• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්ස්ප්‍රස් පර්ල් නැව-අල්ලස විතරක් ඩොලර් මිලියන 250යි-නිව් ඩයමන්ඩ් නැව-පාඩුව ඩොලර් මිලියන ගණනක්, නැව් ටෝක් අස්සේ ඩොලර් මිලියන 67කට කෙළිය හිපෝ ස්පිරිට් ගූ නැව මතකද?

May 4, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
එක්ස්ප්‍රස් පර්ල් නැව-අල්ලස විතරක් ඩොලර් මිලියන 250යි-නිව් ඩයමන්ඩ් නැව-පාඩුව ඩොලර් මිලියන ගණනක්, නැව් ටෝක් අස්සේ ඩොලර් මිලියන 67කට කෙළිය හිපෝ ස්පිරිට් ගූ නැව මතකද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට හැරයන්නට වූ ගාලුමුවදොර අරගලයට මඟ පෑදූ ජනතා නැගිටීමේ මුල සොයාගෙන යන්නකුට රසායනික පොහොර තහනම ළඟින් තම ගමන නතර කළ හැකිය. චීවරධාරී රතන සහ එම්.බී.බී.එස්. උපධිධාරී පාදෙණිය ප්‍රමුඛ පොතේ ගුරලා නඩය අතදරුවෙක් සේ නොමඟ යවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර සහ කෘමිනාශක එක රැයින් තහනම් කරමින් ගත් මෝඩ තීන්දුව නිසා රටක් ලෙස අප ලද පසුබෑම අදටත් ආපසු හැරවිය නොහැක. ගිය නුවණ ඇතුන් ලවා හෝ ආපසු ඇද්දවිය නොහැකි බව සැබෑය. එහෙත් රසායනික පොහොර තහනම් කිරීමත් ඊට සමගාමීව හිතුවක්කාර ලෙස චීනයෙන් ගෙන්වූ පොහොර නමින් අසූචි නැවට ඩොලර් මිලියන 6.9ක ධනස්කන්ධයක් නිකරුණේ ගෙවා දැමීමත් පිටුපස ඇති අදටත් අප්‍රකාශිත කරුණු පිළිබඳ කතාකිරීම කාලීන වටිනාකම් සහිතය.

මේ පෘථිවිය මත ඇති වගාබිම්වලින් පූර්ණ කාබනීකරණයට ලක්ව ඇත්තේ 1.5%ක තරම් අඩු ප්‍රමාණයකි. එම ප්‍රමාණයෙන් 70%ක පමණ සත්ව ආහාර ලෙස වවා ඇති තණ බිම් වෙයි. ජනාධිපතිවරයා සහ ඔහු වටා සිටි කේවට්ටයන් මේ රටේ මිනිසුන් කන්නේ තණකොළ යැයි සිතා ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකර්මය එක රැයින් කාබනීකරණය කරන්නට තීරණය කරන ලදී. ඒ සමගම මෙරට වෙළෙඳපොළේ තිබූ රසායනික පොහොර කළු කඩයට මාරුවී මාහා පොහොර හිඟයක් ඇති විය. අක්කර දෙතුන්සීයේ කුඹුරු යායවල් පොහොර නැතිව හේබා යද්දී ගත් ණය ගෙවන්නට බැරිව ගොවියෝ හිස අත් ගසාගත්හ. රුපියල් දෙතුන් දහට තිබූ යූරියා මල්ල විසිතිස් දාහට ඉහළ නැග්ගේය. සති දෙක තුනක් යන්නට පෙර රසායනික පොහොර මුළුමනින්ම වෙළෙඳපොළෙන් අතුරුදන් විය. රසායනික පොහොර සඳහා ආණ්ඩුවේ ආදේශකය වූයේ කාබනික පොහොරය. දිරායන ශාක සහ සත්ව කොටස් මුල් කරගත් කාබනික පොහොර පරිසරහිතකාමීය. එහෙත් ඒවායේ නයිට්‍රජන් ප්‍රතිශතය රසායනික පොහොරවලට සාපේක්ෂව අඩු අගයක් ගනී. ශාක වර්ධනයට අත්‍යාවශ්‍ය සෙසු සංඝටකද එසේමය. එබැවින් රසායනික පොහොර කිලෝවකින් ලබාගන්නා පලදාව ලබාගනුවස් කාබනික පොහොර කිලෝ දහයක් පහළොවක්වත් යෙදිය යුතු වේ. මේ නිසා ඕනෑම වගාවකට කාබනික පොහොර යොදන්නේ නම් ඒවා මහා පරිමාණයෙන් යෙදිය යුතු වේ. ලංකාවට අවශ්‍ය තරමට කාබනික පොහොර දේශීය නිපදවා ගන්නා බවට රජය පාරම්බෑවද ඒවා හුදු ප්‍රලාප පමණක් විය. එහෙයින් ආණ්ඩුවට ඉතිරිවූ එකම විකල්පය කාබනික පොහොර ආනයනයයි. එහෙත් ලංකාවේ පැවැති නිරෝධායන නීතිරීතිවලට අනුව කාබනික පොහොර පමණක් නොව වෙනත් කාබනික ද්‍රව්‍යද ආනයනය සපුරා තහනම් වෙයි.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් SLS 1704:2021 යනුවෙන් සකස් කළ ප්‍රමිතියක් කාබනික පොහොර සඳහා මෙරට ක්‍රියාත්මක වෙයි. එම ප්‍රමිතිය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක 1988 අංක 69 දරන පොහොර නියාමන පනත, 1964 අංක 44 දරන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත, 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත, 1980 අංක 26 දරන ආහාර පනත, 1992 අංක 59 දරන සත්ව රෝග පනත, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත, නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත (222 වැනි පරිච්ඡේදය), සහ ඒවායේ සංශෝධනවලින් පනවා ඇති සීමාකිරීම්වලට යටත්ව ක්‍රියාත්මක වන්නකි.

ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන පරිදි මෙතරම් දැඩි නීති සමුදායකින් කාබනික පොහොර ආනයනය නියාමනය කරනුයේ මෙරට ජෛව විවිධත්වය, පස සහ ජලයේ ආරක්ෂාව තහවුරු කරගැනීමටය. හානිකර ජීවීන්, දිලීර, බැක්ටීරියා වැනි දේ මෙරටට පමිණීම වළකාලීම මේ දැඩි නියාමන ක්‍රියවලියේ අරමුණ වෙයි.

‘සර් කියන දේ සර්ක්‍යුලර්’ ලෙසින් අර්ථ දක්වා සිටි ආණ්ඩුව සහ එහි අනුගාමිකයෝ මේ නීතිරීති තුට්ටුවකට මායිම්කරේ නැත. චීනයේ ක්ෂින්ඩාවෝ බයෝටෙක් ආයතනයෙන් කාබනික පොහොර තොගයක් ඇණවුම් කීරීමට ආණ්ඩුව කටයුතු කළේ මූලික නියැදි පරීක්ෂාවකින් පවා තොරවය. රටම එපා කියද්දී ගෙන්වූ චීන කාබනික පොහොර තොගයට මෙටි්‍රක් ටොන් 20,000ක් ඇතුළත් විය. එම පොහොර තොගයේ මූලික නියදි පරීක්ෂාව සිදුවූයේ ‘හිපෝ ස්පිරිට්’ නම් නෞකාවෙන් එම පොහොර මෙරටට ගෙන ආ පසුවය. 2021 වසරෙ ඔක්තෝබර් මාසයේ සිදුකළ එම නියැදි පරීක්ෂාවෙදී පොහොර තොගයේ අර්විනියා සහ බැසිලස් යන බැක්ටීරියවන් ඇතුළත් බව තහවුරු වන ලදී. මෙම බැක්ටීරියා අතරින් අරවිනියා නම් බැක්ටීරියාව මිනිසා ඇතුළු සතුන්ගේ ජීර්ණ පද්ධතියේ ඇති බැක්ටීරියාවක් වන බැවින් මෙම පොහොරවල මිනිස් අසූචි ඇති බව තහවුරු විය.

