• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොකු සීන් නැති සරල මිනිහා ‘ගිරා’ සිංහල සිනමාවට HOUSE FULL බෝඩ් යළිත් අරන් එයි I Sri Lanka Latest News

October 5, 2023
in Exclusive, Heart, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ප්‍රේක්ෂකයන් සිනහ ගැන්වීම ඔවුන් හඬවනවාට වැඩිය ඉතා අසීරු මෙහෙවරකි. මන්ද යත්, ප්‍රහර්ෂණය යනු මුළාවක් නොවන නිසාය.(Sri Lanka Latest News)

එහෙම කිව්වේ අභිරූපණ රංගන කලාවේ අමරණීය චරිතයක් වූ චාලි චැප්ලින්ය.

බලාගෙන යනකොට ඒ කතාව හරියටම හරිය. ටිකක් විතර පැත්තකට වෙලා නිවීහැනහිල්ලේ හිතලා බලනකොට ප්‍රේම චරිත රඟපෑම එතරම් අපහසු නැත. සංකීර්ණ හෝ දුෂ්ටයාගේ චරිතය වුවද රඟන්න පුළුවන් නළුවන් නිළියන් සොයාගැනීමද අපහසු නොවන්නේය. ඒ වුණත් මේ සියල්ල අතර විකට නළුවකු ලෙස රංගනයට පිවිසීම මඳක් උගහටය. ‘විකට නළුවකු’ යැයි මෙතැනදී හඳුන්වන්නේ නිරායාසයෙන්ම ප්‍රේක්ෂකයාට බඩ අල්ලාගෙන බලෙන් කිතිකවන්නේ නැතුව ඇත්තටම සිනා වෙන්න සලස්සන ‘රියල් ජෝකර්ලා’ටය. එහෙමත් නැත්නම් පට්ට කොමඩි ඇක්ටර්ස්ලාටය.

මේ කියන ඇක්ටර්ස්ලාගේ ප්‍රහර්ෂණාත්මක රංගනය කොයි තරම් අපූරුදැයි කියනවා නම් විහිළුවක් කරන්නටත් කලින් ඔවුන්ගේ ඉඟිබිඟි දැක ඕඩියන්ස් එක එක පොරයට හිනා වෙන්නට ගන්නේය. ඉන්දියාවේ ජොනී ලිවර් සහ නාගේෂ්ලා එහෙමය. ලංකාවේ බයිස්කෝප් කලාවේද එහෙව් සුපිරි කවටයෝ ඕනෑ තරම් සිටියහ. ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම ඒ කාලේ සංකීර්ණ චරිත නිරූපණයට එන්නට පළමුව නොම්මර එකේ මරු කවටයෙකි. දොන් සිරිසේනට, බී.එස්. පෙරේරාට වාගෙම ඇන්තනී සී. පෙරේරාව, ෆ්‍රෙඩී සිල්වාව දකිනකොටත් ගැලරියේ කොල්ලො එක සීරුවට විසිල් ගසති.

විනෝද සමය සමගින් රූපවාහිනිය එන්නට කලින් ගුවන්විදුලිය තුළිනුත් එයට පසුව නන්දන වින්දන වැනි ප්‍රසංගයන්ගෙන් ආලින්දයේ සිනමාවත් රසගැන්වූ බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සහ අමරසෝම සමරක්කොඩි යන අතිදක්ෂ කවටයන් ගැන මතකය අදටත් බැහැර කිරීම ලෙහෙසි නැත. ඔය කී සියල්ලන් අද ජීවතුන් අතර නැති වුවද විටින් විට රූපවාහිනියෙන් ප්‍රදර්ශනය වන ඔවුන්ගේ කවටකම් දකින විට තවමත් අප බොරුවට නොව ඇත්තටම හරි හරියට හිනාවෙන ගමන් ඉල ඇදගන්නෙමු.

එහෙව් සුපිරි කවටයන් වියෝවී ගියද ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රහර්ෂණ කලාවට කිසි විටෙක තිත වැටුණේ නැති එක ඇත්තෙන්ම වාසනාවකි. අතිදක්ෂ විදියට රංගනයෙහි යෙදෙන සුපිරි කවටයෝ එයට පසුවද බිහිවූ බව මෙලෙස සටහන් කරන්නට ලැබීමද තවත් ආකාරයක වාසනාවකි. විටෙක ඔවුන් දුෂ්ට චරිතවලට ආරූඪ වන්නෝය. තවත් විටෙක ප්‍රේක්ෂකයන්ව හාස්‍යයෙන් තෘප්තිමත් කරන්නෝය. වචනයේ පරිසමාප්ත ආර්ථයෙන්ම මොවුන් අන්දරේටත් වැඩිය සුපිරි කවටයෝය.

