• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගල්, තෙල් සහ මල්…

August 10, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ගල්, තෙල් සහ මල්…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකිකයන් යනු කුමන ආකාරයක මානව කොට්ඨාසයක් දැයි හරියටම කීමට ජාන විශ්ලේෂණයක් කළ යුතු යැයි ලියුම්කරු විශ්වාස කරයි. ළිඳට වැටුණු කළ ඉන් ගොඩ ඒමට උත්සාහ ගනු වෙනුවට එහිම ජීවත් වීමට අවශ්‍ය පසුබිම සාදාගන්නට වෙහෙසෙන ඔවුහු තමන් වෙත එන විපත් වින්දය කරමින් ඉන් හම්බකර ගැනීමටද රුසියෝය. මේ වූ කලී ලියුම්කරුගේ මනෝ මූලික සිතුවිල්ලක් නොව මඟ දිගේ දෛනිකව දලුලන ඉන්ධන පෝලිම් ආශ්‍රිත කරුණු කාරණා නිරීක්ෂණයකින් පසුව කරන වගකීම්සහගත ප්‍රකාශයකි.

ලංකාවේ ඉන්ධන හිඟයක් අතිවී මිනිසුන් තෙල් පෝලිම්වල පදිංචි වන්නට පටන්ගෙන මාස පහකට ආසන්නය. පැයෙන් පැය දලුලන දිගම දිග තෙල් පෝලිම් ආශ්‍රිතව වෙනමම උප සංස්කෘතියක් මෙන්ම වෙනමම ආර්ථිකයක්ද නිර්මාණය වෙමින් පවතී. එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නෝ ත්‍රිරෝද රථ රියැදුරෝය.

බොහෝ ඉන්ධන පෝලිම්වල දිග කිව යුත්තේ කිලෝමීටර්වලිනි. මේවාට ඉන්ධන බවුසර එකක් නොව දෙකක් ආවත් පෝලිමේ කොන නම් සෙලවෙන්නේවත් නැත. බලපුළුවන්කාරයෝද බලවතුන්ගේ යාළුවෝද කිසිම චකිතයකින් තොරව සිත් සේ පෝලිම් පැන තෙල් ලබාගනිති. එහෙත් පෝලිම් පැන සියලු අකටයුතුකම් කරමින් තෙල් ලබගන්නා බහුතරය ත්‍රිරෝද රථ රියැදුරෝය.

මේ උදවිය ලබාගන්නා තෙල් කෑන් එකකට හිස්කර නැවතත් පෝලිමට රිංගා ගනිති. ඉන්ධන ලබාගැනීම සහ ඒවා වෙනමම රැස්කර නැවත පෝලිමට පැමිණීම අද වන විට බොහොමයක් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය වී තිබේ. එලෙස රස්සාවට පෙට්‍රල් ගසන්නන් නිසා රැකියාවක් කර ජීවිකාව සරිකරගන්නා මිනිසුන්ට පෙට්‍රල් ගැසීම යනු සැබෑ කරගත නොහැකි සිහිනයකි. මන්ද දින හතර පහ ඉන්ධන පෝලිම්වල ලැග සිටින්නට රැකියා ස්ථානවලින් නිවාඩු ලබාදෙන්නේ නැති නිසාය. ඉන්ධන බෙදාහැරීමට කුමන ක්‍රමයක් යෝජනා වුවද වෘත්තියක් ලෙස පෙට්‍රල් රැස්කරන්නෝ ඒවාට එකඟ නොවේ. මොන ක්‍රමය ක්‍රියාත්මක වුවද එකී ක්‍රමයන් ‘අල කර’ දැමීමේ ක්‍රමෝපායන් ඔවුන් සතුය. ‘ඔය ක්‍රම අපිට වැඩක් නෑ. අපි ඔවා දන්නේ නෑ, මේවා අපේ ගම්’ මේ ඔවුන් ගෙන එන සටන් පාඨවලින් කිහිපයකි. පිරවුම්හල් ආශ්‍රිතව බලය පතුරුවන ‘තෙල් පෝලිම් අරගලකරුවන්’ දෙස බලන විට ගාලුමුවදොර අරගලකරුවෝ සිල් සමාදන් වූවන් බව අපට සිතේ. ඉන්ධන ඉවර යැයි කී විට පොම්පකරුට ගුටි ඇනීමට හෝ පිරවුම්හලට නැතහොත් එය හිමිකරුගේ නිවෙසට ගල් ගැසීමටද මේ අය පෙලඹෙති. ඇතැම් තැන්හීදී ඒවා ගිනිබත් කිරීමටද පසුබට නොවෙති. එමතුදු නොව හරි වැරැද්ද කතාකරන මිනිසුන්ට පහර දීමටත් ඇතැම් තැන්හීදී මරාදැමීමටත් මෙම මැර පිරිස් සාහසික වෙති. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවෙක් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ඊට නිදසුනකි.

ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ ඇතිවන විකාගෝ ක්‍රියාකාරකම් මඬින්නට මුලින්ම පොලිසියත් පසුව හමුදාවත් පැමිණියෝය. මුලින් මුලින් තෙල් පෝලිම් හසුරුවන්නට ආ හමුදා පොලිස් නිලධාරීන් කලහකාරීව හැසිරුණු ජනතාවට පහරදුන් නමුත් දැන් පෝලිම්වාසීහු පොලිස් සහ හමුදා නිලධාරීන්ට සිත් සේ පහර දෙති. තිස් වසරක් යුද්ධ කර ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව තෙල් පෝලිම් මැරයන් ළඟ අසරණ වන හැටි දැක්කාම දුකය. මේ සියල්ලට හේතුව අසමත් ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කිරීම වුවත් ඒ නිසා මතුවූ විපතකින් හම්බ කරගැනීමට සහෝදර ජනතාව පීඩාවට පත්කිරීම කෙලෙසින් හෝ සාධාරණීකරණය කළ නොහැක.

පිරවුම්හල්වලට කොපමන ඉන්ධන ලබුණද ඒවා ලබාගන්නේ එකම පිරිසකි. ඉන් අතිශය බහුතරය ත්‍රිරෝද රථ රියැදුරෝය. මේ අය මෙලෙස ඉන්ධන ලබාගන්නේ තම තමන්ගේ පාවිච්චියට නොව වැඩි මිලට අලෙවි කරන්නටය. කලින් ඉන්ධන රැස් කළේ හොර රහසේය. දැන් එය කරන්නේ ප්‍රසිද්ධියේ කාටත් පෙනෙන්නටය. පැය කිහිපයකට පෙර ලබාගත් ඉන්ධන කෑන් එකක් රියේ තබාගෙන නැවතත් ඉන්ධන ලබාගන්නා ත්‍රිරෝද රථ රියැදුරන් ඕනෑ තරම්ය. මේ අය ඉන්ධන විකුණන්නේ හරිම අපූරු මිල ගණන්වලටය. රුපියල් 450කට අඩුවෙන් ලබාගන්නා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අද වන විට රුපියල් 2,500ත් 2,750ත් අතර ගණනකට විකුණති. හදිසියේවත් අවමංගල්‍යයකට සහභාගි වීමට හෝ රෝගියකු රෝහලකට ගෙන යන්නට කියා ඉන්ධන සොයන අයට ලීටරය විකුණන්නේ රුපියල් 3,000ක් තරම් ඉහළ මිලකටය. සිය බිරිය දරු ප්‍රසූතිය සඳහා කිලෝමීටර් 30ක් වැනි දුරක පිහිටි රෝහලට ගෙන යෑමට ඉන්ධන රැස්කළ පුද්ගලයකු මේ ලියුම්කරු හා පැවැසූවේ ලීටරය රුපියල් 2,600 බැගින් පෙට්‍රල් ලීටර් දහයක් ලබාගත් බවයි. රුපියල් 26,000ක් ගෙවා ලබාගත් තෙල් ටික රැකගන්නට ඕනෑ නිසා බිරිය සිටි රෝහල සමීපයේ වූ මිතුරකුගේ නිවෙසේ තම රථය නතර කර බස් රියකින් නිවෙසට පැමිණීමට ඔහුට සිදුවිය. දින දෙකකට පසු බිරිය සහ අලුත උපන් දරුවා සමග ගිනි ගණනට මිලට ගත් පෙට්‍රල් ටිකෙන් යාන්තමට නිවෙසට පැමිණෙන්නට ඔහු සමත් විය. ‘ඇත්තටම අර 225 මුන්ට වඩා හොඳයි’. ඔහු සිය අවසන් තීරණය පැවැසූයේ එසේය.

