ලබන ජූලි මස 31 වැනි දිනට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම්දීමක් කර ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී මෙම දැනුම්දීම කොට ඇති බව දැනගන්නට තිබේ.
යම් හෙයකින් ක්‍රිකට් ආයතනයේ නිලවරණය නොපවත්වා තවදුරටත් අතුරු පාලන කමිටුවේ කටයුතු පවත්වාගෙන යෑමට ක්‍රියා කරන්නේ නම් පවතින ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බවද මෙහිදී ජේ ෂා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව පැවසේ.
එහිදී ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කළ බංග්ලාදේශය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් පිළිබඳවද මෙහිදී ජේ ෂා මහතා ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව දැනගන්නට ඇත.










