• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා අපරාධය සොයා ගත්ත ලංකාවෙ බය නැති දොස්තර චමල් සංජීව I Sri Lanka Latest News

February 16, 2024
in Exclusive, News
Reading Time: 19 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙහෙළියගෙ කේස් එක ගැන මුහුණට මුහුණ කරපු සාකච්ඡාවක්…

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග මෙරටට ආනයනය කිරීම හා එම ඖෂධ භාවිත කළ රෝගීන් විශාල ප්‍රමාණයක් විවිධ සංකූලතාවලට ලක්වීම ඇතුළු අක්‍රමිකතා කිහිපයක් පාදක කරගනිමින් රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව දැඩි සටනක් ගෙන ගිය පුද්ගලයකු ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව හඳුන්වා දිය හැකිය.(Sri Lanka Latest News) වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ලෙස කටයුතු කරන චමල් සංජීව මහතා ප්‍රශ්නගත ඉමියුනොගොලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සුවිශේෂ හෙළිදරව් රාශියක් සිදුකළ අයකු ලෙසද ප්‍රකටය. පහත පළවන්නේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා එම අක්‍රමිකතා පිළිබඳ Truth with Chamuditha යූටියුබ් නාලිකාව සමග පැවැත්වූ සුවිශේෂ සම්මුඛ සාකච්ඡාවකි.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මේ වන විට සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරගතව. මා හිතනවා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ සමස්ත ක්‍රියාවලියේ පිටුපස සිටි ප්‍රධානම චරිතය ඔබයි කියලා. ඔබ කොච්චර කාලයක් මේ වෙනුවෙන් මහන්සි වුණාද?

අවුරුදු එකහමාරක වගේ කාලයක් මුළුල්ලේම අපි සෞඛ්‍ය පද්ධතියේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු අනාවරණ කළා. හැබැයි මේ හැම අවස්ථාවකදීම අපි කියපු ඒ කරුණු අසත්‍යයි කියලා අමාත්‍යවරයා පාර්ලිමේන්තුව ඇතුළේ කෑගැහුවා.

අපි හැම තිස්සේම සාක්ෂි සහ සාධක සහිතවයි ජනතාවට කරුණු අනාවරණ කළේ. ගොඩක් අය අහනවා ඔබ මාධ්‍යයට පමණක් මේ කරුණු අනාවරණ කරන්නේ, අමාත්‍යාංශයට කියන්න පුළුවන් නේද කියලා. නමුත් අපි දැක්ක දේ තමයි මේ කරුණු අනාවරණ කරන්න, මේ ගැන සාකච්ඡා කරන්න තරම් විද්වත් කතිකාවක් අමාත්‍යාංශ තුළ නෑ. කොවිඩ් කාලේ රට වහන්නේ නැතුව තියෙන අවස්ථාවක අපි කරපු මාධ්‍ය සාකච්ඡාවකින් පස්සේ එවක ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා රට වහන තැනට ඔවුන්ගේ ප්‍රතිපත්ති තීරණ ගන්න. මන්දපෝෂණය ගැන කතා කරද්දී, මන්දපෝෂණය නැහැයි කියලා හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ හිටපු සෞඛ්‍ය ලේකම්වරයා කරුණු කියද්දී, මන්දපෝෂණය තියෙන බවත්, ඒකෙන් වෙන්න පුළුවන් හානිය ගැනත් අනාවරණ කළා. අවසානයේ ඔවුන්ම මේ තත්ත්වය පිළිඅරගෙන ජාතික ප්‍රතිපත්ති හදන්න පටන්ගන්නවා.

ඔබට කවුරුවත් කිව්වේ නැද්ද මේ හෙළිදරව් කිරීම් කළා ඇති, දැන් නවත්තන්න කියලා?

