• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නච්ච ගීත වාදිත විසූක දස්සන මේවා තමා නරි නාටක ලෝකෙ හිනස්සන…

May 5, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
නච්ච ගීත වාදිත විසූක දස්සන මේවා තමා නරි නාටක ලෝකෙ හිනස්සන…
Share on WhatsAppShare on Facebook

මේ රටේ වැඩිපුරම ඉන්නේ විවිධ ආගම් අදහන්නෝ. ඒක මම එහෙම කිව්වේ ලෝකෙ සමහර රටවල් තියෙනවා වැඩි ප්‍රතිශතයක් නිරාගමිකයි. ඒගොල්ලන්ට ආගමක් නෑ. ඒගොල්ලෝ හරිද, මේගොල්ලේ වැරැදිද? ඒක අපට නිගමනය කරන්න බෑ. ඒකට හේතුව නිරාගමිකයන් සහ ආගමිකයන් අතර තියෙන වෙනස මොකක්ද කියලා කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න මම දන්නේ නැති නිසා. මම දන්නෙ නැති වීම මගේ වරදක් නිසා පාඨක ඔබට ඒකට උත්තර හොයන්න මම පවරන්නෙත් නෑ. ඒක මට අනුව නම් සංකීර්ණ ප්‍රශ්නයක්. උත්තර දෙන්න අමාරු ගැටලුවක්.

දැන් අපි මේ කාරණාවට යමුකෝ. ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් ආගම් අදහනවා. දැඩි ආගමික භක්තිකයෝ. පෝයට පන්සල් යෑමෙන් පටන් අරගත්තම, ඉරිදාට පල්ලි යනවා, සතියේ සමහර දිනවල පල්ලි යෑමේ සිරිතක් තියෙනවා, අනිවාර්යයෙන් සිකුරාදාට මුස්ලිම් පල්ලියට යනවා. මේ හැමෝම මේ දේවල් කරනවා. එහෙම කරනවා නම් ඒ අය මේ ආගමික ප්‍රතිපත්ති රැකිය යුතුයි නේ. ආගම් ඇතුළේ විවිධ නීතිරීති පනවලා, ඒ අයට සීමා මායිම් දාලා තියෙනවා. උදාහරණයක් විදියට බෞද්ධාගමේ පන්සිල් තියෙනවා. කතෝලික ආගමේ දස පනත තියෙනවා. කුරානයෙත් මේ වගේ විස්තර සඳහන් වෙලා තියෙනවා. හින්දූන්ගෙත් මේ වගේ පුද සිරිත් ගොඩක් තියෙනවා. මස් මාළු නොකන එකේ ඉඳලා, පරදාර සේවනය නොකරන එකේ ඉඳලා සමහර ආගම්වලට විශේෂ වෙච්ච සාමාන්‍ය සරල කාරණාත් තියෙනවා. රැවුල කපන්නෙ නැති එක, බුර්කාව අඳින එකත් ඒ වගේ. කෙනකුට කියන්න පුළුවන් ඒවා ඉතා අමනෝඥ දේවල් කියලා. තව කෙනෙක් කියනවා ඒක ඉතා වටිනා දෙයක් කියලා. මේ හැම ආගමික විශ්වාසයක්ම හැම චාරිත්‍ර වාරිත්‍රයකටම ඇත්තටම යටගියාවක් තියෙනවා. මේ කාරණාවල් හැදෙන්න හේතුවක් තියෙනවා. ඒවා හොයන්නේ නැතුව කිසිම ආගමකට චෝදනා කරන්න හරි, කිසිම ආගමක් නරකයි, අරකට වඩා මේක හොඳයි කියලා වර්ණනා කරන්න යන්න එපා. ඒක තමයි අපි ඔබට කරන යෝජනාව.

මොකක්ද දැන් මේ කියන්න හදන්නේ? ඔබ දකින්න ඇති පහුගිය දවසක චීවරයක් ඇඳගත්ත, එහෙම නැත්නම් තැඹිලිපාට රෙද්දක් ඇඟේ පොරවගත්ත මනුස්සයෙක් තරුණයන් පිරිසක් එක්ක නටමින් විනෝද වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වුණා. මේ කහපාට ඇඳුම ඇඳගෙන හිටපු මනුස්සයා භික්ෂුන්වහන්සේ නමක් කියලා බොහෝ දෙනෙක් හඳුන්වලා තිබුණා. ඇත්තටම මේ භික්ෂුවක් නම්, ඇත්තටම මේ විහාරස්ථානයක වැඩවසන භික්ෂුන්වහන්සේ නමකට යැයි අප සාමාන්‍යයෙන් හඳුන්වන කෙනෙක් නම් එතැන පොඩි අවුලක් තියෙනවා. ඇත්තටම පොඩි අවුලක් නෙවෙයි ලොකු අවුලක් තියෙනවා. ඒ ගැන කතා කරන්නම වෙනවා. ඒක වෙනමම කතාවක්.

