සුඛෝපභෝගී මෝටර් රථයක් රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු ගේ හැපීමෙන් ඔහු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කුරුඳුවත්ත නිදහස් වට රවුමේදී මෙම අනතුර සිදුව ඇත.Sri Lanka Latest News
අදාල සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ පුද්ගලයා තොරතුරු තාක්ෂණයට අදාල රැකියාවක් කරන අතර ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කල අතර ඔහු බීමතින් සිට නොමැති බවට තහවුරු වී ඇත.
තොරතුරු තාක්ෂණයට අදාළව කරන රැකියාව හේතුවෙන් අධික නිදි මැරීම පරිඝනකය භාවිතය නිසා ඇති වූ වෙහෙස නිසාවෙන් නින්ද යෑම නිසා ඔහු අතින් මෙම අනතුර සිදුවී ඇත.
මේ පුද්ගලයාගේ දෙමාපියන් වෛද්‍යවරුන් වන අතර සමාජ ජාලාවල හා ප්‍රවෘත්ති වල පලවන ආකාරයට ඔහුගේ දෙමාපියන් පොලිසියට සම්බන්ධ නැත.