කිව්වා. විශේෂයෙන්ම ඖෂධ වංචා සම්බන්ධයෙන් අනාවරණ කරනකොට අපට සිදුවෙච්ච දේ තමයි මේ සමග දිනපතාම මෙහෙයුම්වල නිරත වෙන්න සිදුවීම. එක්කෝ මේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න වෙනවා, එහෙම නැත්නම් නීති අංශවලට ලබාදෙන්න වෙනවා, ජනමාධ්‍ය ඔස්සේ මේ කරුණු අනාවරණ කරන්න වෙනවා. ගොඩක් අය කියපු දෙයක් තමයි ලංකාව වගේ රටක මේක තේරුමක් නෑ, කතා කරලා වැඩක් නෑ, නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ, දේශපාලන හේතු මත මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා.

ගොඩක් අය කිව්වා ඔබ මේවා කියන්නේ ඉදිරියේදී දේශපාලනයට එන අදහසින්, ඔබව එන්.ජී.ඕ. එකකින් මෙහෙයවනවා, රටේ අවධානය දිනාගන්න මෙහෙම කරනවා, වෙනම න්‍යාය පත්‍රයක් මේක පිටිපස්සේ තියෙනවා වගේ දේවල්?

ඔය චෝදනා සියල්ලම එල්ල වුණා. නමුත් ඒ එක චෝදනාවක්වත් ඇත්ත නෙවෙයි. අන්තිමට ඒ සියලු චෝදනා මැද්දේ අපට පුළුවන් වුණා ගරු අධිකරණයත් පිළිගන්නා තැනකට අපි ඉදිරිපත් කරපු කරුණු සාක්ෂි සහිතව ගෙනියන්න.

එක කමෙන්ට් එකක කෙනෙක් ලියලා තිබුණා ඔබ විපක්ෂ නායක වෙලා හිටියා නම් මේ වෙලාවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පෙරළලා ඔබ ආණ්ඩු බලය ලබාගන්නත් කටයුතු කරයි කියලා. ඒ ගැන මොකද ඔබ කියන්නේ?

ඒ මොහොතේ පැවරෙන සමාජ වගකීම් අනුව අපට තිබෙන කාර්යය ඉෂ්ට කරන්න සිදුවෙනවා. මේ වෙලාවේ සෞඛ්‍ය අංශයේ දූෂණ ගැන අපි කතාබහ කරද්දී. සටන් කරද්දී අපි යම් වගකීම් භාරගත්තා නම්, ආපසු හැරීමක් පසුබට වීමක් නැතුව ඒ කාර්යය මෙහෙයවන එක තමයි නායකත්වයේ ලක්ෂණය වෙන්න ඕනේ. මේ මොහොතේ මට පැවරිච්ච වගකීම තමයි සෞඛ්‍ය අංශයේ දූෂණ ගැන මම කිව්වා නම්, ඒක ඔප්පු කරලා පෙන්වීමේ වගකීම. ඒක මම ඔප්පු කරලා පෙන්නුවා.

දැන් කෙහෙළිය ඇතුළේ. ජනක චන්ද්‍රගුප්ත ඇතුළේ. දැන් චමල් සංජීවට සතුටුද?

නෑ, මේක කිසිසේත්ම කෙහෙළිය රඹුක්වැල්ල කියන පුද්ගලයා සම්බන්ධ පෞද්ගලික සටනක්වත්, ජනක චන්ද්‍රගුප්ත කියන ලේකම්වරයා සම්බන්ධ පෞද්ගලික සටනක්වත් නෙවෙයි. මට ඔවුන් සමග වෛරයක් හෝ පුද්ගලික කෝන්තර නෑ.

හැබැයි කෙහෙළිය තමයි ඔබව රැකියාවෙන් ඉවත් කළේ? ඔහු ගැන තරහක් නැද්ද?

නෑ. කෙහෙළිය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඳලා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ගෙන යන වෙලාවේ ඔහු බන්ධනාගාර බස් රථයෙන් බහිනකොටත් මුලින්ම ඔහුට හමුවෙන්නේ මාව.

ඔහු ඔබත් එක්ක හිනා වුණාද?