ලංකාවේ ඉන්ධන කළුකඩකාරයන් ලබන ලාභය කොතරම්දැයි දන්නේ නම් මැදපෙරදිග රටවල ජනතාව පමණක් නොව ෂේක්ලා, සුල්තාන්ලා ලංකාවට එන්නේ පෝලිමේය. එසේ පැමිණ හන්දියක් හන්දියක් ගානේ සිල්ලරට පෙට්‍රල් විකුණනු ඒකාන්තය. තෙල් පෝලිමේ රාජකාරි කර වෙහෙසට සහ කලකිරීමට පත්ව සිටි පොලිස් නිලධාරියෙක් ලියුම්කරු හා මෙසේ පැවැසීය.

‘බලන්න මේ ත්‍රීවීල්වල ඉන්නේම තරුණ ළමයි. හරියකට ඉගෙන ගන්නෙ නෑ. මහන්සි වෙලා රස්සාවක් කරන්න දන්නේ නෑ. කොන්ඩේ පාට කරලා, කන් විදලා. පච්ච කොටලා, කතා කරන්නෙත් අමුතුම බාසාවක්. කොහේ හරි හන්දියක ත්‍රීවීල් එක ගහගත්තාම ඒක තමයි ජීවිතේ. දැන් හයර් දුවන්නේත් නෑ. පෙට්‍රල් විකුණන එක තමයි රස්සාව. මේ හූනියම් වාහනේ රටටම ප්‍රශ්නයක්…’

ඔහු පවසනුයේ බොරුවක් නොවන බව පැය භාගයක් තෙල් පෝලිම දිහා බාලා සිටීමෙන් ඕනෑම කෙනකුට වටහාගත හැකිය. ලියුම්කරු පෙට්‍රල් ගැනම කතා කළාට ඩීසල්වල තත්ත්වයද මීට වෙනස් නොවේ. පාසල් සේවා සහ කාර්යාල ප්‍රවාහන සේවා පවත්වාගෙන යන්නන් පසුපස නිතර ගැවසෙන තැරැව්කරුවෝ එක සැරේ ඩීසල් තොග පිටින් විකුණති. සුළු රැකියා කළ සැලකිය යුතු පිරිසක් අද වන විට එම රැකියා අතහැර වෘත්තීය වශයෙන් පෙට්‍රල් ඩීසල් අලෙවි කරන්නන් බවට පත්ව සිටිති. ඉන්ධන අර්බුදය නිසා කරල පැහුණේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ පමණක් නොවේ. පිරවුම්හල්වල පොම්පකරුවන්ටද වසන්තය උදා වූයේ පසුගිය මාර්තුවෙන් පසුවය. පොම්පකරුට පගාවක් දීමෙන් ටැංකිය පිරෙන්නට පෙට්‍රල් ගසාගත් අය තමන් කළ වංචාව මහත් උජාරුවෙන් පවසති. ඊට අමතරව ඇතැම් පොම්පකරුවන්ගේ ඥාති මිත්‍රාදීන්ද අද වන විට පෙට්‍රල් මුදලාලිලා වී සිත් සේ හම්බකරති.

ලංකාවේ නීතිය අනුව ඉන්ධන තොග රැස්කළ හැක්කේ අවසර ලත් ස්ථානවල පමණි. එහෙත් නීතිය යනු ගෞරවනීය මිනිසුන් විසින් රකිනා දෙයක් මිස ඉන්ධන ජාවාරම්කරුවන් තකන දෙයක් නොවේ. කොහොමටත් රටේ ඉතිරිව තිබූ සොච්චම් නීති පොඩිත්තද අද වන විට සමාජය තකන්නේ නැත. කවුරුන් නෑ කීවත් බහුතරයක් උදම් අනනා අරගලය විසින් සමාජය කෙමෙන් ඇදගෙන යන්නේ කිසිම නීතියක් නොතකන තැනකටය. අද වන විට නීතිය නොතකා කටයුතු කිරීම ‘ටේ‍රන්ඩ්’ එක බවට පත්ව ඇත. එහෙයින් හෙට අනිද්දා වන විට තෙල් පෝලිම්වලට වඩා බිහිසුණු ප්‍රශ්න රටේ ඇතිවිය හැකිය. නීති විරෝධී ඉන්ධන රැස්කරන්නන් අත්අඩංගුවට ගැනීම අරඹා තිබුණද තවමත් ඉන්ධන මාෆියාව නිමවන ලකුණු දැකගන්නට නැත. එහෙයින් ඉඳහිට ලීටර් පනහක් සීයක් ඇල්ලුවත් ලීටර් දසදහස් ගණනින් සමාජය පුරා තෙල් සඟවා ඇත. එහෙයින් තහනම් වෙළෙඳාමක් වන පෙට්‍රල් අලෙවි කිරීම එළිපිට කරන තැනට දැන් ලංකාවේ සමාජය පත්වෙමින් තිබේ.

