• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි ජොනී අන්තිමට සීයාට කියපු දේ I Sri Lanka Latest News

June 20, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සීයා යන්න මම තණකොළ කපන මාමා එක්ක ඉන්නවා…

අද සමාජය බොහෝ සේ පිරිහිලා. පුංචි දරුවන් ගැන මවුපියන්ගේ අවධානය සුළු මොහොතකට හෝ බැහැරට ගියොත් ඇතැම් විට ඒ අහිංසක දරුවන්ට මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට පවා සිදුවිය හැකියි. එවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදුවුණොත් මවුපියන්ට මුළු ජීවිත කාලය පුරාම පසුතැවිලි වන්නට සිදුවනවා. අද අපි ඔබට කියන්නේ එවැනි අනුවේදනීය අත්දැකීමකට මුහුණ දුන් මවුපිය දෙදෙනකුගේ වේදනාබර කතාවක්.(Sri Lanka Latest News)

මාලඹේ හල්බරාව ප්‍රදේශයේ රජයට අයිති ඉඩමක අවුරුදු පහ හමාරක දරුවකුගේ මළ සිරුරක් ඇති බවට පසුගිය 08 වැනදා මුල්ලේරියාව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පොලිසිය මේ දරුවාගේ මළ සිරුර සොයා යන්නට වුණා. මියගොස් තිබුණේ අවුරුදු පහමාරක් වයසැති ජොනතන් මාක්ස් ෆොන්සේකා නමැති දරුවෙක්.

ඔහුගේ උදරයේ බරපතළ කැපුම් තුවාල දක්නට ලැබුණු අතර, සිරුර වැටී තිබුණු ස්ථානය අසල කුඩා කැබැලිවලට බිඳීගිය වීදුරු බෝතලයක්ද තිබුණා. දරුවාගේ එක් සෙරෙප්පුවක් පයේද, අනෙක සෙරෙප්පුව පසෙකද වැටී තිබෙනු දක්නට ලැබුණා. මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබුණේ දරුවාට වීදුරු බෝතලයේ කටු ඇනී මියගොස් ඇති බවටයි.

දරුවාගේ මෘත ශරීරය පසුගිය 09 වැනිදා මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනයට රැගෙන යනු ලැබුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි. එහිදී අනාවරණ වී තිබුණේ දරුවාගේ උදරයේ වම්පස ප්‍රදේශය තියුණු ආයුධයකට කැපී ඇති බවයි.

දරුවා මියයෑමට පැයකට පමණ පෙර ඒ අසලින් ගමන්ගත් කාන්තාවක දරුවා සේල්ලම් කරමන් සිටිනු දැක තිබුණා. ඇය පවසා තිබුණේ දරුවා සෙල්ලම් කරන අවස්ථාවේ තවත් පුද්ගලයකු ඒ ආසන්න ඉඩමක තණකොළ කපමින් සිටින අයුරු දුටු බවයි. එම කාන්තාව එම සිදුවීම මෙලෙස විස්තර කළා.

‘මම වැඩ ඇරිලා එනකොට පුතා එතැන සෙල්ලම් සෙල්ලම් කරමින් හිටියා. එතකොට වෙලාව හවස පහට පහක් විතර ඇති. ඒ වෙලාවේ තමයි එතැන හිටියේ. මම ඊට පස්සේ කිව්වා පුතේ ඔතන සත්තු එහෙම ඉන්න නිසා උඩහට යන්න කියලා. එහෙම කියාගෙන මම බායි කියලා එන්න ආවා…’

ජොනතන් මාක්ස් දරුවාගේ පියා කලක සිට මවගෙන් වෙන්ව ජීවත්ව ඇති අතර, අතර මව දිවා කාලයේ රැකියාවක් කරමින් අගහිඟකම් මඟහරවමින් දරුවා පෝෂණය කර තිබුණා. මවත්, දරුවාත් කුඩා කුලී නිවෙසක ජීවත්ව සිටි බවයි දැනගන්නට ලැබුණේ. දරුවාගේ සීයා සහ ආච්චීද එම නිවෙසේ සිටින අතර, මව නොමැති අවස්ථාවලදී ඔහුව රැකබලා ගනු ලැබ ඇත්තේ මෙම සීයා සහ ආච්චී විසිනි.

දරුවා මියගොස් සිටි වැඩබිමේ මුරකරු ලෙස සේවය කර ඇත්තේද දරුවාගේ සීයායි. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවූ දින ඔහුගේ සහෝදරයකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට සීයා පිටව ගොස් තිබුණා. එලෙස පිටව යෑමට පෙර ජොනතන් මාක්ස් දරුවාව අසල්වාසී නිවෙසක නවත්වා යෑමට සීයා උත්සාහ දරා තිබුණද, ‘සීයා ගිහින් එන්න, මම තණකොළ කපන මාමා එක්ක පරිස්සමින් ඉන්නම්…’ යනුවෙන් දරුවා තම සීයාට පවසා ඇති බවයි වාර්තා වුණේ.

