• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඕගොල්ලො-අපි හැමෝම බය ඩ්‍රැකියුලාගේ බංගලාවට අපේ කොල්ලෙක් රිංගලා කොහොම හරි එළියටත් ඇවිල්ලා I Sri Lanka Latest News

June 2, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එහෙ ඉඳන් චන්දන අපිට ලියපු කතාව…

‘දෙවියනේ… ඔහුගේ දත් දෙක දික්වී තිබුණු අතර, මුව දෙපැත්තතෙන් අමු ලේ ගලා යන්නට විය. ඇගේ බෙල්ලේ තුවාලයක් තිබෙන බව ඇයට දැනුණු නමුත් එයින් වේදනාවක් ඇති නොවීම ඇයට පුදුමයකි.’(Sri Lanka Latest News)

ඩීමන් ආනන්ද මහතා පරිවර්තනය කළ ‘ඩ්‍රැකියුලාගේ මනාලියෝ’ නමැති ග්‍රන්ථයෙන් තමයි ඉහත කොටස උපුටා ගත්තේ. මං හිතන්නේ ලංකාවේ බොහෝ දෙනකුට මේ වදන් පෙළ ඉතාම හොඳින් මතකයි. ඩ්‍රැකියුලා කියන්නේ ඒ තරමටම අපට සමීප චරිතයක්. ඩ්‍රැකියුලා සම්බන්ධ නවකතාවක් කියවලා නැතත්, ගොඩ දෙනෙක් ඩ්‍රැකියුලා සම්බන්ධ චිත්‍රපටයක් හරි බලලා තියෙනවා. ඒ වගේම ඩ්‍රැකියුලාට බියෙන් තනිවම නිදාගන්න අදිමදි කෙරුව අතීතයකුත් අපි බොහෝ දෙනකුට තියෙනවා. ඩ්‍රැකියුලා රසිකයකුට අද වුණත් ඒ මතකයන් එක්ක හිතේ තිගැස්ම වැඩි වෙන්නේ නිතැතින්. ඩ්‍රැකියුලා කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම බොහෝ දෙනෙක් භීතියට පත්කෙරුව චරිතයක්.

ඩ්‍රැකියුලා සහ වැම්පයර්වරු ගැන කතාකරද්දී අපට මුලින්ම මතකයට එන රට තමයි රුමේනියාව. රුමේනියාවේ සුවිශාල මන්දිර තුළ තමයි ඩ්‍රැකියුලා සිටුවරු තම අණසක පතුරුවා ගෙන හිටියේ. ලෝක සිතියම ගැන වැඩි අවධානයක් යොමු නොකළ කෙනකුට නම් රුමේනියාව ගැන මුලින්ම අහන්න ලැබුණෙත් ඩ්‍රැකියුලා නිසා කියලා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.

ඩ්‍රැකියුලාගේ කතන්දර කියවද්දී කවදා හරි ඒ සුවිශාල මන්දිරයක් දෑසින් දැකගන්න ඕනේ කියලා ඔබට නිකමටවත් හිතිලා තියෙනවද? ඩ්‍රැකියුලා සම්බන්ධ නවකතාවක් කියවද්දී හෝ ඒ සම්බන්ධ චිත්‍රපටයක් හෝ නරඹද්දී ඒ මන්දිර ඇත්තටම මෙන්න මේ විදිය වෙන්න ඇති කියලා හිතේ රූ සටහන් ඇඳිලා තියෙනවද? අපි අද යන්නේ ඇත්තම ඩ්‍රැකියුලා මාලිගාව හොයාගෙන. ඔබේ රූ සටහන් සැබෑ මාලිගාව එක්ක කෙතරම් දුරට ගැළපෙනවද කියලා අද ඔබටම තීරණය කරන්න පුළුවන්.

ඩ්‍රැකියුලා මාලිගාව හෙවත් බ්‍රාන් කාස්ට්ල් පිහිටලා තියෙන්නේ රුමේනියාවේ බ්‍රාසෝව් නගරයේ. බ්‍රාසෝව් කියන්නේ කඳු පන්ති රාශියකින් වටවූ හරිම සුන්දර නගරයක්. බ්‍රාසෝව් නගරයේ කෙළවරකට වෙන්න පිහිටි කුඩා කඳු මුදුනක් මත ඉදිකෙරුණු ඩ්‍රැකියුලා මාලිගය මුල් වරට දකින ඕනෑම කෙනකුට ඇති වෙන්නේ ගුප්තමය හැඟීමක්. ඒ, මාලිගාවේ ස්වභාවය හින්දද, නැතිනම් එහි අතීතය පිළිබඳ අපේ හිතේ සක්මන් කරන සිතුවිලි සමුදාය හින්දද කියන එක නම් ප්‍රශ්නයක්.