ඒ සුපිරි කවටයන් අතර අපූර්වතම කවටයකු වන්නේ ගිරිරාජ් කෞෂල්‍යය. ‘ආදරයට මාධ්‍ය මිතුරන් සේම කලා ලොවේ මිතුරන්ද අපි ඔබ හැමෝම වාගේද ඔහුව හඳුන්වන්නේ ගිරා යන කෙටි නමින්ය. ගිරා යනු නළුවෙක් පමණක්ම නොව සුපිරි නිර්මාණකරුවෙකි. මේ සුපිරි නිර්මාණකරුවා ඉහත නම් සඳහන් නොවූ අනෙකුත් සුපිරිතම කවටයන් සමග එක්ව ප්‍රහර්ෂණ කලාව හෙල්ලිලා යන වැඩක් කොට අවසානය.

වැඩේ මොකක්දැයි කියන්නේ මොකටද? දැනටත් කවුරුත් දන්නා මුළු ලංකාව පුරාම චිත්‍රපට හෝල් ගණනාවකම ජයග්‍රාහීව තිරගත වන කැපෙන කතුරෙන් නොකැපෙන මිතුරුකම ගැන කියන ‘කතුරු මිතුරු’ ගැන තව කතා මොනවට කියනවද? හැබැයි නොකියාම බැරි එක් කතාවක් වේ. ඒ, අපේ ගිරා පාළුවට ගිහින් හිස් වෙලා තිබුණු ලංකාවේ චිත්‍රපට හෝල් එක රැයින්ම එකම හිස් ගොඩක් කළේය. පැත්තකට දමා තිබුණු House Full බෝඩ් යකඩ දොරවල එල්ලන තැනට තම නිර්මාණ මෙහෙවර සර්ථක කරගත්තේය.

ගිරා මොනවද මේ ජයග්‍රාහී පෙරළිය ගැන කියන්නේ?

ගිරා කියන්නේ කයිවාරු ගහන්නෙ නැති නිහතමානී සරල කලාකරුවෙකි. මමයි පොර කියන ලොකු සීන් දාන්නෙ නැති ගිරා හරිම සරල මිනිහෙකි. ඒ හින්දා ගිරා මේ සීන් එකේදී නිහඬව තම නිර්මාණකරණය ගැන සතුටු වේ. ඔහු එහෙම හිටියට ‘කතුරු මිතුරු’ නිර්මාණය ගැන අපට කියන්නට කතාවක් ඇත. ඒ, කතාවේ දුක හිතෙන තැන්ද බොහොමයකි. කෙටියෙන් කියන්නට මෙහෙම පටන්ගන්නවා නම්, ‘කතුරු මිතුරු’ චිත්‍රපටය ගැන අදහස ඔහුට පළමුව හිතට එන්නේ 2016 අවුරුද්ද අග භාගයේය.

එතැනදී ඔහුගේ තිර පිටපතට අනුව ඔළුවට ගත්ත මුහුණු අතර ප්‍රධාන නළුවො දෙන්නට හිටියේ ප්‍රවීණ රංගවේදී සහ නිර්මාණකරු ජයලත් මනෝරත්න සහ ප්‍රහර්ෂණයට උපන් හපන්කම් දැක්වූ ප්‍රවීණ නළු විජය නන්දසිරිය. ‘සිකුරු හතේ’ චිත්‍රපටයෙන් පසු තම නිර්මාණකරණයෙන් විජය නන්දසිරිව ලෙහෙසියෙන් අත්හරින්නේ නැතැයි යන කල්පනාව තදින්ම හිතට ගත්ත ගිරා ‘කතුරු මිතුරු’ පිටපතෙහි කරණවෑමියා හෙවත් බාබර් වූ විල්සන්ගේ කැරැක්ටර් එක විජය නන්දසිරිට දී තිබුණේය. සාම්ප්‍රදායික ටේලර් හෙවත් පිරිමි ඇඳුම් මසන සැම්සන් වූයේ ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන්ය. අවාසනාවක මහත කියන්නේ ‘සිකුරු හතේ’ නියමුවා වූ ගිරාගේ සුපිරි තේරීම විජය නන්දසිරි හදිසියේම දිවි ගමනෙන් සමුගත්තේය.

