• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනේ මන්දා නාලිනී නොහොත් අනේ නන්දා මාලිනී I Sri Lanka Latest News

October 6, 2023
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විෂ්ණු ෂර්මන් නමැති පඬිවරයා ”පංචන්ත්‍රය” (පංච-පහ, තන්ත්‍ර-පාලනය) නමැති සංස්කෘත උපදේශන ග්‍රන්ථය ලියන ලද්දේ රටක් සාර්ථකව පාලනය කළ හැකි පාලන ක්‍රම රජ දරුවන්ට ඉගැන්වීම උදෙසාය. “වාද, භේද, සාම, දාන සහ දණ්ඩ (දඬුවමින්) ඒ පාලන ක්‍රම වේ. මේ ග්‍රන්ථයේ සියලු පාත්‍ර වර්ගයා සිවුපාවෝය. ඔවුන් නියෝජනය කරනු ලබන්නේ මානව වර්ගයාය. ප්‍රධාන චරිතය වයෝවෘද්ධ සිංහයෙකි. හෙතෙම වනයේ පාලකයාය. ඔහුගේ අණසක වන පෙතේ ක්‍රියාත්මකය. ඒ තෙමේ රටක ප්‍රජාපතිගේ (නායකයාගේ) ක්‍රියාකලාපය (හැසිීරීම් රටාව) නිරූපණය කරයි. ඔහුට අවවාද අනුශාසනා කිරීමට පෙරෙවියන් (පුරෝහිතයන්) “සිගාලයන්” (නරි, කැණහිලුන්) දෙදෙනෙක් සිටිති.(Sri Lanka Latest News)

(යක්කඩුවේ ප්‍රඥාරාම යතිවරයාණන් විසින් සංස්කෘත පංචතන්ත්‍රය හෙළ බසට නගන ලදින් එහි මේ පුරෝහිතයන් දෙදෙනා කරටක සහ දමනක යන නම්වලින් හඳුන්වනු ලබත්)

වනාන්තරයේ මහ රජා වන සිංහයා අලසයෙකි. දැනුම් තේරුම් නැත්තෙකි. ඒකට අනුශාසකයන් ලෝකෝත්තර නිකායට අයත් “උදරම්බරියන්” (බඩගෝස්තරවාදීන්) දෙදෙනෙකි. “කාගෙ බෙල්ල කඩල හරි – මාගෙ මල්ල පුරවගමි” යන සිද්ධාන්තයෙන් බැහැර නොයන්නෝය. රට වැසියන්ට තබා මහ රජාට හෙණ ගැහුවත් උන්ට වගේ වගක් නැත. හරියට කියතොත් අපේ ගෙහෙඩිය රඹුටුවැල්ලා, ගොන්ස්ටන්ලා, ලාන්සර්ලා, විලිලැජ්ජා නැතුව ගමකෑගේලාට පමණක් දෙවැනිය.

“මකියාවලීගේ” Prince නමැති කෘතිය වර්තමාන සමාජ පාලන ක්‍රමයට අනුශාංගික වන්නා සේ පංචතන්ත්‍රයද ගළපා බලත්වා)

ග්‍රන්ථයේ (පංචතන්ත්‍රයේ) ඉගැන්වෙන එක් පාලන ක්‍රමයක් වාදකර ප්‍රජාතන්ත්‍රවාදීව රට්ටුන්ට කරුණු තේරුම්කර දීමෙන් කෙරෙන පාලනයයි.

අපේ උන්නාන්සේ ඒ දර්ශනය අකුරටම තිතටම ටොප් එකටම ක්‍රියාත්මක කිරීම සඳහා පාසල්වල මහබැංකු වාර්තාව ඉගැන්විය යුතුය යන සංකල්පය පසුගියදා කොහේදෝ ස්ථානයකදී එතුමා විසින් ප්‍රසූත කරන ලද්දේය. (ළමයින්ට පිස්සු නොහැදුණොත් මදෑ)

බැංකු පාඩම උගන්වන විට ගම්බද ළමයකු සහ ගුරුතුමියක් අතර සම්බන්ධතාව මෙසේ විය හැකි යැයි මට නිකමට උපකල්පනය වූයේ මෙසේය.

“ටීචර් ප්‍රතිව්‍යුහගතකරණය කියන්නෙ මොනවගේ එකක්ද?” ළමයෙක් අසන්නේය. ටීචර් වටපිට බලා ප්‍රවේසමෙන් පිළිතුරු දෙන්නීය.