ශ්‍රී ලංකාව චීන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරන ලද අතර චීන සමාගමේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අදහස වූයේ දෙවැනි නියැදි පරික්ෂාවකට යායුතු බවයි. එහෙත් දෙවැනි පරීක්ෂාවේ වාර්තාවෙන්ද පෙර ප්‍රතිඵලයම ලබුණු බැවින් පොහොර තොගය ප්‍රතික්ෂේප විය. චීන සමාගම පරීක්ෂණ වාර්තා දෙකම ප්‍රතික්ෂේප කරමින් පොහොර තොගය බලහත්කාරයෙන් ශ්‍රී ලංකවේ ගොඩබෑමට උත්සාහ ගත්තේ ශ්‍රී ලංකාව චීනයේ කොලනියකැයි සිතාගෙනය. මුල් අවස්ථාවේ පොහොර තොගය වෙනුවෙන් පෙනී සිටි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ වන විට ඉන් ඉවත්ව සිටි නමුත් කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ දිගින් දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ ගනිමින් සිටියේය. චීන තානාපති සමග සකච්ඡා කළ ඔහු පොහොර තොගය නියමිත ප්‍රමිතියට සකස් කරන්නේ නම් එය බාර ගැනීමට කැමැත්ත පළ කළේය. මාධ්‍ය මගින් කරන ලද දැනුවත් කිරීම් නිසා ඒවන විටත් ජනතාව මේ පොහොර තොගයට එරෙහිව නැගී සිටීන්නට වූහ. එහෙත් එහෙත් චීනය අමනාප කරගැනීමට නොහැකි බව කියමින් කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා සිය ස්ථාවරයේම රැඳී සිටින ලදී. රාජපක්ෂවරයෙක් මේ ගනුදෙනුවට උනන්දුවෙන් පෙනීසිටීම සහ මූලික පරීක්ෂාවෙන් තොරව ලංකාවට පොහොර ගෙන ඒම නිසා මේ පොහොර ගනුදෙනුව සාමාන්‍ය එකක් නොව දේශපාලන බලය මුසුවුණු එකක් බව පැහැදිලි විය. මෙම ගනුදෙනුව ගැන චීනය දැරූ දැඩි මතය සැබැවින්ම සැක උපදවන්නක් විය. ඉතා කුඩා වෙළෙඳපොළක් සහිත ශ්‍රී ලංකාව වැනි රටක් මත දැඩි බලපැමක් එල්ල කරමින් මෙරට පස දිය නසනා හානිකර පොහොර තොගයක් බලහත්කාරයෙන් ගොඩබාන්නට උත්සාහ ගැනීම හුදු වාණිජ අරමුණු ඉක්මවා ගි‍ය එකක් විය හැක. මන්ද ඉන්දු චීන භූ දේශපාලනයේ උණුසුම දැනෙන ප්‍රේරණ කලාපයේ පිහිටි ශ්‍රී ලංකාවේ ජෛව සංහාරයක් ඇතිකර එමගින් වාසි ලබාගැනීම චීනයේ අරමුණ වූවා විය හැක. එසේ නොවුණේ නම් දැවැන්ත ආර්ථිකයක් හිමි චීනය වැනි රටක් ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටකින් ඩොලර් මිලියන 6ක් ලබාගැනීමට මෙතරම් දැඩි බලයක් පෙන්වන්නේ නැත. චින තානාපතිට අමතරව චීනයේ විදේශ අමාත්‍යාංශයද මෙම ගනුදෙනුවට මැදිහත් වීමෙන් ඒ බව පැහැදිලි වෙයි. කාබනික පොහොර ගෙන්වීම ශ්‍රී ලංකාවේ සහ චීනයේ සමාගම් දෙකක් අතර සිදුවුණු ගනුදෙනුවක් මිස රාජ්‍යයන් දෙකක් අතර ගනුදෙනුවක් නොවූමුත්, බැංකුවක් අසාදු ලේඛනගත කිරීම වැනි සංකීර්ණ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාර දැක්වීමට චීනය ඉක්මන් වීම අදටත් සැක උපදවයි. එමෙන්ම කෘෂිකර්ම ඇමැතිවරයා පසකටලා පොහොර ගෙවීමේ බලය රාජ්‍ය ඇමැතිවරයකුට පැවරීමත්, ඔහු රාජපක්ෂවරයෙක් වීමත් ඒ සැකය තීව්‍ර කරයි.

