• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙයියෝ සාක්කි… ගමම හොල්මන්… දකුණේ කොල්ලෙක් කුඹුරක් හාපු හෑම I Sri Lanka Latest News

December 7, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්මා මුත්තා කාලෙවත් දැකලා තියෙනවද මෙහෙම කුඹුරු හාන කොල්ලෙක්…

අද අපි කතා කරන්න යන්නේ බෝට්ටුවක් ගැන. මේ බෝට්ටුවෙන් දවසකට රුපියල් 40,000ක් විතර හොයාගන්න පුළුවන්. හැබැයි ඒ මේක ගඟේ මූදේ දාලා නම් නෙවෙයි. ඉතින් අපි බලමු මේ අමුතු බෝට්ටුවේ කතන්දරේ මොකක්ද කියලා. මේ ගැන කතාකරන්න අපිත් එක්ක ඉන්නවා චමින්ද පොද්දලමාරගේ මහත්තයා. මුලින්ම කියන්න, අපි අද මේ කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා.(Sri Lanka Latest News)

අපේ ගම්වල කුඹුරු ගොඩක් එරෙනවා. ගැඹුර වැඩියි. තරුණයෝ දෙන්නෙක් විතර ට්‍රැක්ටරේ එක පැත්තකින් අදින ගමන් තමයි කුඹුර හාන්නේ. මම කල්පනා කළා මේකට මොකක්ද තියෙන විසඳුම කියලා. ඒ අනුව මම යූටියුබ් එකේ හොයද්දී තමයි මට මේ යන්ත්‍රය ගැන දැනගන්න ලැබුණේ. ඊට පස්සේ තමයි මම මේක ගෙන්වාගත්තේ. මේක වඩාත් සුදුසු ගොඩක් එරෙන මඩ සහිත කුඹුරුවලට.

මේ අමුතු ට්‍රැක්ටර් එකෙන් සාමාන්‍යයෙන් දවසකට කොච්චර වැඩ කරන්න පුළුවන්ද?

උදේ 9 විතර ඉඳලා හවස 4, 5 වෙනකොට මම කුඹුරු අක්කර 4ක විතර වැඩ කරනවා. සාමාන්‍ය ට්‍රැක්ටර් එරෙන කුඹුරුවල මේකෙන් ඉතා පහසුවෙන් වැඩකරන්න පුළුවන්.

මේ යන්ත්‍රයේ කාර්යක්මතාව කොහොමද?

සාමාන්‍ය ට්‍රැක්ටර්වල ඩිෆරන්සල් එක සහ ගියර් බොක්ස් එක නිතරම මඩේ හිරවෙනවා. ඒ දුර්වලතාව මගහරවන්න තමයි මේකට බෝට්ටුවක හැඩයක් දීලා තියෙන්නේ. ඒ නිසා මේක හිරවෙන්නේ නෑ. වේගයෙන් යන්න හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍ය ට්‍රැක්ටරයකට වඩා පහසුවෙන් සහ ඉක්මනට කුඹුරු හාන්න හැකියාව ලැබුණා. ඒ නිසා මාව ගමේ ප්‍රසිද්ධ වෙන්න පටන්ගත්තා. ගමට සේවයක් කරන්නත් මට පුළුවන් වුණා. අනිත් අයට හාන්න අමාරුවුණු කුඹුරු මගේ මේ අලුත් යන්ත්‍රයෙන් හාලා දෙන්න මට පුළුවන් වුණා. පුරන් කුඹුරු අස්වද්දලා ගමටත් රටටත් ලොකු සේවයක් මම කරනවා දැන්.

චමින්ද මහත්තයා මේ යන්ත්‍රයෙන් දවසකට කොච්චර විතර ආදායමක් ලබනවද?