තෙල් පෝලිම් ආශ්‍රිතව ගොඩනගා ඇති ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මාෆියාව විසින් මිලකර විකිණෙන්නේ තෙල් පමණක් නොවේ. මනුස්සකමද එහි ලීටර් ගණනට මිල වී අවසානය. රටේ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් වුවත් රෝහල් සහ සෞඛ්‍ය සේවාව ඉන් වඩාත් ප්‍රමුඛ වේ. රස්සාවට තෙල් පෝලිමේ ලගින්නෙක්ට වුව ලෙඩක් දුකක් හැදුණු කල සිහිවන්නේ රෝහලය. හදිසියේ හෘදයාබාධයක් වැලඳෙන රෝගියකුට හෝ දරු ප්‍රසූතියක් ආසන්නව රෝහල්ගත වන කාන්තාවකට වෛද්‍යවරයකුගේ සේවාව කෙතරම් වැදගත්දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් ඉන්ධන පිරවුම්හල්වල වෛද්‍යවරුන්ට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛතාව ලබාදීමට තෙල් පෝලිම් අරක්ගත් මැරයෝ ඉඩ දෙන්නේ නැත. සේවාව කෙතරම් අත්‍යාවශ්‍ය වුවත් වෛද්‍යවරයාටත් දින දෙක තුනක් තෙල් පොලිමේ සිට ටැංකිය පුරවා ගන්නට වෙයි. එසේ නැති නම් ලීටරය රුපියල් 3,000 ගණනේ කළුකඩයෙන් මිලට ගැනීමට සිදුවෙයි.

ජීවත්වන මිනිසුන්ට පමණක් නොව මළගිය ඇත්තන්ටද තෙල් පෝලිම්වල කෙනෙහිලි නිමක් නැත. මෘත දේහයක් රැගෙන යන අවමංගල රියකටවත් ඉන්ධන ලබාගන්නට තෙල් පොලිම් අරක්ගත් මැරයෝ ඉඩ දෙන්නේ නැත. හදිසි රෝගියකුට, ගැබිනි මවකට, වෛද්‍යවරයකුට, ඉඩ නොදෙනා මැර හමුදාවෝ බොහෝ අවස්ථාවල බෞද්ධ භික්ෂුන්ට ස්වේච්ඡාවෙන්ම ඉඩදීමට හේතුව සිංහල බෞද්ධෝත්තම සිතුවිලිවලින් මැර සිත් පිරී ගොස් තිබීම විය හැකිය. මහජන පීඩාව පමණක් නොව ලංකාවේ තෙල් පෝලිම් රටේ පවතින නීතියටද අභියෝග කරයි. බොහෝ තෙල් පෝලිම්වල රැඳී සිටින පිරිස් මහමඟ මත්පැන් සහ මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ පාවිච්චි කිරීම සුලබව දැකගත හැක. ස්කූටර් සඳහා ඉන්ධන ලබාගැනීමට එන කාන්තාවන් මහමඟ මත්පැන් පානය කරන බේබද්දන් කරන කියන දේ නිසා දැඩි පීඩාවට පත්වෙයි. කන්තාවන් සමග කුඩා දරුවන්ද තෙල් පෝලිම්වල සිටින නිසා තත්ත්වය වඩාත් දරුණු වෙයි. මේවා දැක දැක පොලීසියද නෑසූ කන් ඇතිව පසුවෙති.

