• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඨින චීවරය එක රෑකට ලක්ෂය ගානෙ විකුණනවා! ලැජ්ජයි…! සමහර හාමුදුරුවරු මේක බිස්නස් එකක් කරගෙන..! මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ක්‍රිකට්වලට වෙච්ච දේමයි! ආචාර්ය මාවරලේ භද්දිය හිමි කාගෙත් ඇස් ඇරෙන බණක් කියයි! VIDEO I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහානනීය වූ කඨින පින්කම හෑල්ලුවට ලක්කරන ක්‍රියාවක් රට පුරාම සිදුවෙමින් පවතින බව මේ වන විට දැකගන්නට ලැබේ. කඨින චීවරය විවිධ නිවෙස්වලට වැඩම කරවා, ඊට මුදල් ආධාර ලබාගැනීම මෙම සිදුවීමයි. කඨින චීවරයට වන්දනා කිරීමට පැමිණෙන පිරිසට මුදල් ආධාර ලබාදීමට පින් කැටයක් හෝ වට්ටියක් කඨින චීවරය ආසන්නයේ තැබීමටද එය සංවිධාන කරන පිරිස සිදුකරනු ලබයි.(Sri Lanka Latest News)

උතුම් අරමුණක් වෙනුවෙන් සකස් කළ කඨින චීවරය උදෙසා කාසි නෝට්ටු හිඟමන් යැදීමක් හා සමාන මේ ක්‍රියාව අනුමත නොකරන පිරිස බොහෝය. එහෙත් ඇතැම් විහාරස්ථානවලින් එම කටයුත්තට අනුබල දෙන බවක් දැකගන්නට ලැබෙන නිසාම මුදල් එකතු කරගැනීමේ අපේක්ෂාවෙන් කඨින චීවරය ගෙයක් ගෙයක් ගානේ රැගෙන ගොස් තැබීම බොහෝ ගම්මානවල සුලබව දක්නට ලැබෙයි.

මේ අතර, කඨින පින්කමට කිසිසේත්ම නොගැළපෙන තවත් ක්‍රියාවක් පිළිබඳ ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ පසුගිය දිනෙක හෙළිකර සිටියහ. කඨින චීවරය නිවෙසකට වැඩම කිරීම සඳහා ඇතැම් විහාරස්ථානවලින් රුපියල් ලක්ෂයක මුදලක් අයකරන බවත්, දුර්ලභ පින්කමක් නිසා එම මුදල ගෙවා කඨින චීවරය තම නිවෙසට වැඩමකරවීමට බොහෝ පිරිස් පෙලඹී සිටින බවත් උන්වහන්සේ එහිදී පවසා සිටියහ. බුදු දහමට කිසිසේත් එකඟ නොවන මෙවැනි ක්‍රියා හේතුවෙන් නුදුරේදීම අප රටේ ‘කඨින පින්කම’ යන සංකල්පය මුළුමනින්ම විනාශ වී යනු ඇති බවද උන්වහන්සේ එහිදී සඳහන් කළහ.

මෙම කනගාටුදායක තත්ත්වය පිළිබඳ ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්ධිය ස්වාමින්වහන්සේ පළකළ අදහස් ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් පහත පළ කරමු.

‘මට දායකයෙක් කතා කරලා කිව්වා හාමුදුරුවනේ පැය 24ක් කඨින සිවුර ගෙදර තියාගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ලක්ෂයක් දෙන්න ඕනේ කියලා. ලැජ්ජා නැද්ද? මොකක්ද මේ? ගෙවල් 10කට කඨින සිවුර යවලා ලක්ෂෙ ලක්ෂෙ හොයන්න? මොකටද? අපි එච්චර පහත් තත්ත්වෙට වැටිලද? පන්සලට ආධාරයක් කවුරු හරි ගෙනල්ලා දෙනවා නම්, පන්සලේ චෛත්‍යයේ හුණු ටික ගාලා දෙනවා නම්, බෝධි ප්‍රාකාරෙ හුණු පිරියම් කරලා දෙනවා නම්, ඒක වෙනම කතන්දරයක්. හැබැයි මේ සිවුර අරගෙන ගිහිල්ලා ගෙදර තියාගෙන ඒකට ලක්ෂයක් ගෙවලා බිස්නස් එකක්ද මේක? මට තේරෙන්නෙ නෑ මොකක්ද මේ කරන්න යන්නේ කියලා.

ඇයි අපි එච්චර පහත් තත්ත්වෙට මේ උදාර පින්කමක් ඇදලා දාන්නේ? ඔය ඇත්තන්ට කවුරු හරි කතා කරලා එහෙම කිව්වොත්, ඒ කතා කරන කෙනා ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත් කමක් නෑ කියන්න, අනේ අපිට නම් ඒ වගේ බිස්නස් එකකට සම්බන්ධ වෙන්න ඕනෙ නෑ කියලා. කොන්ද කෙළින් තියාගෙන එහෙම කියන්න. එච්චරයි. අපේ පැරැණි සමාජයෙ කළේ මොකක්ද? මුළු ගමේම මිනිස්සු සිවුරු කාසි කියලා රුපියලක්, රුපියල් 5ක්, රුපියල් 10ක් ඒ කාලේ හැටියට මුළු ගමේම මිනිස්සු එකතු කරලා තමයි ඔය වස්ත්‍රය ගත්තේ. ඊට පස්සේ කළේ ගමේ වැඩිහිටියෝ කිහිප දෙනෙක් මුළු ගමේ හැම ගෙයක් ගානෙම ඔය සිවුර අරගෙන හේවිසි ගහ ගහා ගියා. ඊට පස්සේ ගෙවල්වල ඉන්න අය එළියට ඇවිල්ලා සිවුරට අත ගහලා අනුමෝදන් වුණා. එච්චරයි.