“ඒක බොහොම හොඳ දෙයක්. හරියට මේ මේ පුස්නාම්බු ගෙඩියක් වාගෙ”

“පුස්නාම්බු කියන්නෙ ටීචර් අර කැන්ද කොළවල ඔතල වණ්ඩුවෙ තම්බනකොට මැදින් උඩට ඉස්සිල පැළිල වාගෙ තියෙන ඒවනෙ?”

“අන්න හරි ඒ වාගෙ තමයි.”

“ඒවට ගමේ කියන්නෙ බිබික්කං කියල”

“ඔව් ඔව්”

“එහෙනං ප්‍රතිව්‍යුහගතකරණය කියන එකට බිබික්කම කීවොත් හරි නේද?”

ටීචර් වටපිට බලමින් “වරදින්න විදිහක් නෑ”

දෙවැනිව ශර්මන් පඬිතුමන් කියාදුන් පාලන ක්‍රමය“භේදයයි”. අපෙ අම්මේ. ඒක නම් ඉතිං කියලා වැඩක් නැත. නොඉල්ලූ දහතුනක් (13) දෙන්නට අර ඇඳීමෙන්ම ඒ කෙළිය නොවැටහෙන්නේ අමනයන්ට පමණි.

උතුරු නැගෙනහිර සංහිඳියාවේ වර්ධනය ආත්ම කොටගෙන පවත්නා සාමකාමී සිද්ධස්ථාන පාදක කරගෙන ඇද්ද අංචිය නිසා විහිදෙන ගිනි පුපුරු. අම්මට සිරි. කියලා වැඩක් නැත. මතකයි නේ.

අනික සාමයයි. සාමකාමී පාලනයයි. දැන් සාමය රටේ දෝරේගිහිං අපේ ඉහිං කනිංද වැක්කෙරේ. දැන් මිනිසුන් කිසිවක් ඉල්ලා කටක් අරින්නේ නැත. සියල්ල හිතුහිතූ වෙලාවට හිතුහිතූ අන්දමට ලැබේ. කෑමද බීමද ඕනෑ පදංය. අර කවුරුදෝ ගායකයකු කියන ආකාරයට “තෙලෙන් කා කිරෙන් අත සෝදා“ය. ඒ සාමයේ උදාවයි දුක්ගිනි නිමාවයිය.

“අනේ මංදා නාලිනී” නොහොත් අනේ “නන්දා මාලනී” නෝනා කියන අන්දමට “මේ මනරම් පුරේ ඉපදෙන්න යළි වාසනා”ය. වාසනා කියන්නේ බිත්තර නොදා ඒ සෙන්ට් එක දා හදන ඒවාටත් වඩා සුපිරි බඩුය.

අනික දණ්ඩයයි. දණ්ඩය නිකම්ම නිකං ලැබෙන්නේමය. පාරවල් දිගේ කපා කොටා, වෙඩි තබා දිගට හරහට දවසට එකා දෙන්නා බාවා (බිම දමා) සිටින අන්දම නම් නොවැරදීම දකින්නට ලැබෙන්නේමය. අඩුවකට තියෙන්නේ දණ්ඩනයට ඕඩර් එක දුන්නේ කවුරුන්ද යන්න පමණක් නොකියන එකය.

විෂ්ණු ශර්මන්තුමා ආණ්ඩුක්‍රම (පාලන ක්‍රම) පහක් ලෝකෙට කියා දුන්නත් එතුමාට ගෞරවයක් වෙන්නට (සත්කෙරෙන්තෝ, ගරුකෙරෙන්තෝ, මානෙංතෝ පූජෙංතෝ) ඔය කියන පහම අපේ ගොයියා ලෝස් නැතුවම අපට එකටම දමා මදි නොකියන්නට බෙදා දෙන්නේය. හරියට සෛවර් කඩේ සාම්බාරු හොද්ද බෙදනව වගේය. පොඩි අඩුවකට ඇත්තේ අපේ එකේ මුරුංගා කෑලි වඩේ කෑලි වගේ දේවල් ටිකක් අඩු එකය. (බයවෙන්න එපා, තව ඉස්සරහට ලෝස් නැතුවම ලැබෙන පාටයි)

පංචතන්ත්‍රයෙන් අපේ අනාගතය විස්තර කරවන කරුණුකාරණා යථෝක්ත චරිතවලින් හුවා දැක්වූවත් හිතට කනගාටුව නම් ගත යුතුම චරිතයක් විෂ්ණු ශර්මන්තුමා විසින් අතහරිනු ලැබ තිබීමය.

