• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන්නියෙ ගැමි සුවඳ තියෙන කළුලෑල්ල කියවන්න I Sri Lanka Latest News

September 22, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමහර ජයග්‍රහණ පිටිපස්සේ සැඟවී ඉන්නට ලැබීමම අපූරු අත්දැකීමක්. මේ වතාවේ අපි ලියන්න හදන්නේ එහෙම කතාවක්. ඇත්තටම මේ ජයග්‍රහණයේ කිසිදු පංගුකාරයෙක් ලෙස අපි පෙනී ඉන්නේ නෑ.(Sri Lanka Latest News)

මේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම අයිති සුසිල් ජේ. අමරසේකර මහත්තයට. සුසිල් ජේ. අමරසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ විදුහල්පති සේවයේ හිටපු විදුහල්පතිවරයෙක්. ඉතා කාර්යබහුල විදුහල්පතිවරයෙක් විදියට කටයුතු කරමින්ම සුසිල් ජේ. අමරසේකර මහත්තයට පුළුවන් වුණා අපිත් එක්ක වැඩ කරන්න.

ඒක නිසා තමයි අපි මේ මොහොතේ එතුමාගේ පොත ගැන මේ විදියට සටහනක් තියන්න තීරණය කළේ. සුසිල් ජේ. අමරසේකර මහත්තයා අපේ කණ්ඩායමත් එක්ක කාලයක් තිස්සේ ඉතා සුහදව වැඩ කළා. ඒ, අපේ සාහිත්‍ය අතිරේකය හා සම්බන්ධව. එතුමන් අපි මීට කලින් පළකරපු සාහිත්‍යමය අතිරේකයක ප්‍රධාන පෙළේ ලියුම්කරුවෙක් බවට පත්වුණා. ඔහු ලියුවේ ‘කළු ලෑල්ල’ කියලා විශේෂ තීරු ලිපියක්. මෙන්න මේ ‘කළු ලෑල්ල’ කියන තීරු ලිපිය ඉතා විශාල වශයෙන් පාඨක ප්‍රතිචාරය දිනාගත්ත ලිපියක්.

ඒ සිදුවීම වෙන්නේ ලියුම්කරු වන මම වරක් සුසිල් ජේ. අමරසේකර මහත්තයව මුණගැහෙන්න යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයට යෑම. එතැනදී මේ විදුහල්පතිතුමා එක්ක ටිකක් වෙලා කතා කර කර ඉද්දී අපට වැටහෙනවා ඔහු සාමාන්‍ය විදුහල්පතිවරයෙක් නෙවෙයි, ඔහු විශාල දැනුමක් සහ භාවිතාවක් සහිත කෙනෙක් බව. ඒ නිසා අපි උත්සාහ කරනවා ඔහුගෙන් මේ දැනුම, ඔහුගේ අපූරු ලියවිලි අපිත් සමග සම්බන්ධ කරගන්න. ඒක හොඳ වැඩක්.

ඒක අපූරු වැඩක් බව අපට තේරෙනවා. ඉතින් මේ විදියට සුසිල් ජේ. අමරසේකර මහත්තයත් එක්ක අපි කතාබහ කරද්දී අපට තේරෙන්න ගත්ත කාරණය තමයි ඔහු නිකන්ම නිකන් විදුහල්පතිවරයෙක් විදියට කටයුතු නොකළ බව. ඔහු ඈත පිටිසර පාසල්වල මතක එකතුපහදු කරපු අපූරු මනුෂ්‍යයෙක් බව. ඒ නිසා අපි ‘කළු ලෑල්ල’ට තීරු ලිපියකින් ඉඩ දුන්නා.

