අවාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) දින සිට මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ ක්‍රියාවක් බව ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති. (Sri Lanka Latest News)
අද (05) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රි පාදස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරීමක් සිදු නොකළ බවය.
එබැවින් වර්තමානයේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන හෝ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් කුමණ පදනමකින් හෝ මුදල් අයකර ගැනීම අසාධාරණ බව උන්වහන්සේ කියති.
තමන්නේ අවසර ලබාගෙන භුතානයෙන් පැමිණ සංචාරකයන් පිරිසක් අද (05) දින අළුයම ශ්‍රී පාදස්ථානය සංචාරයක් සඳහා ගිය බවත්, එම සංචාරකයන්ගෙන් නල්ලතන්නිය ශ්‍රී පාදස්ථාන ප්‍රධාන මාර්ගයේ මකර තොරණ අසල පිහිටි වනජිවි සංරක්ෂණ කාර්යාලයෙන් එක් සංචාරකයෙකුගෙන් ඩොලර් 5 ක මුදලක් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවත් නාහිමියෝ කීහ.
ශ්‍රී පාද රත්නපුර සහ හැටන් මාර්ගයේ පියගැටපෙළ ඇතුළු වන්දනාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට තමන් කටයුතු කළ බවත්, ඒ සඳහා වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව කිසිදු අයුරකින් සහයෝගයක් ලබා නොදී අවාරයේ ශ්‍රි පාදස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිම ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ චෝදනා කරති.
ශ්‍රීපාදස්ථානය අවාරයේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් අප නල්ලතන්නිය වනජිවි සංරක්ෂණ කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ අවාරයේ ශ්‍රීපාදස්ථානයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සඳහා 2022 වසරේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි.
එම ගැසට් පත්‍රය අනුව ඊයේ (04) දින පස්වරුවේ සිට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රි පාදස්ථාන සංචාරයේ යෙදෙන විදේශිය සංචාරකයෙකුට ඩොලර් 5 ක මුදලක්, සාර්ක් රටවල්වලින් පැමිණෙන විදේශිය සංචාරකයන්ට ඩොලර් 4 ක මුදලක් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙසට තමන්ට වනජිවි දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින්ගෙන් උපදෙස් ලැබුණු නල්ලතන්නිය වනජීවී කාර්යාලය පැවසුවේය.
දේශිය සංචාරකයන්ට රු 40 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ශ්‍රීපාද අවාරයේ පමණක් සිදු කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.
lankasara










