• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි සල්ලි? බදු වංචා? නිධන් හෑරීම්? සිනමාව-සංගීතය සහ තාඹුගල VS සුබාස්කරන් I Sri Lanka Latest News

September 3, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සිනමාව හතරගාතේ දා ඇදවැටී අවසානය යන ආරංචිය අපේ රටට අලුත් එකක් නොවන්නේය. ඒ වාගෙම ඒ කටුක ආරංචිය ගැන නැවත මුල සිට ලියන්නට හෝ එහෙම වුණේ ඇයිදැයි යන්න ගැන මහප්ප්‍රාණ කතා ගෙතීමද එයට වගකිව යුත්තේ කවුදැයි යන්න වංහුං සෙවීමද හිස් වැඩක් බවද කවුරුත් දන්නා නිසාම අපේ කලාකරුවන්ද රටේ පාලකයන්ද චිත්‍රපට සංස්ථාව සහ නළු නිළි සංගම්ද දෑත් බැඳ ඔහේ පාඩුවේ සිටිති.(Sri Lanka Latest News)

ඇත්තෙන්ම සිංහල සිනමාව ගොඩ ගැනීමට කිසිදුම මගක් නැද්ද?

ඒ ප්‍රශ්නය කවුරුන් කාගෙන් අසන්නදැයි යන වැටහීමද කිසිවකුට නැති තරම්ය. යමෙකු එය යම් වගකිව යුත්තකුගෙන් ඇසුවද හරියකට පැහැදිලි උත්තරයක් ඒ සඳහා ලැබේය යන විශ්වාසයද අඩමාන වේ. ගෙවීගිය කාලය අතරතුර සිනමාව ගැන කතා කරන්නට ජාතික පුවත්පතක කතිකාවකට මැදිවූ ප්‍රවීණ සිනමා නිර්මාණකරුවකු, ‘චිත්‍රපටයක් හදන්න බැංකු ණයක්වත් අපට නොදෙන තැනකයි අපි අද ඉන්නේ…’ කියා පවසා සිටියේ බොහෝ කලකිරීමෙන්ය.

‘උසස්ය කියන ගණයේ චිත්‍රපට හදන්නට ගිහින් තම ගේ දොර පවා උකස් කරගත් සිනමා නිර්මාණකරුවන් අප අතර ඉන්නවා…’ ඒ, තවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ වේදනාත්මක හඬය. ඔහු එහෙම කීවේ විiුත් මාධ්‍යයක විකාශය වන කලාකරුවන් එකමුතු වන වැඩසටහනකදීය. සත්තකින්ම කියනවා නම් දසදහස් වර සුවහසක් නිර්මාණකරුවන් වසර ගණනක් පුරා කියන්නා සේම සිංහල සිනමාව නොසිතූ ලෙස දරුණු කඩාවැටීමකට බඳුන් වී අවසානය.

‘කවුද කියන්නේ සිංහල සිනමාව හතරගාතේ දා ඇදවැටිලා අවසානය කියලා? එහෙම දෙයක් වෙලා කියලා මට නම් හිතෙන්නේ නැහැ. යම් ඇදවැටීමක් තියෙනවා. ඒක හරි. නමුත් නුදුරු දිනෙක කවදාක හෝ නැවත උසස් නිර්මාණ බිහිවන චිත්‍රපට හෝල් හවුස් ෆුල්වන ආකාරයේ වාණිජමය චිත්‍රපට හැදෙන කාලයක් උදාවේවි…’

කෝරෝනා සමය අවසාන වී යමින් තිබූ කාලවකවානුවේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ සිනමා නිළියක් ‘මව්රට’ පත්තරේ කතාබහකට ඇවිදින් එහෙම කිව්වා මතකය. ඒ ප්‍රවීණ කලාකාරිය පැවැසූ වාසනාවන්ත කාලය උදාවනු ඇතිද?

දැන්මම ඒ ගැන නිමිති කියන්නට බැරිය.