මම ඔහුත් එක්ක හිනාවුණා. ඔහුත් මා එක්ක හිනාවුණා. මොකද මම දැකලා තියෙනවා මාධ්‍ය සාකච්ඡාවලදීත් මට දිය යුතු ගෞරවය දීලා තමයි ඔහු කතා කරන්නේ.

කෙහෙළියව රිමාන්ඩ් කරන දවසේ සමස්ත අධිකරණය ක්‍රියාවලිය සිදුවුණු සමස්ත පැය හතර පහ තුළ ඔබ අධිකරණය ඇතුළේ හිටියද?

ඔව්. ඔහු වෙනුවෙන් කිසිදු කැබිනට් අමාත්‍යවරයෙක් හෝ ඔහුගේ දේශපාලන මිතුරන් අධිකරණ භූමියේ හිටියේ නෑ. ඔහුගේ පවුලේ අයගෙන් හිටියේ දියණිය විතරයි මම දන්න විදියට.

කෙහෙළිය බන්ධනාගාර බස් රථයට නගින මොහොතේ ඔහුගේ මුහුණේ ඉරියව් මොන වගේද ඔබ දුටුවේ?

ඔහුගේ ශරීර භාෂාව තුළ අසරණ බවක්, තනි වෙච්ච බවක් තමයි මට තේරුණේ. බලය තියෙන විට මිල මුදල් තියෙන විට ඉන්න යාළු මිත්‍රයන්, දේශපාලකයන්, ලේකම්වරු, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු කවුරුත් අධිකරණ භූමියේවත්, ඔහු බන්ධනාගාර බස් රථයට නගින වෙලාවේවත් ඔහු වටා හිටියේ නෑ.

ඔබේ රැකියාව අහිමි කරන වෙලාවේ ඔබේ ඇස්වලට කඳුළු ඉනුවද කියන්න මම දන්නේ නැහැ. නමුත් බන්ධනාගාර බස් රථයට රැගෙන යන වෙලාවේ කෙහෙළියගේ ඇස්වල කඳුළු වගේ දෙයක් තිබුණු බව ඔබ කියනවා. ඒ අවස්ථාවේ ඔබ දෙදෙනා මුහුණට මුහුණ මුණගැහෙනවා. මේක දෛවයේ සරදමක් කියලද ඔබ කියන්නේ?

අනිවාර්යයෙන්ම. මේක කෙහෙළිය කියන පුද්ගලයා සම්බන්ධ පෞද්ගලික තරහක් වෛරයක් නෙවෙයි. අපි අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම ගැන ඔහුත් එක්ක සාකච්ඡා කළා. ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඔහු ඉතා පැහැදිලිව අපට කියපු දෙයක් තමයි ඔහු වටා ඉන්න නිලධාරීන් ඔහුව අන්දනවා කියන එක. ඒක ඔහු ප්‍රසිද්ධියේ ජනමාධ්‍යයට පවා කිව්වා. ඖෂධ හිඟයක් තියෙද්දී අපි ඒ කරුණු අනාවරණ කරද්දී කෙහෙළිය අමාත්‍යවරයා කිව්වා ඖෂධ හිඟයක් නෑ කියලා. පස්සේ අපි සංඛ්‍යාලේඛන සහිතව පෙන්නුවාම ඔහු පිළිගත්තා හිඟයක් තියෙන බව. මේ වගේ අපි හැම විටම ඔහුට මේ ගමන් කරපු වැරැදි පාරෙන් හරි පාරට එන්න වෘත්තීය සමිති විදියට උදව් කළා. අපි ප්‍රතිපත්ති හදලා දුන්නා. හැබැයි ඔහු වටා ඉන්න නිලධාරීන් ඔහුට ඉඩ දුන්නේ නෑ. අදටත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාටත් ඒ ඉරණමම අත්වෙන්න පුළුවන් මේ විදියට ගියොත්.

