• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු… ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු…

April 10, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු… ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු…
Share on WhatsAppShare on Facebook

ඉවසීම, කරුණාව, දයාව වැනි ගුණධර්ම වත්මන් සමාජයෙන් වේගයෙන් ගිලිහී යමින් තිබෙනවා. පසුගිය වසර කිහිපය පුරාම ඊට සාක්ෂි සපයන සිදුවීම් ගොන්නක් ‘මව්රට’ පුවත්පත හරහා අප ඔබට වාර්තා කළා. එවැනි අවාසනාවන්ත සිදුවීම් තව තවත් සිදු නොවේවා යැයි එම සෑම ලිපියක් අවසානයේම අප ප්‍රාර්ථනා කළත් එය හුදු සිතුවිල්ලක්ම පමණක් බව තහවුරු වෙමින් තිබෙනවා.

දරුවෙක් මෙලොවට බිහිවූ දා පටන් එම දරුවා යහපත් ගුණධර්මවලින් යුතු නිරෝගිමත් දරුවකු ලෙස ලෝකයට දයාද කරන්නට මවුපියවරුන් නොගන්නා උත්සාහයක් නැහැ. දරුවෙක් තම කුස පිළිසිඳ ගත් බව දැනගත් දා පටන් ඒ මවුපියවරුන් පන්සලට දේවස්ථානයට ගිහින් ප්‍රාර්ථනා කරන්නේ සමාජයට යහපත් දරුවකු දායාද කරන්නට අවස්ථාව සලසා දෙන ලෙසයි. හොඳ දරුවෙක් ලෝකෙට දායාද කරන්න අවශ්‍ය කරුණු අතරින් ප්‍රධාන වන්නේ ආදරය සහ අවධානයයි. ගසක් ලස්සනට හදන්න නම් ඒ ගසට නිසි පෝෂණය දිය යුතුයි. ඒ ගසේ අතු රිකිලි කපලා ලස්සනට වැවෙන්න ඉඩ සැලැස්විය යුතුයි. එවිටයි ගසක් දලුලා ලස්සනට වැඩෙන්නේ. පුංචි දරුවකු වුණත් ඒ වගෙයි. ගුණයහපත්කම්වලින් පෝෂණය වූ දරුවකු රටට දායාද කරන්නට නම් ඒ සඳහා මවුපියන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. නිරන්තර දරුවා ගැන සොයා බැලීම, යහපත් සමාජ ආශ්‍රයක් ලබාදීම, නිසි පෝෂයක් ලබාදීම වැනි භාරදූර කාර්යයක් ඒ දරුවා වෙනුවෙන් ඔහුගේ මවුපියන් ඉටුකළ යුතුයි. එවැනි අවධානයක් නොමැති වූ තැන දකින්න ලැබෙන්නේ සමාජයටම පිළිලයක් හිරිහැරයක් වන දරුවකු බිහිවීමයි.

ඈත අතීතයේ පවා ජීවත් වූ දරුවන්, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන උතුම් ගුණයන්ගෙන් යුතු තම මවුපියන්ව පෝෂණය කළ අයුරු අපේ පැරැණි පොත්පත්වල සඳහන් වෙනවා. ඒ දරුවන් රටට සමාජයට යහපත් ලෙස සේවය කරමින් ධාර්මිකව ජීවත් වුණා.

දරුවන් විසින් මවුපියන්ටත්, මවුපියන් විසින් දරුවන්ටත් ඉටුකළ යුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දී තිබෙනවා. දරුවන් අයහපතෙන් මුදාගෙන යහපතෙහි පිහිටුවීම මවුපියන්ගේ වගකීමක්. එසේම දරුවන්ට කල්‍යාණ මිතුරන් ආශ්‍රය කිරීමට ඉඩ සැලැස්වීම, අධ්‍යාපනය ලබාදීම වගේම නිසි කලට විවාහයක් සිදුකර දීමත්, බවබෝග සම්පත් පවරා දීමත් තමන්ට හැකි පමණින් ඉෂ්ට කිරීම මවුපියන්ගේ වගකීමක්. එසේ නොමැති තැන එය මවුපියන් සහ දරුවන් අතර දුරදිග යන ආරවුල් බවට පත්වීමටද ඉඩ ඇත.