ලයිකා (Lyca) මොබයිල් සමාගම සිංහල චිත්‍රපට නිෂ්පාදනයට අත ගහන්න යන ආරංචියක් නම් කනින් කොනින් ඇසෙන්නට අරන් තියෙනවා ඔන්න.

ඔව් එහෙම ආරංචියක් සමග ලොකු කසුකුසුවක්, හෝගාන රාවයට යන්න අරගෙන තියෙනවා.
ඒ කියන්නේ ස්වර්ණවාහිනී අධිපති සුබාස්කරන් අලිරාජා අපේ කලාකරුවන් ගැන පපුව උණුවෙලා ඇදවැටී තියෙන සිංහල සිනමාව ගොඩගන්න පිඹුරුපත් හදනවද?

කතන්දරය යන්නේ ඒ තාලෙට තමයි. ඒ විතරක් නෙවෙයි, අවුරා ලංකා සමාගමේ හිමිකරු තාඹුගලත් තවත් පැත්තකින් මේ කාලානුරූපී සද්කාර්යයට හවුල් වෙලා අපේ ප්‍රවීණයන් සමග අත්වැල් බැඳගෙන අවසානයි. පසුගිය දවසක ප්‍රවීණත්වයට පත් අද්විතීය නිර්මාණකරු සහ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ප්‍රමුඛ කලාකරුවන් සමූහයක් මාධ්‍ය හමුවක් පවත්වමින් එහි පළමු වෙඩිමුරය හරි සද්දෙට පත්තු කළා. ඒ වාගෙම විiුත් මුද්‍රිත මාධ්‍ය හරහාද ඒ ගැන කතාබහ ජයටම පැතිරිලා යනවා.

මහේන්ද්‍ර පෙරේරා මාධ්‍ය හමුවකට ආවේ සුබාස්කරන් සහ තාඹුගල එක්ව යහපත් චේතනාවෙන් අතගහන්නට තනන මේ සද්කාර්යය ගැන ලෝකයට කියන්නද?

මහේන්ද්‍රගේ කතාවේ යටි අරමුණ ඒක තමයි. හැබැයි ඔහු මූලිකවම පැමිණ තිබුණේ තාඹුගලගේ නායකත්වය හරහා අවුරා ලංකා සමාගම අනුග්‍රහයෙන් දවස් විස්සක් පුරා පැවැත්වීමට නියමිතව තිබුණු සැණකෙළිය රාජාංගනය පොලිසිය විසින් හිටි ගමන් නතර කර දමපු කාරණය ගැන කතා කරන්නයි.

මහේන්ද්‍රගේම වචනවලින් කියනවා නම් සත පහක ලාභයක් නැතිව ගම්මුන්ගේ සතුට පිණිසත් අප රටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගනු පිණිසත් නීතිගරුකව මහා සද්කාර්යයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුණු ඒ සුපිරි සංගීත ප්‍රසංගය අහේතුකව අතරමග නතර කර දැමීම ගැන තමා වේදනාවට පත්වන බව ඔහු පැහැදිලිවම ප්‍රසිද්ධියේ පවසා තිබුණා.

ඒ, තාඹුගල ප්‍රමුඛ අවුරා ලංකා සමාගම සිංහල සිනමාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කිරීමට බලාපොරොත්තුව සිටින බවත්, ඒ සඳහා ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කරමින් සිටින බවත්, එම සැලසුමෙහි ආරම්භය වශයෙන් විශාල වැඩමුළුවක් දැනටමත් පැවැත්වෙන බවත් කීර්තිමත් රංගන ශිල්පී මහේන්ද්‍ර මාධ්‍ය හමුවේදී තවදුරටත් පවසා සිටියා. ඒ කතාබහ අතරමැද ඉහත කී වැඩමුළුව මෙහෙයවන තමන්ට තාඹුගල විසින් හොඳ ගෙවීමක් කරන කාරණය පැවසූ ඔහු, ‘ජීවත් වෙන්න විදියක් නැතිව දඟල දඟල හිටියේ අපි…’ යන අදහසද තමා වෙනුවෙන් එතැනදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට සිටියේය.

