• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික නඩු තීන්දුව I Sri Lanka Latest News

October 5, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හුදු පැමිණිල්ලක් මත විතරක් යාන්ත්‍රිකව අත්අඩංගුවට අරන්… මාස 5ක් තිස්සේ කිසිම විමර්ශනයක් කරලා නෑ… පෞද්ගලික යම් අරමුණු ඉටුකර ගැනීමට පොලිස් බලතල භාවිතා කරන්න බෑ… පොලිසිය අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතාවට ලක්කරලා… CID එකේ තුන්දෙනාටත් දඩ ගහලා : ලක්ෂ 30ක වන්දියකුත් නියම කරලා…

ශ්‍රී ලංකාවේ උසස්ම සහ උත්තරීතරම අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. මෙහි ප්‍රධාන විනිශ්චයකාරවරුන් හයකට නොඅඩු සහ දහයකට නොවැඩි සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් එම තනතුරු සඳහා පත්කරනු ලබන්නේද ජනාධිපතිවරයා විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය කිරීමේ පූර්ණ අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවේ. ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයක් සම්බන්ධ පරීක්ෂා කිරීමේ අයිතියද ශ්‍රේෂ්ඨාධිකරණය සතුවූ නමුත් විධායක ජනාධිපති බලතල යටතේ පසුව එය අහෝසි විය.(Sri Lanka Latest News)

මෙම උත්තරීතර ආයතනය ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය හෙවත් සුප්‍රීම් උසාවිය යන වදනින්ද හැඳින්වෙයි. සරල තේරුමකින් ගත් කල පොදුවේ ශ්‍රී ලංකාවේ අධිකරණය යනු ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම සඳහා වගකිව යුතු සිවිල් උසාවි සහ අපරාධ උසාවිවල එකතුවකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උසාවි නිර්වචනය කර ඇත්තේ සම්ප්‍රදාය තුළ ස්වාධීන ආයතන ලෙසය. ශ්‍රී ලංකාවේ අධිකරණය ඉංග්‍රීසි සාමාන්‍ය නීතිය, රෝම-ලන්දේසි සිවිල් නීතිය සහ චාරිත්‍රානුකූල නීතියේ එකතුවක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණය සතුවූ බලතල 07ක් අර්ථකථනය කර තිබෙයි. ඒවා මොනවාදැයි සොයා බලමු.
★ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
★ පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලත්වය තහවුරු කිරීම.
★ අවසාන අභියාචනාධිකරණ බලතල.
★ උපදේශක අධිකරණ බලය.
★ ඡන්ද පෙත්සම් නඩු සම්බන්ධ අධිකරණ බලය.
★ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධ බලය.
★ පාර්ලිමේන්තුව විසින් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් බලතල ක්‍රියාත්ම කිරීම.

උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයක කාර්යභාරයක් ගැන යම් අර්ථකථනයක් සිදුකරමින් අද ඔබට මේ ලිපිය ලියා තැබීම ආරම්භ කළේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබුණු සුවිශේෂ සිදුවීමක් හේතු කරගනිමිනි. මෙම සිදුවීම වාර්තා වන්නේද ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තුළිනි. අධිකරණයක් විසින් ගනු ලබන විවිධාකාරයේ තීන්දු තීරණ සහ නියෝගයන් ගැන අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙයි.

ඒවායින් සමහර තීන්දු සහ නියෝගයන් ගැන පමණක් විශේෂත්වයක් ඇතිව අසන්නට ලැබෙයි. එනම් එවැනි සමහර තීන්දු තීරණ සමාජය මහත් ආන්දෝලනයකටද පත්කරනු ලබයි. අද ඔබට මෙලෙස ලියා තබන්නට යන සිදුවීමද එවැනිම සමාජය මහත් කුතුහලයකට සහ ආන්දෝලනයකට පත්කළ සුවිශේෂ සිදුවීමක් වෙයි. මෙයට දින කිහිපයකට පෙරදී මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් මෙම තීන්දුව එම උත්තරීතර ආයතනයේ පළමු වැනි සුපිරි බලතලය වූ ‘මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම’ විදහා දක්වයි.

මෙම ඓතිහාසික නඩු තීන්දුවේ කතාව කුමක්ද? පසුගියදා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුවිශේෂ නඩු තීන්දුවක් ලබාදෙමින් යම් පුද්ගලයකුට එරෙහිව රුපියල් ලක්ෂ 30ක (රුපියල් මිලියන 03ක්) සුවිශාල දඩ මුදලක් නියම කළේය. යම් පුද්ගලයකු විසින් තවත් යම් පුරවැසියකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීම මෙම සිදුවීමේ මූලාරම්භය විය.