වර්තමානයේ බොහෝ මවුපියන් තරගකාරි අධ්‍යාපන රටාව පසුපස පමණක් හඹායමින් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වෙහෙසෙනවා. ඒ හැර දරුවන්ගේ සාරධර්ම ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ සුළු හෝ අවධානයක් යොමුවන්නේ නැහැ.

එවැනි සාරධර්ම පිළිබඳ අල්පමාත්‍ර හෝ හැඟීමක් නොමැති පින්මඳ පුතෙකු සිදුකළ ම්ලේච්ඡ ඝාතනයන් දෙකක් පිළිබඳ පසු

ගිය 04 වැනිදා රාත්‍රියේ ඇල්ල බල්ලකොටුව නාවෙලගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙම පුද්ගලයා තම මිත්තණිය සහ සීයාව සාහසික ලෙස පොරවකින් කොටා ඝාතනය කර තිබුණා. එලෙස ඝාතනයට ලක්ව තිබුණේ 75 හැවිරිදි ආර්.ඩී. එඩ්වින් සහ 69 හැවිරිදි ඊ.ඩී. ගුණවතී යන වයෝවෘද්ධ යුවලකුයි. සැකකරු තම ආච්චී සහ සීයා වූ එම යුවලගෙන් මුදල් ඉල්ලා නිතරම කරදර කර ඇති බවත්, ඔවුන් තම මුණුබුරාට එලෙස මුදල් ලබා නොදීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමකදී ඔහු මෙම ඝාතනය කර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිව තිබුණා.

මෙම ඝාතන සිදුකළ සැකකාර මුණුබුරා යුද හමුදා සේවයේ නිරතව සිට ඉන් පලා ආ 22 හැවිරිදි සෙබළෙකි. ඔහුගේ පොරෝ පහරින් බරපතළ තුවාල ලැබූ ආච්චී සහ සීයා දෙමෝදර සහ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා. ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන බව දැනගන්නට ලැබුණා.

ආච්චිලා සීයලා තමන්ගේ මුණුබුරන්ට සෙනෙහස දක්වන්නේ තමන්ගේ දරුවන් හා සමානවයි. මුණුබුරා මුදල් ඉල්ලා සිටි අවස්ථාවල ඔවුන් ඔහුට මුදල් දෙන්නට ඇති. එහෙත් මුදල් නැති අවස්ථාවක කෙලෙසක නම් මුදල් දෙන්නද? දිගින් දිගටම මුදල් ඉල්ලා සිටි විට මේ වයෝවෘද්ධ යුවල කෙසේ නම් එම ඉල්ලීම ඉටු කරන්නද? ඔවුන් සතුව මුදල් නැති බව කොයි තරම් කීවත් මේ අකාරුණික මුණුබුරා එය නොතකන්නට ඇති. හොඳ නරක තේරුම් ගැනීමට තරම් ඔහුගේ මනස දියුණුව‌ තිබුණා නම් මේ අහිංසක ආච්චිත්, සීයාත් අදත් ජීවතුන් අතර සිටින්නට තිබුණා.

වර්තමාන සමාජයේ සාරධර්ම පිරිහිලා. දරුවන්ගේ මනස විකෘති තත්ත්වයට පත්වෙලා. පුංචි කාලේ ඉඳන්ම දරුවකුට දහම් අධ්‍යාපනය ලබාදිය යුතුයි. වැඩිහිටියන්ට ගරුකිරීම, සත්‍යයට ගරු කිරීම, වැනි ගුණධර්ම වර්තමාන දරු පරපුරෙන් ගිලිහිලා. ක්ෂණික කෝපය දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් දරාගන්න බැරිවෙලා.

ඉස්සර ආච්චිලා සීයලා පුංචි දරුවන්ට කතන්දර කියලා දෙන්නේ සොබාදහම, බුදුදහමේ හරය ගැන සුන්දර කතන්දරයි. නමුත් අද සමාජයේ කාර්යබහුලත්වය සහ තරගකාරීත්වය නිසා මෙවැනි අවස්ථා දරුවන්ට අහිමි වෙලා. ඒ නිසාම යහපත් පෞරුෂත්වයකින් යුත්, ගුණයහපත් දරුවන් සමාජයේ දකින්නට ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ඒ වෙනුවට මුදල් පසුපසම හඹා යන රොබෝවරුන් වැනි සිත්පිත් නැති දරු පරපුරක් සමාජයට බිහිවෙමින් සිටිනවා. ඇතැම් මවුවරුන් තම දරුවන්ව අච්චි සීයා ට භාරදී විදෙස්ගත වීමද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. එවිට එම දරුවන්ගේ ජීවිතයේ සියලු වගකීම පැවරෙන්නේ ඒ වයෝවෘද්ධ ආච්චිට සහ සීයාටයි.

