• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඩොලර් නෑ! සංචිත හිඳිලා! ශ්‍රේණිගත කිරීම්වල පහළටම වැටිලා! රට ගොඩගන්න තියෙන එකම ක්‍රමය මහබැංකුවේ හිටපු දෙවැනියා රටටම හෙළිකරයි!

January 6, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ඩොලර් නෑ! සංචිත හිඳිලා! ශ්‍රේණිගත කිරීම්වල පහළටම වැටිලා! රට ගොඩගන්න තියෙන එකම ක්‍රමය මහබැංකුවේ හිටපු දෙවැනියා රටටම හෙළිකරයි!
Share on WhatsAppShare on Facebook

දැනට රට තුළ උද්ගතව පවතින විදේශ සංචිත හිඟය සම්බන්ධයෙන් සහ මූල්‍ය අර්බුදයෙන් රට යළි ගොඩගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. විජේවර්ධන මහතා ඩේලි එෆ්. ටී. පුවත්පතට සකස්කර තිබූ ලිපියක පරිවර්තනය මෙසේය.

අසේනි : සීයේ, ලෝකයේ රටවල් වත්කම් අනුව ශ්‍රේණිගත කරන “ෆිච්” කියන ආයතනය අපේ රට පහළ ශ්‍රේණියකට දාලා. අපේ රට කම්පනයට පත්වෙලා. අපට වෙන්න යන්නෙ මොකක්ද?
සරත් : මට නම් පේන්නෙ අපව එහෙම කම්පනයට පත්වීමක් නෙමෙයි. අප ඕක කාලාන්තරයක් තිස්සේ අපේක්‍ෂා කළ දෙයක්. ෆිච් රේට්ං ආයතනය ඔය සම්බන්ධයෙන් අපේ මහ බැංකුවටයි අපේ මුදල් අමාත්‍යාංශයටයි කලින්ම දැනුවත් කර තියෙනවා. එපමණක් නොවෙයි ණය පහසුකම් සපයන ලෝකයේ සියලු රටවල්ද ඔය පිළිබඳ දන්නවා. ෆිච් ආයතනය කළ පූර්ව දැනුම්දීම අනතුරු ඇඟවීමක්. ඒත් අපේ මහ බැංකුවයි, මුදල් අමාත්‍යාංශයයි ඒ අවවාදය නෑහුණා වාගෙ හිටියා. ගණන් ගත්තෙ නෑ. දැන් අපේ රට මාසයක් මාසයක් පාසා දුෂ්කරතාවට පත්වෙනවා. ඒ හින්ද මම කියන්නෙ මේක කම්පාවට කාරණයක් නෙමෙයි. අපට දුන් අවවාදය ගණන් නොගත්තට අපේ නොසැලකිල්ලට ලැබුණු දඬුවමක් කියලයි. ඔයා හිතන්න එපා අප මේ තත්ත්වයට දැම්මෙ ෆිච් කියන ආයතනය විතරත් කියල නෑ. ස්ටෑන්ඩර්ඩ් පුවර්ස් සහ මූඩි කියන ආයතන දෙකත් අපට මේ අන්දමින්ම දඬුවම් දීලා තිබණා.

