• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිටියෙයි දෑකැත්තෙයි සංකේත යොදාගෙන බස් හෝල්ට් එක හැදුවේ ජවිපෙද? පෙරටුගාමීන්ද? Sri Lanka Latest News

September 22, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
මිටියෙයි දෑකැත්තෙයි සංකේත යොදාගෙන බස් හෝල්ට් එක හැදුවේ ජවිපෙද? පෙරටුගාමීන්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය භාවිතා කිරීමට පෙළඹුණා. (Sri Lanka Latest News)

මෙම ලාංඡනය දක්වමින් ඉදිකර ඇති බස් නැවතුම්පළක ඡායාරූපයක් හේතුවෙන් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් නොමග යවන සුළු සටහන් හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාව සොයා factcrescendo.com වෙබ් අඩවිය සිදුකළ කරුණු පරීක්ෂාවකි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ජනතා විමුක්ති පෙරමුණ විසින් බස් නැවතුම්පොළක් ඉදිකර ඇති අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙම බස් නැවතුම්පළ ජවිපෙ හෝ පෙරටුගාමී පක්ෂය විසින් ඉදි කර ඇති බව ට උපකල්පනය කර ඇති බවයි.

මාලිමාව ජයග්‍රහණය කළ පසු මාවතගම සමූපකාරය විසින් දියත් කළ CSR වැඩසටහන යටතේ මාවතගම කනිෂ්ඨ විදුහල ඉදිරිපිට ඉදිකළ බස් නැවතුම යනුවෙන් තව ත් සටහනක් සංසරණය වුණා.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තා.

තොරතුරු විමර්ශනය කිරීම :

ඉහත ඡායාරූපය අප ජවිපෙ ප්‍රධාන නිල ෆේස්බුක් පිටු ඔස්සේ පරීක්ෂාවක් සිදු කළද ඉහත ඉදි කිරීම සම්බන්ධයෙන් එම පිටු හරහා තොරතුරු නොලැබුණි. එමෙන් ම එම බස්නැවතුම් පොළේ දක්වා ඇති ලාංඡනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලාංඡනයට සමාන බැවින් අප එම පක්ෂයේ නිල ෆේස්බුක් පිටු හරහා ද එවැනි ඉදිකිරීමක් සම්බන්ධයෙන් ඡායාරූපයක් දක්වා නොතිබුණි.

ඒ අනුව අප එම බස් නැවතුම්පොළේ ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා, එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ගාල්ල, කනංකෙ නම් ගම්මානයේ ඇති ‘මනුජය මිතුරෝ’ නමින් පිහිටුවා ඇති සංගමයක් විසින් මෙම නිර්මාණය සහිත බස් නැවතුම්පළක් ඉදිකර බවට දක්වා තිබූ සටහනකි. එමෙන්ම බස් නැවතුම්පළ කනංකේ සිරිපැරකුම්භා පාසලේ විදුහල්පතිතුමිය විසින් ප්‍රදේශවාසීන්ට විවෘත කළ බවද, එහි වැඩි දුරටත් දක්වා තිබුණි.

තවද ඇතැම් ෆේස්බුක් සටහන් පෙන්වා දුන් පරිදි මෙය මාවතගම මාර්ගයක් නොවන බවත්, ගාල්ල ,අකුරැස්ස මාර්ගයේ කනංකේ පාසල ඉදිරිපිට ස්ථානය බව ත්, අප Google Maps හරහා ද, තහවුරු කර ගන්නා ලදී.

කනංකේ ‘මනුජය මිතුරෝ’ සංවිධානය

කෙසේ වෙතත් අප කනංකේ ‘මනුජය මිතුරෝ’ සංවිධානයේ දිනිල් නයනාත් නමැති සාමාජිකයෙකු දුරකථනය මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඒ මහතා සඳහන් කළේ, මේ ආකාරයෙන් බස් නැවතුම්පළ නිර්මාණය කිරීමේදී දෑකැත්ත සහ මිටිය ද යොදාගත්තේ කම්කරු ජනතාව සංකේතවත් කිරීම යන යන අර්ථය ඇතිව බවත්, කිසිදු පක්ෂයක දායකත්වයක් නොමැති බවයි. එමෙන් ම, දැනට වසර කිහිපයකට පෙර සිට ගම්මානයේ සිටින සාමාජිකයන් එකතුව මෙම සංගමය පිහිටුවා ඇති අතර නොයෙකුත් ප්‍රජා කටයුතු කිරීම මෙම සංවිධානය හරහා සිදු වන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

ඒ මහතා හරහා අප කනංකේ ‘මනුජය මිතුරෝ’ සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන අජිත් ප්‍රියන්ත මහතා ව ද සම්බන්ධ කර ගත්තා. ඒ මහතා ද පැවසුවේ, මෙම නිර්මාණය අගය කිරීම වෙනුවට, තමාගේ දේශපාලනික පසුබිම යොදාගනිමින් මෙය ජාතික ජන බලවේගයට ලඝු කිරීමට ඇතැම් පාර්ශව බාල උත්සාහයක් දරන බවයි. තමා ජාතික ජන බලවේගයට හිතවත්ව ක්‍රියා කිරීම හේතුවෙන් පොදු කටයුත්තක දී වුවුද දේශපාලනය ඈඳා ගැනීමක් සිදුවන බවත්, මෙය තමාගේ හෝ ජාතික ජන බලවේගය විසින් සිදුකළ නිර්මාණයක් නොව, කනංකේ ‘මනුජය මිතුරෝ’ සංවිධානය විසින් සිදුකෙරෙන ස්වෙච්ඡා කටයුතු වලින් එකක් පමණක් බවයි සභාපතිවරයා පවසන්නේ.

