• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කපුටු කාක් කාක් කාක්
ඇමැති ජෝන් ජෝන් ජෝන්!

July 14, 2021
in Exclusive, News
Reading Time: 5 mins read
A A
කපුටු කාක් කාක් කාක්ඇමැති ජෝන් ජෝන් ජෝන්!
Share on WhatsAppShare on Facebook

“කා”යන පදයට නිරුක්ති විද්‍යාවේ පදාර්ථ කීපයකි. එකක් කෑම“කෑ” බව කීමටය (කෑම කා අවසන්)
දෙවැන්න “හිස (ශීර්ෂය)” යන්නය. කා වඳ (හිස නැති) සිරුරට “කවන්ධය” යැයි කියන්නේ එබැවිනි.

අනික “කාල වර්ණ” හෙවත් “කළු” පාට බව කීමටය. කාවන් තිස්ස (කාක වර්ණ තිස්ස) රජුට ඒ නම පටබැඳුණේ “කළු” පාට නිසාය.
කාක්කාට ද ඒනම යෙදුණේ ඌ ද “කළු” පාට හෙයිනැයි යෙත්.

පැරණි සිංහළ ග්‍රන්ථවල කාක්කාට “කාකයා” ලෙසින් ද යෙදී තිබේ. ඒ එම පක්‍ෂියා “කා ..කා.. නදින් හඬ නඟන්නකු හෙයිනි. ඒ හඬ අනුව නාම (නම්) යෙදෙන සිද්ධාන්තය අනුවය. පොඩි දරුවන් ලේනාට “ටිං ටිං” කියන්නේත් බළලාට “ඤාව්වා” කියන්නේත් ඒ අන්දමටය.

එහෙත් “කළු අක්කා” යැයි කියන්නට “කාක්කා” කියන බවක් සේම “කෝච්චි” යන නාමය “කෝච කෝච ශබ්දං කරාතීති කෝච්චි” යන සේ ඇතිවී දැයි යන්න ගැන නම් කිව නොහැකිය. මේ වෙන දේවල් ගැන බලන විට එසේ වන්නට ද බැරි නැත.

කාවන් තිස්ස රජ තුමාට ඒ නම ඇත්තේ තමන්ගේ පාට නිසා බවට කාක්කන්ට “උදම්” රළ සේ (සුනාමි) උදම් වනන්නට ද එක් හේතුවක් විය හැකිය. එක් හේතුවක් යැයි කීවේ තවත් හේතු ඇති බැවනි. ටිකක් මෙසේ දක්වමු.

කාකයා අපේ පන්සිය පනස් ජාතක පොතේ ද ජාතක කතා කීපයකම සඳහන් බැවිණි. එකක් රණ කකුළු ජාතකයයි. (පන්සිය පනස් ජාතක යැයි කීවාට එහි ජාතක පන්සිය පනහක්ම නැත. ඇත්තේ පන්සිය හතළිස් හතකි. එය අංක ගණිතයේ ආසන්න දශමස්ථානයට තබා ඇති බව පාඨකයෝ ද කරුණාවෙන් සලකත්වා)
මොනවා කීව ද කාකයා හෙවත් කාක්කා අපේ දේශපාලනඥයන්ටත් වඩා උතුම් කෙනකි. මන්ද අපේ දේශපාලනතුමන්ලා මහජන දේපොළ තනිතනිව ගිල්ලත් කාක්කා එසේ නැත. ඌට යම් කෑමක් ලැබුණු කල මුළු රටටම ඇසෙන්නට හඬ නගා සපිරිවර හෙවත් සනුහරේ ඇත්තන් කැඳවා ප්‍රිය සම්භාෂණයෙන් භෝජනය භුක්ති විඳින හෙයිනි.

අතීතයේ සිටම කාකයා රජ පවුල්වලට සම්බන්ධ බව කාවන්තිස්ස කතා පුවතින් සේම උමංදාවේ (උම්මග්ග ජාතකය) මෙන්ම ග්‍රන්ථ ගණනාවක සඳහන් බැවිනි.
ඒ සමයේ රජ පවුල් තිබුණද දැන් අපේ රටේ රජ වෙන්නට දඟලන පවුල් සේම එසේ රජ වන්නට හදන පවුල් හා සම්බන්ධ පවුල් මිස රජ පවුලක් ගැන අසන්නට නැත. (එහෙත් අපේ රජ පවුලකට සම්බන්ධ ඇත්තන් “බුරුමයේ” සිටින බව ජනමාධ්‍යවල සඳහන්ව ඇති බව දක්නා ලදී.)