මෙම සිද්ධියේදී රජයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩි ස්ථාවරයක සිට කටයුතු කරනු දැකගත හැකිවීම සැමගේම සැනසුමට හේතුවක් විය. චීන පොහොර සමාගම මධ්‍යස්ථ තුන්වැනි පාර්ශ්වයකින් පොහොර නියැදි පරීක්ෂාවට යෝජනා කළද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ අනම්‍ය ප්‍රතිපත්තිය සහ ජනතා විරෝධය නිසා ආණ්ඩුව පත්වූයේ අර්බුදයකටය. නැවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පවා ඉඩ නොදීමට කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා තීරණය කිරීම නිසා අර්බුදය දුරදිග යන්නට විය. චීන සමාගම වෙනුවෙන් විවෘත කර තිබූ ණයවර ලිපියට මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණය 2021 ඔක්තෝබර් 26 වැනි දින මහජන බැංකුවට වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි. ඊට සමගාමීව චීනය මහජන බැංකුව අසාදු ලේඛනගත කරන ලදී. එය ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව මත වැටුණු කළු පැල්ලමක් වූ අතර පවතින ආර්ථික අර්බුදය සමග චීනය කළ ක්‍රියාව නිසා පසුකාලීනව ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ලෝකය සැකයෙන් බලන්නට පුරුදු විය. මේ සියලු සිදුවූයේ ජනාධිපතිවරයෙක් ලෙස කිසිම දේශපාලන පලපුරුද්දක් නැති ගෝඨාභය රාජපක්ෂ වැන්නෙක් ජනපති පුටුවට ගෙන ඒම නිසා බව මේ වන විට ජනතාව තේරුම් ගනිමින් සිටියෝය. පසුකාලීනව ඉතා ආකර්ෂණීය සටන් පාඨයක් වූ GOTAGOHOME# විරෝධය බිහිවනුයේ මෙකී ජනතා අවබෝධය සමගය.

දැඩි මහජන විරෝධය හමුවේ අසූචි පොහොර තොගය රැගත් චීන නෞකාව සිංගප්පූරුව බලා පිටත්වූ බව කියවිණි. මේ වනවිට තවත් අරුම පුදුම දෙයක් සිදුවෙමින් තිබුණි. ඒ ‘හිපෝ ස්පිරිට්’ නමින් ලංකාවෙන් නික්ම ගිය චීන නෞකාව සිංගප්පූරුවේදී එහි නම ‘සෙයියෝ එක්ස්ප්ලෝර්’ ලෙස වෙනස් කර නැවත ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළත් වීමය. ෂිප් ඉන්ෆෝ නමැති ජාත්‍යන්තර නාවික දත්ත සටහන් විශ්ලේෂක ආයතනය මේ බව තහවුරු කර තිබීමත් සමගම යළිත් ජනතා කෝපය ආණ්ඩුවට සහ චීන පොහොර නැව දෙසට යොමුවන්නට විය. සෙයියෝ එක්ස්ප්ලෝර් නමින් වෙස්වලාගත් චීන අසූචි පොහොර නැව විටෙන් විට චන්ද්‍රිකා සබැඳියාවන් විසන්ධි කරමින් ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදේ ගැවසෙන්ට විය. මේ වන විට පොහොර තොගය නිසා ආණ්ඩුවේ අභ්‍යන්තරයේ පවා ගැටුම් අතිවන ලකුණු දැකගන්නට හැකි විය. ඊට අමතරව චීන ශ්‍රී ලංකා සබැඳියාවන් බිඳවැටෙන්නට ආසන්න අඩියකට පත්විය. චීනය මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම නිසා එම බැංකුවෙන් ණයවර ලිපි විවෘත කළ පුද්ගලයන් බරපතළ අර්බුදයන්ට ලක්වන්නට විය. අසූචි පොහොර නෞකාව දින 60කට ආසන්න කලයක් ශ්‍රී ලංකාව අවට ගැවසෙමින් තිබූ අතර ප්‍රශ්නය බේරාගැනීමට නම් ශ්‍රී ලංකාවට පොහොර තොගය සඳහා මුදල් ගෙවීමට සිදුවන බව පෙනෙන්නට තිබිණි.