එහෙම නැතුව මේක ලක්ෂෙට විසිපන් දාහට පැය ගානට විකුණන එකක් නෙවෙයි. මිනිස්සු හිතාගන්නවා හරි අවුලක් නෑනෙ. ලක්ෂෙන් කඨිනයක් කරගත්තනෙ අපිත්, ලක්ෂයයි නෙ ගියේ කියලා. මේ වැඩේ නවත්තන්න ඕනේ. මේ වැඩේට අපි කිසිසේත්ම අනුබල දෙන්න හොඳ නෑ මේක කවුරු කළත්. සමාවෙන්න ඕනෙ ස්වාමින් වහන්සේලා මට මේකට දොස් නැගුවත් ප්‍රශ්නයක් නෑ. හැම හාමුදුරුකෙනෙක්ම මේකට එකඟ නෑ. ඉතාම ශ්‍රේෂ්ඨ වැදගත්, කොන්දක් තියෙන හාමුදුරුවරු ඉන්නවා මේකට කැමැති නැති. මේ වෙන වැඩේ ගැන පුදුම කලකිරීමකින් ඉන්නේ. අසතුටකින් ඉන්නේ. මෙහෙම ගියොත් අපි ඉවරයි කියන එක වෙනවා.

මම දෙයක් කියන්නම්. මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙච්ච දේ. මම අද කිව්වා කියලා ලියලා තියාගන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවර වුණෙත් මේ වගේම අනවශ්‍ය තරම් වාණිජ වැඩක් බවට වෙළෙඳ වැඩක් බවට සූදුකාරයන්ගේ වැඩක් බවට, ගේම්කාරයන්ගේ වැඩක් බවට පත්කරලා, ඒගොල්ලන්ට වෙනම රැකවරණයක් ඒක ඇතුළේ හොයාගන්න, ඒගොල්ලන්ගේ සුරපුර ජීවිතේ හදාගන්න මේක පාවිච්චි කරන්න ගියා.

ඒ නිසා ක්‍රිකට් ඉවර වුණා. මේ ක්‍රමය වෙනස් නොකළොත් කඨිනෙටත් ඒ ටිකම වෙන බව මම ජීවතුන් අතර හිටියා නැතා තව අවුරුදු 10ක් යන්න කලින් එළිවෙයි. කඨිනෙ කිව්වම මිනිස්සු පැත්ත බලන්නෙ නැති යුගයක් මෙහෙම ගියොත් උදාවෙනවා. අද මේක කියන්නම ඕනෙ. මේක නොකියා බෑ. මේක බලාගෙන ඉන්න ඉන්න අවුරුද්දෙන් අවුරුද්දට නරක් වෙනවා. හොඳ වෙනවා නෙවෙයි. මේක ගුණාත්මක වෙනවා නෙවෙයි පේන්න තියෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්දට මේක ඇතුළේ විශාල නරකවල් නිර්මාණය වෙනවා.

මේ උතුම් පින්කම ගැන අපට අසීමාන්තික ගෞරවයක් තියෙනවා. ඒ කඨින පින්කමක් කරන දායකයගෙ හිත ඒ උතුම් පින්කම එක්ක නූපන් කුසල් උපදවමින්, උපන් කුසල් වැඩිදියුණු කරමින්, නූපන් අකුසල් වළක්වමින්, තියෙන අකුසල් දුරුකර ගන්න මඟ පෙන්වමින් ඒ වස් තුන් මාසෙ පුරාම අපේ සේනාසනවල අපි කටයුතු කරනවා. ලංකාවේ උතුම් ස්වාමින්වහන්සේලා ගොඩක් ඒ විදියට කටයුතු කරනවා.

මේක ස්වාමින්වහන්සේලා බහුතරයකගේ ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි ඉතා අනුවණව වැඩකරන සුළු පිරිසක් නිසා මේක සමාජගත වෙමින් තියෙනවා. මේක වෙන්න දෙන්න බෑ. මේක නම් වෙනස් විය යුතුමයි. කැමැති වුණත් අකැමැති වුණත් වෙනස් විය යුතුමයි. මැච් බලන අයට මේ කතාව හොඳටම තේරෙනවා, මොකක්ද අනාගතේ පින්කම්වලට වෙන්නේ කියලා.

SendShareShare
Previous Post

දෙයියෝ සාක්කි… ගමම හොල්මන්… දකුණේ කොල්ලෙක් කුඹුරක් හාපු හෑම I Sri Lanka Latest News

Next Post

අනේ දෙයියනේ මාර ගැහිලිනේ ලංකාවේ ගහන්නේ I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.