• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

A9 ගත්ත සියලුම දරුවෝ සතුට සමරද්දී A9 ගත්ත අම්පිටියේ දරුවා පුලුස්සා දැමූ තිරිසනා…

December 4, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
A9 ගත්ත සියලුම දරුවෝ සතුට සමරද්දී A9 ගත්ත අම්පිටියේ දරුවා පුලුස්සා දැමූ තිරිසනා…
Share on WhatsAppShare on Facebook

තමන්ගෙ දරුවා පාසල් යවලා සාමාන්‍ය පෙළ විභාගයට යොමුකරන්න මවුපියන් පටන් අඩියෙන් අඩිය ශක්තිය දිදීලා සාමාන්‍ය පෙළ විභාගයට දරුවාව යොමුකරන්නේ ඒ මවුපියන් කොයිතරම් නම් බලාපොරොත්තු තියාගෙනද? එවැනි දරුවෙක් විෂයන් නවයටම ඒ සාමාර්ථ ලබාගන්නවා නම් එය ඒ මවුපියන්ට කොයි තරම් නම් සතුටක්ද? එලෙස ඒ 9ක් ලැබුණු අහිංසක දරුවකුට සිදුවූ මහපොළොව නූහුලන අපරාධයක් ගැන පසුගිය දවසක අහන්නට ලැබුණේ මහනුවර අම්පිටිය ප්‍රදේශයෙන්. ඒ, අම්පිටිය ප්‍රදේශයේ මැර බලය පතුරුවාගෙන සිටින පුද්ගලයකු විසින් මහනුවර අම්පිටිය ශාන්ත බෙනඩික් විදුහලේ මෙවර සාපෙළ විභාගය ඒ 9ක් සහිතව සමත් වූ දරුවකුගේ සිරුරට භූමිතෙල් දමා ගිනිතැබීමේ සිදුවීමක්. මෙලෙස ගිනිතබා තිබුණේ මහනුවර අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි ග්‍රේෂන් නියුමන් බර්නි සපෝන් නමැති දරුවකුටයි. මේ වන විට අදාළ දරුවා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

පසුගිය 26 වැනිදා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග තම ප්‍රතිඵල ලේඛනය අන්තර්ජාලයෙන් පරීක්ෂා කළ ග්‍රේෂන් නියුමන් සිසුවාට දැකගන්නට ලැබුණේ තමන් විෂයන් නවයටම ඒ සාමාර්ථ ලබාගෙන ඉහළින්ම සමත්ව ඇති බවයි. මේ නිසා දරුවා සතුටෙන් ඉපිල යන්නට වුණා. ඒ සතුට බෙදාගැනීමට තම මවගේ නැගණියගේ නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළියෙල කර තිබුණා. ඒ කුඩා සාදයට ග්‍රේෂන් නියුමන් සිසුවා තම පියා සමග මෝටර් සයිකලයෙන් පිටත්ව ගොස් තිබුණා. එලෙස සාදයට සහභාගි වී නැවත එමින් සිටින අතරතුරදී පන්දමක් අතින් ගත් අයකු මෝටර් සයිකලය ඉදිරියට පැන එය නවතා තිබුණා. කඩුවක් පෙන්වූ ඔහු සිසුවාගේ පියාගෙන් කප්පම් මුදලක් ඉල්ලා තිබුණා. එහෙත් පියා එම මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු දරුවාගේ සිරුරට භූමිතෙල් ඉස ගිනිතබා තිබුණා. පියාගේ ඇස් ඉදිරිපිටම ගිනිතැබීමට ලක්වූ මේ අහිංසක දරුවා බිම වැටී කෑගසමින් දඟලන්නට වුණේ වේදනාව ඉවසාගත නොහැකිවයි. අනතුරුව මෙම සාහසික ක්‍රියාව සිදුකළ පුද්ගලයා පලාගොස් තිබුණේ සිද්ධිය පිළිබඳ කිසිවකුට හෝ පවසා තිබුණොත් පවුලේ සියලු දෙනා ඝාතනය කරන බවට තර්ජනය කරමිනි.