ඔබ සලකන්නේ කෙහෙළියගේ මේ ක්‍රියාවලිය මිනීමැරුමක් වශයෙන්ද, එහෙම නැත්නම් වංචාවක් වශයෙන්ද?

මේක ඇතුළේ ඒ දෙකම තියෙනවා. එක පැත්තකින් ආර්ථික ඝාතනයක් සහ මනුෂ්‍ය ඝාතනයක් කියන බරපතළ අපරාධමය වරදවල් දෙකම මේ ඉමියුනොගොලොබියුලින් පිළිකා ඖෂධ වංචාව තුළ තියෙනවා.

කෙහෙළියට දැන් ගොනුකරලා තියෙන්නේ පොදු දේපළ පනතද?

දැනට ගොනුකරලා තියෙන්නේ පොදු දේපළ පනත යටතේ…

ඉදිරියේදී මිනීමැරුම් චෝදනා ගොනුකරනවද?

අනිවාර්යයෙන්ම එසේ කරන්න පුළුවන්.

ඔබ ඒ ගැන නීතිඥවරුන් සමග සාකච්ඡා කළාද?

අනිවාර්යයෙන්ම සාකච්ඡා කළා.

කෙහෙළියට සමූල ඝාතන චෝදනා ඉදිරිපත් කරනවද?

ඔව්. හේතුව තමයි ඉමියුනොගොලොබියුලින් ඖෂධ 20,500ක් ලංකාවට ගෙන එන බවට කැබිනට් පත්‍රිකාවක් යොමු කරද්දී, අපි දන්නවා ලංකාවේ තමයි ඒ ඖෂධ නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ ලේ බැංකුවෙන් ලබාගත්ත රුධිර ප්ලාස්මාව සේලයින් වැනි දියරයකට කලවම් කරලා තමයි මේ දේ කරලා තියෙන්නේ.

මෙතැන වංචාව කොච්චරද?

ඉමියුනොගොලොබියුලින් සිදුවීමේ සම්පූර්ණ වංචාව මුළු ගනුදෙනුව සිදුවුණා නම් රුපියල් කෝටි 100ක්. මේ කියන සැපයුම්කරුට පිළිකා ඖෂධය බෙහෙත් බෝතල් 3,000ක් ගේන්නත් මේ නිලධාරීන් විසින්ම ටෙන්ඩරය ලබාදෙනවා. එතකොට ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 1,077ක්. ඒ කියන්නේ බිලියනයක්. අතන රුපියල් කෝටි 100ක ගනුදෙනුවක් සිදුවෙන අවස්ථාවක් සලසනවා ඉමියුනොගොලොබියුලින් වංචාව හරහා. ඊට පස්සේ මෙතැන පිළිකා ඖෂධ වංචාවේ වටිනාකම ලක්ෂ 1077ම ගිය අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ නිර්දේශ මත පළමු විත්තිකරු සුගත් ජනක ප්‍රනාන්දුට ගෙවලා අවසානයි. ඉමියුනොගොලොබියුලින් වංචාවේ කෝටි 100න් දැනට රුපියල් ලක්ෂ 450ක අත්තිකාරම් මුදලක් ගෙවලා අවසානයි. මේක ගෙවලා අවසාන කරන්නේ සැප්තැම්බර් මාසේ. අපි සැප්තැම්බර් 29 වැනිදා මේක ජනමාධ්‍ය ඔස්සේ හෙළි නොකළා නම් ගෙවීමට තිබූ සම්පූර්ණ මුදල රුපියල් කෝටි 100යි. ඒකත් ගෙවනවා. ඒ නිසා අපි කියන්නේ මේක කෝටි 100ක බරපතළ වංචාවක් කියලා.

මේ කැබිනට් පේපර් එක හදන්නේ කවුද?