අසේනි : අනේ අනේ සීයෙ මම ඒක දන්නෙ නෑ ඒක වුණේ කොහාමද?
සරත් : කවුරු හරි දුවේ ජාත්‍යන්තර ණය වෙළෙඳපොළෙන් කාටහරි ණය දෙන්න අපේක්‍ෂාවෙන් ඉන්නවනම් එයා (ණය දෙන කෙනා) කවුරුද ණය ගන්නෙ එයාගෙ වත්කම් ඒ කියන්නෙ ණය ගෙවීමේ හැකියාව කොහොමද?කියල හොයා බලනවා. ඇයි එයා කැමැති නෑනෙ සල්ලි නැති කෙනකුට සල්ලි දීල තමන්ගෙ සල්ලි ටික නැති කරගන්න. ඒ නිසා එයාගෙන් ණය ගන්න කෙනාට සල්ලි තියෙනවද කියන එක විතරක් නෙමෙයි. එයා තීරණය කරන දවසට සල්ලි ටික දෙනවද කියලත් බලනවා. එයාගෙ දේශපාලන ස්ථාවරභාවයත් බලනවා. එයාගෙ මුල්‍ය ප්‍රතිපත්ති විතරක් නෙමෙයි පාලන කාලය ගතකර තියෙන්නෙ කොහොමද කියලත් බලනව. තේරුණාද? එහෙම පරීක්‍ෂා කර බලල තනි තීරණයට ණය දෙන්නෙ නෑ.
අපි (ලංකාව) ණය ඉල්ලනව නම් ඒ අය අපේ මහ බැංකුවෙ ඉහළ කළමනාකරණය එක්කත් සාකච්ඡා කරනවා. මුදල් අමාත්‍යංශය සමගත් සාකච්ඡා කරනවා.
අමාත්‍ය මණ්ඩලයෙ ඉන්න ප්‍රබල පෙළේ ඇමැතිවරුන් සමගත් සාකච්ඡා කරනවා. ඇයි පෞද්ගලික අංශයෙ පාර්ශ්වකරුවන් අහක දාන්නෙ නෑ. ඒ අයගෙනුත් තොරතුරු විමසා බලනවා. අන්න ඒ අන්දමට හොයාගත් තොරතුරු සම්පිණ්ඩනය කරල අපේ මුදල් ආමාත්‍යාංශයටයි මහබැංකුවටයි ඒ විස්තර දීලා ඒ අයගෙ නිර්දේශ මොනවද කියලත් දැනගන්නවා.
මොනව වුණත් අප පහළ ශ්‍රේණියකට වැටීම නම් කවුරු මොනව කීවත් ආණ්ඩුවට නොසලකා ඉන්න බැරි එකක්. අපේ රටේ ද්‍රවශීලිත්වය මාසෙන් මාසෙට එන්න එන්නම නරක අතට හැරෙනවා. එය අපේ විදේශ සංචිතයටත් තදින්ම බලපානවා. ඒ විතරක් නෙමෙයි භයානකම තත්ත්වය තමයි අපේ විදේශ විනිමය ගළපාගන්න හැකිවන අන්දමට කොහෙන් හරි ණයක් ගන්න බැරිවෙන එක.

අසේනි : සීයෙ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් කියල තවත් ශ්‍රේණිගත කෙරෙන ආයතනයක් තියෙනවා. ඒකත් මේ වාගෙ අපේ රට පල්ලෙහාට දාලා තියෙනවද?
සරත් : අපේ රටේ දේශපාලනඥයන්ට ඕනැ ඕනැ හැටියට එක එක දේවල් කරනව වාගෙ ඔය ශ්‍රේණිගත කරන ආයතන එහෙම කරන්නෙ නෑ. ඒ අයට ක්‍රමවේදයක් තියෙනවා.ජාත්‍යන්තරව පිළිගත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ග්ලොබල් රේටිං Standard and Poors (S&P)Global Rating) ෆිච් රේටිං ඉන් කෝපරේටඩ් සර්විසස් (Fitch Rrating Incooprated Services) සහ මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විසස් (Moody’s Investor’s Services) කියන ආයතන තුනම අනුගමනය කරන්නෙ එකම ක්‍රමවේදයයි.

අසේනි : සීයෙ ඔය ශ්‍රේණිගත ඉතිහාසයෙදි අපේ රට කවදාවත්ම ඉහළ ශ්‍රේණියකට ගිහින් නැද්ද?
සරත් : නෑ, ශ්‍රී ලංකාව පළමුවෙන් ශ්‍රේණිගත කිරීම ආරම්භ කෙරුණෙ 2005 වසරෙදි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ග්ලොබල් රේටිං ආයතනයෙන්. ඊට පසුව 2007දි තමයි අපේ රටට ඇමෙරිකන් ඩොලර් මිලියන පන්සියයකට ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කෙරුණෙ. එහෙම කෙරුණෙත් ලොකු ණයකට යාමේ ආරම්භයක් වශයෙනුයි.
එහෙත් ෆිච් රේටිං ඉන් කෝපරේටඩ් සර්විසස් ආයතනය අප තැබුවේ BB- ශ්‍රේණියේයි.S &P තැබුවේ B ශ්‍රේණියේයි. කෙසේ වෙතත් ඒ මට්ටම යම්කිසි ආර්ථික මට්ටමක් මිස ස්ථාවරයක් ඇති බවක් නොවන මට්ටමයි. එය කල්පිත තලයක්. ආයෝජනය කළ යුතු මට්ටමේ නොවන එකක් හැටියටයි.
මෙමගින් අරමුණු කළේ ශ්‍රී ලංකාව තමන්ගේ අඩු ලුහුඬුකම් සම්පූර්ණ කරගෙන වර්ධනයක් ඇති කරගනී යන ආකල්පයයි. එසේ වූවිට ශ්‍රේණිය උසස් කරන අපේක්‍ෂාවෙනුයි. පුදනකොටම කාපි යකා කීව වාගෙ ඒත් එක්කම සිද්ධ වුණේ බලාපොරාත්තුවෙ අනිත් පැත්ත. රට ඍණ පැත්තට යන්න පටන් ගත්ත. ඒත් එක්කම රටේ ශ්‍රේණිය B මට්ටමට පහත දැම්මා. 2008 වන විට තත්ත්වය තවත් දුර්භාග්‍යසම්පන්න තලයකට වැටුණා. ඊට පස්සෙ තත්ත්වය එන්න එන්නම පහළටම වැටුණා. මේ නිසා ඒ ආයතන තුනම අපේ රට CCC හෝ CC යන ශ්‍රේණියට හෙළා තියෙනවා. මේ මට්ටම ගැන නම් අපට කොහෙත්ම සතුටු වෙන්න බෑ.