පා ගමනින් කඳුගැටය නැගලා මාලිගාව ඇතුළට ගමන් කරද්දී ඒ හැඟීම තවත් වැඩිවෙනවා කිව්වොත් හරි. ඩ්‍රැකියුලා කතාව තරමටම මේ මාලිගාවේ ආකෘතියත් හරිම සංකීර්ණයි. මැද මිදුලක් සහිතව කවාකාරව ඉදිකර ඇති මාලිගය තට්ටු හතරකින් යුක්තයි.

මාලිගාවට අයත් මුළු කාමර ගණන 17ක් කියලයි සටහන් වෙන්නේ. මේ සෑම කාමරයක් සඳහාම පිටතින් වගේම එක් එක් කාමර අතර අභ්‍යන්තරයෙන්ද ගමන් කළ හැකි ආකාරයෙන් ඉදිකර තිබීම විශේෂත්වයක්. ඒ වගේම සෑම මහලක් අතරම ඉදිකර ඇති නැරඹුම් ආසන මෙහි අලංකාරය තවත් වැඩි කරලා තියෙනවා. දැඩි ඝනකමකින් යුත් ලී දොරවල් මෙන්ම, මාලිගාව පුරා දක්නට ඇති විවිධාකාර ගෘහ භාණ්ඩ අතීත යුරෝපීය ලී කැටයම් කලාවේ සාඩම්බරය ලොවට කියාපානවා. මාලිගාවේ පොළොවත් දැවයෙන් නිමවා තිබීම විශේෂ ලක්ෂණයක්. මාලිගාවේ ඉහළටම ගමන් කළ විට දකින්න තියෙන්නේ කුඩා ප්‍රමාණයේ සඳලුතලයක්. සීතල සුළං රැල්ලක් විඳිමින් බ්‍රාසෝව් අවට සිරි නරඹන්න එතැන කදිමයි.

ඒ වගේම මේ සඳලුතලයට ගමන් කිරීම සඳහා ප්‍රධාන මාර්ගයට අමතරව තවත් රහස් උමං මාර්ගයකුත් ඉදිකර තිබීම එහි ගුප්ත බව තවත් වැඩි කිරීමට හේතු වෙලා තියෙනවා. මේ මාලිගාව භාවිත කළ රාජකීයයන්ගේ බඩු භාණ්ඩ ඒ ඒ කාමර තුළ ඒ ආකාරයෙන්ම දකින්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි අප සොයා ගිය ඩ්‍රැකියුලා සිහිපත් කරවමින් ඒ වෙනුවෙන්ම වෙන් කළ අඳුරු කාමර කිහිපයක්මත් මේ මාලිගයේ දකින්න තියෙනවා. මාලිගයේ මැද මිදුලේ සිට උද්‍යානය දක්වා පොළොව අභ්‍යන්තරයෙන් පිටවීමේ උමඟක් ඉදිකර තිබීමත් සුවිශේෂ කාරණයක්.

වර්තමානයේදීත් ඉතාම හොඳින් සංරක්ෂණය වී ඇති මේ මාලිගයේ ඉදිකිරීම් කටයුතු ක්‍රි.ව. 1211 දී පමණ ආරම්භ වූ බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ, එවක හංගේරියානු රාජ්‍යයට අයත් බළකොටුවක් විදියට. කොහොම වුණත් මෙහි වැඩකටයුතු සම්පූර්ණයෙන් නිමාවුණේ ක්‍රි.ව. 1388දී කියලත් සඳහන් වෙනවා. එදා සිට හංගේරියානු රාජධානිය බිඳවැටෙන තෙක්ම රාජකීයයන්ගේ නවාතැනක් සහ බළකොටුවක් විදියට මේ මාලිගාව භාවිත කරලා තියෙනවා. හංගේරියානු රාජධානියේ බිඳවැටීමත් එක්ක විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් අතට පත්වූ මේ මාලිගාව නැවත රාජකීයත්වයට පත්වෙන්නේ 1920 වසරේදී. ඒ වර්තමාන රුමේනියාව එක්සේසත් කළ මාරියා රැජිනට මේ මාලිගාව පරිත්‍යාග කිරීමට බ්‍රාසෝව් නගරවාසීන් කටයුතු කිරීමත් සමගින්. එතැන් පටන් ඇයගේ ප්‍රියතම නිල නිවාසයක් ලෙසින් මේ මාලිගය භාවිතයට අරන් තියෙනවා.