‘කළු ලෑල්ල’ තීරු ලිපියක් බවට පත්වුණු අවස්ථාවේදීත් විශාල පාඨක ප්‍රතිචාරයක් ලැබුණා. අපි ඒ පාඨක ප්‍රතිචාරය මතම සුසිල් ජේ. අමරසේකර අමත්තයත් එක්ක ඔහුගේ ලියවිල්ලේ අපූර්වත්වය ගැන සාමාන්‍ය මහජනතාව දරන මතය කිව්වා. සුසිල් ජේ. අමරසේකර මහත්තයා මේ වෙලාවේ තමයි තීරණය කරන්නේ ඔහුගේ ලියවිල්ල පොතක් බවට පත්කළ යුතුයි කියලා. විශාල පොත් ප්‍රමාණයක් ලියලා තියෙන කෙනෙක් විදියට සුසිල් ජේ. අමරසේකර මහත්තයට මේ පොතත් පහසුවෙන්ම මුද්‍රණය කරගන්න ගොඩගේ ප්‍රකාශකයන්ගෙන් ඉඩකඩ ලැබෙනවා.

ගොඩගේ ප්‍රකාශකයන්ගෙන් ලැබුණු අවස්ථාවත් එක්ක මුද්‍රණය වෙන ‘කළු ලෑල්ල’ මේ වතාවේ ප්‍රධාන පෙළේ සම්මාන උළෙල දෙකකම අවසාන වටයට නිර්දේශ වීම අපි විශ්වාස කරන්නේ සුසිල් ජේ. අමරසේකර මහත්තයාගේ විතරක් නෙවෙයි, අපෙත් ජයග්‍රහණයක් විදියට. ඇත්තටම සුසිල් ජේ. අමරසේකර මහත්තයට විතරක් නෙවෙයි අපිටත් ඒ ගැන සතුටු වෙන්න පුළුවන් කියන කාරණයත් එක්ක. සුසිල් ජේ. අමරසේකර මහත්තයාගේ මේ ජයග්‍රහණය ගැන ‘මව්රට’ පත්තරේ විදියට අපි සතුටු වෙන්නේ ‘මව්රට’ පත්තරයට ලියපු තීරු ලිපියක් ප්‍රථම වතාවට සංග්‍රහයක් විදියට පළ කරලා, ඒ සංග්‍රහය ලංකාවේ ප්‍රධානතම සම්මාන උළෙල දෙකක නිර්දේශිත ග්‍රන්ථ අතරට එක්වීම නිසයි.

ඒ තමයි ගොඩගේ සම්මාන උළෙල සහ ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින් පවත්වනු ලබන ප්‍රථම සම්මාන උළෙල වුණු විද්‍යොදය සම්මාන උළෙල. මේ සම්මාන උළෙල දෙකේදීම මේ තීරු ලිපි සංග්‍රහය ප්‍රශස්ත තීරු ලිපි සංග්‍රහ ලෙස නිර්දේශීත ග්‍රන්ථ අතරට එකතු වෙලා තියෙනවා. ඉතින් අපි සුසිල් ජේ. අමරසේකර මහත්තයට සුබ පතනවා.

ඉදිරියේදී එතුමන්ට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මාන උළෙලවල නිර්දේශයෙන් එපිටට ගොස්, සම්මාන උළෙලක ජයග්‍රාහකයෙක් බවට පත්වෙන්න. ඒ ජයග්‍රහණය සඳහාත් එතුමන්ට අපිත් එක්කම වැඩ කරන්න ලැබේවා කියලත් අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. සුසිල් ජේ. අමරසේකර හිටපු විදුහල්පතිතුමනි, ඔබට ‘මව්රට’ අපේ පවුලෙන් මේ විදියට සුබ පැතුම් එකතු කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මිටියෙයි දෑකැත්තෙයි සංකේත යොදාගෙන බස් හෝල්ට් එක හැදුවේ ජවිපෙද? පෙරටුගාමීන්ද? Sri Lanka Latest News

Next Post

එදා ‘සොනික් සොනික්’ කිව්වා! ඇමැතිකම් ගන්න ‘ටොනික් ටොනික්’ කිව්වා! දැන් ඒගොල්ලේ ‘පැනික් පැනික්’ වෙලා! විපක්ෂනායක මේ කියන්නේ කා ගැනද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.