මම ඉන්නේ ගාල්ලේ. මේ ප්‍රදේශයේ තියෙන්නෙ ගොඩක් එරෙන කුඹුරු. සාමාන්‍ය අත්ට්‍රැක්ටරයකට දවසකට ලීටර් 12-15ක් විතර තෙල් පිච්චෙනවා. ඒත් ඒගොල්ලන්ට දවසකට වැඩකරන්න පුළුවන් අක්කරයක් හෝ දෙකක් තමයි. ඒ අය දවසකට රුපියල් 32,000ක් වගේ මුදලක් අයකරනවා. මමත් ඒ වගේ මුදලක් අයකරනවා. නමුත් ඊට වඩා වැඩ ප්‍රමාණයක් මම දවසකට කරලා දෙනවා ඒ අයට. කුඹුරු කොටන කෙනෙක් දවසකට රුපියල් 2,500ක් විතර ගන්නවා මේ දවස්වල. අක්කරයක් කොටන්න කී දෙනෙක් ඕනෙද, 2,500 ගානේ දීලා කොයි තරම් කාලයක්, මුදලක්, ශ්‍රමයක් වැයවෙනවද? එහෙම බැලුවාම මම අයකරන මුදලට සාධාරණ සේවයක් මම ලබාදෙනවා.

මේ යන්ත්‍රය මිලට ගන්න වැයවුණු මුදල මම කන්න දෙකක් යද්දී හොයාගෙන ඉවරයි. ඊට පස්සේ මම මගේ ගේ හදන්න පටන්ගත්තා. ඒකෙ වැඩත් දැන් බොහෝ දුරට ඉවරයි. ඉතින් මේ යන්ත්‍රය මගේ ආර්ථිකයටත් ලොකු වාසියක් වුණා, මගේ ජීවිතේ ගොඩදාගන්නත් පුළුවන් වුණා.

ලංකාවේ දැනට භාවිත කරන ට්‍රැක්ටර් වර්ග ගොඩක් තියෙනවා. ඒවා එක්ක බලද්දී මේ බෝට්ටු ට්‍රැක්ටරේ ඒ තරම් සංකීර්ණ බවක් පේන්නේ නැහැ. මේක හසුරුවන එක පහසුයිද?

ඔව් ගොඩක්ම පහසුයි. ලීවර් දෙකයි මේකෙ තියෙන්නේ. මේ ලීවර් එක අල්ලන පැත්තට මැෂින් එක හැරවෙනවා. අපට කුඹුරෙදී කරන්න තියෙන්නේ ලීවර් දෙක හැ`ඩ්ල් කරන එක විතරයි. ඇක්සලරේටර් එක කකුලෙන් පාගන්න තියෙන්නේ. ගියර් බොක්ස් එකක් පවා මේකෙ නැහැ. පොඩි යාන්ත්‍රික ක්‍රියාවලියක් තමයි මේකෙ සිද්ධ වෙන්නේ. ගියර් බොක්ස් එකක් තිබුණොත් වෙන්නේ ගොඩක් එරෙන තැනකදී ගියර් මාරුකරද්දී අපි එරෙනවා. නමුත් මේකෙ ඒකාකාරී වේගයක් තියෙන නිසා එරෙන තැනකදී අපට වේගෙන් එතැනින් යන්න හැකියාව ලැබෙනවා.

සාමාන්‍ය ට්‍රැක්ටර් නම් අලුතැවඩියා කරන්න ගමේ තැන් කිහිපයක් තියෙනවා. ඒත් මේක අලුත් දෙයක් නිසා කොහොමද නඩත්තු කටයුතු කරගන්නේ?

මම මේක මිලට ගත්තු ආයතනයෙන් මට ඒ ගැන අවබෝධයක් ලබාදුන්නා. දැන් මට පුළුවන් ඒ නඩත්තු කටයුතු ටික තනියම කරගන්න. බෙල්ට් එක මාරුකරගන්න, තෙල් ටික මාරුකරගන්න තමයි මේකෙ තියෙන්නේ. වැඩිය සංකීර්ණ දේවල් නැහැ.

ඔබ මේක මිලට අරගෙන දැන් කොච්චර කාලයක් වෙනවද?