මේක ඖෂධ සැපයුම් සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් නිසා අනිවාර්යයෙන්ම වෛද්‍ය සැපයුම් ඒකකයේ අදාළ ඇස්තමේන්තුගත තොග පාලකවරු සම්බන්ධ වෙනවා. ඔවුන්ගෙන් ලැබෙන ඇස්තමේන්තු වැදගත් වෙනවා. වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ මේ සම්බන්ධයෙන් වගකියන්න ඕනේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ වගකියන්න ඕනේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේකට වගකියන්න ඕනේ දෙපාර්තමේන්තු ප්‍රධානියා විදියට. වෛද්‍ය සැපයුම් අතිරේක ලේකම් තමයි මේ සියලු කරුණු සංක්ෂිප්ත කරලා අමාත්‍යාංශ ලේකම්වරයාට ඉදිරිපත් කරන්න ඕනේ.

රාජිත සේනාරත්න ප්‍රකාශයක් කරනවා සුගත් ජනක ප්‍රනාන්දු ප්‍රකාශ කළා කියලා, ඒ කියන්නේ මේ කොම්පැනියේ හිමිකරු කිව්වා කියලා තුන්දෙනෙක් එකතු වෙලා තමයි මේක කළේ කියලා. කෙහෙළිය, සමන් රත්නායක, විජිත් ගුණසේකර කියන තුන්දෙනා. සමන් රත්නායකගේ ඒ කියන්නේ අතිරේක ලේකම්ගේ කාමරේ තමයි මේක හැදුවේ කියලා. මේ තුන්දෙනාද මේක හදලා තියෙන්නේ එතකොට?

අධිකරණයේදී සැපයුම්කරුගේ නීතිඥයෝ පවසන්නේ මේ ගනුදෙනුවේදී මට පැවරිච්ච වගකීම තමයි බේත් බෝතල් ටික ගෙනල්ලා දෙන එක. හැබැයි අමාත්‍යාංශය ඇතුළේ රාජකාරි ලිපිගොනු සම්බන්ධව අමාත්‍යවරයාත්, හිටපු සෞඛ්‍ය ලේකම්වරයාත්, වර්තමාන අතිරේක ලේකම්වරයා සහ හිටපු විධායක අධ්‍යක්ෂවරයා තමයි වගකියන්න ඕනේ, ඒ ටික අපි බලාගන්නම්, ඔයා බේත් ටික ගෙනල්ලා දෙන්න කියලා කියපු බව තමයි සැපයුම්කරු ඔහුගේ නීතිඥයන් හරහා අධිකරණයට පවසන්නේ.

සැපයුම්කරු වෙනුවෙන් පෙනීහිටපු ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කිව්වා මුලදීම මේකේ මහ මොළකරු ඉන්නේ කැබිනට් එකේ කියලා?

අධිකරණයේදී පැහැදිලිව කියනවා මේක කුමන්ත්‍රණයක් කියලා. මේ ගනුදෙනුව කුමන්ත්‍රණයක් නම් එය සැලසුම් කිරීමේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ගනුදෙනුව ක්‍රියාත්මක වෙච්ච බවට හැඟවෙන බවට ප්‍රකාශයක් තමයි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කරන්නේ.

මේකෙ සල්ලි බෙදුණේ කොහොමද? කොමිස් එක බෙදුණේ කොහොමද?

මුදල් බෙදීයෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට ඔවුන්ගේ මුදල් විශුද්ධිකරණය හරහා පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒ කරුණු අධිකරණය හමුවේ තියෙන නිසා මම කියන එක සුදුසු නැහැ. නමුත් සැපයුම්කරු සහ ඔහුගේ නීතිඥයන් කියන ප්‍රකාශ අනුව මේ ක්‍රියාවලිය ඇතුළේ විවිධ දේශපාලකයන් සහ නිලධාරීන් අතර මුදල් බෙදීයෑමක් සිදුවෙච්ච බවට හැඟවෙන ප්‍රකාශ ඔවුන්ගේ නීතිඥයන් විටින් විට කරන ප්‍රකාශවලින් පැහැදිලිව හෙළිවෙලා තියෙනවා.