අපට රජ පවුලක් නැතිවුණේ අපේ රටේ සිටි අන්තිම රජු (වඩිගයකු වුවත් සිටියේ මේ රටේය) ඉංගිරිසීන් විසින් කුදලාගෙන ගිය හෙයිනි.
එමගින් රටේ ඒකාධිපති පාලනය අහෝසිවී කාලයාගේ ඇවෑමෙන් මහජනතාවගේ පාලන ක්‍රමයකට (ප්‍රජාතන්ත්‍රීය) රට අවතීර්ණවී තිබේ.

ඒ නිසා දැන් කාකයාට ද සිදුවී ඇත්තේ රජුන් සමග නොව ප්‍රජාතන්ත්‍රීය පාලන ක්‍රමයේ බලවතුන් සමග පයුරුපාසානේ යෙදීමටය. නැතහොත් ඔවුන් විසින් යමකට අනුශාංගික කරවා ගනු ලැබීමටය.
ඒ අනුවදෝ මේ රටේ මේ වන විට අචින්ත්‍ය බල ඇති අනන්ත දඵ ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාණන් විසින් කපුටු වත්ථුවක් (කතාවක්) ගැන නොව කපුටු තටුවකින් ගත යුතු ප්‍රයෝජනයක් ගැන දෙසාබානු ලැබීම සම්බන්ධයෙන් නම් මේ වන විටත් රටේ මහජනයා කාකයා ගැන කියැවෙන උම්මග්ග ජාතකය (උම්මායනු දෙමළෙන් අම්මාටය) සිසිපත් කර කර සිටිත්.
එතුමා පවසා ඇත්තේ කාකයකු මරා උගේ තටුවක් ප්‍රදර්ශනය උදෙසා එල්ලා තැබූ කල්හි සෙසු කපුටුවන් තුන්කුදු ගැහී, පශ්චාත් භාගය බිම ඇන ගනිමින් “අබ්බුග්ගංජිවී” සල්ලන් වෙන බවය.
අතීත පුරාවෘත්තය අනුව ද එසේ විය හැකිය. මන්ද කාක තටුවකට ද සෙසු කපුටුවෝ බිය පත්වූ.

ඒ මෙසේය.
ඈත අතීතයේ දී ද එක්තරා පුරවරයක විසූ වණික්කයකු (වාණිජකරණයේ යෙදෙන්නකු) එපුරට පමණක් නොව දනව්වේම උන් කෙළෙඹියනට පමණක් නොව ජනී ජනයාට ද කාජ්‍ය භෝජ්‍යාදිය නොව සුරාවම අලෙවි කරන්නේ උහුගේ වාණිජකර්මයටම දායකවන්නා වූ එක්තරා මස් වැදදෙක් ඒ වණික්කුවා හා සමීප මිතුරුකම් පවත්වමින් නිතිපතා දඩ මස් සපයන්නට වූවේය.
ඒ මස් වැද්දාණෝ ද අසල වෙනේ (වනයේ) වෙසෙන සිව්පාවුන් මළපුඩු අටවා අල්වා මරා මස්කර මාංශ සපයන්නෝ කිසිම බියක් කැලම (කොහෙත්ම) නැතිවමය. ඒ වනගත පෙදෙස ද රජ අණින් යුතු නිවාපයකි. (රක්‍ෂිතයකි) එතකුදු වුවත් මස්වැද්දානන් නොබව (බිය නැතිව) සිය කර්තව්‍ය කරන්නෝ සිය සුමිතුරාණන්ගේ ශක්ති කදම්භය කරතලා මලක් සේ (අත්ලේ තබාගත් නැවුම් නෙල්ලි ගෙඩියක් සේ) ප්‍රත්‍යක්‍ෂ කරගත්තෝ හෙයිනි.

ඒකර්මානුරූපව දිනෙක ඒ මස් වැද්දාණන් ද එක් වරාහකයකු (සූකරයකු) තළා හෙළා මරා තඩලා කරලා ගෙනවුත් සිය අංගානියේ ලා මස් කරන කල්හි ඒ දුටු එක්තරා කාකයෙක් සිත්හි මහත් සොම්නස් ඉපිල මා හිතවතුනට හා සියත්හුට (නෑයින්ට) මහත් භාග්‍යයෙක් උපනැයි සිතා මහ හඬින් නද දෙන්නට වූයේය.

