• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බිකිනි ඇන්දොත් බලන්නේ වපර ඇහෙන්!

July 14, 2021
in Heart
Reading Time: 4 mins read
A A
බිකිනි ඇන්දොත් බලන්නේ වපර ඇහෙන්!
Share on WhatsAppShare on Facebook

මම ටිකක් කටකාරයි හිතුවක්කාරයි…

රෙහාන් දුටුදා ඉඳලා වත්සලා නිතර දෙවේලේ උත්සාහ කළේ රෙහාන්ගේ ආදරය හිමිකර ගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ආදරය හිමිකර ගැනීමට වත්සලා දමන මායම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. වත්සලාට රෙහාන්ගේ ආදරය හිමිවේද? එහෙමත් නැතිනම් ‘පාරදිගේ’ යන අතරතුර වත්සලාගේ ජීවිතයට මොනවගේ ඉරණමක් සිදුවේද කියා දැනගැනීමට ඔයාලා සියලුම දෙනාට පාර දෙපස බලා සිටින්නට කාලය වෙන් කරන අතරතුර වත්සලා චරිතය නිරූපණය කරන නිලූ ටනාෂා සමග අපි කතාබහ කළා.

නිලූ ඔබ නිරූපණ ක්‍ෂේත්‍රයේ කාලයක ඉඳලා වැඩ කරපු කලා ශිල්පිනියක්. ඉතින් ඔබ රඟපෑමට සම්බන්ධ වුණේ කොහොමද?
මම නිරූපණ ක්‍ෂේත්‍රයේ නිරූපිකාවක් ලෙසට අවුරුදු දහයක ඉඳල වැඩකටයුතු කරගෙන ආවා. මේ දක්වාම. ඉදිරියටත් මම නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරනවා. රොෂාන් ඩයස් යටතේ තමයි මම එය හැදෑරීම් කළේ. පසුකාලීනව මම මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලට සම්බන්ධ වෙලා රංගන පිළිබඳව හැදෑරුවා. ඉතින් ඔය ඉන්න අතරතුර තමයි අනුර රණසිංහ අයියා හරහා මට රඟපෑමට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ.

‘සේද මාවතේ’ ඔබ නිරූපණය කළේ මුස්ලිම් චරිතයක්. ඒ අභියෝගය කොහොමද?
‘සේද මාවතේ’ චිත්‍රපටය හරහා තමයි මම රංගනයට යොමුවන්නේ. චිත්‍රපට අධ්‍යක්‍ෂ හර්ෂ උඩකන්ද අයියා මට මගේ චරිතය ගැන පැහැදීමක් කළා. මට රංගනය කියන දේ නුහුරු දෙයක්. හැබැයි මගේ පටන්ගැන්මත් එක්ක ‘සේද මාවත’ චිත්‍රපටයට සම්බන්ධ වීමෙන් ජනප්‍රිය රංගන ශිල්පීන් සමග මට එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එය මට වෙනස්ම අත්දැකීමක්.

සිනමාවෙන් පටන් ගත්තු ගමන ඔබ දැන් ටෙලි කරළියට පිවිසිලා?
එහෙම කලා ක්‍ෂේත්‍රයේ නිර්මාණ තුළ මම කිසිම වර්ගීකරණයක් කරන්නේ නැහැ. චිත්‍රපටයක් රස විඳීමට නොහැකි ප්‍රේක්‍ෂක ජනතාව ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ පිරිසට සාධාරණයක් කිරීම සඳහා මම හොඳ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. අහස් මාලිගා, අග්නි පියාපත්, මේ දිනවල විකාශ වන පාරදිගේ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා මම වැඩකරගෙන යනවා.

හැබැයි ඔබ රෙහාන්ගේ ආදරය දිනාගැනීමට පුදුම මායමක් නේද දාන්නේ?
ගැහැනියකට මායම් හැට හතරක් තියෙනවා කියනවානේ. ඉතින් රෙහාන්ගේ ආදරය හිමිකර ගැනීමට වත්සලා මායම් කිහිපයක් දැම්මා. රෙහාන්ගේ ආදරය හිමිවෙයිද කියලා දැන්මම මට කියන්න බැහැ.

