• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

June 2, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේවානම් පියතිස්ස රජුන් සමයේ මෙරට ස්ථාපිත බුදු දහමට සමගාමීව වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කිරීමේදී තිස්සකීර්ති නම් ප්‍රාන්ත රජු (කුමරා) විසින් ඉදිකරන ලද දැළිවළ කුණ්ඨක චේතිය හෙවත් කොට වෙහෙරේ ධාතු නිධානෝත්සවයට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ වැඩසිටි ග්‍රාමය උන්වහන්සේගේ නමින්ම හැඳින්වූ බැවින් වර්තමානය වනවිට ඒ ප්‍රදේශය “මීඳුම” නමින් හඳුන්වනු ලබන්නේය.(Sri Lanka Latest News)

ඒ ප්‍රදේශය රඹුක්කන නගරයෙන් වයඹ පැත්තට සැතපුම් තුනක් පමණ දුරින් පිහිටා ඇත්තේය. ඔය කියන ඉසව්වටත් රඹුක්කන නගරයටත් අතර පිහිටි බණ්ඩාරවත්ත නමැති හරිය ළඟදී දෙවරකට ජනාකීර්ණ වීමෙන් පසුව වෙන්වූ කොටස “නව බණ්ඩාරවත්ත” නම් වූවේය.

මට්ටක්කුලියේ සාගර විශ්වවිද්‍යාලයීය අවසන් වසරේ ඉංජිනේරු ශිෂ්‍ය විසිපස් හැවිරිදි කරඳන රාළලාගේ මලිත් දිමන්ත ජයලත් පදිංචිව උන්නේ ද ඔන්න ඔය කියන ඉසව්වේය. ඔහුගේ පියා පනස්එක් හැවිරිදි කේ.ආර්. ධම්මික නිශාන්ත ජයලත්ය. ඉංජිනේරු ශිෂ්‍ය මලිත් දිමන්තට සිටියේ එකම සොහොයුරෙකි. රුසින් දිවාන් ජයලත් වන ඔහුද මේ වනවිට රඹුක්කන පින්නවල ජාතික පාසලේ උසස්පෙළ ශිෂ්‍යයෙකි.

කේ.ආර්. මලිත් දිමන්ත ජයලත් රඹුක්කන බෞද්ධ ප්‍රාථමික විදුහලෙන් පහේ ශිෂ්‍යත්වයට පෙනී සිට ලකුණු 162ක් ලබා පින්නවල ජාතික පාසලට 2007 වසරේදී ඇතුළත්ව ඉංගිරිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ සමත්වීමෙන් උසස් පෙළ සඳහා කෑගලු විද්‍යාලයට ඇතුළු වූවේය. කියන්නට ඇස්වහක් කටවහක් නැත. ඔහු ඒ විභාගයෙන් ද (උසස් පෙළ) ඉහළින්ම සමත්ව 2020 වර්ෂයේදී මොරටුව විශ්වවිද්‍යාලයීය සාගර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ කළමනාකරණ පීඨයට ඇතුළත්ව පසුගියදා වන තෙක්ම අධ්‍යාපන කටයුතුවල යෙදුණේය.

ඔන්න ඔය අතරවාරයේ ප්‍රදේශවාසී හිතවතුන් පිරිසක් බස් එකක් කතාකර හලාවත මුන්නේශ්වරම් දේවාලයට යාමට නඩයක් සූදානම් කරමින් උන්හ. මලිත්ගේ මවත්, මල්ලීත් ඒ ගමන යන්නට පේවී උන්හ.

“මලිත් ඔය පොතටම වෙලා ඉන්නෙ වරෙං බං අපිත් එක්ක චේන්ජ් එකකටත් එක්ක” ගමේ යාළුවෝ කියන්නට වූහ. මවත්, මල්ලීත් යන දෙදෙනාත් ඔහුට ගමනට බල කළහ. ඒ ඉල්ලීම් ඔහුට කිසිසේත්ම ඉවත දමන්නට බැරිවූවේය. කණ්ඩායම ඒ අන්දමින්ම දේවාලයට ගියෝය.

රඹුක්කනින් සැතපුම් හැට හැත්තෑවක් දුර හලාවත ප්‍රදේශයට නැවත කවරදාක එන්නට ලැබෙතැයි කිව නොහැකි හෙයින් කලාතුරකින් ලැබුණු මේ අවස්ථාවේදී පොඩි උන්ට මුහුද පෙන්වන්ටද කවුරුත් උත්සුක වූයෙන් ඔවුහු හලාවත තානායම ආසන්නයේ මුහුදු තීරයට ගොස් ඇත්තාහ.

සාගර විශ්වවිද්‍යාලයේ සාගර ඉංජිනේරු ශිෂ්‍ය මලිත්ට සාගරය කියන වචනය අමුත්තක් නොවිණි. හෙතෙම රැල පාගනන්නට ගියේය. ඔහු ඒ ගියා ගියාමය. ප්‍රාණය නිරුද්ධ මලිත්ගේ සිරුර දින දෙකකට පසුව සිද්ධිය වූ තැනින් ඈත “අඹකඳවල” ප්‍රදේශයේදී ධීවරයන් පිරිසකට හමුවී තිබේ.

හලාවත මහ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව ඔහුගේ දේහය රඹුක්කනට ගෙන එනු ලැබුවේය. මලිත්ගේ මව වන නීලකාන්ති චන්දිමා මහත්මිය තම පුතා ගැන මෙසේ කීවාය.