සමහර දරුවන් තමන්ගේ අම්මාට වැඩිය ආච්චිට සීයාට ආදරෙයි. බොහෝ ආච්චිලා සීයලා තම විශ්‍රාම වැටුප ලබාගත් පසු ප්‍රථමයෙන්ම සිදුකරන්නේ තම මුණුබුරු මිණිබිරියන්ට තෑගි මිලට ගැනීමයි. තමන්ට කොයි තරම් දේ මිලට ගැනීමට තිබුණත් ඒ සියල්ල මුණුබුරන් වෙනුවෙන් කැපකරන්නට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ. ගෙදර ඇඳ දරුවන්ට දීලා බිම නිදාගන්නා වැඩිහිටියන් අනන්තවත් මේ සමාජයේ ඉන්නවා. ආච්චිලා සීයලා ඉහළ අධ්‍යාපනයක් ලබා නොතිබෙන්න පුළුවන්. ඒත් ඔවුන් සිහින දකින්නේ තමන්ගේ දරුවන් මුණුබුරන් සමාජයේ ඉහළම තැනකට එනවා දකින්නයි.

සමහර දරුවන්ට ‘අම්මා’ කිව් සැණින් මතකයට එන්නේ තමන්ගේ අම්මාව නෙවෙයි, ආච්චි අම්මාවයි. ඒ, තමන්ගේ ජීවිතය ගොඩනැගුවේ තමන්ගේ ආච්චි අම්මා නිසයි.

වර්තමාන සමාජයේ තරුණ දරුවන් ගංජා හෙරොයින් අයිස් වැනි විෂ මත්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත්වෙලා. දරුවන්, මවුපියන්ගේ අවධානයෙන් ගිලිහෙන මොහොතක් පාසා ඒ දරුවන්ට අත්වන භයානක ඉරණම එයයි. තරුණ වයසට එළැඹෙන තුරු දරුවන් දෙස දැඩි අවධානයක් යොමු නොකළහොත් ඒ දරුවන්ගේ ජීවිත අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරු වීමට ඇති ඉඩකඩ බොහොමයි.

අද අප වාර්තා කළ මේ ඛේදවාචකයට මුල් වූ මුණුබුරාද කුඩා කාලයේදී තම මවුපියන්ගේ සෙනෙහස, අවධානය නොලැබුණු අයකු වන්නට හැකියි. එලෙස මවුපිය සෙනෙහස ලැබුණු අයෙකු නම් කිසි දිනෙක මෙවැනි ඝාතනයක් ඔහු අතින් සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වයට පත්වන්න තමන්ගේ දරුවන්ව ඉඩ තබන්න එපා කියලා මුළු සමාජයෙන්ම ඉල්ලා සිටිනවා.

අලගියවන්න මුකවැටිතුමා ‘සුභාෂිතය’ ග්‍රන්ථයේ ‘පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු – ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’ යනුවෙන් සඳහන් කළ අදහස අද සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් ගෙන දෙනවා. සමාජයට වැදගත් වන්නේ නැණ-ගුණ සපිරි දරුවන්මයි.

මේ සියලු ගුණයන්ගෙන් දරුවන් පෝෂණය කළොත් පමණයි මේ ලෝකයේ ඝන අන්ධකාරය දුරුකරන්නට හැකිවන්නේ. හෙට දවසේ ලෝකය ලස්සන කරන්නට, එළිය කරන්න පුළුවන් වන්නේ එවිටයි. ඒ අදහස සිතේ දරාගෙන සියලු මවුපියවරුන් තමන්ගේ දරු මුණුබුරන් සාරධර්මවලින් පෝෂණය කරන්නටත්, ඉවසීම, දයාව, කරුණාව දරුවන්ගේ හදවත් තුළ රෝපණය කරන්නටත් වගබලා ගත යුතුය.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඉරාජ්ගේ මඩ සහ අශේන්ගේ බි.ක., YouTube එක බලලා වැලිසර හන්දියට ගිහිල්ලා හොඳම එක තෝරගන්න…

Next Post

මැතිවරණ කොමිසම අද දිනේෂ්ව හමුවෙයි! ඡන්දය අගෝස්තුවට දාගනී?

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.