රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයේ සංචාරකයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා, රුසියාව විසින් ඈඳා ගනු ලැබූ යුක්රේනයේ ඩොන්බාස් කලාපයට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ADVERTISEMENT
යුක්රේනයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළ රුසියානු ජනාධිපතිවරයා එලෙස යුක්රේනයට පැමිණීම විශේෂත්වයක් වනවා. එහෙත් පුටින් යුක්රේනයට පැමිණෙන්නේ කවදාද යන්න රුසියාව මෙතෙක් අනාවරණ කර නැහැ.
ඩොන්බාස් යනු රුසියාවේම කොටසක් වන බැවින් ජනාධිපතිවරයාගේ පැමිණීම නියමිත වේලාවට සිදුවනු ඇති බවයි රුසියානු ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.