‘මානව සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව ඉතාම දීප්තිමත් රටක් විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය අතින්. රට මෙවැනි අර්බුදයක සිටින අවස්ථාවක යුනිසෙෆ් සංවිධානය විදියට අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කරනවා, සෞඛ්‍ය සහ අධ්‍යාපනය අතින් ශ්‍රී’ලංකාව අත්පත් කරගත් දේ රැකගැනීමට උපකාර කරන ලෙස.’
‘අර්බුදය මැද ගෙන ඇති පියවර අතර තවත් අවධානය යොමුවිය යුතු තැන් තිබෙනවා. එකක් තමයි, දරුවන් අතර ඇති මන්දපෝෂණයට අවධානය යොමු කිරීම.‘
‘ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වැනි ස්ථානයේ සිටින්නේ. විශේෂයෙන්ම ළමුන් කෘශභාවයට පත්වීම සම්බන්ධයෙන්. කෘශභාවය ඉතාම ඉක්මනින් දරුණු තත්ත්වයකට පත්විය හැකියි. එයින් දරුවකු මරණයට පවා පත්විය හැකියි. භාණ්ඩ මිල ඉහළ යෑම සහ පවුල්වල ආදායම අඩුවීම හරහා දරුවන්ගේ කෘශභාවය සම්බන්ධ ගැටලුව දරුණු තැනකට ගෙනයා හැකියි. මේ ගැටලුවට විශේෂ අවධානයක් යොමුවිය යුතුමයි. මම නැවතත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා මේ තමයි අවස්ථාව අපි ශ්‍රී ලංකාවේ දරුවන් සහ පවුල්වලට උදව් කළ යුතුම අවස්ථාව.’
‘ලංකාව රටක් විදියට කෑ ගහලා අඬන්න ඕනෙ තැනක ඉන්නවා කියලා වෙන විදියකට කියනවා කියලා ඔබට තේරෙනවද? නැත්නම් තාමත් ආණ්ඩුවට අරකට මේකට කඩේ යන අම්බරුවො දෙන ලණු කනවද?
ඔබේ දරුවා නෙමේ, රටේ දරුවා ගැන ඔබට හිතන්න පුළුවන්ද? මේ රටේ හෙට දවස අයිති උන්ට කියලා ඔබ දන්නවද? මහ එවුන් උන්ගෙ දරුවන්ව ලෑස්ති කරන්නෙ අපේ උන්ට සුදහ ගින්දර මතින් උන්ගෙ ලෝකෙ හදාගන්න. අපි හැමදාම කළේ උන්ට රජවෙන්න ඔටුනු හදපු එක. උන්ට පලඳින්න මැණික් ඔප දාපු එක. උන් අපේ කර මතින් රජ වෙන්න ගියා. අපේ උන්ට කරමතින් යන්න ලැබුණේ මැරුණු දාකට විතරයි.
මේ කතාව කියලා තිබුණේ මෙරට සංචාරයක නිරතව හිටපු යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී අඩ්ජේ මහත්තයා. අපි දැන් සුදහ ගින්නෙන් ලෝකෙන්ම හය. දරු පැටවු මැරෙන එකෙන් ලෝකෙන්ම ඉස්සරහින් ඉන්න රටක්.
අවුරුදු ගානක් තිස්සෙ තට්ටු මාරුවට රට කරපු අම්බරුවො එකෙක් බඩ ගින්නෙ මැරෙන්නෙ නෑ. උන් අපිට බඩගින්නෙ මැරෙන රටක් හදලා දීලා. මේ අදහස් අස්සෙ හුඟක් හොඳ ඒවා කියලා තියෙනවා. ඒ සමහර එව්වා කියන කොට අපිට හෙන ආතල්. හැබැයි මේ මනුස්සයා ඒ ටික කියන්නෙ ඒ මිනිහගෙ තියෙන කොලිටි එක හින්දා.
ඒත් ලංකාවෙ ඉන්න අම්බරුවො නිතරම මේ වැඩේ ගැන ගොන් කතා කියනවා. ඒකට මුල් වෙන්නෙ අපේ රටේ දේශපාලකයො. අනිත් එවුන් දේශපාලනයට කඩේ යන තක්කඩි. වේලක් දෙකක් නොකන එක හොඳයි කියලා කියනවා ඔබට ඇහුණද?
ඔහු කියන්නෙ මේ රටේ එහෙම රෝගී දරුවෙක්ව දැකලම නෑ කියලා. ඒක ඇත්තට ඇත්ත නම් මරු. ඒත් ඒක එහෙම නෑ කියලා අපි දන්නවා. මේ දොස්තර හාදයා වේලක් දෙකක් නොකා ඉන්න එක හොඳයි කියන්නෙ අපි වගේ දුප්පත් පවුල්වල දරුවන්ට නෙමේ. ඒ කාල වැඩි වෙලා තෙලේ ගහපු එවුන්ට. දැන් එහෙම එවුන් තමයි ඔය කියන්නෙ පොල් කෑලි හොඳ කෑමක් කියලා. ඒ වගේම තැඹිලි සහ කුරුම්බා ලොඳ හොඳ කෑමලු. සුදහ ගින්දරේ මැරෙන්න යන රටකට නෙමේ යකෝ ඒවා හොඳ කෑම වෙන්නෙ, ඒවා හොඳ කෑම වෙන්නෙ කන්න වැඩි වෙලා පුස් ඌරො වගේ ආරන එවුන්ට. ඒක නොතේරෙනවා නම්, ඒකම තමයි මේ රටේ කරුමෙ.
රටේ අප්පච්චිලා බාපොච්චිලා ඔක්කොම එකතුවෙලා රටට අබසරණ පතන මේ සුබ මොහොතේ දැයේ දරුවගෙ අයිය බබා සූරියවැව මන්දපෝෂණය ගැන කියන්නෙ එහෙව් එකක් දොස්තර කියන්නෙ නෑලූ. ඉතින් මේවා ඔක්කොම නාඩගම්. කරුණාකරලා වගකීම අරගෙන දරුවො වෙනුවෙන් මොනවම හරි කරපල්ලා. නැත්‍තං, තොපිට සාප වෙනවා…

ජීවන පහන් තිළිණ