Sri Lanka Latest News

පුංචි ජොනතන් එසේ කියන්නට ඇත්තේ වැඩබිමේ තණකොළ කපන ආකාරය බලමින් දවස ගතකරන්නට ඔහු තුළ තිබූ කැමැත්ත නිසා වන්නට පුළුවන.

කෙසේ වෙතත් දරුවා ලේ ගලමින් වැටී සිටි අයුරු දුටු තණකොළ කපමින් සිට පුද්ගලයා අසල නිවෙසකට ගොස් පවසා තිබුණේ දරුවා වීදුරු බෝතලයක් උඩ වැටී සිටින බවටයි. ඒ අනුව එම නිවැසියා එහි පැමිණ ඇති අතර, ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව ඔහුට නිරීක්ෂණය වී තිබුණා.

‘එයා ඉස්සෙල්ලාම මට ඇවිත් කිව්වා ආයුධයක් තියෙනවා මුවහත් කර දෙන්න කියලා. පැයක් දෙකක් තණකොළ කැපුවා. පස්සේ මැෂින් එක නැවතුණා. විනාඩියක් ගියේ නැහැ අපේ ගෙදරට මේ තණකොළ කැපූ පුද්ගලයා දුවගෙන ආවා. ළමයා බෝතලයක් උඩ වැටිලා කැපිලද කොහේද බඩවැල් ඔක්කොම එළියට ඇවිල්ලා කියලා ඔහු මට කිව්වා. මාත් දුවගෙන ඇවිත් බැලුවා. බලනකොට දරුවා නැතිවෙලා…’ යනුවෙන් එම නිවෙස් හිමියා කියා සිටියා.

තණකොළ කපන්නා පවසා තිබූ පරිදි වීදුරු බෝතලයේ කොටස් ඇති ස්ථානය සහ දරුවා මියගොස් සිටි ස්ථානය අතර පරතරය අඩි 4ක් පමණ බව පොලිසියට නිරීක්ෂණය වී තිබිණි. එම පරතරය තුළ කිසිදු ලේ පැල්ලමක් නොතිබීම පිළිබඳ පොලිසියට සැක මතුව තිබිණි. මෙවැනි කුඩා දරුවකුගේ සිරුරට යටවී වීදුරු බෝතලයක් මේ තරම් කුඩා කැබැලිවලට බිඳී යා නොහැකි බවද පොලිස් නිලධාරීන්ට හැඟී ගොස් තිබුණා.

ජොනතන් දරුවාගේ මරණය, මනුෂ්‍ය ඝාතනයක්ද යන සැකය ඔස්සේ පොලිස් විමර්ශන තව තවත් තීව්‍ර කරන්නට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබුණේ ඉන් පසුවයි. ඒ අනුව දරුවා මියගිය ස්ථානයේ තණකොළ කපමින් සිටි පුද්ගලයාව පොලිසියට රැගෙන ගොස් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වුණා. එහිදී ඔහු පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබුණා.

තණකොළ කැපූ පුද්ගලයා කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි. ඔහු තණකොළ කපමින් සිටින අතරතුර යන්ත්‍රයේ සිදුවූ කාර්මික දෝෂයක් පරීක්ෂා කර ඇති අතර, ඒ සමගම අසල තිබූ වීදුරු බෝතලයක යන්ත්‍රය වැදී ඇති බවත්, වීදුරු බෝතලය බිඳීම වැළැක්වීම සඳහා යන්ත්‍රය ඉවතට ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේ එය දරුවාගේ උදරයේ වැදුණු බවත් ඔහු පාපොච්චාරණය කර තිබුණා.

එහිදී කැපුම් තුවාල සහිතව දරුවා ඇදවැටී ඇති බවත්, තමාගේ අත්වැරැදීමකින් මරණය සිදුවූ බව නොපවසා, වීදුරු බෝතලයේ කටු ඇනීම නිසා දරුවා මියගිය බව හැඟවීමට සිතා තමා ක්‍රියා කළ බවත් ඔහු වැඩිදුරටත් පාපොච්චාරණය කර තිබුණා. ඔහු 119 හදිසි ඇමතුම් අංකයට අමතා දරුවා මියගොස් ඇති බව දැනුම් දුන් බවද ඔහු පොලිස් නිලධාරීන්ට පවසා ඇත. කෙසේ වෙතත් ජොනතන් දරුවාගේ මරණය සම්බන්ධයෙන් මෙම තණකොළ කපන්නා සැකපිට අත්අඩංගුවට ගැනීමටයි මුල්ලේරියාව පොලිසිය කටයුතු කර තිබුණේ.

පුංචි ජොනතන් අධ්‍යාපනය ලැබූ තලාහේන විසාලා පාසලේ ගුරුතුමියක වන නිරෝෂා විමලසූරිය මහත්මිය, දරුවාගේ මරණය සම්බන්ධයෙන් පවසා සිටියේ මෙවැන්නකි.