කන්න හයක් වෙනවා.

එතකොට මේ යන්ත්‍රය ගැළපෙන්නේ ගොඩක් එරෙන කුඹුරුවලට විතරද?

මටත් ඒ ප්‍රශ්නෙ මුලදී තිබුණා. මුල් කාලේ මට කතා කළෙත් ගැඹුරු කුඹුරු හාන්න විතරයි. නමුත් කුඹුරක් ගත්තාම ඒකෙ එරෙන තැන් තියෙනවා, එරෙන්නෙ නැති තැන් තියෙනවා. ඒත් මේ යන්ත්‍රයෙන් ඒ දෙකම හාන්න පුළුවන්. මේකෙ තැටි නගුල් තියෙන නිසා ඒවා වෙනස් කරමින් ඕනෑම කුඹුරක් හෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම නියර රැහැගන්න පුළුවන්, කැට පොඩිකරගන්න වෙනම රෝලර් එකක් මේකෙ තියෙනවා. පොළොව ලෙවල් කරගන්න ඕනෙ කරන විශාල පෝරුවක් මේ යන්ත්‍රය සමග ලැබෙනවා. ඒ වගේ කුඹුරක වැඩකරන්න සියලු පහසුකම් මේකෙ තියෙනවා. තවත් දෙයක් තමයි මේක ප්‍රවාහනය කරන්න වෙනම වාහනයක් ඕනෙත් නෑ. රබර් රෝදවලින් ඕනෑම මාර්ගයක පහසුවෙන් ගමන් කරන්නත් හැකියාව තියෙනවා.

ඔබ මේ යන්ත්‍රය මිලට ගත්තේ කොහෙන්ද? මිල ගණන් කොහොමද?

ඇත්තටම අද කාලේ ෆෝවීල් ට්‍රැක්ටරයක් ගන්න නම් සෑහෙන විශාල මුදලක් ඕනේ. ණයට සල්ලි අරගෙන ණය ගෙවාගන්න බැරි වුණොත් රෑට නින්ද යන්නෙත් නෑ. එහෙම බලද්දී මේ යන්ත්‍රය ගොඩක් සාධාරණයි. මගේ අතේ තිබුණේ සුළු මුදලක්. මේ යන්ත්‍රය ගෙන්වන ඩිමෝ ආයතනයට මම කතා කරලා බැලුවා. ඔවුන් ඉතා සුහදශීලී ප්‍රතිචාරයක් දැක්වූවා. ඉතිරි මුදලට ෆිනෑන්ස් පහසුකම් හදලා දීලා දවස් දෙකක් විතර යද්දී මැෂින් එක ගෙදරට ගේන්න අවශ්‍ය කටයුතු ඒ ආයතනයෙන් සකස් කරලා දුන්නා.

මේ යන්ත්‍රය ලංකාවට තාම අලුත්. ඉතින් මේකෙ අමතර කොටස් වෙළෙඳපොළේ මිලට ගන්න තියෙනවද?

ලංකාවේ ගල් වළවල්වල එහෙම තියෙන්නේ මේකෙ තියෙන වර්ගයේ ඉන්ජින් තමයි. ඒ නිසා ඕනෑම අමතර කොටස් විකුණන කඩේක මේකට හරියන උපාංග මිලට ගැනීමේ හැකියාව තියෙනවා.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

මහේලට අමතරව සනත්ටත් ක්‍රිකට් උපදේශක තනතුරක් දෙන්න තීන්දුයි! I Sri Lanka Latest News

Next Post

කඨින චීවරය එක රෑකට ලක්ෂය ගානෙ විකුණනවා! ලැජ්ජයි…! සමහර හාමුදුරුවරු මේක බිස්නස් එකක් කරගෙන..! මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ක්‍රිකට්වලට වෙච්ච දේමයි! ආචාර්ය මාවරලේ භද්දිය හිමි කාගෙත් ඇස් ඇරෙන බණක් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.