• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රටම හොයන ජෝඩුව! නළු නිළි නාඩගම! මිනිස්සු මෝඩයෝ කරන යූටියුබ් විගඩම්! Sri Lanka Latest News

April 3, 2024
in News
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ සමාජ මාධ්‍යවලින් බොහෝ විට සිදුවන්නේ කාගේ හෝ ඕපාදූපයක්, එහෙමත් නැත්නම් කමකට නැති යමක් සමාජගත කරවීමය. මෙතැනදී කුමක් හෝ සිදුවීමක් වරින් වර සංසරණය කරවීමද එහි තවත් එක් විකාරරූපී දෙයක් ලෙස පෙන්වා දීමට පුළුවන. මෑතක සිට සිදුවන එවන් විකාරයක් වූ සංසිද්ධියක් ලෙස ‘රිසෙප්ෂන් හෝල්වල කසාද බැඳපු ජෝඩුව සහ ඒ දෙපළගේ නෑයන් ලවක් දෙවක් නැතුව එකසිය ගානට නටන සීන් එක පෙන්වා දිය හැකිය. සත්තකින්ම කියනවා නම් සුවිශේෂීව මනමාලියි මනමාලයයි නටන වීඩියෝ පට මුහුණු පොත හරහා මෙන්ම යූටියුබ් හරහාද සීමාවක් නැතිව ප්‍රදර්ශනය කරන එක අද ටේ‍රන්ඩ් එකක් වී ඇත. මතකය වැරැදි නැත්නම් එය ආරම්භ වූයේ ‘බික’ කෑම කඩවලින් යූටියුබ් හරහාම ෆේමස් වූ යූටියුබර් කෙනකු වන අශේන් සේනාරත්න සහ ඔහුගේ ලස්සන බිරියගේ ඉල ඇදෙන නන්ස්ටොප් ඩාන්ස් එක හරහාය. (Sri Lanka Latest News)

ඒක මාර නැටුමකි. ඒ නැටුම කොයිතරම් මාරයිද කියනවා නම් එයට පසු මනමාලි සහ මනමාලයා ඇති පදමට නටන එක වසංගතයක් තරමට සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වන්නට විය.

ලස්සනට ඇඳගත්ත මනමාලි සහ මනමාලයා නටන එක වසංගතයක් වුණේ ඇයි?

එයට හේතුව වූයේ එම වීඩියෝ දර්ශනයන් විවිධ වූ කෝණ හරහා එකසිය ගානට වරින් වර එපාම වන තරමට සංසරණය වීමය. පසුගිය දවස්වලද වෙඩින් කපල් එකක් නටන සීන් එකක් සමාජ මාධ්‍ය ඔස්සේ තත්පරයෙන් තත්පරයට සංසරණය විය. පසුගියදා කීවාට මෙය ලියන මොහොතේ වාගෙම ඊයේ පෙරේදාද ඒ කපල් එක සින්දුවකට නටන වීඩියෝව මුහුණු පොත හරහා සිය ගණනක් අතරේ ෂෙයාර් වෙමින් තිබිණි.

‘රටම ආදරය කරන ජෝඩුව’
‘රටම හොයන ජෝඩුව’

‘හැමෝගෙම හිත දිනාගත් ජෝඩුව’ යන සිරස්තල යටතේ ඒ දෙන්නා නටන වීඩියෝව සීමාවක් නැතුව ප්‍රදර්ශනය විය. කතන්දරයේ හැටියට මනමාලිය හෂිනි ගයනිකාය. මනාලයා අවන්ත ශාමන්ය. ඔවුන්ගේ ප්‍රේමයට වයස අවුරුදු 16කි. ඇය ඉතාලියේ ඉඳලාත්, ඔහු කොරියාවේ ඉඳලාත් ආවේ ඔවුන්ගේ ප්‍රේමය මල්ඵල ගන්වා ගැනීමටය. විවාහ වූ දවසේ රිසෙප්ෂන් එකේදී දෙන්නාටම රැග් එකක් විදියට මනමාලයාගේ අඹ යාළුවෙක් ඒ දෙන්නා රෑට රෑට ෆෝන් එකෙන් තම ආදරය බෙදාගන්නකොට කියැවුණු සින්දුවක් ගැන ඒ මොහොතේ ප්‍රසිද්ධියේ කියන්නේ මනාල යුවලව බලහත්කාරයෙන්ම වාගේ ඩාන්ස් ෆ්ලෝ එක මැද්දට ඩාන්ස් කරන්නට තල්ලු කරමින්ය. දෙදෙනා ඩාන්ස් කරන්නේ අජිත් මුතුකුමාරණගේ ‘ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔය රුවයි’ නමැති ජනප්‍රිය සින්දුවටය.

