• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනේ නීපා එන්න නම් එපා I Sri Lanka Latest News

October 5, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ දරුණු තත්ත්වයක්… තවත් ආසියාතික රටවල් රැසක වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මිනිසුන්ට හැදෙයි…

‘මේ ආකාරයේ සිදුවීමක් පොලිසිය සොයාගත් දෙවැනි අවස්ථාව මෙයයි. මෙවැනිම සිදුවීමක් මීට වසරකට පෙර අපගේ පොලිසියේ නිලධාරීන්ට වාර්තා වී වටලනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළින් මෙවැනි කතාන්දර අසන්නට ලැබීමත් පුදුමයක්. මෙවර සිදුවීම ගැන කිසිවකුත් අපට ඔත්තුවක් ලබාදී තිබුණේ නැහැ. අපගේ නිලධාරීන් මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේදී රථ වාහන පරීක්ෂාවක නිරතවී සිටියදී හදිසියේම සැක සහිත පුද්ගලයන් දෙදෙනකු (රියැදුරු සමග තවත් පුද්ගලයෙක්) ගමන් කළ ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කළා.(Sri Lanka Latest News)

මෙම රථයේ මැද තට්ටුවේ විශාල ගෝනියක් තබාගෙන යන ආකාරයත්, එහි යමක් පුරවා ඇති ආකාරයත් දක්නට හැකි වුණා. මගේ නිලධාරීන් එම පුද්ගලයන් දෙදෙනා රථයෙන් බස්සවා අදාළ ගෝනියද එළියට ගෙන පරීක්ෂා කරන්න වුණා. පුද්ගලයන් දෙදෙනාම එවිට කලබලයට පත්ව තිබෙනවා. මොවුන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන්. ගෝනිය වහා විවෘත කර සොයා බැලුවා. එහි දක්නට ලැබුණේ පුදුම හිතෙන දෙයක්. එහි විශාල වවුලන් 12 දෙනකු සිටියා. මෙම සතුන්ගෙන් භාගයක් පමණ පණ පිටින් හිටියේ. අනිත් සතුන් අර්ධ වශයෙන් මියගොස් තිබුණා…’

කුමක්ද මේ අපූරු කතාන්දරය? මෙම වගතුග කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙම කතාව මෙයට වසර 07කට පමණ පෙර අසන්නට ලැබුණු එකකි. එනම් එවක මා වෙනත් පුවත්පතකට ලියා තැබූ පිටුවක් පුරා වූ දීර්ඝ ලිපියක මේ කතාව සඳහන් කළෙමි. මෙම අපූරු කතාව එදා මා වෙත කියා සිටියේ මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයා වූ පුෂ්පකුමාර මහතාය. එකල වෙනත් පුවත්පතක පළවී තිබුණු කෙටි ප්‍රාදේශීය පුවත් වාර්තාවක් නෙත ගැටුණු මම මේ වගතුග දීර්ඝ ලෙස සොයා බැලීමට උනන්දු වුණෙමි. ඒ අනුව අදාළ පොලිස් ස්ථානය සහ අදාළ ප්‍රධාන නිලධාරීන් සොයාගෙන දීර්ඝ විශේෂාංග ලිපියක් ලියා තැබුවෙමි. එහිදී මම ඉහත පොලිස් ස්ථානාධිපති පුෂ්පකුමාර මහතා කොළඹ සිට දුරකතන හරහා සම්බන්ධ කරගෙන සාකච්ඡා කළෙමි. ඔහු එකල පැවැසූ තවත් අපූරු රසවත් තොරතුරු ටිකක් මෙහිදීද ලියා තබමි.