රුපියල් බිලියනයක් සල්ලි දාලා තියෙනවා සැපයුම්කරු වන සුගත් ජනක ප්‍රනාන්දුගේ සමාගමේ ගිණුමට. එයාගේ එකවුන්ට් එකෙන් තුන්පාරකට සල්ලි අරගෙන තියෙනවා. එතැනින් තමයි කෙහෙළියට සමන් රත්නායකට, ජනක චන්ද්‍රගුප්තට, විජිත් ගුණසේකරට සල්ලි බෙදෙන්න ඕනේ. සැපයුම්කරු කියන්නේ සල්ලි බෙදපු බවක් නේද?

ඔහුගේ නීතිඥයන් එවැනි හැඟවෙන ප්‍රකාශ ප්‍රකාශ කරලා තියෙනවා. හරියටම කාට කාටද සල්ලි දුන්නේ කියන එක සම්බන්ධව ඔහු අනාවරණ කරලා නෑ විවෘත අධිකරණයේදී. මම දන්නේ නෑ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීපු රහස්‍ය ප්‍රකාශවල ඒ බව සඳහන් වෙනවද කියන්න.

මේ සල්ලි බෙදීම කියන කාරණාවේදී මේ චෝදනාව එල්ල වුණාට පස්සේ එන්.එම්.ආර්.ඒ. එකේ හොර අස්සන්, හොර සීල්, ගැන චෝදනාව ඔබ ඉදිරිපත් කරද්දී ඔවුන් විවිධ කතා කිව්වනේ. ඇත්තටම එන්.එම්.ආර්.ඒ. එකේ විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර ඇපෙන් බේරෙන්න හොර සීල් 3ක්, හොර අස්සන් 3ක්, හොර ලෙටර් හෙඩ් 3ක් ඇත්තටම පවත්වාගෙන ගිහිල්ලද?

ඔහු පිළිගන්නවා ඔහුට එකිනෙකට වෙනස් නිල මුද්‍රා දෙකක් තිබුණා කියලා.

කෙහෙළිය තව ටික දවසකින් ඇප ලබාගනීවී. නමුත් ප්‍රශ්න වෙන්නේ තාක්ෂණික හේතු මත අපේ රටේ පරීක්ෂණ වීසි වෙච්ච අවස්ථා ඕනෙ තරම් තියෙනවා. බැරිවෙලා හරි විජිත් ගුණසේකර කිව්වොත් මේ මගේ අස්සන නෙවෙයි, මේ මගේ සීල් එක නෙවෙයි, මේ මගේ ලෙටර් හෙඩ් එක නෙවෙයි, හොර ලේඛන හදලා තමයි කස්ටම් එකෙන් ක්ලියරන්ස් අරගෙන තියෙන්නේ කියලා කිව්වොත් මොකද වෙන්නේ?

මම විශ්වාස කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, නීතිපති දෙපාර්තමේන්තුවත් මේ වෙලාවේ විත්තිකාර පාර්ශ්වයෙන් එන්න පුළුවන් අභියෝගවලට සූක්ෂ්මව විසඳුම් සොයමින් ඉන්නවා කියන එක.

ඔබ එක සාකච්ඡාවකදී කියනවා තව ඇමැතිවරු මේකේ ඉන්නවා කියලා. මොකක්ද ඒ කතාව?

මේ කියන සිදුවීම් ජාලාව විතරක් නෙවෙයි, සෞඛ්‍ය පද්ධතියේ අපි දන්නවා කොවිඩ් කාලේත් දූෂණ අක්‍රමිකතා සිද්ධ වුණා. එන්.එම්.ආර්.ඒ. දත්ත පද්ධතිය මැකිලා ගියා. ඒ සම්බන්ධව පරීක්ෂණ මන්දගාමීව සිදුවෙන්නේ. අපේ රටේ ප්‍රමාණවත් කොවිඩ් එන්නත් තිබියදී ඩොලර් මිලියන 70ක කොවිඩ් එන්නත් විනාශ කරන්න නියමිතව තිබෙනවා. ඒ තමයි වැඩිපුර ඇස්තමේන්තුගතව ලංකාවට ගෙනල්ලා. මේ සියල්ල ගත්තට පස්සේ මේ අපි එළියට ගෙනාපු ඉමියුනොගොලොබියුලින් වංචාව එක සිදුවීමක් විතරයි.