ගිරාට මොනවා හිතෙන්න ඇතිද?

ගිරාට නොහිතුණේ මොනවාදැයි කියා ඇහුවා නම් ඊට හොඳය. ඒ තරමට තම නළු වීරයාගේ දුක්බර වියෝවෙන් ගිරා කම්පාවට පත්ව සිටියේය. මහේන්ද්‍ර පෙරේරා නම් සුපිරි රංගවේදියා ඔහුගේ ඔළුවට ආවේ එයට පසුවය. එලෙසම ඒ අතර විජය නන්දසිරිගේ පුතු වූ රසංජන නන්දසිරිට ටේලර් සැම්සන්ගේ පුතා ලෙස රඟපාන්නට ගිරාගෙන් ඇරයුම් ලැබිණි. රොඩ්නි වර්ණකුල, මිහිර සිරිතිලක, ප්‍රියන්ත සෙනෙවිරත්න යන කවටයන්ද පිරිවරාගෙන තවත් ප්‍රතිභාපූර්ණ නළු නිළියන් සමග ‘කතුරු මිතුරු’ රූගතවී කතුරට කැපෙන්නට අවැසි කොටස් කැපී සංස්කරණය මුළුමනින්ම නිමවී ෂෝ එක පෙන්වන්නට සූදානම්ව තිබිණි.

දෙදහස් දහනවයේ අග භාගයේ චීනයෙන් හිස එසවූ කොවිඩ් උවදුර 2020 වන විට ශ්‍රී ලංකාවද ආක්‍රමණය කරමින් තිබුණු නිසා ‘කතුරු මිතුරු’ ප්‍රදර්ශනය කල් ගියේය. එයට පසුව තවත් දුක හිතෙන පුවතක් වූයේ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ මරණයයි. ‘කතුරු මිතුරු’ තිරගත වන දවස එනතුරු මනෝරත්නයන් ඇඟිලි ගැන්න කතාව ගිරා, මහේන්ද්‍ර වාගෙම අනිත් හැමෝමත් හොඳින්ම දැනගෙන හිටියා.

‘චිත්‍රපටයට බාධා වැඩිද මන්දා…’

ගිරාට එහෙමත් හිතෙන්න ඇති. ඒ හිතන අතරවාරයේ ගිරාත් අසනීප වුණා. ඔහු හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. ඒ කලාකරුවන්ට නරක දසාවක් ලැබූ කාලවකවානුවක්. ගිරා එක්කම වාගේ ප්‍රවීණ වේදිකා නළු සම්පත් තෙන්නකෝනුත් ප්‍රවීණ ටෙලි නාට්‍ය නළු, සමගිපුර වසන්ත ලෙස නම් දැරූ සරත් චන්ද්‍රසිරිද රෝගීව සිටියහ. රෝගාතුරව කෙටි කලකින් ඔවුන් දෙදෙනා ජීවිත කලාවට සමුදී යන්නට ගියද ගිරා එලොව මෙලොව අතර කෙස් ගසකට සමාන වූ සීමාවක සටනකට මැදිව සිටියේය.

‘යන්න එපා ගිරා. ජීවිතය අල්ලගෙනම හිටපං. කොහොම හරි ආයෙම ඇවිත් අපිව හිනස්සපං…’

මුහුණු පොත පුරාම වූයේ හදවතින්ම ගිරාට කෙටූ සටහන්ය.

‘සනීප වෙලා ආවත් ගිරාට ආයෙම රඟපාන්න බැරි වෙයි වගේ… අපරාදේ, පොර සුපිරි වැඩ්ඩා…’

ගිරා රෝහල් කුටියේ යන්ත්‍රත් එක්ක ඉන්න ෆොටෝ මුහුණු පොතේ වැටෙනකොට ඔහුගේ කොලොප්පන්වලින් සතුටු වුණු ප්‍රේක්ෂකයෝ මඟ තොටේදී එහෙම කතා වූහ. පුදුමය කියන්නේ ගිරා මාරයාට හොඳ ගේමක් දීලා ඔළුව උස්සලා ආයෙම ගොඩ ආවා. පුදුමයකට වඩා ඒක අනුහසක් කියනවා නම් ඒක තමයි හරියටම හරි. ඉතින් ඒ අනුහසක් එක්කම ආයෙම ඉපදුණු ගිරා අතරමඟ ඇනහිටලා තිබුණු ‘කතුරු මිතුරු’ චිත්‍රපටයේ වැඩ සම්පූර්ණ කරන ගමන්ම ටෙලි නාට්‍ය රංගනයෙත් නිරත වුණා.