තම සුහුරු බඩුවාණන්ගේ (මස්සිනා නොහාත් ඥාතියා) කැඳවුම නද ඇසූ දුටු සියලු සනුහරේ ඇත්තන් සෙසු පිරිස ද බණවා “කොල තෙපි කුම් කෙරෙත් ද? අප හිතෛෂියාණන්ගේ කැඳවුම් හඬ තෙපි සවන්හි නොලද්දේද? ඒ කැඳවුම් හඬ වනාහි එසේ මෙසේ එකක් නොව අප සමස්තයන්ගේ මැ චූලෝදර මහෝදර පමණක් නොවැ ක්‍ෂුද්‍රාන්ත්‍ර මහාන්ත්‍රද කුජීතු වන්නටමැ පරිපූර්ණයට පත්කරගත හැකි අන්නපාන සංග්‍රහයෙකැ, එහෙයින් අනලස්ව යම්හය් මස් වැද්දාණන්ගේ අංගණයට රොත්ත පිටින්ම වන්හ.

එසේ වැද උහු නිකම්මැ නොවූහ. වැදි තෙමේ කීතු කීතු කැර පසෙක ලන මාංශ එහෙන් අදින්නටත් මෙහෙන් අදින්නටත් වන්හ. සූකරයා මස් කරමින් උන් වැද්දා ඒ දුටු කල්හි ක්‍රෝෂයෙන් දැවී “තට කියටි දනිමියි” (තොපට කරන දේ දන්නවා) දත් කා අත තිබූ පොරෝ තලයෙන් දමා ගැසී.

වන්නාටය. ඒ පොරෝ පහරවන් එක් කාකයෙක් ඒ මොහාතේම මියැද පරලොව ගොස් අවීචියේ උපන්නේය. අකලට වන් හෙණ ගෙඩියක් සේ මිහි කත ඇසිල්ලකින් දෙ බෑ වූවා සේ ඝනඳුරු පහව අරුණෝදය නැගෙන්නට මත්තෙන් ගෙල් සහ ගෑස් මිල වැඩිවූවා සේ පත් විපතින් කම්පිත වූ සෙසු කාකයෝ ද භීතියෙන් භ්‍රාන්තව “අපිදු නැසුණෝවම්හයි” මර හඬනගමින් කපුරු දැවූ තන්හි හළු (අළු) ඉතුරු නොවන්නා සේ මාංශ ලෝභය ද ෂතනින් (සිත්වලින්) පහව ගියෙන් සිය ඥාතියාගේ පණ සුන් බෙල සුන් නිසරු කය වට කොට රැඳී සිට මහත් වෙයින් මහත් සොවින් සිය ශෝකයම ප්‍රකාශ කරන්න වූහ.

කාකයන් භීතියට පත් නියාව දත් ඒ මස් වැද්දාණෝද පස්වණක් ප්‍රීතියෙන් තොස්ව මින් මතුමත්තේ ද මේ හැතිකරය දමනය, මතනය කිරීමේ මතුර (මන්ත්‍රය) උගතිම් දතිම් අවබෝධ කරගත්තෙම් යැයි වරක් නොවැ තුන්වරක් මැ යළි යළිදු පවසා එවක් පටන් කාකයන් බියවද්දනු පිණිස් සිය අංගානිය කෙළවර උන්ගේ තටුවක් එල්ලා මාංශ කර්මාන්තය කළහයි හුදී ජනතාව සහසුද්දෙන්ම සිය පහන් සංවේගය උදෙසා නොව “ලාම්පු” සංවේගය උදෙසා හෝ පතා හෝ ඉදින් දත යුත්තේමය.

පැරණි ග්‍රන්ථයක වූ මේ කතා වත්ථුව (පුරාවෘත්තය) එපරිද්දෙන්ම ඉදිරිපත් කිරීමට නිමිත්ත පහළ කර දුන් අපේ ජොන්සන් ඇමැතිවරයාට අපේ ගෞරවය පිරිනමන අතරම පිරිස් බියපත් කිරීම සඳහා තටුව එල්ලීමට කාක්කා මරන්නා සේ මරන්නේ කවරකු දැයි නොකීම ගැන අපි කනගාටු වෙම්හ.

එසේ බියපත් වූවෝ අතීතයේ උන් කාක්කෝය. මෑත භාගයේ වෙළෙන්දෙක් කොප්පරා කරන්නට වියැළෙන්නට දැමූ පොල් බෑ තොගයක් අසල කපුටන් බියවැද්දීමේ අදහසින් කපුටු තටුවක් එල්ලුවේය.

පොල්බෑ දුටු එක් කපුටුවෙක් අවුත් ඒ ආසන්නයේ වැසූ කල කපුටු තටුව ද දැක “අනේ ඩෝ” යැයි මහ හඬින් නාදකර ලොකුම පොල් බෑය හොටින් ගෙන වර්චස් පිඬක් ද හෙළා එතැනින් පියාඹා යන්නට ගියේය.

–චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

බිකිනි ඇන්දොත් බලන්නේ වපර ඇහෙන්!

Next Post

නිරෝධායනයට මුලතිව් උස්සන් ගිය ස්ටාලින්ලා නෙගටිව්

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.