අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් ඉතා කෙටි කාලයක් ඇතුළත රුපියල් කෝටි 76කට ආසන්න චංචල සහ නිශ්චල දේපළ සහ වත්කම් ප්‍රමාණයක් උපයා ගැනීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ ආසන සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.Sri Lanka Latest News
පැමිණිල්ල ඉදිරිපත් කරමින් චමල් සංජීව මහතා අවධාරණය කර සිටියේ අවසන් වරට අල්ලස් කොමිසමට ලබාදී තිබූ වත්කම් හා බැරකම් ප්‍රකාශය සහ මේ වනවිට ඔහු විසින් අත්පත් කරගෙන ඇතැයි කියන වත්කම් සම්බන්ධයෙන් බරපතළ පරස්පරයක් මතුව ඇති බවකි.
අල්ලස් කොමිසමේ කාර්යභාරය වනුයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වන පැමිණිලි පමණක් විමර්ශනය කිරීම නොව, ආණ්ඩුව පක්ෂයේ මැති ඇමැතිවරුන්ටද එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි විමර්ශනය කිරීම බවද චමල් සංජීව මහතා එහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව වහාම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් උපයාගෙන ඇති බව කියන වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසද ඒ මහතා අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.