ඒකට තමයි කියන්නේ මරන්න බැරි මිනිහව ගලේ ගහලවත් මරන්න බැරිය කියලා. කොහොමින් හරි ගිරා ඔහුගේ එල්ලය ජය ගනිමින් විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කළ ‘කතුරු මිතුරු’ හෝල්වලට දැම්මා. ඔහුටවත් හිතාගන්න බැරි විදියට චිත්‍රපටය එක රැයින්ම අහුමුලුවල හැංගිලා තිබුණු House Full බෝඩ් ටික යකඩ දොරවල එල්ලුණා. නාකපන වැස්සටවත් බැරිවුණා පෝලිම අඩුකරන්න.

මතකනේ ‘සිකුරු හතේ’ චිත්‍රපටය. හෝල්වල දෙතුන්පාර බලාපු අය ටීවී එකේ යනකොටත් ඒක ආසාවෙන් බැලුවා. හතර පස් පාර ‘සිකුරු හතේ’ බලාපු අය හෙට ආයෙම ටීවී එකේ ගියත් එකම එක සීන් එකක්වත් මඟහරින්නේ නැතිව ආයෙම ‘සිකුරු හතේ’ හෙටත් බලනවා සිකුරුයි. ‘සුහද කොකා’ ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. සත්තකින්ම කිව්වොත් ගිරා සුපිරි වැඩ්ඩෙක්. දහසකුත් එකක් බාධා ආවත් ගිරා ඒවා පයිසෙකටවත් මායිම් කළේ නැහැ. කොහොම හරි තමන්ගේ ඉලක්කය ජයගත්තා.

‘ආලංකුලම ෆිල්ම්ස්’ වෙනුවෙන් බාසුර සිරිවර්ධන නිෂ්පාදනය කරපු ‘කතුරු මිතුරු’ චිත්‍රපටය කතුරෙන් සිය රස්සාව ජයගන්න උත්සාහ කරන ටේලර් කෙනෙක් සහ බාබර් කෙනකුගේ අතිජාත මිත්‍රත්වය ගැන කියන හාස්‍යය පිරුණු මනුස්සකම ගැන ලියැවුණු වෙනස්ම ආකාරයේ සංවේදී කතා පුවතක්.

‘ආතතියට බෙහෙත් ගන්න එපා. ආතතිය බින්දුවටම බස්සගන්න ‘කතුරු මිතුරු’ බලන්න එන්න…’

එහෙමයි ‘කතුරු මිතුරු’ ගැන කවුරුත් කියන්නේ.

චාලි චැප්ලින් කිව්වා වාගෙම මිනිස්සුන්ව හිනස්සන එක ලෙහෙසි පහසු නැහැ. ඒත් ගිරා ඒක නියමෙට කළා. තමන්ටම කිතිකවාගෙන ආයාසයෙන් හිනාවෙන හිස් ප්‍රහර්ෂණ කලාව වෙනුවට ඔහු බොක්කෙන් හිනාවෙන කලාව මිනිස්සුන්ට මල් ටිකට පෙන්නුවා. ඒ හින්දමයි ප්‍රේක්ෂකයෝ ඒ තරම් ආදරෙන් උනන්දුවෙන් ‘කතුරු මිතුරු’ බලන්න පෝලිම් ගැහුණේ. කැපෙන කතුරෙන් නොකැපෙන මිතුරුකම ගැන කියන ‘කතුරු මිතුරු’ බලන්න ස්මාර්ට් ෆෝන් කලාව පොඩ්ඩකට හෝ පැත්තකින් තියලා තරුණයෝ ෆිල්ම් හෝල් ළඟ කට්ට කන්න ආව එක සිංහල සිනමාව මෑතකදී ලැබුව ලොකු ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණයේ නියමුවා වුණේ ‘ගිරිරාජ් කෞෂල්‍ය’යි.

ඇත්තටම සතුටුයි ගිරා. සුබ පතනවා මුළු හිතින්ම. ඒ එක්කම ආයෙම මේ වගේ රජ වැඩක් කරන්න යෝධ බල යෝධ ශක්තිය උඹට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික නඩු තීන්දුව I Sri Lanka Latest News

Next Post

බයික් එකකින් ඇවිත් ජාතික රෝහලේ වැඩ කරන අයකුගේ කඳාන ගෙදරට වෙඩි තියලා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.