සංගීත සංදර්ශනය හෝ කානිවල් එක පැත්තකින් තියමු. එය පැවැත්වීමට ඉදිරිපත්ව ඇති හේතූන්ද මෙතැනදී අදාළ නැත. වැදගත් වන්නේ ලයිකා මොබයිල් නිෂ්පාදන සමාගමේ අයිතිකරු සුබාස්කරන්ගේ සහ අවුරා ලංකා සමාගමේ අයිතිකරු තාඹුගල කඩාවැටී තිබෙන සිංහල සිනමාව ගොඩගැනීමට ඉදිරිපත්ව තියෙන කතාවේ ඇතුළාන්තය කොයි වගේද යන්න ගැනය.

තොරතුරු අනුව මේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙපළ චිත්‍රපට නිෂ්පාදනයට අතගසා ඇත. ඔවුන් සමග එක්ව නිර්මාණකරණයෙහි යෙදෙන්නට පෙළගැසී සිටිනවා කියන උසස් මට්ටමේ සහ වානිජ මට්ටමේ අධ්‍යක්ෂවරුන් අතර ජයන්ත චන්ද්‍රසිරි, රන්ජන් රාමනායක, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ප්‍රියන්ත කොළඹගේ සහ චන්න පෙරේරාගේ නම් සඳහන්ව ඇති බව කියැවේ.

තාඹුගල සහ සුබාස්කරන් ගැන කතාකරන එක වැදගත්. ඇත්තෙන්ම ඔවුන්ගේ මේ වෑයම සිංහල සිනමාව ගොඩගැනීමට අවැසි මෙහෙවරට අත්වැල සැපයීමද?

ලැබෙන ආරංචිවලින් කියැවෙන්නේ ඔවුන් ඒ සඳහා දායක වීමට සූදානම් බවය. අනෙක මැඩ්රාස්වලත් ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවලත් බොක්ස් ඔෆිස් වාර්තා තියපු ‘පොන්නියන් සෙල්වන්’ චිත්‍රපටයෙහි පළමු කොටස නිෂ්පාදනය කෙරුවේ සුබාස්කරන්ගේ ලයිකා මොබයිල් සමාගමයි. ඒ නිසා ඔහුට චිත්‍රපට නිෂ්පාදනය අලුත් දෙයක් නොවෙයි. අනෙක සිංහල සිනමාව හෝ කලාකාරයෝ වෙනුවෙන් යම් මෙහෙවරකට අතගසා තියෙනවාය කියන මේ කතන්දරයේදී සුබාස්කරන් එක්ක තාඹුගලත් සහායට ඉන්නවා.

රයිගමයයි ගම්පලයයි වාගෙද?

ඒ ගමේ තාලෙට කියන කතාවනේ… එහෙම නම් ජාඩියට මූඩිය වගේ කියලා කතාවකුත් තියෙනවා. වැඩේ කියන්නෙ ඒ පැටන් එකේ

සරල සම්ඵප්‍රලාප මේ වගේ ව්‍යාපාරිකයෝ දෙන්නෙකුට මැච් වෙන්නෙ නැහැ. හරියටම කියනවා නම් මේ සූර සුසංයෝගයට පෑහෙන හරිහමන් ප්‍රස්ථාව පිරුළක් සිංහල භාෂාවේ නැහැ.

එහෙම කියන්නේ ඇයි?

අහගන්නකෝ එහෙනම්. ස්වර්ණවාහිනී හිමිකරු සුබාස්කරන් අලිරාජා කියන්නේ කවුද?

විමල් වීරවංශලා හංවඩු ගහපු විදියට ඔහු ත්‍රස්තවාදියෙක්. මෑතකදී නිදහස් කරපු ත්‍රස්තවාදීන් සමග යාළුකම් පවත්වන, ඔවුන් එක්ක සුපිරි හෝටල්වල බාල් නටන සුබාස්කරන්, එල්.ටී.ටී.ඊ. එකට සල්ලි පොම්ප කරපු කෙනෙක්. ඉන්දියාවේ පොලිසියෙන්ද ඔහුව කලකට ඉහත හොර මුදල් නෝට්ටු වංචාවකටත් ඇරෙස්ට් කළා. අලුත්ම නිවුස් එක මොකක්ද? මේ හාදයා ශ්‍රී ලංකා ටෙලිකොම් එකටත් අනින්නයි යන්නේ.

