කොළඹ නාගරික සීමාවට අද (3) පෙරවරුවේ ඇඳ හැලුණු අධික වාර්ෂාවත් සමඟ කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවිය.Sri Lanka Latest News
ඉරිදා දිනයක් වීම නිසා වාර්ෂාවෙන් මාර්ග යටවීමෙන් එතරම් මාර්ග තදබදයක් නොවූ අතර කෙසේ වෙතත් වාහන සහ පාගමනින් එම මාර්ග භාවිතා කළ ජනංතාව දැඩි අපහසුතාවට පත්වූහ.
කොළඹ කොටුව, මරදාන, පංචිකාවත්ත, බොරැල්ල, කුරුඳුවත්ත සහ කොම්පඤ්ඤවීදිය ආදි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර ඩාර්ලි පාර සහ 138 බස් මාර්ගයේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී මාර්ගයට ගස් කඩා වැටී තිබුණි.









