විජයදාස රාජපක්ෂ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව හදපු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ය. එම සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලැයිස්තුවට විජයදාසගේ නම ඇතුළත් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් සහ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගේ එකඟත්වයෙනි. එදා විජයදාස හිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හදලා ජවිපෙ එක්ක එකතු වෙන්න ඕනෑ කියපු මංගලගේ ටීම් එකේය. ඒ සන්ධානය හදන්න ටිල්වින්, විමල් වීරවංශ, අනුර දිසානායක එක්ක වැඩ කළේ විජේදාස, ශ්‍රීපති සහ මංගලය.Sri Lanka Latest News
ඊළඟට 2005 ජනාධිපතිවරණයට මහින්ද එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක වනවිට විජයදාස, ටිල්වින්, අනුරලා පමණක් නොව චම්පික රණවකලාත් හිටියේ එකටය. මහින්ද ජනාධිපති අපේක්ෂක වීමට පෙර යූ.ඇන්.පී.ය එවක අගමැති ලෙස සිටි මහින්දට එරෙහිව බරපතළ දූෂණ චෝදනාවක් ඉදිරිපත් කළේය. එනම් සුනාමි සහනාධාර ලෙස ලැබුණු මුදල් මහින්ද පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කිරීමය. එකල යූ.ඇන්.පී. මන්ත්‍රී වර්තමාන සමගි ජන බලවේග සභාපති කබීර් හෂීම්ය. එවක ජනාධිපති චන්ද්‍රිකා මහින්දට ලිපියක් ලියමින් මෙය බරපතළ වංචාවක් බව සඳහන් කළාය. ලංකා ඉතිහාසයේ පළමු වරට එකම පක්ෂයක ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙකුට දූෂණ චෝදනා ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව එය විය.
‘එතකොට දූෂණ චෝදනා ලද මහින්දට සහාය දෙන්න බැහැ කියලා ජේ.වී.පී. එක අයින් වුණාද…?’
නැත. ජවිපෙ චන්ද්‍රිකාත් යූ.ඇන්.පී.යත් ඉදිරිපත් කළ හම්බන්තොට සුනාමි වංචාව මහින්ද අපේක්ෂකයා වීම වළක්වන්න කරපු කුමන්ත්‍රණයක් කියා චන්ද්‍රිකාත් යූ.ඇන්.පී.යත් මහින්දට එල්ල කළ සුනාමි චෝදනාවලින් මහින්දව බේරාගත්තේය. එතැන විජයදාසත් සිටියේය.
‘අපි පිරිසිදු පක්ෂයක්. අපි දූෂිත මහින්දට සහාය දෙන්නේ නැහැ…’
එදා ටිල්වින්ලා අනුරලා මෙහෙම කිව්වා නම් ලංකාවේ දූෂිත දේශපාලන ඉතිහාසය මෙහෙම ලියවෙන්නේ නැත. මහින්දව වීරයෙක් කොට ජනාධිපති පුටුවේ වාඩිකරවපු විජයදාසලා මහා නීතිඥයන් කොට අත්පොළසන් දුන්න ජවිපෙ අද මහින්දගේ හොරකම් පසුපස පැන්නීමත්, විජයදාසගේ පුතාගේ කප්පම් පසුපස පැන්නීමත් දෛවෝපගත සිද්ධියකි. අද ජවිපෙ විසින් හිරේට දමා අත්පුඩි ගසන බොහෝ දේශපාලනඥයන් 2004 ජවිපෙ ඡන්දවලින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේය. මහින්දානන්ද අලුත්ගමගේ, සරණ ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ යන හැම දේශපාලනඥයෙක්ම 2004 මන්ත්‍රීවරු වුණේ ජවිපෙ ඡන්දවලින්ය. ඇමැතිවරු වුණේ 2005 ජවිපෙ මහින්දව ජනාධිපති කළ නිසාය. ඔවුන්ව පරාජය කරන දේශපාලනය කළේ එක්සත් ජාතික පක්ෂයය. එජාපයට එවැනි ඉතිහාසයක් තිබිණි. ඒත් රනිල් සහ එජාපය රාජපක්ෂ පවුලෙන් ජනාධිපතිකම ගෙන රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිත ඇමැතිවරු ආරක්ෂා කරන්න ගිහින් ඒ ඉතිහාසයේ මඩ ගාගත්තේය.
