• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංකිලි රජු පුතාව මරා දැමූ තැන අද ගුරුනගර්හි ශාන්ත මරියාව නම් වේ! මේ එතැන සිට ලියූ කතාවයි…!

September 5, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
සංකිලි රජු පුතාව මරා දැමූ තැන අද ගුරුනගර්හි ශාන්ත මරියාව නම් වේ! මේ එතැන සිට ලියූ කතාවයි…!
Share on WhatsAppShare on Facebook

‍යාපනයට ගොස් වසර දෙකක් ගතවී ඇත. හිරු කොතරම් සැඩ වුවත් එහි අමුතුම චමත්කාරයක් ඇති බව මා වටහා ගත්තෙමි. දමිළ භාෂාව නොදත් මට සිංහල එක වචනයක්වත් නොදත් දමිළ මිතුරන්ගේ සුසංයෝගය මගේ විශ්වවිද්‍යාල ජීවිතයට එක් කළේ අමුතුම අලංකාරයක් බව කිව යුත්තේ නැත. ඒ අතරින් මා වඩාත් ඇලුම් කළ එක් සොඳුරු දමිළ යෙහෙළියකි. පොට්ටු, මල් වැල් නොපැලඳි ඇය කතෝලික පසුබිමකට උරුමකම් කීවාය. ඉරිදා උදෑසනම බොහෝ විට පල්ලියේ යාතිකාවට සහභාගි වූ ඈ දිනක් මටත් ආරාධනා කළේ නොසිතූ ලෙසින්ය.

පල්ලිය, අප නවාතැන් ගෙන සිටි පලාලි පාරේ කොන්ඩාවිල් නේවාසිකාගාරයේ සිට කිලෝමීටර් හතර පහකට එහා වූවකි.

එය යාපනයේ ගුරුනගර්හි සුප්‍රසිද්ධ ශාන්ත පැටි්‍රක් විද්‍යාලයේ පසෙකට වන්නට තේජසින් අහසට නැඟී සිටි කුරුසයක හැඩයකට ඉදිකළ ශාන්ත මරියා ආසන දෙව්මැඳුරයි (St’ Mary’s Cathedral).

ඉතිහාසයේ ප්‍රාණ පරිත්‍යාගයන් මතින් ඉදිවූ මෙම දෙව්මැඳුර, ඇදහිලිවලට වඩා ප්‍රසිද්ධ උතුරු පළාතේ වඩා ප්‍රචලිත වූ විශාලතම ආසන දෙව්මැඳුර විය. ජනප්‍රවාදයට අනුව යාපනයේ රජ කළ සංකිලි රජුගේ පුත්‍රයා කතෝලික ආගමට හැරුණු පසු වර්තමාන ආසන දෙව්මැඳුරේදී ඔහු පුතාව මරාදැමූ බව සඳහන්ය. කුමරුගේ අළු ඔහු ඝාතනය කළ ස්ථානයේ තැන්පත් කළ බවත්, පසුව වර්තමාන ආසන දෙව්මැඳුර ඉදිකිරීමේ අඩිතාලම එය බවත් අසා ඇත.

ආසන දෙව්මැඳුර ඇතුළත වර්ණවත් සැරසිලි බොහොමයක් නොතිබුණු නමුත් එහි තේජස සරලව විශාල ලෙස ඉදිකළ ඉදිකිරීම්වල තැන්පත් වී තිබිණි. කිරිගරුඬ පූජාසනයකි. කැටයම් සහිත විශාල ලී කුරුසයක් ඉහළින් සිටුවා ඇත. ලී වේදිකාවක් මත මරියා මවගේ පිළිරුවක් සවිකර ඇත.

යුද්ධයේදී බෝම්බ පිපිරීමෙන් වහල සහ ආසන දෙව්මැඳුරේ සමහර කොටස්වලට හානි සිදුවී ඇත. ලී දොරවල්වලින් එකක තවමත් වෙඩි උණ්ඩ වැදුණු සලකුණු ඇත. මේ සියල්ල මා හට සැලකළේ දෙව්මැඳුර පවා අඳුරු මතකයන් විඳදරාගෙන ඇති බවයි.

