• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

4 වැනිදා ආරම්භ කළ අලුත්ම අරගලය ‘අත නොතබනු’ I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතිඥ සාමූහිකය පසුගිය 04 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී ‘ප්‍රජාතන්ත්‍රවාදය, විධායකය සහ අධිකරණය’ නමින් මහජන සම්මන්ත්‍රණයක් පවත්වන්නට යෙදිණි. ජනාධිපති නීතිඥ රියන්ස් අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වීය. එහිදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිදුකළ දේශනය මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු.(Sri Lanka Latest News)

අපේ මිත්‍රයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කළා, Who is behind this? (කවුද මේ නීතිඥ සාමූහිකය පිටුපස ඉන්නේ?) කියලා. ඒකට කියන්න තියෙන්නේ නීතිඥ සාමූහිකය කවුරුත් නෑ. නීතිඥවරු තමයි මේ ඉදිරිපත් වෙලා ඉන්නේ. අපේ නීතිඥ සාමූහිකයට වෙන අරමුණක් නෑ. අපේ තනි අරමුණ තමයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන එක සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය සාක්ෂාත් කරගැනීම හා විධායකය අනිසි ලෙස අධිකරණය කෙරෙහි බලපෑම් කරන්නෙ නැහැයි කියන එක තහවුරු කිරීම. අපේ වෙන කිසිම දේශපාලනික අරමුණක් නෑ.

නමුත් අපි එක්සත් වෙන්නේ මේ අරමුණ සඳහායි. ඇත්ත වශයෙන්ම අපි අපේ අධිකරණ ඉතිහාසය ගත්තොත් අධිකරණය දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒවා ආරක්ෂා කරන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැපවෙලා තියෙන්නෙ. එක්දහස් නවසිය තිස් ගණන්වල බ්‍රේස්ගර්ඩන් නඩුවේ සිට එක්දහස් නවසිය අසූ ගණන්වල කලවාන අතුරු මැතිවරණය පිළිබඳ නඩුව, 2018 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ නඩුව යන හැම අවස්ථාවකම මේ රටේ අධිකරණය කොන්ද කෙළින් තියාගෙන කටයුතු කරලා තියෙනවා. මේ රටේ අධිකරණයට හැකියාව ලැබිලා තියෙනවා ස්වාධීනව කයටුතු කරන්න, නිර්භයව කටයුතු කරන්න.

අධිකරණයට මේ කාර්යය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ශක්තිමත් නීතිඥ වෘත්තියක් තිබුණු නිසයි. ශක්තිමත් නීතිඥ වෘත්තියක් අත්‍යාවශ්‍යයි රටක ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කරන්න සහ ඒ අධිකරණයේ විනිශ්යකාරවරුන්ව ශක්තිමත් කරන්න. විනිශ්චයකාරවරුන්ට හැකියාවක් නෑ පුවත්පත් නිවේදන නිකුත් කරන්න, මේ වගේ සම්මන්ත්‍රණ පවත්වන්න. ඒ අයගේ ස්වාධීනත්වයට පහර දෙනකොට ඒ අයට බලපෑම් වෙනකොට, විනිශ්චයකාරවරුන්ට ප්‍රසිද්ධියේ ඒ පිළිබඳ කතා කරන්න හැකියාවක් නෑ.

නමුත් අපි දන්නවා විනිශ්චයකාරවරු ඒ හයිය ගන්නවා ශක්තිමත් නීතිඥ වෘත්තියකින්. අපි ඒක දැකලා තියෙනවා. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල, අසූ ගණන්වල, අනූ ගණන්වල, මෑත කාලයේ අපි දැක්කා ශක්තිමත් නීතිඥ වෘත්තියක් තියෙනකොට විනිශ්චයකාරවරුන්ට ඒ හයිය ලැබෙනවා. එහෙම නම් මේකට උදාහරණ මොනවද? මෙතැන ඉන්න තරුණ නීතිඥ මහත්වරු, මහත්මීන් දන්නෙ නෑ 1988 නීතිඥ විජයදාස ලියනාරච්චි මහතාව අත්අඩංගුවට ගෙන ඝාතනය කළ වෙලාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණයක් ගත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අලුත් ගොඩනැගිල්ල විවෘත කරන එකට සහභාගි නොවී එය වර්ජනය කරන්න.

ඒ වෙලාවේ රටේ ජනාධිපතිවරයා තමයි ඒක විවෘත කරන්න ආවේ. නමුත් ඒ වෙලාවේ නීතිඥ සංගමය තීරණයක් ගත්තා ජනාධිපතිවරයා එන උත්සවයට සහභාගි වෙන්නේ නෑ කියලා. මොකද ඒ වකවානුවේම රජයේ නියෝජිතයන් නීතිඥවරයෙක් ඝාතනය කරලා තිබ්බ නිසා. ඒ හයිය නීතිඥ වෘත්තිය පෙන්වලා තියෙනවා විවිධ අවස්ථාවල.