සින්දුව ලස්සනය. මනමාලි සුන්දරය. මනමාලයත් කඩවසම්ය. ඩාන්ස් එකත් ටොප් එකට තිබිණි. ඒ නිසා ඔවුන්ගේ විවාහය අරබයා සිදුවූ ඒ කිසිවක වරදක් නැතිය. වරද ඇත්තේ ඒ සරල සිදුවීම විකාරයක් කරගත් සමාජ මාධ්‍ය තුළය.

සදාචාරයක් කියන එක බොහෝ විට නැති නිසා ඒ සමාජ මාධ්‍යවල හැටි යැයි කියා හිත සනසා ගත්තාය කිව්වත්, ප්‍රමිතියක් වැදගත්කමක් තිබිය යුතු අපේ රූපවාහිනී මාධ්‍යයන්ද අර කවුද කින්ද මන්ද කියා දන්නෙවත් නැති, රටට සුවිශේෂය කියන හරිහමන් කාරණයක්වත් නැති අර වෙඩින් කපල් එක සොයා ඔවුන්ගේ ගෙවල්වලට යෑම මොන තරම් නම් විහිළුවක්ද? අහවල් රූපවාහිනී නාලිකාව මුහුණු පොතේ සිය ඩාන්ස් එක වයිරල් කළ මේ හෂිනි සහ අවන්ත සොයා ඔවුන්ගේ නිවෙසට ගියේ මොනවාටද? ඒ ගිය ගමන තුළ සිදුවූයේ පවුලේ හැමෝවම එකට ඉන්දවා ඡායාරූප ගැනීමය. කසාද බැඳපු දෙන්නා රට යන්න ඇඳුම් නමන ආකාරය සහ වෙඩින් එකේදී යාළුවා දුන්න ‘රැග්’ එක නිසා ඔවුන් රට පුරා මුහුණු පොත නිසා ප්‍රසිද්ධියට පත්වූ ආකාරය ගැන මනමාලයා කරන ස්තුති කතාවද ශ්‍රී ලංාවේ පළමු පෙළට සිටිනවාය කියන එකී පුද්ගලික රූපවාහිනී නාලිකාවේ සුවිශේෂ පුවතක් ලෙස විකාශය විය.
‘අනේ දෙවියනේ මේවත් නිවුස්ද?’

මෙවැනි රටට සුවිශේෂ නොවූ ඉතා සාමාන්‍ය සිදුවීමක් නිවුස් එකක් ලෙස තෝරාගෙන කැමරා ආම්පන්නත් අටවාගෙන එම රූපවාහිනී නාලිකාව එතරම් දුර බැහැරකට ගියේ ඔවුන්ට දාන්න තරම් වැදගත් නිවුස් නැති නිසාද? එහෙමත් නැත්නම් රූපවාහිනී නිවුස්වල කොලිටි එක ඒ තරමටම පහළට වැටිලාද? සමාජ මාධ්‍යවල නම් දැන් ගන්නම දෙයක් නැත. ‘චීප්’ යන වචනයත් ඊට හොඳ වැඩි තරම්ය. අපේ නළු නිළියන්ගේ රැඟිල්ලද ඊට දෙවැනි නැත. තමන් ගැම්ගත්තාය කියන සලකුණක් අපේ නිළියෝ මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කරති. එයට පසු ඇගේ ගර්භණී සමය ගැන විවිධ ඡායාරූපද, දරු ගැබ සහිතව කළ ‘ප්‍රෙග්නන්ට් ප්‍රී ෂූට්’ එකේ ඡායාරූපද සමාජ මාධ්‍ය හරහා බෙදාහරියි.

මෑතකදී අපේ අද්විතීය රංගන ශිල්පියකු සහ නිර්මාණකරුවකුගේ පුතෙකු තම බිරිය දෙවැනි වර ගැබ්ගත් මොහොතේ ඇයට ඇතිව තිබෙන දොළදුක ගැනත්, සමහර කෑම දැක්කාම ඇයට අප්පිරියාව දැනෙන අන්දමත් ගැන වීඩියෝ දසුන් මුහුණු පොතට මුදාහැර තිබිණි. පසුව ගැබිනි සමයේ විවිධ අවස්ථාවන් සිට දරුවා ලැබී ගෙදරට ගෙන එන ආකාරයද එලෙස මුදාහැර තිබිණි.

තවත් සමහර නළු නිළියෝ ගෙදර කෑම හදන හැටිද, ඒවා කන හැටිද, මේක්-අප් කරන සහ ෂොපිං කරන හැටිද, අර ගමන, මේ ගමන යන හැටි සහ පිටරටක යන හැටිද සමාජ මාධ්‍යයට මුදාහරිති. ඒ අතර නළු සැමියා සහ නිළි බිරිය තම තමන් වෙනුවෙන් සර්ප්‍රයිස් කරන හැටි පෙන්වයි. ඒ අතර තවත් ජනප්‍රිය ටෙලි නළුවන් ජනප්‍රිය නළු සම්මානය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ මුවාවෙන් තමාට ීඵී කරන ලෙස මුහුණු පොත හරහා අයැද සිටියි. අනේ ඉතින් 60-70 සහ 80-90 දශකවල අපේ සිනමා නළු නිළියන් ජනප්‍රිය සම්මානය තමාටය කියන කාරණය දන්නෙවත් නැතිව සම්මාන උළෙලවලට පැමිණි වැදගත් තාලය සහ ගැම්ම අද කාලේ එළු නළුවන්ට කියා දෙන්නට කවුරුවත් නැති එක දුකය.
ඒ නළු නිළියන් ප්‍රමුඛ සමාජ මාධ්‍ය කලාවය.