අනතුරුව පිලිස්සුම් තුවාල සහිත දරුවා කඩිනමින් මහනුවර රෝහලට ඇතුළත් කරන්නට දරුවාගේ පියා කටයුතු කළා. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුට පසුගිය 28 වැනිදා සැත්කමක් සිදුකළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

සිසුවාගේ පියා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණා. එහෙත් තම පුතාගේ සිරුරට ගිනිතැබූ පුද්ගලයා තමන් නොහඳුනන බවද ඔහු පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබුණා. ඊට හේතුව වී තිබුණේ එම මැරයා ප්‍රදේශයේ අණසක පතුරුවාගෙන සිටින දාමරියක වූ බැවින්, ඔහු හඳුනන බව පැවසුවහොත් තම ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි යැයි ඔහු සිතීමය.

මේ අමානුෂික සිදුවීම සිදුවන්නට පැයකට පමණ පෙර අම්පිටිය ප්‍රදේශයේ තවත් නිවෙසකට පැමිණි අදාළ දාමරිකයා නිවෙස් හිමියන්ගෙන් රුපියල් 10,000ක කප්පම් මුදලක් ලබාගෙන එම නිවෙසටද ගිනි තබා පලාගොස් ඇති බවද මාධ්‍ය වාර්තා කළා. එසේම ඔහු පසුගිය 07 වැනිදාද පුද්ගලයකු විදුලි කණුවක ගැටගසා කඩුවකින් කපා ඇති බවද තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා විය. මෙම සිදුවීම සම්බන්ධයෙන්ද මහනුවර පොලිසියට පැමිණිලි කළද සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මැළිකමක් දැක්වූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. කෙසේ හෝ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ ගෝලයෙක් පසුව අත්අඩංගුවට ගත් බවත්, රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙමින් පැමිණිල්ල සමථයකට පත්කොට ඇති බවත් වාර්තා වුණා.

ඉහත අපරාධ සිදුකළ මෙම දාමරිකයාගේ කණ්ඩායමේ සාමාජිකයකු සිදුකළ තවත් අමානුෂික ක්‍රියාවක් වාර්තා වුණේ 2021 ජනවාරි 26 වැනිදායි. අම්පිටිය ගාලතැන්න ප්‍රදේශයේ කඳුමුදුනකට පුද්ගලයන් දෙදෙනකු රැගෙන ගොස් කුරුසියක තබා ඔවුන්ගේ සිරුරට පරාල ඇණ ගැසූ සිද්ධියක් එකල මාධ්‍ය වාර්තා කර තිබූ අතර, මෙම දාමරිකයාගේ කණ්ඩායමේ ගිණුමට එම අපරාධයද බැරවී තිබුණා.

මේ කල්ලියේ ප්‍රධානියා කපුවකු බව කියැවෙන අතර ඔහු මත් ජාපාරම්කරුවකු බවද සඳහන්ය. හන්තානේ තෙල් බවුසරයක් කොල්ලකෑම පිටුපසද මේ කල්ලි සාමාජිකයන් සිටින බවට වාර්තා විය. මීට පෙර අවස්ථා කිහිපයකදීම සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් පනස් දහස, ලක්ෂය, ලක්ෂ දෙක ආදී ලෙස කප්පම් ලබාගැනීමේ චෝදනාද ඔවුන්ට එරෙහිව ගොනුවී ඇත. මෙවැනි චෝදනා එල්ලවී ඇති මෙම දාමරික කණ්ඩායමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඔවුන් සහ පොලිසිය අතර යම් සබඳතාවක් පවතින නිසා බවට ගම්මුන් තුළ සැක මතුව තිබුණේ දිගු කලක සිටයි. අම්පිටිය පොලිසිය මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත්, මැර කල්ලිය ගංජා හෙරොයින් භාවිත කර ගමේ ජනතාව භීතියට පත්කරමින් කප්පම් ගන්නා බවත් ගම්වාසීන් චෝදනා කර සිටියා. එසේම තම ජීවිතවලට ඇති ආශාව නිසාම ඔවුන්ට එරෙහිව හඬ නගන්නේ නැතිව සිටින බවද ගම්වාසීන් පවසා සිටියා. එසේම මෙම දාමරික කල්ලිය පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදුන් විට, එම තොරතුරු ලබාදුන් අය කවුරුන්ද යන්න පොලිසිය විසින් අදාළ දාමරිකයන්ට දැනුම් දෙන බවටද ගම්මුන් තුළ විශාල සැකයක් ගොඩනැගී තිබුණා.