අසේනි : මේ තත්ත්වය නිසා අපට ඇතිවන සංකූලතා මොනවද?
සරත් : මේක ප්‍රධාන වශයෙන් බලපාන්නෙ අපි ණයක් ගන්න ගියාම. ණය දෙන තැනැත්තා තමන්ගේ මුදලේ ආරක්‍ෂාව වෙනුවෙන් හැම පැත්තක් ගැනම කල්පනා කර බලනවා. ඒ වගේම තමයි කිසියම් කෙනකු ඒ රටේ කිසියම් ආයෝජනයක් කරන්න හෝ කිරීමේ අපේක්‍ෂාවෙන් හෝ හිටියා නම් ඒ ගැන දෙවරක් හිතනවා. ඒ තමන්ගේ ආයෝජනයේ හෝ ණය මුදලේ හෝ ආරක්‍ෂාව උදෙසා. එසේ නම් ඒ කරුණට එකඟ වන්නේ ඒ පිළිබඳ අවදානම ඇරගෙනයි.
මහා පරිමාණයේ මුදලකට කිසිම කෙනකු ඒ අවදානම ගන්න සූදානම් නෑ. ඒ නිසා අපට ණයක් ගන්න දුෂ්කර වෙනවා. එපමණක් නොවෙයි. අපට ණය පහසුකමක් ගන්න වෙන්නෙත් ඉතා ඉහළ පොලියකටයි.
කිසියම් රටක් ඒ අන්දමින් පහළ ශ්‍රේණියකට වැටුණාම ඒ රටේ පවතින බැංකු වැනි සියලු මූල්‍ය ආයතනත් ඒ මට්ටමටම වැටෙනවා. ඒක සම්ප්‍රදායක්. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ රට (ශ්‍රී ලංකාව) CC ශ්‍රේණියට පත්වුණොත් ලංකා බැංකුවට ජාත්‍යන්තරයෙන් ඒ මට්ටමේ ණයකට වඩා ණයක් ගන්න බෑ. හැබැයි අපේ රට ඉහළ ශ්‍රේණියකට පත්වුවොත් දේශීය මූල්‍ය ආයතනත් නිරායාසයෙන්ම ඒ මට්ටමටම පත්වෙනවා.

අසේනි : අප පහළ ශ්‍රේණියකට වැටුණු නිසා ද්විතීය වෙළෙඳපොළේ සංසරණය වන අපේ outstanding sovereign bonds පවා අඩු ගණනකට තක්සේරු වෙනව කියන එන ඇත්තද?
සරත් : තාක්‍ෂණික වශයෙන් ඒකෙ ඇත්තක් තියෙනවා. මේ බැඳුම්කරවල වැටීම ආරම්භ වුණේ 2020 පෙබරවාරියෙ සිටයි. ඒ වන විට අප පහළ ශ්‍රේණියට වැටිල හිටියෙ නෑ. ඒ නිසා ඒ බැඳුම්කර ගනුදෙනු වුණේ මුහුණත වටිනාකමට ඉහළ වටිනාකමකටයි. එහෙත් ආණ්ඩුව බලයට පත්වූ විගසම බදු ගෙවන්නන්ට ආකර්ෂණීය බදු සහනයක් සැලසුවා. ඒ පිළිබඳ ආණ්ඩුව එකඟතාවක්ද ඇතිකරගෙන තිබුණා. එමගින් රජයේ ආදායම සියයට තුනකින්ද(3%) එය දළ දේශීය නිෂ්පාදිතය සියයට fදාළහේ සිට (12%) සිට සියයට නමයට (9%) වැටීමක්.
මේ බදු සහනය සැලසීම නිසා සෑම වර්ෂයකම රජයට රුපියල් බිලියන 500ක හෙවත් කෝටි පනස් දහසක බදු ආදායමක් අහිමි වන බවට ආර්ථික විශේෂඥයන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්ද කර තිබුණා.
හැබැයි ආණ්ඩුව ඒ අවවාදය තුට්ටුවකට හෝ ගණන් ගත්තෙ නෑ. අන්න ඒ වෙලාවෙදි ස්වෛරී බැඳුම්කර තිබුණු ආයෝජකයන් ඒවා විකූණන්න පටන් ගත්තා. ඒ වෙලාවෙදි තමයි ද්විතීය වෙළෙඳ පොළේ ඒවගෙ මිල වැටුණෙ. හැබැයි මේ අතින් බලන විට අපේ ආයෝජකයන් ශ්‍රේණිගත කරන ආයතනවලට වඩා එහා ගිය අය.
මේ බාහිර පාර්ශ්ව 2020 වර්ෂයේ සිටම තම පීඩාකාරී සංඥා අඟවමින් සිටියේ. එහෙත් ශ්‍රේණිගත කරන ආයතන ඒ අවස්ථාවේදී ශ්‍රේණි පහත දැමීමක් අවශ්‍ය දැයි යන්න ගැන සිතා තිබුණේද නෑ. එහෙත් ඔවුන් එසේ කළේ ද්විතීය වෙළෙඳපොළේ මේ බැඳුම්කරවල වටිනාකම පහත වැටුණාට පසුව 2002 සැප්තැම්බර් මාසයේදීයි. ඒ නිසා දැන් බැඳුම්කර ගනුදෙනු වෙන්නෙ ඉතා පහළ මිලකටයි. 2022 ජනවාරියෙදි කල් පිරෙන සියයට තුන් සියයක් (300%) යීල්ඩ් රේට් එක වන බැඳුම්කරයක් අලෙවි කෙරෙන්නෙ ඇමෙරිකන් ඩොලර් අසූ අටකටයි.