අපේ සාමාන්‍ය මිනිස්සුද සමාජ මාධ්‍ය සමග විකාර නටති. පිනට දහමට දෙන්නෙත්, සමාජ මාධ්‍යයට පේන්නය. ගෙදර කවුරු හෝ රට ගිහින් එන එකයි, ස්පෙෂල් කෑමක් හදන එකයි, වයසක අම්මට තාත්තට ආවතේව කරන එකයි ඇතුළුව තව තව අප්‍රමාණ දෑ ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වයි. කාර් එකක් අලුතෙන් ගෙනාවත් බලු සුරතලකු වැඩි මිලකට ගත්තත් ඒ සියලු දේ මුහුණු පොතට මුදාහරිති.

කාන්තා නිරුවතද අද මුහුණු පොතට අලුත් දෙයක් නොවේය. තරුණ නිළියන් මෙන්ම නිළියන් නොවන සාමාන්‍ය යොවුන් කෙල්ලන්ද අඩ නිරුවතින් එහි රිසි සේ දඟලති. මොන මට්ටමේ පහත් කමෙන්ට්ස් ඒ පාමුලින් සටහන් වුවද මුහුණු පොත මත තම පුද්ගලිකත්වය උකස් කරති. කොටින්ම කියනවා නම් සමාජ මාධ්‍ය අද හෑල්ලුවම ලක්ව අවසානය.

සමාජ මාධ්‍ය යනු කුමක්ද?
සමාජ මාධ්‍යය යනු සමාජයට දැනුම බෙදන යම් පණිවුඩයක් දිය යුතු මාධ්‍ය මෙහෙවරකි. නමුත් අද එහි වැඩිහරියක්ම සිදුවන්නේ කමකට නැති විලම්බීත බෙදාහැරීමේ පහත් සේවාවකි. පුදුමය කියන්නේ මීට ඇඟිල්ල දිගුකරන අයකුද සොයාගැනීම අපහසු වීමය. වැදගැම්මක් නැති විලම්බීත පෝස්ට්වලට වීඩියෝ දසුන්වලට වාගෙම චාරයක් නැති අසික්කිත දේටද තව තවත් ගැම්ම දෙන කමෙන්ට්ස් මිසක, ‘අයියෝ මේ මොන විකාරද? මේවත් නිවුස්ද?’ කියා හෝ ‘දෙවියනේ මේවට වාරණ දාන්න කෙනෙක් නැද්ද?’ කියා කමෙන්ට් කරන පිරිස හොයාගන්නට අපහසුය. ඇත්තෙන්ම වයස් භේදයක් නැතිව පොඩි දරුවන් පවා බලන සමාජ මාධ්‍යවලට වාරණයක් අවැසි කාලයකට නොවේද අප මේ පැමිණ සිටින්නේ?

වගකිව යුත්තන් කොහිද? ඔවුන් නිහඬව සිටින්නේ මන්ද? අඩුම තරමේ සමාජ මාධ්‍යවල සංසරණය වන සදාචාරයක් හෝ වැදගත්කමක් නැති මේ මාධ්‍ය කලාව ගැන වගකිව යුතු අයකු ප්‍රසිද්ධියේ කතා කළ අවස්ථාවක් නැත. ඉදිරියට හෙට දවසේවත් මේ ගැන කවුරුන් හෝ කතා කළ යුතු නොවේද? අනිවාර්යයෙන්ම එය කතාකළ යුතුම කාරණයකි. සිතට ගත යුතු බරපතළ කාරණයකි.

ඒ නිසාම, නිහඬව නොපෙනෙන නෑසෙන පරිදි නොසිට විනාශයට පත්වෙමි් තිබෙන මේ සමාජ මාධ්‍ය කලාව ගැන කතා කරන්නට එයට යම් වාරණයක් දමන්නට වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා කියා ‘මව්රට’ අපි මෙලෙස හඬ නගා කියන්නෙමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දුමින්ද-ළහිරු-ජිනරතන හිමි එළියට එයි! Sri Lanka Latest News

Next Post

තායිවාන භූකම්පාවේ වීඩියෝ එළියට ඇවිත්! ‌බලා සිටිද්දීම ලොකු බිල්ඩින් මහපාරට පාත් වෙනවා! මහ කඳු නාය යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.