලගත්තා කෙළින් කරලා. අනිත් අය ඇඟ අල්ලාගත්තා. ළඟ තලාව හොස්පිටල් එක තිබුණත් මම කිව්වේ අනුරාධපුර රෝහලටම ගෙනියමු කියලා. තව ලෙඩ්ඩු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ජැක්සන්ගේ සහෝදරයා සමන් ඇන්තනි. අනෙක් කෙනා ජැක්සන්ගේ සහකරු ඉරේෂ්.

අවශ්‍ය ප්‍රතිකාර අනුරාධපුර රෝහලෙන් ඒ වෙලාවේම කළා. ඊට පස්සේ තමයි කොළඹ ගෙනියන්න කටයුතු කළේ. හෙලිකොප්ටරේකුත් බැලුවා ඉක්මනට කොළඹ ගේන්න. ඒත් හෙලිකොප්ටර් රෑට යන්නේ නැති නිසා ඇම්බියුලන්ස් එකක තමයි කොළඹට ගෙනාවේ පැය 3කට අඩු කාලයකින්. ඇම්බියුලන්ස් එක පිටිපස්සේ මගේ වාහනය ආවා. කොළඹ මහ රෝහලේදී අවශ්‍ය MRI, CT, Xray වගේ පරීක්ෂණ කරලා වහාම ඒ වෛද්‍යවරු ප්‍රතිකාර කළා. පසුවදා ශල්‍යකර්මයකටත් භාජනය කරමින් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. ඔහුගේ අනතුර ටිකක් බරපතළ බව වෛද්‍යවරු පැවැසුවා. බෙල්ලේ කශේරුකාවේ තමයි අමාරුව තියෙන්නේ. ඒකෙන් තමයි සුසුම්නාවට බරපතළ හානියක් සිදුවෙලා තියෙන්නේ. ඒකට තමයි ශල්‍යකර්මය සිදුකළේ. තාම සම්පූර්ණ සුවය ලබලා නැහැ. ශල්‍යකර්මයෙන් පසුව ජැක්සන් කතා කළා. මාත් එක්කත් කතා කළා අංග චලනවලින්. හරියට කතාකරගන්න බැරිවුණා. මම ජැක්සන්ට කිව්වේ ‘මට එක සිංහයයි හිටියේ උඹ කොහොම හරි නැගිටින්න ඕනේ. සිංහයා නැගිටලා එනතුරු මම බලාගෙන ඉන්නවා’ කියලා. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස්වලින් කඳුළු ආවා. මම මගේ හිතෙන් වාවාගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නේ තමයි එච්චර හොඳින් සිහිය ලැබූ ජැක්සන්ට මොකද වුණේ කියලා.

එක එක මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. දුෂ්ට හදවත්වලින් පිරුණු මිනිසුන්ද ඒ අතර ඉන්නවා. ඇයි මෙහෙම මිනිස්සු කතා කරන්නේ කියලා හිතාගන්න බැහැ. වැරදුණු තැන් ගැන කතාකරන්නේ නැතුව මනුස්ස හදවතින් යුතුව බලන්න ඔවුන්ට මනුස්ස හදවත් පහළවේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඔහු අපේ කලා ලෝකෙට මහත් සේවයක් කළා. ඒක නිසයි අපිට ජැක්සන් ඕනේ. මට සිංහබාහු කරන්න නෙවේ මේ මහපොළොවට ජැක්සන්ලා එක්කෙනයි ඉන්නේ. එදිරිවීර සරච්චන්ද්‍ර, අමරදේව, ලෙස්ටර් ජේම්ස් පීරිස් කලා ලෝකෙට පෑයුවේ එක්කෙනයි. මේ පුද්ගලයන්ට ආදේශ නැහැ. ඔහුගේ හිස්තැන පුරවන්න කාටවත් බැහැ. ජැක්සනුත් ඒ වගෙයි. ඔහුට කොළඹ විශ්වවිද්‍යාලයෙන් භාෂාව පිළිබඳ විශේෂ උපාධියක් වගේම ජනමාධ්‍ය පිළිබඳවද පශ්චාත් උපාධියක් තියෙනවා. මිනිසුන්ට ඉතිහාසය නීරස මොහොතක ප්‍රේක්ෂකයන්ට එය රසවත්ව ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට තිබුණා. ඔහු ලෝකයට අලුත් දේවල් එක්කළා. අපිට ඔහු ගැන බලාපොරොත්තුවක සේයාවක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ දෙපයින් නැඟී සිටින්න බැරි නම් පුටුවක ඉඳගෙන හරි වැඩකරන්න පුළුවන් වෙන්න කියලයි.