බ්‍රාන් කාස්ට්ල් ගැන මේ විස්තර කියවන් යද්දී ඔබේ හිතට දැන් නැඟෙන පැනය මට හොඳින් වැටහෙනවා. ඒ තමයි කෝ ඩ්‍රැකියුලා කියන ප්‍රශ්නය.

අපි දැන් හදන්නේ ඒකට උත්තර හොයන් යන්න. ඇත්තටම ඩ්‍රැකියුලා කියන්නේ 1897 වසරේදී අයිරිෂ් ජාතික බ්‍රෑම් ස්ට්‍රෝකර් අතින් ලියවුණු නවකතාවක චරිතයක්. නමුත් ස්ට්‍රෝකර්, ඩ්‍රැකියුලා නිර්මාණය කරලා තියෙන්නේ සැබෑ ලෝකයේ චරිතයක් අනුසාරයෙන්. ඒ තමයි තුන්වැනි ව්ලැඩ් රජු. ‘ව්ලැඩ් නම් උල හිඳුවන්නා’ කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්න තරම් ඔහු අතිශය කෲර පාලකයකු වූ බව ඉතිහාසයේ දැක්වෙනවා.

ක්‍රි. ව. 1431 සිට ක්‍රි.ව. 1476 දක්වා ජීවත් වූ මොහු ඒ අතර අවස්ථා දෙකකදී එවක වාලකියා රාජ්‍යය ලෙස හැඳින්වූ වර්තමාන රුමේනියාවට අයත් ප්‍රදේශය පාලනය කර තිබෙනවා. රාජධානි අතර කුමන්ත්‍රණ සහ ගැටුම් බහුල වූ එම යුගයේදී තම ප්‍රතිවාදීන් උලතබා මරාදැමීමට ව්ලැඩ් රජු ප්‍රිය කළ බවයි වාර්තා වෙන්නේ.

එසේම එක් අවස්ථාවක තම ප්‍රතිවාදීන්ට මිත්‍ර ස්වභාවයක් පෙන්වා රාත්‍රී භෝජනය සඳහා මන්දිරයට ආරාධනා කොට ඔවුන්ට උල් පිහිවලින් ඇන උල හිඳුවීමට ව්ලැඩ් කටයුතු කළ බවත්, තවත් අවස්ථාවක තමන් ඉදිරියේ තලප්පාව ගැලවීමට අකැමැති වූ පිරිසකට එය යළි නොගැලවිය හැකි ආකාරයෙන් යකඩ ඇණ ගැසීමට කටයුතු කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

ඉතා දරුණු ආකාරයෙන් එවක වාලකියා රාජ්‍යය පාලනය කළ සමයේදී තුන්වැනි ව්ලැඩ් රජුගේ සංචාරක මාලිගාවක් ලෙසින් මේ මාලිගය භාවිත කළ බවට පවතින විශ්වාසය තමයි මෙයට ඩ්‍රැකියුලා සමග පවතින එකම සම්බන්ධය.

නමුත් තුන්වැනි ව්ලැඩ් රජු මේ ප්‍රදේශයට කිසිදා පැමිණ නැති බව දැක්වෙන වාර්තාත් ඕනෑ තරම්. ජනප්‍රවාද සහ අනුමාන කිරීම් හැර ඔහු මෙහි ජීවත් වූ බවට හෝ නැති බවට තහවුරු කළ හැකි කිසිම සාධකයක් මාලිගය තුළ නැහැ. ඒ වගේම ඩ්‍රැකියුලා නිර්මාණය කළ බ්‍රෑම් ස්ට්‍රෝකර්ද ජීවිතයේ කිසිම දිනක මේ මාලිගයට හෝ රුමේනියාවට පවා පැමිණ නැති බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වේවි.

එහෙත් අදටත් මේ ඩ්‍රැකියුලා මාලිගාව රුමේනියාවට ආභරණයක් වෙමින් දහස් සංඛ්‍යාත සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ ලොව අංක එකේ සංචාරක මධ්‍යස්ථානයක් ලෙසින් බ්‍රාසෝව් නගරය කෙළවර පුංචි කඳු ගැටයක් මත බැබළෙනවා.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අධික වර්ෂාව තවදුරටත්! කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි I Sri Lanka Latest News

Next Post

සාගරයටම ජීවිතය පූජා කළ සාගර ඉංජිනේරු සිසුවා I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.