ඔබ නිරූපණය කරන වත්සලා චරිතය කිසිම පැකිලීමක් නැතුව කිරීමට ඔබට පහසු වෙන්නට ඇති නේද?
ඇත්තටම ඔව්… වත්සලා වගේම තමයි මමත් ටිකක් කටකාරයි, හිතුවක්කාරයි. ඒ චරිතය හිතුවාටත් වැඩිය මට හොඳට කරන්න පුළුවන් වුණා මගේ සැබෑ ජීවිතයට සමානකම් තිබුණු නිසා.

පසුගිය කාලේ අසන්නට ලැබුණු දේවල් එක්ක ඔබට නිරූපණ ක්‍ෂේත්‍රය එපා වීමක් වුණේ නැතිද?
ඒ සිදුවුණු දේවල් මට අදාළ දෙයක් නෙවෙයි. එනිසා මම ඒ දේවල් හිතුවේ නැහැ. හැබැයි මම මේ ක්‍ෂේත්‍රයට ආදරය කරන නිසා දුකක් දැනුණා.

නිරූපණ ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ඇති පරිපූර්ණ නිරූපිකාවක් ලෙසට ඔබව හඳුන්වන්නට කැමැතියි. අලුතෙන් නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසෙන අයට දීමට උපදෙසක් ඔබට තියෙනවද?
මම කියන්නේ හැදෑරීමක් ඇතිව නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කියලා. වැදගත් විදියට ඇවිත් ඉන්න. මේ ක්‍ෂේත්‍රය අගාදයට ඇද දමන්න එපා. මොකද අපිට පසුව එන පිරිසටත් අපි මෙය රැකලා දිය යුතුයි. අපි මේ ක්‍ෂේත්‍රයට ආවෙත් අපිට වඩා වැඩ කරපු ප්‍රවීණ නිරූපිකාවන් වැදගත් විදියට කටයුතු කරපු නිසා. අපිටත් ආශාවක් ඇතිවුණා නිරූපණයට සම්බන්ධ වෙන්න.

බිකිනි අඳින එක ලංකාවේ පිරිස දකින්නේ වැරැදි කෝනයකින් නේද?
පිටරටක බිකිනියක් ඇඳලා ෆැජ්නට් කරනවා කියන්නේ එය සාමාන්‍ය දෙයක්. නමුත් ලංකාවේ අපි කවුරු හරි බිකිනියක් ඇන්දොත් එය බලන්නේ වැරැදි ඇසකින්. ඇත්තටම බිකිනියක් අඳින්නේ අපේ සිරුරේ හැඩය බලන්නයි. මමත් ෆැජ්නට්වල බිකිනි අඳිනවා. මම සිරුර හදාගන්න ජිම් එකේ පැය හයක් විතර මහන්සි වෙනවා. මේ සියල්ලටම මම මහන්සි වෙන්නේ මගේ රටට ගෞරවයක් හිමිකර ගන්න තමයි. අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන විදිහ දන්නේ අපි විතරයි. නමුත් බිකිනියක් ඇන්දොත් ඒ නිරූපිකාව ගැන ලොකුවට කතා වෙනවා.

ඔබේ මේ සූදානම නැවැත ෆැජ්නට් එකට සම්බන්ධ වීමටද?
මම විදේශගත වෙලා ෆැජ්නට් කිහිපයක්ම ජයග්‍රහණය කළා. ෆැජ්නට් තරගයක් සඳහා මේ වසරේ සැප්තැම්බර්වල විදේශගත වෙනවා.

නිලූ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතයේ හැම දෙයක්ම සාර්ථක වුණේ බලාපොරොත්තු නොවුණ විදියට. ඉතින් මෙහෙම සතුටක් ලබන්නත් වාසනාව තිබිය යුතුයි. ඉතින් අද දක්වා මට මේ ගමන මෙතරම් දුරක් ඒමට උදවු කරපු සියලුම දෙනාට මම ස්තුතිය පුදකරනවා.

–වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සැමියාගේ හොර අල්ලන්න ගිය බිරියට වැඩ වරදී!

Next Post

කපුටු කාක් කාක් කාක්
ඇමැති ජෝන් ජෝන් ජෝන්!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.