උත්පත්තියෙන් බෞද්ධාගමිකයකු වුවත් යාපනයේ රස්තියාදු ගැසීමට බොහෝ ප්‍රිය කළ මා හට දේව මෙහෙයට සහභාගි වීම හොඳ අවස්ථාවක් විය. යාතිකාව අවසන් වී මගේ සගයා චාවකච්චේරි නිවෙස බලා යන අතර මා ඕල්ඩ් පාර්ක් රෝඩ් හරහා පලාලි පාරට පැමිණ නාගදීප විහාරය අසලින් වයාවිලන් පෙට්ටි බස් එකකට නැඟී ආපසු ආවෙමි. යාපනයේ ටවුමේ සිට නේවාසිකාගාරයට වූයේ රුපියල් විස්සක පමණ දුරකි. ඔය අතර වාරයේ A9 පාරේ මඳ දුරක් ගිය විට පරණ කච්චේරිය හමුවේ. යාපනයේ මුල්ලක සිරවී ඇති පරණ කච්චේරිය අද නටබුන් වී ගියත් නව-පුනරුද ගෘහ නිර්මාණ ශිල්පයේ සුන්දරත්වය දැක ගැනීමට කදිම නවාතැනයි. පාසි හා වැල් මේ භූමිය ආක්‍රමණය කළත් රෝමානු ආරුක්කු සහිත දොර ජනෙල් මධ්‍යම අංගණය වටා අදටත් දැකගත හැකිය. ඉහළ බලන්නෙකුට නම් අද වහලය වෙනුවට කඩාවැටී ගිය වහලයේ සිදුරුවලින් අහස දැකගත හැකිය. සියලු අභ්‍යන්තර කාමර විනාශ වී ඇතත් ඒ යුගයේ ප්‍රෞඪත්වය අදටත් ශේෂ වී ඇත.

කච්චේරි යනු මධ්‍යම ශ්‍රී ලංකා රජය සහ දිස්ත්‍රික් මට්ටමින් එහි ක්‍රියාකාරකම් අතර සම්බන්ධතාවක් ලෙස ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකි. තම දිස්ත්‍රික්කය තුළම කච්චේරි රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ආදායම් එකතු කිරීම සහ මැතිවරණ සංවිධාන කිරීම අපේක්‍ෂා කරන පරිදි, මෙම විශාලත්වයේ රජයේ නිලධර ශාඛාවකට නවාතැන් ගැනීමට විශාල පහසුකමක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අගනුවර වන යාපනයද දේශීය කච්චේරියේ නිවහනයි.

පැරණි කච්චෙරි ගොඩනැඟිලි ගැන සොයා බැලීමට පෙර, යාපනයේ කලබලකාරී යටත් විජිත අතීතය ගැන දැනගැනීම අවශ්‍ය වේ. පෘතුගාලය 1619 දී දිවයින යටත් කරගත් අතර අවසානයේ ලන්දේසීහු 1658 දී එය අත්පත් කරගත්හ. යටත් විජිත කතාවේ අවසාන පෙරළිය සිදුවූයේ 1796 දී බි්‍රතාන්‍යයන් ශ්‍රී ලංකාවේ සියලු ලන්දේසි දේපොළ පාලනය කර ගැනීමෙනි.

අක්කර 27ක ඉඩමක් මිලදී ගෙන පරිපාලන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කළේ බි්‍රතාන්‍ය රජයේ නියෝජිත පර්සිවාල් ඇක්ලන්ඩ් ඩයික් විසිනි. පරිපාලන මධ්‍යස්ථානය යාපනයේ කච්චේරි බවට පත්විය, එය දැන් පැරණි කච්චේරි ලෙස හැඳින්වේ. ඉතිහාසය සෑම විටම පරණ කච්චේරියට කාරුණික නොවීය. එය ප්‍රතිවාදී හමුදාවන් විසින් ඉලක්ක කරගෙන පසුව අතහැර දමන ලද්දකි. පරිපාලනමය අරමුණු සඳහාම සාදන ලද විශාල ගොඩනැගිල්ලක් තිබීම රටේ හමුදාවන්ගේ අවධානයට ලක් නොවීය. 1970 දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකා හමුදාව පරණ උද්‍යානයේ පිහිටා ඇති අතර පැරණි කච්චේරි ගොඩනැගිලිවලින් උපරිම ප්‍රයෝජන ගත්හ. 1980 දශකයේ අග භාගයේදී සටන්කාමී දෙමළ සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි යාපනය අල්ලා ගත් අතර, ඔවුන් ඕල්ඩ් පාර්ක් සහ ඕල්ඩ් කච්චේරි ද හමුදා සහ පොලිස් මූලස්ථාන ලෙස භාවිත කළහ.