හිටපු ඇමැතිවරුත් මේකට වගකියන්න ඕනෙද?

අනිවාර්යයෙන්ම. හොරකම් වෙලා තියෙනවා.

මුජිබර් රහුමාන් කියනවා මේ සිද්ධියට උඩින් කිසියම් උපදේශකයෙක් ඉන්නවා කියලා. මොකක්ද ඒ කතාව?

මම දැක්කා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරලා තිබුණා ජනාධිපතිවරයාගේ හිතවතුන් ගනුදෙනුවට සම්බන්ධ බව.

ඔබ පිළිගන්නවද ජනාධිපතිවරයා මේ පරීක්ෂණවලට ඇඟිලි ගැහුවේ නෑ කියලා? ස්වාධීනව කටයුතු කරන්න සී.අයි.ඩී. එකට ඉඩ දුන්නා කියලා?

අනිවාර්යයෙන්ම.

ඒ වගේම මේ හිතවතුන් පිළිබඳවත් හොයන්න කියන එකයි ඔබ කියන්නේ?

මම දැක්කා වෘත්තී සමිති නායකයන් ගණනාවක් මේ හිතවතුන්ගේ නම් සඳහන් කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔහුගේ නම සඳහන් කළා. ඒ නිසා ජනාධිපතිවරයාගේ වගකීම තමයි මේ සිද්ධියේ තැනක හිතවතුන් ඉන්නවා කියලා චෝදනා කරනවා නම් ඒ ගැන හොයා බලන එක.

මම දැක්කා සමහර වෘත්තීය සමිති නායකයන් මේකට සම්බන්ධ බවට ප්‍රකාශ නිකුත් කළා. නමුත් නමක් සඳහන් වුණේ නෑ.

කොහේ හරි තැනක හෙළිවෙලා තියෙනවද කෙහෙළියගේ හෝ ජනක චන්ද්‍රගුප්තගේ හෝ වෙනත් නිලධාරියකුගේ පිටරට තියෙන ගිණුමකට මුදල් බැරවෙලා තියෙනවා කියලා?

අධිකරණය හමුවේ අනාවරණ වෙලා නැහැ.

රටේ තිබුණු මතය තමයි මේ පරීක්ෂණ සෙකටි්‍රගෙන් එහාට යන්නේ නෑ කියන එක. නමුත් ඇයි ජනාධිපතිවරයාවත් කෙහෙළියව බේරගන්න මැදිහත් නොවුණේ?

ආර්ථික වංචාවක් වෙලා තියෙද්දී, පහුගිය අවුරුදු එකහමාර තුළ අපේ රටේ සෞඛ්‍ය අංශය දරුණු ලෙස කඩාවැටෙද්දී, ඖෂධ නිසා මේ රටේ මිනිස්සු මැරෙද්දී, ඇස්වලට දාන බෙහෙත් නිසා සිය ගණනකගේ ඇස් අන්ධ වෙද්දී, එහෙම වංචාවක් වෙලා නෑ කියලා පාර්ලිමේන්තුවේ 134ක් අත් උස්සද්දී අපි දිගින් දිගටම සටන් කළා. අපි සටන් කළේ විශාල දේශපාලන බලයකට එරෙහිව. මැර බලයකට එරෙහිව. ඔවුන්ට මාෆියාව තියෙනවා, පාතාලය සම්බන්ධයි, දේශපාලන බලය තියෙනවා, මුදල් තියෙනවා.

කාටද පාතාල සබඳතා තියෙනවා කිව්වේ?