මෙම පැමිණිල්ල සිදුකිරීමෙන් පසුව චෝදනාවට ලක්වූ පුද්ගලයා අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණයක් හරහා ලබාගත් නියෝග මත දින 08ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගනේෂන් සැම්සන් රෝයි නමැත්තකු වන අතර, ඔහු පසුව මෙම චෝදනාවන් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. මෙම සිදුවීම හරහා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුණේ යැයි එම පෙත්සම හරහා ප්‍රකාශ කර සිටියේය.

ශවීන් චතුරංග නමැත්තකු විසින් තමන්ට එරෙහිව සිදුකරන ලද ව්‍යාජ පැමිණිල්ලක් හේතුකරගෙන මෙසේ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි පෙත්සම මගින් ප්‍රකාශ කර තිබිණි. මේ අනුව පසුගියදා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගනු ලැබුවේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත වූ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනිණි. අවසානයේදී විනිසුරු මඬුල්ල සුවිශේෂ තීන්දුවක් ලබාදෙමින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් තීන්දුව ලබාදුන්නේය. විනිසුරු මඬුල්ලේ ප්‍රධානී බුවනෙක අලුවිහාරේ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධාන විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා තම අවසන් තීන්දුව ලබාදෙමින් මෙසේ ප්‍රකාශ කළේය.

‘මෙම චෝදනාව විශ්වාසදායක බවට මතයක් ගොඩනගා නොගෙන හුදු පැමිණිල්ලක් මත පමණක් යාන්ත්‍රිකව අත්අඩංගුවට ගැනීමක් සිදුකර තිබෙනවා. පොලිස් නිලධාරීන්ට එවැනි ක්‍රමයක් අනුගමනය කළ නොහැකියි. එබැවින් පැමිණිල්ල විශ්වසනීයද යන්න හෝ ලබාදී ඇති තොරතුරු විශ්වාසදායකද යන්න හෝ තහවුරු කරගැනීම සඳහා පොලිස් නිලධාරියකු විසින් අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීම කළ යුතුය.

සාමාන්‍ය හෝ නොපැහැදිලි සැකයක් මත අත්අඩංගුවට ගැනීම මගින් පුද්ගලයකුට සහතික කර ඇති පුද්ගලික නිදහස සැලකිය යුතු ලෙස සීමා කිරීමට හේතු වෙනවා. එබැවින් අදාළ චෝදනාව සත්‍යාපනය කිරීම අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස් නිලධාරීන්ගෙන් විචක්ෂණශීලී ක්‍රියාවලියක් අත්‍යාවශ්‍ය වෙනවා. සැකකරුට වංචා කිරීමේ චේතනාවක් තිබුණාද යන්න සොයා බැලිය යුතුයි. මෙම අත්අඩංගුවට ගැනීම ආරම්භයේ සිටම දෝෂ සහිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණිල්ල ස්වාධීනව සත්‍යාපනය කිරීමට කිසිදු උත්සාහයක් ගෙන නැහැ.

මෙම සිදුවීම සැබැවින්ම අසත්‍ය බව පසුබිම් කරුණුවලින් උකහාගත හැකියි. පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාවලියේදී විධායකය තම බලතල භාවිත කරමින් අසාධාරණ ලෙස හෝ අත්තනෝමතික ලෙස හෝ තම යටි අරමුණු ඉටුකර ගැනීමට පොළඹවන පුද්ගලික පාර්ශ්වයන් අනුමත කිරීමට අධිකරණයට නොහැකියි. එසේම මෙවැනි හැසිරීම්වලට ඉඩ දීම මගින් නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට සහ මහජන විශ්වාසය පළුදු වීමට තුඩු දෙනු ඇත. එබැවින් මෙම අධිකරණය විසින් එම උල්ලංඝනය හෙළාදකිනවා….’

මෙය සැබැවින්ම ඓතිහාසික එමෙන්ම අති සුවිශේෂ නඩු තීන්දුවකි. යම් පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් කඩවීම මේ මගින් පෙන්නුම් කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව යටතේ අවසානයේදී අගතියට පත් පෙත්සම්කරුට රුපියල් රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට නියෝග කෙරිණි.

ඒ අතරම අනෙක් සුවිශේෂ පුවත වූයේ එම තීන්දුව තුළම පොලිස් නිලධාරීන් තිදෙනකුටද වන්දි මුදල් පෙත්සම්කරු වෙත ගෙවීමට නියෝග කර තිබීමය. ඒ අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකුට රුපියල් 75,000ක්ද, උපපොලිස් පරීක්ෂකවරයකුට රුපියල් 25,000ක්ද, පොලිස් කොස්තාපල්වරයකුට රුපියල් 25,000ක්ද වන්දි වශයෙන් පෙත්සම්කරුට ගෙවීමට නියෝග කෙරිණි. මෙය සැබැවින්ම පොදු සමාජය මහත් ආන්දෝලනයකට පත්කළ වාර්තාගත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් විය.