එසේ අනිවාර්යයෙන්ම ගත යුත්තා පංවත්තෙ බෑණාය. නොහොත් කබරයාය.

කබරයාට කට දෙකයි දිව දෙකයි යන්න ජනවහරේ චිරාත් කාලයක සිට පවත්නා මතයකි. ගරු කබරයා මහතා නියෝජනය කෙරෙන්නේ කෙප්ප සක්විත්තකු ලෙසටය. ඊට හේතුව දිවවල් දෙකක් තිබීමය.

එවන් තැනැත්තකු මේ කියන දේ මොහොතකින් මේ නැත. මෙහේ කියන දේ එහේ නැත. එහේ කියන දේ මෙහේ නැත. දකුණේ කියන දේ උතුරේ නැත. උතුරේ කියන දේ දකුණට අරහංය. දෙදහස් පහළොවේ (2015) කී දේ විස්සයි විසිතුනට (2023) වලංගු නැත. නොහොත් අලවංගුය. සුම්මාය.

ඒ කාලෙ (2015) ලොක්කා කීවේ තරුණ තරුණියන්ට බ්‍රේස්ලට්ය. හෑන්ඩ් පෝන්ය. පරිගණකය. ෆේස්බුක්ය, පේජර්ය, වටිනා කාර්ය (මොටෝ රථ). බුලත්විට හප හපා ඉන්නවාට වඩා “චුයිංගම්”ය. (නෝනලාට ලොව ලොවා ඉන්නට “ලොලිපොප්ස්” සුදුසු යැයි කීවාද නිච්චි නැත. හැබැයි දැන් ලොක්කාට ඒවා මතක නැත. උඩුකුරුඤ්ඤං වෙලාය. වලිගෙ පෑගිලාය. කබර සිද්ධාන්තය ඉස්මතු වෙලාය. ලූස් කර්තාහේය.

ඇත්තට හැබෑවට මොකක්ද මේ වෙලා තියෙන විපිරියාසෙ? අංශක විසිතුන හමාරක් ඇලව අධි වේගයෙන් භ්‍රමණය වෙන ලෝකයත් එක්ක දැන් අපත් කැරකෙනවාද? නැත්තං කැරකිල්ල ලොක්කාට විතරද?

ඉස්සර අපේ ගම්වල තිබුණේ එකම එක කඩයකි. ඔය පනස් ගණන්වලය. ඒක ඒකාලයේ මිනිස්සුන්ට සුපර්මාකට් එකය. ඒ කඩේ යමක් නැතිවුණොත් නගරෙකට යන්නට ඕනෑය. ඒකට ඉතිං හැතැප්ම හත අටක් යන්නටත් ඕනෑය. බස් මුදලාලිලාගේය.

සීමාසහිත පෞද්ගලික ගමනාගමන සේවයකි. බස් කොම්පැනි කාලේය.

මාධ්‍යයත් ඔන්න ඔය ගානටය. කඩේ මුදලාලි දෙන දේ ගන්නවා හැර වෙන විකල්පයක් නැත. ඕනෑ නම් ගනිං නැත්තං පලයං ටයිප් එකේය.

මාධ්‍යයත් බෙදුවේ ප්‍රජාතන්ත්‍රවාදීවය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන් බෙදන දේ පමණක් කියැවීමටය. කියන දේ පමණක් ඇසීමටය. අපි කියන දෙයකට ඉඩක් නැත. ඒවා බෙදන්නට තිබූ පැරණිම ස්ථානය “බේරේ” ගෙදරය. දෙවැන්න “සමයං” ගෙදරය. හැට ගණන්වලදී තවත් එකක් ආවේය. ඒ “මඟුල්” ගෙදරය.

ඒවායේ අයිතිකරුවෝ පාලක පක්‍ෂ දෙක තුනේම උරුමක්කාර, පොල්මහ්කාර අද්මිනිස්ත්‍රක්කාර බලවන්තයෝමය. රට කරවන්නන් බිහිවූයේ ඔවුනට ඕනෑ හැටියටය. ඒ උන්ගේම එකාලාය. ඒ නිසා තමන්ගේ කෙනා බලයට ගෙන ඒමට එක එක ආකර්ෂණීය මුඛ්‍යපාඨ එක් එක් මැතිවරණවලදී කරළියට ගෙනාවේය. තමන්ගෙ කෙනා පුටුවේ ඉන්දවීමට ඒවා ජහමනයාට නොහොත් මහජනයාට නස්න කරනු ලැබුවේය. ඇතැම් විට වස්තිද කෙරුණේය.

