ශ්‍රී ලංකාවටම දැනට බලපාන වියළි කාලගුණ තත්ත්වය ලබන මාර්තු මැද භාගය වනතෙක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News
ඉදිරි දින කීපය තුළද දහවල් කාලයේ අධික රස්නයක් පවතින අතර, අලුයම් කාලයේ ශීතල සහිත කාලගුණ තත්ත්වයක් පෙන්නුම් කරන බවයි ඔහු සඳහන් කළේ.
ඊසානදිග සුළං රටාව තිබුණත් එය ජල වාෂ්ප රහිත සුළං රටාවක් නිසා එහි උෂ්ණත්වය රටටම බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පැවැසීය.
මාර්තු මැද භාගය වනවිට අන්තර් මෝසම් තත්ත්වය සමග යළි වැසි සහිත කාලගුණයක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
ප්‍රේමලාල් විජේරත්න