1995 දී ශ්‍රී ලංකාව යාපනයේ පාලනය නැවත ලබා ගන්නා විට හමුදා කඳවුරක් කෙචෙරිහි කෙටියෙන් ස්ථානගත කළ නමුත් ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු ගොඩනැගිල්ල ඉවත් කර අතහැර දමා ඇත. මානව ඒජන්සිය හරහා ආරම්භ වූ විසුරුවා හැරීම දැන් ස්වභාවධර්මය විසින් සිදුකරනු ලැබේ. වෘක්ෂලතාදිය ගොඩනැගිලි අත්පත් කරගෙන ඇති අතර කාලගුණය සෙමෙන් නමුත් නිසැකවම ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීම අඹරමින් තිබේ.

යාපනේ ටවුන් එකෙන් ගොඩවැදුණු පෙට්ටි බස් රථයේ ඇසුනේ එකම ගීත රටා කීපයකි. වාදනය වන්නේ විජේ සේතුපති ‘රාම්’ ලෙසත් ත්‍රිශා ක්‍රිෂ්ණන් ‘ජානු’ ලෙසත් රඟපෑ ‘නයින්ටිසික්ස් 96’ සිනමා පටයේ ගීතයකි. මිනි බස් (Mini Bus) රථ ප්‍රමාණයෙන් කුඩා ඒවාය. තරමක් උස් අයකුට නම් පදික වේදිකාවම සුදුසු විය. ඇඟිල්ලක් ගැසීමටවත් ඉඩ නැති ලෙස සෙනඟ පටවාගත් වහාම රථය පැත්තකට ඇලවී ගමන ආරම්භ කරයි. අත්දැකීමේ මිහිරි බව වචනයෙන් කිව නොහැකිය.

ඉරක්කම්……‍ ඉරක්කම්……. ( ඉස්සරහින් බහිනවා)
මුන්නුක්කු පෝන්ග….. පින්නික්කු පෝන්ග…….

විටෙක බස් රථයේ යන පැත්ත පවා හොයා ගැනීමටත් අපහසුය. 764 පාර නම් නිතැතින්ම වසාවිලන්‍ය.
ඉරක්කම්……… ඉරක්කම්……………

යාපනය විශ්වවිද්‍යාලය ඇත්තේ පරමේෂ්වරම් හන්දියට නුදුරින්ය. ටවුමේ සිට කිලෝමීටර් දෙක තුනක් දුරින්‍ය. වෛද්‍ය පීඨය ඇත්තේ තිරුනවේලිවලය. තිරුනවේලි හන්දිය පසුකළ විට අම්මාච්චිය. ‘අම්මාච්චි’ නම් යාපනයේ ආවේණික ආහර වේලෙක රසවිඳිය හැකි කදිම නවාතැනයි. පසුව කොන්ඩාවිල් හොස්ටල්ය. පරමේෂ්වර හා තිරුනවේලි අතර ලංකා බැංකුව අසල බජ්ජි, ගුන්ඩු වඩයි, පරුප්පු වඩ, කඩල යාපනයටම ආවෙණික වූ ආහාර සහිත කරත්තයකි. නේවාසිකාගාරයට ගිය බොහෝ දෙනාගේ ප්‍රධාන බස් නැවතුම්පොළ වූයේද එයයි.

වෙනදාට දේශන අවසන් කළ සිසුන්ද පෙට්ටි බස් රථවල එල්ලීමට පොරකෑවේ නේවාසිකාගාරයට වේලාසනින්ම යාමටද? එසේත් නැත්නම් ඊළඟ බසය පැමිණෙන්නේ පැය ගණනාවකට පසුව නිසාදෝ මම නොදනිමි. බස් එකෙන් ගියත් ෆුට් සයිකල්වලින් ගියත් අතරමඟදී අම්මාච්චියට ගොඩවී වඩයක්, සව් ආප්පයක් කෑමටද ඔවුන් අමතක කළේ නැත.

සන්සුන් ඉරිදාව නොසන්සුන්ව අවසන් වූයේ බලාපොරොත්තු සහිත සඳුදාවක් ඇරඹීමේ අභිප්‍රාය නිසාවෙනි.

දේසපාලුවන් දමිළ ජනයා කෙසේ හංවඩු ගැසුවත් ඔවුන්ගේ සහෝදරත්වය, ආගන්තුක සත්කාර, ළෙන්ගතුකම මා නොඅඩුව විඳ ඇත්තෙමි. අදත් විඳිමින් සිටිමි. දමිළ බසින් අදහස් මනාව හුවමාරු කරගත නොහැකි වුවත් අපි අතර පවතින මිත්‍රත්වය වචනයෙන් කිව නොහැකිය.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

ඉස්කෝලෙ කොල්ලො තුන්දෙනෙක් එක්ක ඉස්කෝලෙ කෙල්ලක් හරිහරියට බීලා ටවුන් එකේ පිස්සු නටද්දී පොලිසියෙන් අල්ලන් ගිහින්!

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.