Sri Lanka Latest News

‘පුතා අපේ පවුල ගොඩන්න වෙරදරමින් හොඳ රස්සාවකට යන්න නිතරම පොතපතට ඇලී හිටියා. එයා නිතරම කීවෙ අම්මයි තාත්තයි අපි දෙන්න වෙනුවෙන් විඳින දහදුක තවත් විඳින්න දෙන්නෙ නෑ. හොඳ රස්සාවකට ගිහිල්ල අපට ඉන්න ගේත් හොඳට හදනවා කියලයි. පුතා විශ්වවිද්‍යාලෙ විභාගෙට අමතරව තවත් මොනවද විභාගවලට ඉගෙන ගනිමින් හිටියා.

මම කීවා පුතේ එකක් කරල ඉවර වෙලා තව එකක් කළොත් නරකද, රෑ දවල් නිදිමරාගෙන පාඩම් කළොත් ලෙඩක් දුකක් හැදෙන්නත් පුළුවන් කියලා. එතකොට පුතා කීව “අම්මේ හැමෝටම ඉංජිනේරු උපාධිය තියෙන එකේ තවත් අතිරේක සුදුසුකමක් තියෙනව නං ඒක වැඩි සුදුසුකමක් නිසා මම එහෙම කරනවා කියලා. මම ඔය කිසි දෙයක් දන්නෙ නැති නිසා මට ඕවා පුතා පැහැදිලි කර දෙනවා.

හලාවත දේවාලෙට ගියාට පස්සෙ කට්ටියත් එක්ක මුහුද ළඟට ගියා. මමයි පුතාල දෙන්නයි මහන්සිය නිසා ටික වෙලාවකින් ආපහු බස් එකට ඇවිත් අනිත් අය එනතුරු ඉඳගෙන හිටියා.

පස්සෙ ලොකු පුතා බස් එකෙන් බැහැල ගිහින් තියෙනවා. මම දන්නෙ නෑ. පස්සෙ මමයි පොඩි පුතයි හැමතැනම ලොකු පුතා කෝ කියල හොයාගෙන මූද ළඟටත් ගියා. අපේ බස් එකේම ආපු ළමයි දෙන්නෙක් කීවා බස් එකේ ආපු එක්කෙනෙක් මූදෙ ගහගෙන ගියා, මාව බේර ගන්න කියල අත්දෙක උස්ස උස්සා කෑ ගැහුවා කියලත් කීවා.

මමත් කෑගැහුවා මගේ පුතා බේරල දෙන්න කියලා. එතකොට එතැනට ඇවිත් තිබුණු වෙනත් බස් එකක කට්ටියකුත් පොලිස් නෝනල දෙතුන් දෙනෙකුත් මාව අපේ බස් එකට එක්කං ගියා.

ටික වෙලාවකට පස්සෙ ආපු පොලිසියෙ මහත්තුරු වාගයක් පොඩි පුතාගෙන් විස්තර අහල ලියාගෙන තොරතුරක් ලැබුණොත් දන්වන්නම් කියල අපට ගෙදර එන්න කීව.

මූදෙ ගිය ධීවරයන්ට මිනියක් පාවෙනව හමුබවෙලා තියෙනවා. ඇවිල්ල අඳුනාගන්න කියල දවස් දෙකකට පස්සෙ ලැබුණු පණිවුඩේකට අපි හලාවත ඉස්පිරිතාලෙට ගිහින් පුතාගෙ මිනිය අඳුන ගත්තා. ඒ මගේ පුතා කියල අඳුන ගත්තෙ ඇඳල තිබුණු ඇඳුමෙන්…’ ඕ කීවාය.

මියගිය අයගේ පියා වන කේ.ආර්. ධම්මික නිශාන්ත ජයලත් තම හිතේ තිබූ වේදනවා බොහෝ වේලාවක් ගතවන තුරු “මව්රට”ට කියාපෑවේය.

ඒ සියල්ලේම පුත්‍ර ස්නේහය දරුවා ගැන තිබූ අපේක්‍ෂා පොදි කවරේදැයි යන්න පැහැදිලි විණි.

“මේ ස්ථානයෙ මෙයට පෙරත් මේ වාගේ සිදුවීම් වෙලා තියෙන අනතුරුදායක තැනක්ලු. ඒක අනාවරණය වුණොත් මේ ස්ථානයට මහජනයා නොඑන නිසා ඇතැම් කණ්ඩායම් ඒ බව වසං කරනව කියන එක අපට පසුව දැනගන්න ලැබුණා. මේ වාගෙ දුකක් උපඋපන් ජාතිජාතිත් කිසිම මවුපියකුට විඳින්න නොලැබෙන්න බලධාරීන්ගෙ අවධානය යොමුකරල අඩුම වශයෙන් දැන්වීම් පුවරුවක් හෝ සවිකරන්න වැඩපිළිවෙළක් යොදන්න කියල ඉල්ලීමක් කරනවා” යැයි ආයාචනා කෙළේය.

සාගර විශ්වවිiාලයීය අවසන් වසරේ ඉංජිනේරු ශිෂ්‍ය විසිපස් හැවිරිදි කරඳන රාළලාගේ මලිත් දිමන්ත ජයලත් වෙනුවෙන් රඹුක්කන වහව ආනන්fදා්දය පරිවේණාධිපති පූජ්‍ය කිරිදෙන ඤාණාලංකාර නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පසුගියදා පිරිනමනු ලැබ පින් අනුමෝදන් කරනු ලැබිණි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

Next Post

දැන් අවුරුදු 18ද? එහෙනම් රස්සාවක් කරන්න කලින් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා ඉන්න! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.