මෙම සිදුවීමේ මූලාරම්භය වන්නේ මෙයට වසර 06කට පමණ ඉහතදී ඇතිවූ සිදුවීමකි. එනම්. 2017 වසරේ නොවැම්බර් 16 වැනිදා පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන, වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට දින 08ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබීමය. ඉන් පසුව තමන් මෙවැනි ක්‍රියාවක් සිදු නොකළ බව පැවැසූ පෙත්සම්කරු තමාට එරෙහිව සිදුකළ පැමිණිල්ල සම්පූර්ණ අසත්‍ය එකක් බවත්, ඒ මත තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි. ඔහුගේ මෙම පෙත්සම විභාගයට ගැනෙන්නේ ඉන් පසුවය.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා මිත්‍රයකු මාර්ගයෙන් හඳුනාගත් පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාට වාහන දෙකක් ලබාදෙන බව පවසා රුපියල් මිලියන 07ක මුදලක් වංචා කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවය. ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගෙන වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 08ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවත් ඔහු තම පෙත්සම මගින් කියා සිටියි.

පෙත්සම්කරු වන ගනේෂන් සැම්සන් රෝයි නමැත්තා තම පෙත්සම මගින් මෙම සිදුවීම විස්තර කර ඇත. එනම් එවක ඔහුගේ නෑනා වූ රෙහානා නමැත්තියට ඔහුගේ බැංකු ගිණුම භාවිත කරමින් ඇය විසින් ශවීන් චතුරංග නමැති පැමිණිලිකරුගෙන් ණය මුදලක් ලබාගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 70ක (මිලියන 07ක්) මුදලක් කොටස් වශයෙන් ශවීන් චතුරංග විසින් ගනේෂන් සැම්සන් රෝයිගේ ගිණුමෙහි තැන්පත් කර ඇත. බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථ දෙකක් ලබාදීමේ පොරොන්දුවක් මත මූලික මුදලක් වශයෙන් මෙම ගනුදෙනුව සිදුකර ඇත.

එහෙත් පසුව කාලය ගෙවී යද්දී මෙසේ ලබාගත් මුදල් තමන් වෙත නැවත ලබාදීම රෙහානා සහ ගනේෂන් සැම්සන් රෝයි විසින් පැහැරහැරියේ යැයි ශවීන් චතුරංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ විදේශයකින් ආනයනය කර ලබාදීම මත මෙම ගනුදෙනුව සිදුව ඇතත් එය නිසියාකාර ලෙස සිදුව නොමැත. මේ තත්ත්වය මත ඉහත මුදල් ලබාගත් යුවල විසින් පැමිණිලිකරු වෙත නැවත එම මුදල් කොටස් වශයෙන් ගෙවා ඇත. එහෙත් පැමිණිලිකරු තම පැමිණිල්ල සිදුකර ඇත්තේ තමන්ට මුදල් නැවත ලබා නොදුන් බව පවසමිනි. මෙහිදී ඉහත යුවල විසින් තමන් මුදල් ලබාදුන් බවට සත්‍ය සාක්ෂි ඉදිරිපත් කරන ලද අතර, ශ්‍රේෂ්ඨාධිකරණය එම කරණු කාරණා පිළිගෙන තීන්දුව ලබාදුන්නේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

‘පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වෙත පැවරී තිබෙන බලතල තමන්ගේ පෞද්ගලික යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගත නොහැකියි. එසේ සිදුකිරීම මගින් නීතියේ ආධිපත්‍යය බිඳවැටෙනවා. මෙම අනීතික ක්‍රියාව හරහා වගඋත්තරකරුවන් අපරාධ යුක්ති යාන්ත්‍රණය අවභාවිතයට ලක්කර තිබෙනවා. මෙය බලවත් වරදක්. පෙත්සම්කරු (චෝදනාවට ලක්වූ තැනැත්තා) අත්අඩංගුවට ගන්නා දිනය දක්වා මාස 05ක පමණ කාලයක් තිබුණා මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට. එහෙත් වගඋත්තරකරුවන් විසින් එම ක්‍රියාව සිදුකර නැහැ. මේ නිසා වගඋත්තරකරුවන් මෙරට ක්‍රියාත්මක අපරාධ යුක්ති යාන්ත්‍රණය පැහැදිලිවම අවභාවිතයට ලක්කර තිබෙනවා. මෙය නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කරනවා…’

ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා

SendShareShare
Previous Post

අවාරයේ සිරිපා කරුණා කරන අයගෙන් වනජීවිය මුදල් අයකරයි! ශ්‍රීපාද නාහිමිගේ බලවත් විරෝධය! Sri Lanka Latest News

Next Post

ලොකු සීන් නැති සරල මිනිහා ‘ගිරා’ සිංහල සිනමාවට HOUSE FULL බෝඩ් යළිත් අරන් එයි I Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.