චීවරධාරියෙක් මේ වගේ නාඩගමක් නටන එක සම්බන්ධයෙන් පියවර ගතයුත්තේ කවුද, ඒ සඳහා ඒ අය පියවර ගත්තද කියන එක ගැන හොයා බලන්න අවශ්‍යයි. ඒකට හේතුව තමයි මේ භික්ෂුන් වෙනුවෙන් ගම්වල අහිංසක මිනිස්සු තමන්ගේ අන්තිම සතේටම වියදම් කරන තැනට පත්වෙන හින්දා. වෙහෙර විහාරස්ථාන හදන්න, පල්ලි කෝවිල් හදන්න මිනිස්සු ඔවුන්ගේ සේසතම දන්දීලා ඉවරයි. කනේ දාන කරාබු දෙක, කරේ දාන මාලේ වෙහෙර විහාරස්ථානවල නිදන් කරන අහිංසක මිනිස්සුන්ට මේ වගේ නාඩගම් දැකබලා ගන්න ලැබුණාම රිදෙන්නේ ඒ මිනිස්සුන්ගේ පපුව. ඒක මේ මිනිස්සු හිතන්න ඕනේ. ඔවුන් කල්පනා කරන්න ඕනේ. ඇත්තමට චීවරධාරීන් බොහෝ දෙනෙක් තමන්ගේ සාමාන්‍ය විනයවත් ආරක්ෂා නොකරන බව අපි බොහෝ තැන්වල දැකලා තියෙනවා. ඒක චීවරධාරීන්ට විතරක් නෙවෙයි පල්ලි, පන්සල්, කෝවිල් කොයි එකටත් පොදුයි. බොහෝ දෙනෙක් තමන්ට අවශ්‍ය ආකාරයෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය පහසුකම් නිර්මාණය කරගෙන තියෙනවා. බුදුන් සියල්ල අත්හල තැන චීවරධාරීන් බොහෝ දේ එකතු කරන බව අපි දන්නවා. හැබැයි අපි මේ චෝදනා කරන්නේ සියලු භික්ෂුන්ට නෙවෙයි. ලංකාවේ සිල්වත් යැයි පිළිගත හැකි, මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින, තමන්ට හැකි උපරිමයෙන් හෝ සිල් රකින භික්ෂුන්වහන්සේලා ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේම අපි දන්නවා භික්ෂුවක් විදියට සීලය රකින එක, චීවරයක් දරන එක, මිනිස්සුන්ගේ පාංසුකූලෙට දානෙට මානෙට යන එක, රෑ එළිවෙනකල් පිරිත් කියන එක දුෂ්කර වැඩක්. ඒක පහසු දෙයක් නෙවෙයි. සියලු විසූක දස්සන පිරිච්ච ලෝකෙක සිවුරක් අස්සේ ජීවිතේ සියලු ආශාවන් හංගලා දාලා ඉන්න බැරි තරමටම මේ අයව නොමඟ යනසුලු සමාජයක් මේ රටේ තියෙන බවත් අපි දන්නවා. මේ කවුරුවත් නිවන් දැකපු අය නෙවෙයි. මාර්ගඵල ලබපු අය නෙවෙයි. මේ අය පෘථග්ජනයෝ. ඔවුන් අතින් වැරැදි විය හැකියි. හැබැයි ගමේ කතාවක් තියෙනවා ඌරගේ මාළු කෑවට කමක් නෑ, හැබැයි පිටේ බැඳගෙන කන්න එපා කියලා. ඒ නිසා අපි කියන්නේ මේ වගේ විකාර වැඩ, ජවුසම් වැඩ පාරෙ තොටේ මිනිස්සුන්ට පේන්න වීඩියෝගත කරගන්න පුළුවන් විදියට කරපු අය සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතුයි.

මේ වගේ නාඩගම් අපි ඕනෙ තරම් දැකලා තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. පහුගිය දවසක පල්ලියකට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා ඒ සම්බන්ධව පිස්සුවක් නැටුවෙත් එක්තරා ආගමක ප්‍රධානියෙක්. මවුලවිවරයෙක්. වැරැදි තොරතුරු දීලා, රට ඇතුළේ කලබලයක් ඇතිකරලා, ජාති ආගම් කුල භේද ඇතිකරලා, මිනිස්සු කොටවලා මේ රට ගිනිතිබ්බ චීවරධාරීන් ගැන අපි අහලා තියෙනවා. මිනිස්සු එකතු කරන්න, සාමයෙන් සමගියෙන් මිනිස්සු බැඳෙන තැනට පත්කරන්න, මිනිස්සුන්ට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් විදියේ පරිසරයක් නිර්මාණය කරන්න, උඹේ ජාතිය, උඹේ ආගම මට වඩා වෙනස් කියලා නොදැනෙන විදියට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්නයි ආගමික ශාස්තෘවරුන් අවශ්‍ය. හැබැයි ඇත්තටම දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒකද කියන එක අපට ප්‍රශ්නයක්.

ඒ ඒ නිකායවල ප්‍රධාන ස්වාමින්වහන්සේලාගෙනුත්, මහානායක ස්වාමින්වහන්සේලාගෙනුත් අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් ඇහැට පේන, කනට ඇහෙන පියවරක් ගන්න කියලා. ශාසනය රකින්න විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ හීන පරිස්සම් කරන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නැව-අල්ලස විතරක් ඩොලර් මිලියන 250යි-නිව් ඩයමන්ඩ් නැව-පාඩුව ඩොලර් මිලියන ගණනක්, නැව් ටෝක් අස්සේ ඩොලර් මිලියන 67කට කෙළිය හිපෝ ස්පිරිට් ගූ නැව මතකද?

Next Post

වත්තේගම මලියදේව ලෙන් විහාරයේ බුදුපිළිමයක් යටින් අලුත් උපන් දරුවෙක් මතුවෙයි!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.