‘මෙසේ වවුලන් වැනි අහිංසක පක්ෂීන් මේ ආකාරයෙන් හොර රහසේ අල්ලාගෙන යෑම ගැන එතැනදී ප්‍රශ්න කර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා. ඉන් පසුව අපේ නිලධාරීන් විසින් ඔවුන් පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. එහිදී මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රකාශ කර තිබුණේ පල්ලෙකැලේ වනාන්තර ප්‍රදේශයකදී මෙම සතුන් අල්ලාගත් බවත්, එම සතුන් මස් පිණිස විකිණීමට රැගෙන යන බවත්ය.

මෙම සතුන් අල්ලා ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන විට ඔවුන් කියා සිටියේ මුලින් කෙසේ හෝ එක් වවුලකු අල්ලා ගෙන ඊට පසු විශාල දැලක් තුළට එම සත්වයා දමා දණ්ඩකින් පහර දෙන විටදී එම සත්වයාගේ අධික වේදනාත්මක ශබ්දයට අනෙක් වවුලන් දැල තුළට රංගා ඇවිත් පිරෙන බවයි. පසුව එම සතුන්ද අල්ලා ගන්නා බව මොවුන් හෙළිකළා. මෙම සතුන් මසට විකුණන්නේ කා වෙනුවෙන්ද, කොතැනකටද කියාත් අප ප්‍රශ්න කළා. එහිදී ඔවුන් කියා සිටියේ මහනුවර, පල්ලෙකැලේ සහ තවත් ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක ඇති අවන්හල් කිහිපයක් විසින් මෙම සත්වයන් මස් පිණිස මිලදී ගන්නා බවයි.

එහෙත් මේ වවුල් මස් රස බැලීම සඳහා වෙනමම පාරිභෝගිකයන් පිරිසක් සිටින බවත්, එහෙත් මේ සිය්ලල සිදුවන්නේ බොහෝ රහසිගතව බවත් ඔවුන් ප්‍රකාශ කළා. මෙලෙස වවුල් මස් රස බැලීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන් සියල්ලන්ම මුස්ලිම් ජාතිකයන් බවත් මෙම සැකකරුවන් අපට කියා සිටියා. මෙම වවුල් මස් ව්‍යංජනයක් රුපියල් 3000-4000 අතර මුදලකට අලෙවි වන බවද එවුන් අපට හෙළිකර සිටියා. සත්ව ආරක්ෂණ ආපදා පනත යටතේ මෙම සැකකරුවන් දෙදෙනා වරදක් කර ඇති හෙයින් ඔවුන් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර පසුව දඩ මුදල් සහ දින කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කළා. ලෝකයේ බොහෝ රටවල වවුල් මාංශ ආහාරයට ගත්තත් එවැන්නක් ශ්‍රී ලංකාවේ වෙන්නේ නැහැ. එහෙත් මෙලෙස රහසිගතව එම ක්‍රියාව සිදුවන ආකාරය පෙනුණා…’

වවුල් මාංශ රසවත් බොජුනක් දැයි මෙරට අප නොදනිමු. එහෙත් මෙම ආන්දෝලනාත්මක රසවත් කතාව ඔබට ලියා තැබුවේ කුමන හේතුවක් උදෙසාද? එය නම් මාසයක පමණ කාලයක සිට අප සමාජය මහත් සේ කලබලයට පත්කර ඇති නවතම වගතුගක් හේතුවෙනි. එය කුමක්ද? අද සමාජය යම් කුතුහලකින් සහ බියකින් කතාකරනු ලබන ‘නිපා වෛරස් වසංගතය’ යනු එම කතාන්දරයයි.

මෙම තිගැස්සෙන කතාව මුලින්ම අපට අසන්නට ලැබුණේ විදෙස් රටවල් කිහිපයක් හරහාය. ඉන් පසුව එය ශ්‍රී ලාංකික සමාජයද කලඹවන තත්ත්වයකට පැමිණ ඇත. ලොව අහිංසක මිනිසුන් මිලියන ගණනින් මරුවා වෙත රැගෙන ගිය කොවිඩ් වසංගතය නිමවී වසරක කාලයක් ගතවෙත්ම, මෙම නිපා වෛරස් කතාව අසන්නට ලැබුණේය. එනම් දැනට ලෝකයේ රටවල් ගණනාවක් තුළ මෙම භයානක වසංගතය හිස ඔසවා ඇති අතර, එය විශාල තර්ජනයක් වී තිබේ.