අපි දන්නවා 1987/89 කාලෙදිත් දහස් ගණනක් රැඳවූවන් රැඳවුම් භාරයේ පසුවෙච්ච අවස්ථාවේදී නීතිඥ සංගමය පිහිටෙව්වා මානව හිමිකම් කේන්ද්‍රයක්. රැඳවියන් දහස් ගණනකට හැකියාවක් ලැබුණා ලියුම් කඩදාසියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලියලා, නඩුවක් විවෘත කරලා, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් නඩු ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරගෙන ගියා.

ගිය අවුරුද්දේ මේ රටේ ජනතාව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාරට බැස්සම, උද්ඝෝෂණ කළාම ඒවා කප්පාදු කරන්න විශාල උත්සාහයක් දැරුවා. ඒ වෙලාවේ මේ රටේ ජනතාවට ඒ හයිය ලැබුණු, ඒ ශක්තිය ලැබුණු එක කාරණයක් තමයි නීතිඥ ප්‍රජාව කටයුතු කරපු ආකාරය. අපි හැමෝම ආඩම්බර වෙන්න ඕනේ. අපි හැමෝම සාමූහිකව කරපු දෙයක් ඒක. මට මතකයි මිරිහාන නඩුව වෙලාවෙදී නීතිඥවරු 500ක් 600ක් විතර ඒ අධිකරණයට ආවේ අපි කවුරුත් නීතිඥවරුන්ට එන්න කියලා නෙවෙයි. එක එක්කෙනා තීරණය කළා අපි උසාවියට යනවා කියලා. අපි දන්නවා අත්අඩංගුවට ගත්ත පුද්ගලයන්ගේ සහ ඔනුන්ගේ පවුලේ අයට හයිය ලැබුණා නීතිඥ ප්‍රජාවේ හයිය නිසා. ඒක තමයි අපි නීතිඥ සාමූහිකය හැටියට බලාපොරොත්තු වෙන්නේ නීතිඥ ප්‍රජාව ඉදිරියටත් මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරයි කියලා.

මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න නීතිඥ ප්‍රජාවට හයිය තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි එක වෙලාවක ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත නීතිඥ ප්‍රජාව හඳුන්වා දුන්නේ “The Voice of Reason” කියලා. ඉතින් අපි නීතිඥ සාමූහිකය හැටියට අපේ බලාපොරොත්තුව තමයි තවදුරටත් අපේ වෘත්තිය, වෘත්තීය සාමාජිකයන්ව දිරිගන්වන්න. මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කැපවෙන්න කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා.

අපි දන්නවා ස්වාධීන අධිකරණයක් කොයි තරම් වැදගත්ද කියන එක. තමන්ට ප්‍රශ්නයක් එනකොට තමයි අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ පාලනයේ වැදගත්කම ගැන වැටහෙන්නේ. මෙතැන ඉන්නවා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහත්මයා. එතුමා දන්නවා අධිකරණයක් ශක්තිමත් වෙන එක කොයි තරම් වැදගත්ද කියලා. රටක ආයතන ශක්තිමත් වෙන එක කොයි තරම් වැදගත්ද කියලා. ඒ ආයතන ශක්තිමත් වෙනවා වගේම තමයි නීතිඥ ප්‍රජාව ශක්තිමත් වෙන්න ඕනේ.

අපට හැකියාවක් නෑ යම් ප්‍රශ්නයක් මතුවෙනකොට කල් අරගෙන, කමිටු පත්කරගෙන, මාස ගානක් ඒ කමිටුවලට ප්‍රශ්න යොමුකරලා, කමිටු වාර්තා කැඳවලා, ඒ වාර්තා එනකල් මොනවත් නොකර ඉන්න. එහෙම තමන්ගේ වගකීම ඉටුකරන්නෙ නැති අයගෙන් වැඩක් නෑ. නීතිඥ ප්‍රජාව තමන්ට වගකීමක් දීලා තියෙනවා නම් ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනෙ. එහෙම තමයි 2013දී අග්‍රවිනිශ්චයකාරතුමියගේ දෝෂාභියෝගය වෙලාවේ නීතිඥ සංගමය කටයුතු කළේ. අපි බලාපොරොත්තු වෙනවා මේ නීතිඥ සාමූහිකය තුළින් නීතිය ශක්තිමත් කරන්න. අපි ආරාධනා කරනවා මෙතැන ඉන්න තරුණ නීතිඥ මහත්ම මහත්මීන්ට සම්බන්ධ වෙන්න කියලා මේ නීතිඥ සාමූහිකයේ කටයුතුවලට කියලා. මොකද ඔබගේ සහභාගිත්වය ඊට ඉතා අවශ්‍යයි.

SendShareShare
Previous Post

TV රේඩියෝ චැනල්වලින් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න බෑ! අමෙරිකා-එංගලන්ත-ඉන්දීය රාජ්‍ය ආයතනවල සහාය අරගෙන පරීක්ෂණ කරන්න! නාමල් ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය දෙයි! I Sri Lanka Latest News

Next Post

ලංකාවේ පළමුවැනි මහා දන්සල දුන් පානදුරේ මහා රේන්දකාරයා ජෙරමියෙස් දියෙස් I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.