අසේනි : සීයෙ අපට මේ දුෂ්කරතාවෙන් අත්මිදෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
සරත් : ඇයි නැත්තෙ. ෆිච් ආයතනය ඒ සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් තුනක් ගැන පෙන්වාදී තියෙනවා. පළමුවැන්න අභ්‍යන්තර ද්‍රවශීලතාව වර්ධනය කරගැනීම. ඒ තව දුරටත් ණය ලබාගෙන නොවේ. ණය ලබා නොගැනීමෙනුයි. දැන් මහ බැංකුව කරන්නා වාගෙ ස්වැප් පහසුකම් පස්සේ යාමෙන් හෝ යාළු මිත්‍ර රටවල් පස්සෙ ගිහින් ණය අරගෙන අපේ විදේශ සංචිත වර්ධය කරගෙන ශ්‍රේණිය උසස්කර ගන්නත් බෑ. ණය ගැනීමෙන් අප වැටී සිටින ක්‍ක්‍ ශ්‍රේණියෙන් ගොඩ එන්නත් බෑ. අපට තියෙන්න ඔනෑ ණය නොලබාම නැඟිටීමේ ක්‍රමයක්. පළමුවැන්න විදේශ ප්‍රේෂණ. විදේශ ගත ශ්‍රමිකයන් එවන මුදල්. එසේ නැතහොත් විදේශීය ආයෝජන, එසේත් නැත්නම් අපේ සම්පත් විකිණීම.

දෙවැන්න අපේම මූල්‍ය උත්පාදනය. ආදායම් වර්ධනය. අනවශ්‍ය වියදම් කපාහැරීම. අයවැය පරතරය පිළිගත හැකි මට්ටමක රඳවා තබාගැනීම. දළ දේශීය නිෂ්පාදනය වර්ධනය කරගැනීම උදෙසා තිරසාර ව්‍යාපෘති උත්පාදනය.
තෙවැන්න ප්‍රතිපත්ති පිළිබඳ විශ්වසනීයත්වයක් ගොඩනගා ගතහැකි වන අන්දමට රජය ව්‍යූහාත්මක වෙනසක් හඳුන්වා දෙනු ලැබීම. එවන් ප්‍රතිපත්ති මාලාවකින් ප්‍රජාව අතර මෙන්ම බාහිර පාර්ශ්ව අතරද මූල්‍යමය ප්‍රවර්ධනයක් ජනිත කර ආයෝජක ආකර්ෂණය පවා අත්කරගත හැකිවේ.

අසේනි : දැන් පන්දුව තියෙන්නේ අපේ පිලේ නේද?
සරත් : ඔව්, ශ්‍රේණිගත කෙරෙන ආයතනවලට අපහාස නොකර පන්දුව අතට අරගෙන දැන් තියෙන්නෙ හොඳින් සෙල්ලම් කරන්න.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

හැමදාම බැනුම් අහන පොලිසිය මේ පාර රටම හොඳ කියන වැඩක් කර පෙන්වයි! (VIDEO)

Next Post

හංගලා තිබ්බ බ්‍රෑන්ඩ්නිව් වාහන 800ක් හෙට අනිද්දා මාකට් එකට!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.