ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි 144කට ආසන්න මුදලක් ලබාගෙන ආපසු නොදී වංචා කළ බවට ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව චෝදනා 10ක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (05) නඩු 07ක් ගොනු කළේය.Sri Lanka Latest News
මෙම සිද්ධියට අදාළව චූදිතට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරන ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව මෙලෙස චෝදනා ගොනුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
එම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බවට අද (05) විවෘත අධිකරණයේ පෙනී සිටි චූදිත බ්‍රයන් තෝමස් මහතා සඳහන් කළ අතර ඒ අනුව එම නඩු විභාගයට ගැනීමට අධිකරණය තීරණය කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙලෙස නඩු පවරනු ලැබුවේ නො. 25, පැල්මයිරා ඇවනිව් කොළඹ පදිංචි බ්‍රයන් තෝමස් මහතාටය.
වර්ෂ 2017 සිට අවස්ථා 20කදී රුපියල් එකසිය හතලිස් තුන් කෝටි හැත්තෑතුන් ලක්ෂ පනස් අටදහස් හයසිය හැටපහක (රු. 1,437, 358, 665/) මුදලක් නො. 39, මල්පාර, කොළඹ 07 ලිපිනයෙහි පදිංචිව සිටි දිනේෂ් ෂාෆ්ටර් යන අයගෙන් චෙක්පත් 20කින් ලබාගෙන ඇති මෙම චූදිත එම මුදල් නැවත ලබා නොදී වංචා කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.










