ටීවී සහ රේඩියෝ චැනල්වලින් පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන්න නොහැකි බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ අද දින මාධ්‍යවේදියකු යොමුකල ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔහු අග්‍රාමාත්‍ය කාලයේ දී පවා පාර්ලිමේන්තුවේ දී තේරීම් කාරක සභාවක් පත් කර තිබුණා. එහි වාර්තාව පවා තිබෙනවා. එම කමිටුවේ සරත් ෆොන්සේකා මහතා වගේම සුමන්දිරන් මහතාත් සමාජිකයින් විදිහට ඉදලා තිබෙනවා. එම වාර්තාවන් පාර්ලිමේන්තුවේ තිබෙනවා. මේ වාර්තා සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට සෑහීමකට පත් වෙන්න බැරිනම් . ඊලග පියවර තමයි රාජ්‍ය නොවන සංවිධාන ටීවී රේඩියෝ චැනල් ගෙන්නලා පරීක්ෂණ කරනවා වෙනුවට ලෝකයේ ත්‍රස්ථවාදීන් , අන්තවාදීන් ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙලා පරීක්ෂණයක් කිරීම. විශේෂයෙන්ම ඉන්දියාව එංගලන්තය හා ඇමරිකාව වගේ රටවල රාජ්‍ය ආයතන. නැත්නම් හැමදාම මැතිවරණයක් ළංවන වෙලාවට මේක එලියට එනවා ඊට පස්සේ යට යනවා. අපිට මේක දේශපාලන කාරණයක් කරගන්න බැහැ. හරි විදිහට පරීක්ෂණ කරන විදේශීය රාජ්‍ය ආයතන වලට පරීක්ෂණ කටයුතු කරන්න අපි අපේ සහය ලබා දෙනවා.