‘මේ දරුවා ඉගෙනගත්තේ මගේ පන්තියේ. දරුවාගේ නම ජොනතන් මාක්ස් ෆොන්සේකා වුණාට මම ඔහුට ආදරේට කිව්වේ ජොනී කියලා. ඇත්තටම ඒ දරුවා පාසලට එන්නේ සීයා එක්ක. හැම තිස්සේම මම සීයාට කියන දෙයක් තමයි සීයේ දරුවා රැකගන්න කියන එක. නිවාඩු දෙන සතියේ මම දෙමවුපියන්ට කිව්වේ දරුවන්ව පරිස්සම් කරගන්න කියලා. මේ දරුවා දක්ෂයි. ළෙන්ගතුයි. දෙන වැඩේ හරියට කරනවා.

Sri Lanka Latest News

මම හැම තිස්සේම අවවාද දෙන්නේ, දෙමවුපියන්ට කියන්නේ දරුවන්ට මීට වඩා රැකවරණය ආරක්ෂාව දෙන්න කියලා. දරුවෝ දාලායන්න එපා. හෙට මම ඉස්කෝලේට යනවා. දරු පැටව් ටිකයි මමයි හෙට තනි වෙනවා. නාම ලේඛනයෙන් ජොනතන්ගේ නම කපාගන්නේ කොහොමද? ලබන ආත්මෙවත් හොඳ රැකවරණය ලැබෙන තැනක ඉපදෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා…’

පුංචි ජොනතන්ගේ පාසල් මිතුරු මිතුරියන්ද ඔහුගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට පැමිණ සිටියා. ජොනතන්ගේ පුංචි මිතුරකු ඔහු පිළිබඳ මතකද අවදි කළේ මෙලෙසයි. ‘මගේ හොඳම යාළුවා ජොනී. එයා මට කෑම ගෙනත් දෙනවා. අපි එකට සෙල්ලම් කරනවා’ යනුවෙනි.

ජොනතන් ක්‍රිස්තියානි දහම ඇදහූ දරුවෙක්. පල්ලියේ පියතුමන්ලාගේද, පවුලේ ආදරණියයන්ගේද ශෝක ගීතිකා මැදින් ජොනතන් අවසන් ගමන් යන්නට වුණා. පවුලෙන් වෙන්ව සිටි නමුත් ජොනතන්ගේ පියාද ඔහුගේ අවසන් මොහොත වෙනුවෙන් පැමිණ සිට අයුරු දැකගත හැකි වුණා. ජොනතන්ගේ මව අවස්ථා කිහිපයකදීම දරු දුක දරාගත නොහැකිව සිහිසුන් වන අයුරු දක්නට ලැබුණා.

පසුගිය 11 වැනිදා තලාහේන පොදු සුසාන භූමියේදී පුංචි ජොනතන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණා.

වර්තමානයේ බොහෝ මවුපියන්, දරුවන්ගේ අසාවන්ට මුල්තැන දෙනවා. නමුත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන වැඩිදුර හිතන්නේ නැහැ. දරුවන්ව අනාරක්ෂිත ස්ථානවල තබාගෙන වැඩකටයුතු සිදුකරනවා. එවැනි කටයුතුවල අවදානම බරපතළකම හැඟෙන්නේ මෙවැනි අනතුරක් සිදුවුණු විටයි. පවුලක මව සහ පියා අතර බැඳීම් නොමැති අවස්ථාවලද දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වීම බහුලව දැකිය හැකිය. නමුත් දරුවන්ගේ ආරක්ෂාවට මුල්තැන ලබාදීමට සියලු දෙනා වගබලාගත යුතුමයි.

‘අනෙක් සියලු වැඩ දෙවැනි තැනට දමා දරුවන්ගේ ආරක්ෂාවට මුල් තැන ලබාදිය යුතුය. තම ආදරණීයයන්ව, විශේෂයෙන්ම දරුවන්ව මොහොතකටවත් අනාරක්ෂිත ස්ථානයක තබන්නට එපා. දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්න…’ යනුවෙන් සෑම මවකටම, සෑම පියෙකුටම වටිනා පාඩමක් උගන්වා පුංචි ජොනතන් අපෙන් සදහටම සමුගෙන ගියා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

EPF-ETF ජනතා අරමුදල් IMF එකට බිලිදෙනවාට එරෙහිව රට පුරා පෝස්ටර් ඇලවේ! I Sri Lanka Latest News

Next Post

බීලා නම් වාහන එළවන්න යන්න එපා! 01 දා සිට පොලිසිය පැය 24ම මහපාරේ! I Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

සුරේශ් සලේ මහතා සිය අවසන් කැමති පත්‍රය සහ ඊට අදාල නීතිමය ලේඛන සකස් කිරීම සදහා සිය නීතීඥයා හමු වීමට අවශ්‍ය...

Read more
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.