පනස් ගණන්වලදී නිකං (නොමිලේ) හාල් දෙනවා කී ඇත්තෝ පුටුවට නැංගෝය. බත් දුන් පියා රජ වූවේ එසේය. ඊළඟට නොමිලේ දෙන්න බෑ කී නිසා ඔවුන් අකුළාගෙන ගිය අතර හඳෙන් හරි ගෙනැත් දෙනවා කී නැන්දම්මා සිංහාසනාරූඪ වූවාය. ටික කලකින්ම ඕ තොමෝ අඤ්ඤාකොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ටත් බැරි අන්දමට අඤ්ඤාකොරොස් වූවාය.

ඊට පසුව ලෝකෙට ලොක්කා ඇට පෙන්නාගෙන ආවේය. පේමෙ අයියා සාමය උදාවයි දුක්ගිනි නිමාවයි කියා ආවේය. චන්ද්‍රිකා අක්කා සාමය දෙන්න ආවාය. අන්තිමට ඇය ඇසෑමය පෙන්නා ගියාය.

මහ රජාණෝත් ආවේය. එහාට කෙළියේය. මෙහාට කෙළියේය. පිටරට බැංකු පිරුණේය.
ඒ හොරකං අල්ලන බවට සරම කැහැපොට ගසාගෙන සිරිසේන අයියා ආවේය. ඇල්ලුවාද අතගෑවාද මිරිකුවාද දන්නේ දෙවියෝ පමණි. ඔය අතරේ සහරාන් ලොක්කා බෝම්බ අරන් කරළියට පැන්නේය. සිරි අයියා බම්බු ගැහුවේය.

රටේ ආරක්‍ෂාව තහවුරු කරන්නත් බැංකු හොරුන් පෝරකේට අරින්නත් මයිනා, කාක්කා පොදි බැඳගෙන ආවෝය. දිමි ගෝටා බැහැදකින්නට කැලණි ගඟ බෑ ගහගෙන නයියා පැන්නේය.

ඔය අන්දමට අවුරුදු හැත්තෑ හතරක් (74) තිස්සේ ඔය බඩු ටික සුදුලූනු පොඩිකරමින් ගොන්නුන්ට ඇන්දවූ පුරණයේ (කතාවේ) සංක්‍ෂේපය ඕං ඔහොමය.

අසූව පමණ තරමේදී කොල්ලන්ට රටේ සිද්ධ වෙන ඔය සූදුව තේරුම් ගත්තත් කරන්නේ කුමක්දැයි යන්න ගැන සිතාගත නොහැකි විය. මිනිස්සුන්ට කතා කරන්න හැටියක් නොවිණි. මාධ්‍ය සියල්ල එක එකාට පරවේණියට අයත්ය. අයිතිය භුක්තියටම සවි (සින්න) වෙලාය.

ඕං ඔය වෙලාවට කොල්ලන්ට “කරල පැහීගෙන” ආවේය. ඒ සමාජ මාධ්‍ය එහෙන් මෙහෙන් හිස එසවී සමාජගත වීමය. ලොක්කන්ට බක්කන්ට කටක් අරින්න බැරි තරම් විය. අරින කොට මෙහෙං කෙලලා දාන්න පටන් ගත්තේය. රෙදි ගැළවෙන්න දුන්නේය. ලොක්කෝ බක්කෝ කුක්කෝ වූහ.

මිනිස්සු පච හොරණෑ තුට්ටුවකට හෝ මායිම් නොකළාහුය.

දැන් හොරුන් අල්ලනවා කියන්න බැරිය. පන්සල් වාසීව සිටි දිත්තේන නැති ඝණසාරප්ප වංශික අහිකුණ්ඨිකයින්ට (නයිපනික්කි) නයි නටවන්නත් බැරිය.

ගිය සැරේ ලැයිස්තුවෙන් හරි ආපු රනිලාට මේ පාර නිලා තියා වානබුරුස් (අහස්කූරු) පත්තු කළත් කොල්ලන් එන්න දෙන්නේ නැති බව ඉරහඳ මෙන් පැහැදිලිවම දත්තේය.

දැන් මේ උන්නැහේට කොල්ලන් නයාට අඳුකොළ වගේය.