කනංකේ සිරිපැරකුම්භා විදුහල ඉදිරිපිට බස් නැවතුමේ ගුරුවරු සහ සිසු දරුවන් සහ දෙමව්පියන් අව් වැසි මධ්‍යයේ පීඩා විඳින ආකාරය දැකීමෙන්, මිතුරු සංවිධානයේ සාමාජිකයන් විසින් ම යෝජනා වූ පරිදි මෙම නිර්මාණය සිදු කිරීමට මුල් පිරුවේ කොවිඩ් ව්‍යසනයටත් පෙර බවත් ඒ මහතා අවධාරණය කර සිටියා. Google Maps ඔස්සේ අවසන් වරට 2018 වසරේ ලබාගෙන තිබු සේයාරුවේ ද එම ස්ථානයේ බස් නැවතුම්පළක් දක්නට ලැබෙන්නේ නැහැ.

අවශ්‍ය අනුමැතිය මීට වසර කිහිපයකට පෙර ලබාගැනීමෙන් පසුව, විවිධ දුක්ෂරතා මධ්‍යයේ වුවද මෙම නිර්මාණය අවසන් කළ බවත්, විශේෂයෙන්ම කුමාර නම් සාමාජික මහතෙකුගේ නිර්මාණ දායකත්වය යටතේ ඔහුගේ ගෝලයෙකුගේ සහය මේ සඳහා ප්‍රධාන වශයෙන් ලැබුණු බවත්, අනෙකුත් සුළු වැඩ සඳහා මිතුරු සංගමයේ සාමාජිකයින් සියල්ලම දායක වූ බවත්, බාහිර පුද්ගලයන් කොන්ත්‍රාත් වැඩ සඳහා යොදාගත්තේ නැති බවත්, මේ පිලිබඳ දිවා රෑ නොබලා වෙහස වී වැඩ කළ ආකාරය පිලිබඳ ගම්වැසියන් දන්නා බවත්, අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් සාමාජිකයින් හරහා ම ලබාගත් බවත් සභාපතිවරයා පැවසුවා.

කනංකේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක්

මේ පිළිබඳව අප කනංක ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ද සම්බන්ධ කරගත් අතර ඒ මහතා ද පැවසුවේ කනංකේ ගමේ තරුණ පිරිසක් එකතුව පිහිටුවාගෙන තිබු සංවිධානයක් මඟින් මෙම බස් නැවතුම්පළ ගොඩනගා ඇති බවත්, එම සංවිධාන විවිධ දේශපාලන පක්ෂවල හිතවාදී පිරිසගෙන් සැදුම්ලත් බවත්, මෙම නිර්මාණයේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ගමේ අසිරිය ද ඉස්මතු වෙමින් කලාත්මක නිර්මාණයක් ඔස්සේ ගමට ප්‍රසිද්ධියක් ලබාගැනීම උදෙසා බවයි. එසේම කවි, නිසඳැස් වැනි නිර්මාණය ඇතුළු දැන්වීම් ද පලකිරීම සඳහා මෙම බස් නැවතුම්පළේහි දැන්වීම් පුවරුවක් ද තනා තිබෙන බව ද පවසා සිටියා.

මෙම කාර්යයට සම්බන්ධ වී තිබු පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කිරීමේ දී ජාතික ජන බලවේගයට සම්බන්ධ සටහන් මෙන්ම වෙනත් දේශපාලන පක්ෂයන්ට සම්බන්ධ සටහන් ද එහි ඇතැම් පුද්ගලයින් විසින් හුවමාරු කරගෙන තිබු ආකාරයක් අපට අවස්ථා කිහිපයක දී දැක ගන්නට ලැබුණා.

ජාජබ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය

අප මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර එහි මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සඳහන් කළේ, මෙය සංවර්ධන ව්‍යාපෘතියක් හෝ පක්ෂයක වැඩක් නොවන බවත් මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් නොමැති බවයි. එමෙන් ම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මාධ්‍ය අංශය ද, අප කළ විමසීමේදී තහවුරු කළේ, ඉහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ කිසිදු ඉදිකිරීමක් එම පක්ෂය විසින් සිදුකර නොමැති බවයි.

ඉන්දියාවේ කේරළයේ ද මීට සමාන බස් නැවතුම්පළ රැසක්

තව දුරටත් අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කළ පරික්ෂාවේ දී දැකගන්නට ලැබුණේ ලංකාවෙන් මීට පෙර මේ ආකාරයේ බස් නැවතුම්පළක නිර්මාණයක් පිලිබඳ වාර්තා නොවුව ද ඉන්දියාවේ, කේරළයේ මෙම ආකෘතියෙන්ම දැනට වසර කිහිපයකට පෙර නිර්මාණය කර තිබූ බස් නැවතුම්පළ රැසක් දැකගනන්ට ලැබෙන බවයි. එවැනි කේරලයේ කොල්ලම් ප්‍රදේශයේ දී නිර්මාණය කර තිබු බස් නැවතුම්පළක ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.

srilanka.factcrescendo.com

SendShareShare
Previous Post

‘සොනික් සොනික්’ කියන්නේ අපේ බුද්ධි නිලධාරියෙක්! ඒකෙ හංගන්න දෙයක් නෑ! ‘අබූ හින්ද්’ කියන්නෙ විදේශ බුද්ධි සේවාවක පුද්ගලයකුගේ අන්වර්ථ නාමයක්! ආරක්ෂක රාජ්‍ය ඇමැතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

වන්නියෙ ගැමි සුවඳ තියෙන කළුලෑල්ල කියවන්න I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.