දැන් එසේනම් මෙම ලිපියේ මුලින් ලියා තැබූ වවුල් වගතුග දෙස නැවත හැරී බලමු. අද ලොව මහත් භීතියකට පත්කර තිබෙන නිපා වෛරස් වසංගතයේ ආරම්භය පටන් ගන්නේ වවුලා නමැති පක්ෂියාගේ න් බවට කරුණු හෙළිවෙයි. එනම් සම්පූර්ණ රෝගකාරකය සහ ව්‍යාප්තිය සිදුකරන්නේ වවුලන් විසින් යැයි විද්‍යාත්මක සාක්ෂි ප්‍රකාශ වී ඇත. වවුලාගේ ශරීරයේ ඇති ‘නිපා’ නමැති වෛරසය හරහා මෙම රෝගය මිනිසාට සංක්‍රමණය වන බව වෛද්‍ය විද්‍යාව තහවුරු කරගෙන ඇත. මෙය සැබැවින්ම සංකීර්ණ වෛද්‍ය විෂයක් ලෙස සැලකිය හැකිය. මේ වගතුග ගැන සොයා බලමු.

නිපා වෛරස යනු සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් වන අතර, මෙය ඉන් පසුව මිනිසාගෙන් මිනිසාටද සම්ප්‍රේෂණය වන බව වෛද්‍ය විද්‍යාව විසින් තහවුරු කරගෙන ඇත. මෙම වෛරසය මුලින්ම ශාක භක්ෂක වවුලන්ගෙන් ව්‍යාප්ත වන බවත්, පසුව එය ඌරන් ප්‍රධාන කරගත් සත්ව වර්ග කිහිපයකටත් ආසාදනය විය හැකි බවද පැවැසෙයි. මෙම මාරාන්තික වෛරසය මුලින්ම හඳුනා ගැනුණේ මෙයට වසර 25කට පෙර, එනම් 1998 වසරේදී බව ඉතිහාසගත තොරතුරු කියා සිටියා. එනම් එය මුලින්ම සොයාගත් රට වන්නේ මැලේසියාවයි. මුලින්ම එකල මැලේසියාවේ පිහිටා තිබුණු විශාල ඌරු ගොවිපළක් හරහා මෙම කතාව එළිදැක්වෙයි.

මෙම ගොවිපළේ ඌරන් දහස් ගණනක් සිට ඇති අතර, එහි සේවක සංඛ්‍යාවද 300ක් පමණ වූ බව පැවැසෙයි. 1998 වැනි කාලයේදී හදිසියේම මෙම ගොවිපළේ සේවකයන් ගණනාවක් විවිධ රෝග ලක්ෂණ පෙන්වමින් රෝගාතුරවී ඇත. මොවුන් සියල්ලක්ම යම් ශ්වසන රෝගී තත්ත්වයකින් පෙළෙන්නට වී ඇත. ටික දිනක් යද්දී සමහර සේවකයන් ප්‍රතිකාර ලබමින් සිටියදීම යම් අසාධ්‍ය තත්ත්වයකට පත්වන්නට විය. එතැනින්ද නොනැවතුණු සේවකයන් කිහිප දෙනකු මරණයට පත්විය. අවසානයේදී මෙම තත්ත්වය තව තවත් උත්සන්න වී පුද්ගල මරණ 100ක් දක්වා ඉහළ යන්නට විය.