අවසානයේ වාණිජ මහාධිකරණය පනවා තිබූ මුදල් ගෙවීමේ වාරණය ඉවත් කිරීම නිසා 2022 ජනවාරි මස 06 වැනිදා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 6.9ක මුදලක් චීන සමාගමට ගෙවන ලදී. එම මුදලට සරිලන, තත්ත්වයෙන් උසස්, ආර්විනියා නම් හානිකර බැක්ටීරියාවන්ගෙන් තොර නව පොහොර තොගයක් ගෙන ඒමට සමාගම පොරොන්දු වූමුත් එය ඉටු නොවීය. ශ්‍රී ලංකාව මෙම මුදල ගෙවන අවස්ථාවේ මෙරට විනිමය අර්බුදය ඉතා බරපතළ තත්ත්වයකට පැමිණ තිබිණි. ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි දේ සඳහාවත් ප්‍රමාණවත් මුදල් මෙරට නොතිබූ අවධියක චීනයට ඩොලර් මිලියන 6.9ක් ගෙවීම පිටුපස බරපතළ දේශපාලන ගනුදෙනුවක් තිබූ බව මේ වන විට රටට හෙළිවෙමින් තිබේ.

පොහොර ගනුදෙනුවෙ අවසාන අදියරේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පොහොර තොගයේ වගකීමෙන් මිදෙන්නට උත්සාහ ගනිමින් සිටින්නට විය. තමා කෘෂිකර්ම ඇමැති වූවාට තම පාලනයේ තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිරක්ෂණ මණ්ඩලය පමණකැයි ඔහු පාර්ලිමේන්තුවේදී පැවැසීය. පොහොර ආනයනය පැවැතියේ රාජ්‍ය අමාත්‍යංශය බාරයේ බවත්, කෘෂිකර්මයට ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මොහාන් සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකුම සිටි බවත්, ඊට අමතරව වෙනමම ලේකම්වරු දෙදෙනෙක්ද රාජ්‍ය අමාත්‍යාංශයට සිටි බවත් පැවසූ මහින්දානන්ද අලුත්ගමගේ පොහොර ආනයනය සඳහා රාජ්‍ය අමාත්‍යාංශය යටතේ වෙනමම ප්‍රසම්පාදන මණ්ඩලයක්ද තිබූ බව පවසයි. එමතුදු නොව ජනාධිපතිවරයාගේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට තමා ඍජුවම විරුද්ධ වූ බවත්, අවසානයේ තමාට සිදුවූයේ අනුන්ගේ දරුවකුට උප්පැන්නයට නම දීමට පමණක් බවත් ඔහු පැවැසීය. හිටපු අමාත්‍ය මහින්දානන්ද සියලු පවු රාජ්‍ය අමාත්‍යවරයා පිට තබා අත පිසදා ගත්තේ ඒ ආකාරයෙනි. ඒ සිදුවීමෙන් කලකට පසු මාධ්‍ය හමුවකට එක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් මාධ්‍යවේදීහු කාබනික යැයි පැවසූ අසූචි පොහොර නැව ගැන විමසූහ. එහිදී ඔහු පැවැසූවේ තමා ඒ පිළිබඳ නොදන්න බවත්, එම පොහොර තොගය ගෙන ආ සමාගමේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ පුද්ගලයා මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලන අයෙක් බැවින් අසූචි පොහොර තොගය ගැන තමාට වඩා වැඩි විස්තරයක් ජාතික ජන බලවේගයේ නායකයා දැන සිටින්නට පුළුවන් බවයි. ඒ අනුව රාජපක්ෂලා ගෑවුණු මේ කුප්‍රකට ගනුදෙනුවේ එක් කොනක ජාතික ජන බලවේගයත් සිටින බව පැහැදිලිය. අප එසේ පවසනුයේ ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රකාශය විශ්වාස කර නොවේ. ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ, ශෂීන්ද්‍රගේ ප්‍රකාශය විධිමත්ව සහ තාර්කික පදනමින් ප්‍රතික්ෂේප කරන්නට තවමත් ඉදිරිපත්ව නැති බව සැලකිල්ලට ගනිමිනි. ඉන් පහැදිලි වන්නේ ‘ඒගොල්ලෝ යළුවෝ මල්ලි’ යැයි රන්ජන් රාමනායක කියූවේ මේ දෙගොල්ලන්ටමත් එක්ක බවයි.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

අපි ගිය 30 වැනිදා දැම්මා ඥානාංග ICU එකේ උදව් කරන්න කියලා! අනේ ජී.ආර්. ගිය පාරේම අද ඥානාංගත් ගිහින්!

Next Post

නච්ච ගීත වාදිත විසූක දස්සන මේවා තමා නරි නාටක ලෝකෙ හිනස්සන…

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.