කොහොමද ඒක…?

ඔව්. රූපවාහිනී මාධ්‍ය ජාලයක් තියෙන මොහුට 5ජී ජාලයක් එක්කම ටෙලිකොම් එකේ අයිතියත් ලැබෙනවා කියන්නේ දේශපාලනය හසුරුවන බලය එයාගේ ඔඩොක්කුවට නිකම්ම වැටෙනවා කියන එකයි.

එතකොට විරංජිත් තාඹුගල? මිනිහා සුබාස්කරන්ටත් එහා ගිය කෙනෙක් බවටයි චෝදනා එල්ල වෙලා තියෙන්නේ.

‘විරංජිත් තාඹුගල’ නමින් ප්‍රසිද්ධ තාඹුගල අවුරා ලංකා සමග මේ අයිතිකාරයා අනුරාධපුරෙන් අක්කර ලක්ෂයක් මොහු ගත්තේ මහා පරිමාණයේ කෝමාරිකා ව්‍යාපෘතියක් කරන්නයි. බලනකොට කරපු කෝමාරිකා ව්‍යාපෘතියකුත් නැහැ. එයට මුවාවෙලා මොහු නීති විරෝධී ක්‍රියාවල නිරත වෙන බවට එල්ල වන චෝදනාව ගැන රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා කියලත් පැවසෙනවා.

‘මගේ වත්කම ඩොලර් බිලියන පහළොවයි. මේ රටේ ණයෙන් බාගයක්ම මට ගෙවන්න පුළුවන්. මම මීළඟ කානිවල් එක තියන්නේ ලංකාවේ නෙවෙයි පිටරටක….’

ඔන්න අවුරා ලංකා සමාගමේ තාඹුගලගේ පැටිකිරිය. අර කලින් කිව්වේ සුබාස්කරන් අලිරාජාගේ පැටිකිරිය. ඔය දැනට දන්න ටික. නොදන්නා දේ තව තියෙන්න පුළුවන්.

ඒ හැම දේම නෝට් කරන ගමන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එච්චර ශූර ව්‍යාපාරිකයෝ දෙන්නෙක් මීයක් කඩලා ඉවර වෙලා ඒක වෙන කාටවත් දීලා අත ලෙවකාලා නිකන්ම ගෙදර යන්න යයිද? අනෙක මේ වාගෙ දෙන්නෙක් ශ්‍රී ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනයට අත ගැහුවේ ඔන්න ඔහෙ ඕනෙ කෙහෙම්මලක් කියන තියරියටයි කියලා හිතන්න පුළුවන්ද? මේ වෙළෙන්දෝ දෙන්නා කලාකාරයන්ට සමීප වීම තුළ වුණත් ඇත්තේ කොලේ වහලා ගහන අමුතු ගේමක් වෙන්න බැරිද?

යුද්ධය දිනූ මුවාවෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු පුත්‍ර සහ සහෝදර සමාගම එය ලයිසන් එකක් කරගෙන රට විශාල අගාධයකට ඇදදැම්මා.

සුබාස්කරන් සහ තාඹුගලට අපේ කලාකාරයෝ ගැන සිතක් පහළ වුණේ හෝ ඔවුන් ගැන සිත උණුවුණේ ඇත්තටම ශ්‍රද්ධාවෙන්ද? කුමක් හෝ මාස්ටර් ප්ලෑනක අහුකොන් එහි තියෙන්න බැරි යැයි නොසිතෙන්නේ කොහොමද? සමහර විට සිංහල සිනමාව ගොඩගත් අභිමානනීය හේතු පාඨයට මුවාවී ගහපු සියලු ගේම්වලට වාගෙම අලුතෙන් ගහන්න සැලසුම් කරන අරඅඳින ගේම්වලටද එය ලයිසන් එකක් කරගන්නට සුබාස්කරන් සහ තාඹුගල කදිම ප්ලෑන් එකක් ගහනවා වෙන්න බැරිද?