ජැකෝ නැඟිටපන්, මම වගේම මුළු ලෝකයක් උඹ එනකන් බලන් ඉන්නවා. සිංහයා නැඟිටපන්. නැඟිටලා වරෙන්…. මට අවසානයට කියන්න තියෙන්නේ ජැක්සන් කියන්නේ පැකේජ් එකක්….’ සෝමරත්න දිසානායක සිය සහෘදයා ගැන එලෙස සංවේදීව අදහස් දක්වා තිබුණා.

ජැක්සන් ඇන්තනී දරුවන්ටද මුණුබුරන්ටද අසීමිතව ආදරය කළ පියෙක්. තම පුතුගේ මුණුපුරකුගේ පින්තුරයක් පළ කළ ඔහු එහි සඳහන් කර තිබුණේ ‘යළි ඉපදෙන දරු සෙනෙහස…’ යනුවෙන්.
තම දියණිය විශ්වවිද්‍යාලයෙන් පිටවන ඡායාරූපයකට ඇන්තනී මහතා පසුගිය ජුනි 11 වැනිදා එක්කළ සටහනයි මේ.

‘දියණිය සිය පියා පසුකර ඉහළට යන්නේ නම් ලෝකය දියුණු වේ. මම අස්වනු නෙළන ගොවියකුගේ සතුට විඳගනිමි…’

පියෙකුට තමන්ගේ දරුවන් කොච්චර උස්මහත් වුවත් ඔවුන්ව පෙනෙන්නේ තාමත් පොඩි දරුවන් වගෙයි. සිය දරුවන් තිදෙනාගේ පින්තූරයකට ඇන්තනී මහතා එක්කළ සටහනයි මේ.

‘තාමත් උන් මගේ තුරුලේ….’

ජැක්සන් ඇන්තනී කලාකරුවා මේ අනතුරට පෙර සිය සහෝදර කලාකරුවන් සමග එක්ව සතුටට පත්වූ අවස්ථාවක් වුණේ ‘සිංහබාහු’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවති පසුගිය ජුනි 09 වැනිදායි. වෝටර්ස් එජ් හෝටලයේදී කලාකරුවන් පිරිවරාගෙන ඔහු ඉතා සතුටින් ගතකර තිබුණා.

ජැක්සන් ඇන්තනී මහතා පසුගිය මැයි 22 වැනි දින ‘කළු ගඟ දිගේ’ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් පවසා තිබුණේ ‘ගඟත් හරියට ජීවිතය වගේ. යළි යළිත් උපදිනවා. මම මේ දිර්ඝ ගමන ආවේ ගඟක් හොයන්න නෙවෙයි. ජීවිතයක් හොයාගන්න…’ යනුවෙන්.

කලා ලෝකේ බොහෝ දෙනෙක් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් වගේම ඔහුට ආදරය කරන සියලු දෙනා ඔහු වෙනුවෙන් ආශීර්වාද කරමින් විවිධ පින්කම්, දේව මෙහෙයන් සිදුකරනවා. ඒ සියලු ආශීර්වාදයන්ගේ ශක්තියෙන් ජැක්සන් ඇන්තනී නම් මේ අසහාය කලාකරුවාට ඉක්මන් සුවය ලැබේවා කියලා ‘මව්රට’ අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

එක සිංහයයි අපිට ඉන්නේ… ඒ සිංහයා ආයෙත් නැඟිටලා එනකන් අපි මඟ බලාගෙන ඉන්නවා….

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

එයාර්ෆෝස් එකටයි නේවි එකටයි ඕස්ට්‍රේලියාවෙන් තෑග්ගක් එවයි!

Next Post

කැරැල්ල මර්දනයෙන් අවසන් කළ යුතුයි! නාමල් කියයි! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.