මෙහිදී වෛද්‍ය බලධාරීන් විසින් සිදුකළ පර්යේෂණවලදී පෙනීගියේ යම් මාරාන්තික වෛරසයක් මිනිසාගේ ශරීරවලට ඇතුළු වීම නිසා මෙම ව්‍යසනය සිදුව ඇති බවයි. මෙම අලුතින් හඳුනාගත් වෛරසයට ඔවුන් ‘නිපා’ ලෙසින් නමක් තැබීය. ඉහත ඌරන් දහස් ගණනක් සිටින විශාල ගොවිපළ පිහිටා තිබුණේ ‘නිපා’ නමැති ගංගාවක් අසබඩ හෙයින් එම නාමය තැබීම තාත්වික ලෙස සිදුකෙරිණි. 1998 එම කාලයේදී මැලේසියාවෙන් ආරම්භ වූ මෙම වසංගතය සිංගප්පූරුව වෙතද පැමිණ ඇත. එහෙයින් වසංගතය ගෝලීය වශයෙන්ද පැතිරෙන්නට විය. මෙහිදී වෛද්‍ය බලධාරීන් මෙම රෝගය මිනිසාට වැලඳෙන ආකාරය ගැන පර්යේෂණ සිදුකළේය.

1998 වසරේදී මැලේසියාවේ ඌරු ගොවිපළෙන් මෙම රහස හෙළිදරව් විය. එනම් මෙම අති විශාල ඌරු ගොවිපළ පිහිටා තිබුණේ ඉතා පුළුල්ව පැතිර ගිය එළිමහන් ප්‍රදේශයක් හරහාය. එහිදී මෙම ප්‍රදේශය මත විශාල ගස් වර්ග රාශියක්ද පිහිටා තිබිණි. මෙම ගස් බොහොමයක් මත තිබී ඇත්තේ වවුලන්ගේ වාසස්ථාන බවට හෙළිවිය. මෙහිදී එම වවුලන් බොහෝ විට දහවල් කාලයේදී (රාත්‍රියේදී පියාසර කරන හෙයින්) තම මල මුත්‍රා පහකරනු ලබන්නේ මෙම ඌරන් වෙසෙන ගොවිපළ මතටය. මෙය කාලයක් පුරා සිදුව ඇති ක්‍රියාවලියක් වුවත් මෙම රෝග සමයේදී මෙය යම් ආකාරයකින් වෙනස් ස්වරූපයක් ගත්තේය.

එනම් වවුලන්ගේ ශරීර තුළ බොහෝ විට නිපා වෛරසය ඇතැයි ප්‍රකාශ වුවත් එම තත්ත්වය මෙම සමය තුළදී යම් උච්ච තත්ත්වයකට පත්ව ඇත. එහෙයින් වෛරසයේ ප්‍රබල බලපෑමක් ඌරන් වෙත එල්ලවී ඇත. ඒ අනුව ඉතා ඉක්මනින් ඌරන් වෙත ඉතා ඉක්මනින් නිපා වෛරසය පැතිර ගියේය. මෙහිදී මෙම ඌරන් හරහා නිපා වෛරස් රෝගය එම ගොවිපළේ සිටි සේවකයන්ට වැලඳිනි. මෙහිදී අප එකක් සිතාගත යුත්තේ එම භයානක වෛරසය වවුලන්ට හෝ ඌරන්ට හෝ වැලඳී තිබුණත් කිසි විටෙකවත් එම සතුන් මියයෑමක් සිදුවන්නේ නැත.

එහෙත් එම සතුන් හරහා මෙම රෝගය මිනිසාට සම්ප්‍රේෂණය වුවහොත් එය මාරාන්තික තත්ත්වයකට පැමිණෙයි. මේ අනුව පසුව එම මැලේසියානු ගොවිපළේ සේවකයන් 100කට අධික පිරිසක් මියගොස් ඇත. මෙම රෝගය පසුව රෝගී පුද්ගලයන් හරහා අනෙක් නිරෝගී පුද්ගලයන්ටද ශීඝ්‍රයෙන් පැතිරෙන්නට වූ හෙයින් එකල මැලේසියානු රජය එරට සිටි ඌරන් ලක්ෂයක් පමණ ඝාතනයට ලක්කළ බවද පැවැසෙයි.