ඖෂධ මාෆියාවට රුපියල් ලක්ෂ 25ක් 30ක් දීලා ඕනෙ නම් මාව මරන්න වුණත් පුළුවන්. අපි දැනටමත් පැමිණිල්ලක් දාලා තියෙනවා වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොමිසමට අපිට ආරක්ෂාව දෙන්න කියලා.

කාගෙන් ආරක්ෂා වෙන්නද ඔබ බලාපොරොත්තු වෙන්නේ?

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ ඔහුගේ හිතවතුන්, ඖෂධ මාෆියාවට සම්බන්ධ කණ්ඩායම්.

ඒ කියන්නේ මේ කණ්ඩායම ඔබව මරන්න ප්ලෑන් කරනවා?

ඔහුගේ කණ්ඩායමට අපිව ඝාතනය කිරීම සුළු දෙයක්. අද මහ පාරේ මිනිස්සු මරලා දාන විදියට අපිව මරන එක සුළු දෙයක්. පහුගිය කාලේ අපි මේ සටන කරනකොට, ගෙදරින් එළියට එනකොට සමහර විට අපේ ගෙදර අම්මා තාත්තා දරුවන්ගේ මූණු බලලා අපි එන්නේ ආයෙත් ඔවුන්ව දකින්න ලැබෙන එකක් නෑ කියලා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබට කියලා තියෙනවද අපට ඇඟිලි ගහන්නේ නැත්නම්, උඩින් ප්‍රෙෂර් කරන්නේ නැත්නම්, අපිට දේශපාලන බලපෑම් නැත්නම්, මේ ෆයිල් එක වහන්න කියන්නේ නැත්නම් අපි ඕනෙ හොරෙක් අල්ලනවා කියලා?

කියලා තියෙනවා. මම ඒක වගකීමෙන් කියනවා.

මොනවද කියලා තියෙන්නේ?

අපි සිවිල් සංවිධාන ලෙස අවස්ථා ගණනාවක් ලෙස මේවට සම්බන්ධ වෙද්දී දැකපු දේ සහ අවබෝධ වෙච්ච දේ තමයි මේ රටේ තියෙන නීතිය දූෂිත දේශපාලකයන්ට සහ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක කරන්න ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. යම් පරීක්ෂණයකට දේශපාලනය එල්ල වෙන්නේ නැත්නම් මේ නිලධාරීන් තමන්ගේ වැටුපට සහ උපන් භූමියට සේවය කරන්න අනිවාර්යයෙන්ම කැපවෙනවා කියන එක මේ ඉමියුනොගොලොබියුලින් වංචාව සීමාව ඉක්මවලා රටට ඔප්පු කරලා ඉවරයි.

මේක හෙළිකරනකොට අපට බොහෝ අය කිව්ව දේ තමයි දේශපාලකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ, වැඩක් වෙන්නේ නෑ, තේරුමක් නැති දෙයක්, කාලය නාස්ති වෙනවා විතරයි කියන එක. හැබැයි ඒ මැද්දේ අපි දැක්ක දේ තමයි හෘදය සාක්ෂියට එකඟව වැඩ කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට, නීති අංශවලට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිසියට අවස්ථාව ලැබෙනවා නම් ඔවුන් නීතිය යුක්තිය ඉෂ්ට කරන්න සූදානම් කියන එක මේ නඩුව ඕනෑවටත් වඩා ඔප්පු කරලා තියෙනවා.

Truth with Chamuditha යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

කැලණිවැලි මිටියාවතේ කීර්තිමත් දේශපාලකයෙක්.. 94 පෙරළියේ පෙරගමන්කරුවෙක් වූ ගාමිණී තිලකසිරි සහ කැස්බෑවේ හිටපු සභාපති ගාමිණී සිල්වා සජිත් සමග එක්වෙයි! සජිත් දෙන්නාගේම ගෙවල්වලට යයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

පිළිකාව සමග සටන් කොට මම සාමකාමීව මරණය වැළඳගමි… පණ පිටින් ඉද්දී පූනම් පාණ්ඩේ මැරුණා කිව්වේ ඇයි? I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.