ඉන්ධන පෝලිම් නැති කිරීමට එකම විසඳුම ඇති තරමට තෙල් ලබදීමය. එහෙත් පවතින ඩොලර් හිඟය නිසා එවැනි ඉන්ධන සැපයීමක් යනු සිහිනයකි. එහෙයින් පෝලිම් පාලනය කරන්නට ආණ්ඩුව විවිධාකාර වූ වැඩපිළිවෙළවල් ගෙන ආවේය. ටෝකන්, කූපන්, අංක තහඩුවේ අග අංකය වැනි නන් වැදෑරුම් අත්හදාබැලීම් අසාර්ථක වූ තැන QR කේතය භාවිත කර ඉන්ධන බෙදාදීම දැන් අරඹා ඇත.

පෙර සඳහන් ක්‍රම සියල්ලටම වඩා එම ක්‍රමය සාර්ථක බව පැවසිය හැකිය. එහෙත් ඉන් උපරිම ඵල ලැබීමට සියලු ඉන්ධන පාරිභෝගිකයන් ඊට අවංකව දායක විය යුතුය. යම් හෙයකින් මෙම ක්‍රමය පසුගිය මාර්තුවේ සිට ක්‍රියාත්මක වූයේ නම් රටට ඉන්ධන ගෙන ඒම යම් ප්‍රමාණයකින් සීමාකර සැලකිය යුතු විනිමය ප්‍රමාණයක් රැකගත හකිව තිබිණි. එහෙත් QR කේතය මගින් තෙල් පෝලිම් නැතිකර ඉන් අපේක්ෂිත සාර්ථකත්වය ලැබීමට නම් අඛණ්ඩ තෙල් සැපයුමක් පැවැතිය යුතුය. නැතිනම් ඉන් ඵලක් වන්නේ නැත. යලට මහට තෙල් ලැබෙන පිරවුම්හල් අබියස තවදුරටත් තෙල් පෝලිම් දලුලන්නේ එබැවිනි. එවැනි පෝලිම් නිසා සාර්ථකව භාවිත කළ හැකි QR කේත ක්‍රමය පවා විහිළුවක්ව යනු ඇත.

රටේ ආර්ථිකය විනාශ කළේ කවුරුන් වුවත් එහි වන්දිය සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ගෙවීමට සිදුවේ. එබැවින් අවබෝධයෙන් සහ වගකීමෙන් ඉන්ධන අර්බුදයට මුහුණ දීමට අපට සිදුවේ. පිරවුම්හලේ පොම්පකරු හෝ පොලිස් නිලධාරීන් සමග වාද කරගැනීමෙන් අර්බුදය ජයගන්නට නොහැක. තිස් වසරක යුද්ධය පැවැති සමයේ උතුරේ සහෝදර ජනයාට පෙට්‍රල් තිබුණේ නැත. ටෝච් බැටරි තිබුණේ නැත. එහෙත් ඔවුහු සියල්ල කළමනාකරණය කරගත්හ. අපටද ඉතිරි වසර දෙකේ එතරම්ම දරුණු නැතත් ඊට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙයින් ඔබ මුහුණ දෙන ප්‍රශ්නයේම වින්දිතයෙක් සූරාකමින් ගිනි ගණනට විකුණන්නට පෙට්‍රල් රැස්කිරීම නතර කිරීමට මේ සුදුසුම කාලයයි. නැති නම් 225 ඔබට වඩා හොඳ බව සමාජය තීරණය කරනු ඒකාන්තය. ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීමට නම් ඇති පමණට ඉන්ධන ලැබිය යුතු වේ. නොඑසේ නම් අර්බුදය තේරුම් ගෙන වෘත්තීයමය වශයෙන් ඉන්ධන රැස්කරන්නන් තෙල් පෝලිම්වලින් ඉවත් විය යුතුය. එහෙත් දැන් පේනා හැටියට නම් දෙකෙන් එකක්වත් සිදුවන පාටක් නැත. ඒ කියන්නේ තෙල් අර්බුදය නම් පල් වළ ඉහගෙන කෑම දැන්ම නතර වන්නේ නැති බවය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ SLT-Mobitel සහ ඉහළ පෙළේ එක්සත් ජනපද නිලධාරී අතර සකච්ඡාවක්…

Next Post

BOC පේදුරුතුඩුව ශාඛාව නව නිවහනකට…

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.