මේ වටාපිටාවේදී එකල සිට මේ දක්වාම සමාජය තුළ පැනනැගී ඇති ප්‍රශ්නයක් වෙයි. එනම් වවුල් මාංශ හෝ ඌරු මාංශ හෝ මිනිසා අනුභව කළහොත් මෙම නිපා වෛරස් රෝගය මිනිසාට වැලඳෙන්නේද යන්නයි. එනම් ලෝකයේ රටවල් ගණනාවක වවුල් මාංශයද නීති විරෝධී නොවන බොජුනක් ලෙස විශාල වශයෙන් පරිභෝජනය කරයි. අපගේ මෙරට නම් ආහාරයට ගන්නේ ඌරු මාංශ පමණක්ය. මෙම සුවිශේෂ පැනයට පසුගියදා ශ්‍රී ලංකාවේ වෛරස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල පිළිතුරක් ලබාදී තිබිණි.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ මෙම මාංශ වර්ග අධික උෂ්ණත්වයේදී පිසින විට වෛරස වර්ග විනාශයට පත්වන බවත්, එහෙත් යම් අයුරකින් අනතුරුදායක තත්ත්වයක් තිබිය හැකි බවත්ය. එසේ වුවත් වෛරසය ශරීරගත වූ වවුලන් විසින් කාදමන ලද පලතුරු ආදිය අනුභවයට ගතහොත් එය ඉතා අනතුරුදායක වන බවය. එසේම එම පලතුරු මත වවුලන්ගේ ඛේටය සහ මල මුත්‍රාද තිබීම ඉතා භයානක විය හැකි බවයි. පසුගියදා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඌරන් වැනි සතුන් සමග නිතර කටයුතු කරන ගොවිපළ සේවකයන් වැනි පිරිස්වලටද මෙම රෝගය ඉතා පහසුවෙන් සම්ප්‍රේෂණය වන බවද වෛරස් විශේෂ වෛද්‍ය සාරංග සුමතිපාල මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම නිපා වෛරසයේ ප්‍රධාන සම්ප්‍රේෂකයන් වන ශාක භක්ෂක වවුලන් අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මැඩගස්කරය සහ ඔස්ටේ්‍රලියාව දක්වා ව්‍යාප්තව සිටින බවත්, එම සතුන් තුළ එම වෛරසය පවතින බවත් වෛද්‍යවරයා තවදුරටත් පවසා සිටියේය. මෙය ආසියාකරයට බරවූ ප්‍රශ්නයක් වන හෙයින් මේ වන විට ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු ආසියාතික රටවල් රැසකට මෙම රෝගය ව්‍යාප්තව ඇත. මෙහිදී මේ වන විට ඉතා උච්ච අයුරකින් ඉන්දියාව තුළ රෝගය පැතිර තිබීම ශ්‍රී ලංකාවට බලවත් අනතුරකි. වසර සිය ගණනක් පුරා ඉන්දියාවෙන් යහපත් සහ අයහපත් දෑ අපට ලැබී ඇත. මෙම මාරක කරුමයත් අපට එසේ ලැබෙයිද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

දිනේෂ් ෂාෆ්ටර්ගෙන් බ්‍රයන් තෝමස් කෝටි 144ක් අරන් ආපහු දීලා නෑලු! CIDය නඩු පවරයි! බ්‍රයන් තෝමස් ‘නිවැරදිකරු’ බව කියයි! I Sri Lanka Latest News

Next Post

කොස්තාපල් හැප්පූ තරුණයාගේ පියා පොලිස් ලොක්කෙක් නෙමෙයිලු! මව්පියන් දොස්තරවරුලු! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.