සජිත්ගේ සමගි ජන බලවේගය ඒ මඩවලින් බේරුණි. සජබය ලංකාවේ හොරකමට එරෙහිව අලුත් දේශපාලන සංස්කෘතියක් හදපු පක්ෂයකි. කෙහෙළිය රඹුක්වැල්ලගේ බෙහෙත් වංචාවට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආවේ සජබයය. ඒ වෙලාවේ විපක්ෂයේ සිටි ජවිපෙ ඒ විශ්වාසභංගයට හිනාවිය. පරදින්න විශ්වාසභංග ගෙනැවිත් ආණ්ඩුව ශක්තිමත් කරනවා කියා සජබයට ඔච්චම් කළේය. සජබය කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය ගෙනැවිත් පරාජය විය. වැඩි කලක් ගියේ නැත. කෙහෙළියගේ බේත්වලින් ලෙඩ්ඩු අසාධ්‍ය වූ විට සජබය කෙහෙළියට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ඇත්ත බව ඔප්පු විය. අවසානයේ කෙහෙළියව ආරක්ෂා කරගන්න විශ්වාසභංගයට එරෙහිව දෑත් ඔසවපු රනිල්-රාජපක්ෂ ආණ්ඩුවට කෙහෙළියව ඇමැති ධුරයෙන් ඉවත් කොට හිරේ දමන්න සිදුවිය. ඊට පස්සේ ජවිපෙ වේදිකා දෙවනත් කරන්න පටන් ගත්තේය.
රට බංකොළොත් කිරීමේ වරදට රාජපක්ෂවරුන් වගකිව යුතුය යන චෝදනාව උසාවියට ගෙන ගියේ සමගි ජන බලවේගයය. ජවිපෙ වේදිකාවල රාජපක්ෂවරුන්ව පතුරු ගහ ගහ ගියා මිස රාජපක්ෂවරු කරපු වරදට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඒත් සමගි ජන බලවේගය අධිකරණ තීන්දුවකින් ඒ චෝදනාව ඔප්පු කරගත්තේය.
අනුර ජනාධිපති වී ආණ්ඩුවක් හදා පත්කළ කතානායකවරයාගේ උපාධි සහතික ව්‍යාජ බව ඔප්පු වූ විට කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න අස්සන් එකතු කර අනුරවත්, ආණ්ඩුවත් අපහසුතාවට පත් කළේ සමගි ජන බලවේගයය. සජබයේ ඒ විශ්වාසභංග තර්ජනය නොවන්න රංවල තවමත් කතානායකය. විදේශ ඇමැති විජිත හේරත්, සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස කීවේ රංවල උපාධි සහතික රැගෙන එන තෙක් ඉවත් වූවා කියාය.
අනුරගේ ආණ්ඩුවේ ගල්අඟුරු වංචාව පළමු වරට හෙළිදරව් කළේ සමගි ජන බලවේගයය. සජබ මන්ත්‍රී මරික්කාර් නොසිටින්න තෙල් ඇමැති කුමාර ජයකොඩි තවමත් තෙල් ඇමැතිය. සමගි ජන බලවේගය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ විට රනිල්-රාජපක්ෂ ආණ්ඩුව සමගි ජන බලවේගය කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය ගෙන ආ වෙලාවේ කෙහෙළියව ආරක්ෂා කළා සේ ජවිපෙ කුමාර ජයකොඩිව ආරක්ෂා කළේය. විශ්වාසභංගයේදී ජවිපෙ ආණ්ඩුවම කුමාර නිර්දෝෂී යැයි කීය. සජබ විශ්වාසභංගය පරාජය විය. ඒත් ජවිපෙ ආණ්ඩුවට කුමාර ජයකොඩිව ඇමැති ධුරයෙන් ඉවත් කරගැනීමට සිදුවිය. එදා සජබය විශ්වාසභංගයක් ඉදිරිපත් නොකළා නම් තවමත් තෙල් ඇමැති කුමාර ජයකොඩිය.
කුමාර ජයකොඩි ඇමැති ධුරයෙන් ඉවත් වූවාට තවම මන්ත්‍රීය. රංවල කතානායක ධුරයෙන් ඉවත් වූවාට තවම මන්ත්‍රීය. ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැතිවරයෙක් වූ වසන්ත සමරසිංහ, නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහට එරෙහි චෝදනා අධිකරණයේ අසමින් තිබේ.
‘හරක් කටාගේ කප්පම් චෝදනාවට හසුවූ චරිත් අබේසිංහට එරෙහිව විපක්ෂ නායකතුමා ගන්නා පියවර කුමක්ද…?’
චරිත් අබේසිංහ අත්අඩංගුවට පත්වූ වෙලාවේ ආණ්ඩුව සමච්චලයට මෙන් සජිත්ගෙන් ඇසීය.
‘කිසිදු සැකයක් නැහැ. වරදක් කර ඇත්නම් අපි විනය පියවර ගන්නවා…’
සජිත් පැහැදිලිව උත්තර දුන්නේය.
රංවල සම්බන්ධයෙන්, කුමාර ජයකොඩි සම්බන්ධයෙන්, වසන්ත, මහින්ද සම්බන්ධයෙන් ජවිපෙට ඒ උත්තරය දෙන්න පුළුවන්ද?
ඔවා දෙනු පරහට – තමා සම්මතයේ පිහිටා සිට කියන්නේ ඕකටය.