අපේ පොඩි එකා වසන්ත මුදලිගේ (ඌ සියලු දෙවියෝ ආරක්‍ෂා කරත්වා) වගේ එවුන් නොමරා මැරුවේ ඒ නිසාය.

දැන් පාරවල් ගානේ දවස ගානේ එක එකා මැරෙන එකෙන් කියන්නේ පූර්ව නිමිත්තකි. අනතුරු ඇඟවීමකි. “බලාගෙන හිටපියව්” යන්න නොකියා කීමකි (Indirect). එසේ වෙතත් සයන්ස් එකෙන් Directly ගහන්න එන්නේය.

ඒ පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරගෙනය. කාටවත් කටක් අරින්න බැරිවෙන්නම වැඩේ දෙන්නටය. විද්‍යුත්, මුද්‍රිත, සමාජ මාධ්‍ය ප්‍රමුඛ සියලු ප්‍රකාශන ධාරාවල මිනී පෙට්ටියට ඇණ ගසන්නටය. අපේ කටවල්වලට කටකලියා දමන්නටය. දෑත් බැඳුණු රැහැන් පොට අතට ගන්නටය. ඒ බලයට එන්න වෙන කිසිම ගේමක් දෙන්න බැරි හෙයිනි. ඇත්තටම මේකා අළුගෝසුවෙකි.

දැනගන්නට ලැබෙන අන්දමට මේ සඳහා පළමුවෙන් අටවන්න යන මරඋගුල මාර්ගගත ක්‍රමවේදයන්හි සුරක්‍ෂිතභාවය තහවුරු කරන්නට යනවා යැයි කියන කෙටුම්පතය.

දෙවැන්න භූතයකු පරිද්දෙන් වරින් වර එහෙන් මෙහෙන් එබිකම් කර යළි සැඟවී ආයෙත් කොහෙන් හෝ ඉස්සි ඉස්සී ඉඟිබිඟි පාන ප්‍රතිත්‍රස්ත පනතය. අනික විකාශන අධිකාරි පනතය.

ඇත්ත වශයෙන්ම මහජනයාට නොව රාජපක්‍ෂලාට පමණක් පක්‍ෂ විලෝපික රාජපක්ෂ කියන අන්දමට මේවායින් වැට බඳිනවා යැයි කියන්නේ මේ රටේ කෙරෙන දේවල් ගැන බොරු කතා, අපහාසාත්මක අන්දමින් කෙරෙන බොරු (ව්‍යාජ) දේ, ඒ ආකාරයෙන් කෙරන කුපිත කිරීම්, මොන අන්දමකින් හෝ කිසියම් ආගමකට කෙරෙන අසත්‍ය පීඩාකාරි දේ ප්‍රචාරය, කුළුගැන්වීම, සාමය කඩකිරීම් ආදිය නීතියෙන් වැළැක්වීමට බවය.

(මේවා ඇසෙන විට කම්පා වන්නේ අපේ හදවත පමණක් නොවේ. කෘමිසදර්සානුබද්ධය, උණ්ඩුකපුච්චය, අග්න්‍යාසය, ප්ලීහාව, හා අණ්ඩකෝෂයය.)

පිටට පෙන්නන්නේ එසේ වුවත් වැඩේ නම් රීරි යකා සිද්ධාර්ථ ගෞතමයන් වශයෙන් පින්තාරු කිරීමකි. නැතහොත් සාතා (සාතන්) ජේසුස් වහන්සේ ලෙසින් කැඳවීමය.

මේ මරඋගුලට අහුවුණොත් අහුවුණාමය. ආයෙ ගැලවිල්ලක් නම් නැත.

අර ප්‍රංශ විප්ලවයේදී මිනිසුන් හිරගෙවල් කඩාගෙන “ලාමාසලේස්” (අන්තිම..අ..අ..අ..සටනට) කියාගෙන පෙරට ආවා මතකද? අපටත් තියෙන්නෙ එච්චරයි.

වයස අසූවක් වුවත් අපිධකා නැත. අපිඨදකාය. කොල්ලනේ අපි මැරෙන්නේ එක සැරයයි. වරෙව් පුතේ. අපි තොපිත් එක්කය.

රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ ලොපා
කළ මෙහෙයක් නැති දෙපා
හෙළයකු දැකුමත් එපා

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කොස්තාපල් හැප්පූ තරුණයාගේ පියා පොලිස් ලොක්කෙක් නෙමෙයිලු! මව්පියන් දොස්තරවරුලු! I Sri Lanka Latest News

Next Post

අවදිවන්න අවදිවන්න I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.