අනුමාන කරනවා මිසක කිසිවක් ටක්කෙට හරි යැයි නිසැකව කියන්නට බැරිය. සිතූ දේ නොමවේ කියන්නා සේම නොසිතූ දේද සිදුවන අවස්ථා පැමිණෙන්නේය.

සමහර විට ඇතැමුන් එහෙමත් නැතිනම් තාඹුගලගේ දවස් විස්සේ සැණකෙළිය වෙනුවෙන් මාධ්‍ය හමුවකට පවා පැමිණ කලාකරුවන් මෙවැනි සටහනක් ඔවුන් ගැන තැබීම ගැන දොස් පවරන්නටද බැරි නැත.

‘චිත්‍රපටයක් හදන්න බැංකු ණයක්වත් නොදෙන කාලෙක උසස් නිර්මාණකරණයට පෙරුම්පුරන නිෂ්පාදකවරුන්ට මේ අවස්ථාව කොයිතරම් අගේ ඇති චාන්ස් එකක්ද?’

‘කවුරු වුණාම මොකද? මොනවා කළාම මොකද? ඔවුන් කඩාවැටුණු සිංහල සිනමාව ගොඩගන්නවා නම්…’

‘හැමෝම අත් බැඳගෙන පාඩුවේ ඉන්න එකේ රටේ ආර්ථිකයටද යහපත් වන විදියට සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් කරගහනවා නම්, වෙලාවේ හැටියට යකෙක් වුණත් මොකද…?’
බොහෝ විට ජීවත් වෙන්නට ක්‍රමයක් නැතිව දඟල දඟල හිටිය මහේන්ද්‍ර පෙරේරාලා වැනි ප්‍රවීණයන් ඒ විදියේ අදහස් මෙහිදී ප්‍රකාශ කරන්නට පුළුවන.

ඔව්, එක අතකට ලංකාවේ වැහිලා තියෙන චිත්‍රපට හෝල්වල අගුළු ටික බිද`ලා ‘හවුස් ෆුල්’ බෝඩ්වල දූවිලි මකුළු දැල් පිසදාලා යකඩ දොරේ එල්ලන්න පුළුවන් යුගයක් ආයෙම උදාකරලා දෙන්නත් මේ සුපිරි ව්‍යාපාරිකයෝ දෙන්නගේ වෑයම හේතු වන්නට බැරි නැත.

කොහොම වුණත්, අවදානමට පළමුව සූදානම හොඳය කියා සීරුවෙන් සිටීම ඇඟට ගුණය.
ඒ ඊළඟ මොහොත අවිනිශ්චිත නිසාම නොව, වෙස්වළාගත් කුම්භාණ්ඩයන් සහ ප්‍රේතයන්ද දොල පිදේනි ගන්නට ඉල්ලම් ලෙසින් අප හමුවට එන නිසාය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සුධර්මාගේ ගෙදර මෙහෙකාරිය වැලිකඩ පොලිසිය ඇතුළේ මියගියේ කොහොමද? පොලිසිය සාක්කි හංගන්න ගේම ගැහුවෙ කොහොමද? නීතියට පිටින් ගිහින් අත්අඩංගුවට ගත්තෙ කොහොමද? වැලිකඩ OIC බේරෙන්න කියපු බොරු ‌කොහොමද? පොලිසිය ගහපු ගේම CID එක හොයාගත්තෙ කොහොමද? මෙතෙක් එළියට නොආ කුරිරු ඝාතනයේ අලුත්ම තොරතුරු මෙන්න! I Sri Lanka Latest News

Next Post

වැස්සෙ පැය කීපයයි! කොළඹ අපායක්! අඩි 3ක් වතුර! බයිසිකල් යටවෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.