කෙසේ වෙතත් ග්‍රේෂන් නියුමන් සිසුවාගේ සිරුරට ගිනිතැබූ සිද්ධිය සම්බන්ධව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිසිස් අධිකාරී චමිල් රත්නායක පවසා තිබුණේ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවයි. නමුත් එම ප්‍රකාශය අසත්‍යයක් බව දින දෙකකට පසු අනාවරණ වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

සැකකාර දාමරිකයා අම්පිටිය ඉහළතැන්නේකුඹුර පදිංචි බූවැල්ලේ ගෙදර මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නමැති 26 හැවිරිදි පුද්ගලයකු බව තහවුරු කරගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පසුගියදා කටයුතු කළා. ඒ, අම්පිටිය දඹවෙල හා සෙමනේරිය වත්ත ආශ්‍රිත කැලෑවක සැඟව සිටියදීය. ඔහු සොයාගැනීමට ප්‍රදේශවාසින්ගේද සහාය ලැබී තිබුණු අතර, සැකකරු සතුව තිබී අත්බෝම්බයක් හා භූමිතෙල් පිරවූ ප්ලාස්ටික් භාජනයක්ද තිබී පොලිස් භාරයට ගත් බවයි වාර්තා වුණේ.

පොලිසිය අනාවරණ කළේ දරුවාගේ පියා විසින් කප්පම් මුදල නුදුන් නිසා ඔහුගේ දරුවාට මෙලෙස ගිනිතබා ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුට එරෙහිව තවත් මෙවැනි අපරාධ රැසක් පිළිබඳ පැමිණිලි ගලා එන්නට වුණා. පොලීසිය සහ අපරාධ කල්ලිය සමග තිබූ යම් සබඳතාවක් හේතුවෙන් ගම්මුන් විසින් දිගින් දිගටම කරනු ලැබූ පැමිණිලි පොලිසිය නොසලකා හැර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.

සැකකරු විදුලි කප්පාදු කළ වේලාවේදි පවා නිවෙස්වලට පැන කප්පම් ලබාගෙන ඇති බවත්, බියගන්වා රන් මාල කොල්ලකා තිබූ බවත්, වෙළෙඳසල්වලින් භාණ්ඩ කොල්ලකා ඇති බවත් අනාවරණ වූ අතර, තවත් මෙවැනි අපරාධ 18ක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විටත් පොලිසියට ලැබී ඇති බවයි පැවසෙන්නේ.

ගම්මානයක්ම මර බියෙන් ගැහෙමින් සිටියදී ජනතාව ආරක්ෂා කරන්නට සිටින පොලිසිය සිට ඇත්තේ ඇස් කන් පියාගෙන නොවේද? මේ මවුපියන්ට තමන්ගේ දරුවා භූමිතෙල් වත්කොට පුලුස්සන විට කොයි තරම් නම් වේදනාවක් දැනෙන්නට ඇද්ද? ඒත් මේ රටේ හරි හමන් නීතියක් තිබුණා නම් අද මෙවැනි විපතක් මේ අහිංසක දරුවාගේ ජීවිතයට සිදුවන්නේ නැහැ.

මේ ගැන රටක වගකිව යුතු නිලධාරීන් ලෙස ලැජ්ජාවට පත්විය යුතුයි. මේ සිදුවීම මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම පහසු වී තිබුණා.

අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කිරීම කොයි තරම් පහත් නින්දිත ක්‍රියාවක්ද? රටක හරිහමන් නීතියක් නැතිකොට තිරිසනුන් රජවෙනවා කියන කතාවට කදිම උදාහරණයක් මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා. රටක නීතිය ශක්තිමත්ව පැවතුණොත් පමණයි ඒ රට දියුණුව කරා ගමන් කරන්නේ. රටේ තිබෙන ආර්ථික සමාජයීය පරිහානියත් සමග බොහෝ දෙනක් ජීවත් වෙන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් සිත් පුරවගෙන. සිත්පිත් නැති අධමයන්ගෙන් සමාජය පිරිලා. හැමෝම ප්‍රවේසමෙන් ජීවත් විය යුතු කාලයකි මෙය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අද රෑ 11 වෙනකම් පරෙස්සමෙන්! එළියට බහින්න එපා!

Next Post

ලංවිම අහෝසියි! කෑලි 8කට කඩා කොම්පැනි 8කට දෙන්න හදන්නේ! යෝජනාව පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්නවා! ලයිට් බිල ජනවාරියෙ 30%කිනුත් ජුනි 40%කිනුත් වැඩිවෙනවලු!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.