• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දිරා-සිරිමාවෝට දුන්නු තෑග්ග මෝදි-රනිල්ගෙන් ගන්න නේද හදන්නේ I Sri Lanka Latest News

August 24, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාව දූපතක් වුවද ලංකාවට අයත් තවත් දූපත් රාශියක් වේ. ඩෙල්ෆ්‍ට්, කයිට්ස්, නයිනතිව්, සහ බත්තලංගුණ්ඩුව යනාදී නම්වලින් හඳුන්වන මෙම දූපත් බහුතරය උතුරු සහ වයඹදිග මුහුදේ පිහිටා ඇත. මෙම දූපත්වලින් බහුතරයක් ජනාවාසව පවතින අතර, ඇතැම් දූපත් වසරේ යම් නිශ්චිත කාලයකට පමණක් ධීවර ප්‍රජාවේ නවාතැන් බවට පත්වෙයි. එහෙත් ලංකාවේ මෙන්ම ඉන්දියාවේද වඩාත් අවධානය දිනාගත් දූපත ලෙස දැක්විය හැක්කේ කච්චතිව් දූපතයි.(Sri Lanka Latest News)

කච්චතිව් යනු ශ්‍රී ලංකා ගොඩබිමෙන් වඩාත් ඈතින් පිහිටි දූපතය. යාපනයේ සිට නාවික සැතපුම් 42ක පමණ දුරකින් පිහිටි කච්චතිව් ඉන්දීය – ශ්‍රී ලංකා සාගර මායිමේ ඉන්දීය සීමාවට වඩාත් සමීපව පිහිටා ඇති දූපතය. සැබැවින්ම කච්චතිව් දූපත යනු දිගුකාලීනව රාජ්‍යතාන්ත්‍රික කතාබහට ලක්වූ බිම්කඩකි. ඓතිහාසිකව සලකා බලන කල මෙරට ඕලන්ද පාලනයට නතුව තිබූ 1800 ගණන්වල ඇඳි සිතියමක පවා ශ්‍රී ලංකාවට අයත් දූපතක් ලෙස කච්චතිව් දූපත නම්කර තිබී ඇති බව කියැවේ.

1857 ජනවාරි 15 වැනිදා ජෝන් ඇරෝස්මිත් ලන්ඩනයේදී අඳින ලද සිතියමකද කච්චතිව් යාපන අර්ධද්වීපයට අයත් දූපතක් ලෙස නම්කර තිබිණි . ඊට අමතරව මෙරට විසූ කීර්තිමත් සිවිල් සේවකයකු මෙන්ම ලේඛකයකුද වන ශ්‍රීමත් එමසන් ටෙනන්ට් වර්ෂ 1860දී පමණ පළකරන ලදැයි සැලකෙන ‘ද සිලෝන්’ නම් කෘතියටද කච්චතිව් දූපතේ සිතියමක් එක්කර ඇත. මේ සිතියම් පාදක කරගෙන පසුකාලීනව ආර්.එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ සිතියමක පවා කච්චතිව් දූපත ශ්‍රී ලංකාව සතු බව සඳහන් කර ඇත.

එහෙත් ඉන්දියාව කච්චතිව් දූපතට අයිතිවාසිකම් කියන්නේ කලක සිටය. ඒ කතාව ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර 1947 තරම් ඈත කාලයට දිවයයි. කෙසේ වෙතත් ඒ සමයේ ලෝකයේ තිබූ වෙනත් අර්බුද සමග සසඳන කල කච්චතිව් අර්බුදය යනු එතරම් අවධානයට ලක්වූවක් නොවේ. සැබැවින්ම කියන්නේ නම් කච්චතිව් දූපතේ අයිතිය ගැන ඉන්දියාවට වඩා උනන්දු වූයේ තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව බව පැවැසීම සාධාරණය. ධීවර කර්මාන්තයේ යෙදෙන තමිල්නාඩු වැසියන් සිය දැල්පන්න වේළා ගැනීමට සහ ගිමන් හැරීමට කච්චතිව් දූපතට පැමිණීමේ සිරිතක් අතීතයේ සිටම පැවැති අතර, ඒ සාධකය මත සිට ඉන්දියාව කච්චතිව් දූපතට උරුමකම් කියන්නට වූයේ කලක සිටය.

මේ ආකාරයෙන් විටෙක මතුවෙමින්ද තවත් විටෙක යට යමින්ද පැවැති කච්චතිව් ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ 1974 වසරේ ජූනි 26 වැනිදාය. එදින ඉන්දියාවේ අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක අතර අස්සන් තැබූ ගිවිසුමකින් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේය.

එම යුගයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ඉන්දියාව අතර ඉතා ප්‍රබල හිතවත්කමක් ගොඩනැගී තිබූ අතර, ඉන්දිරා ගාන්ධි – සිරිමා බණ්ඩාරනායක යනු සමීප රටවල් දෙකක නායිකාවන් දෙදෙනකුගේ රාජ්‍යතාන්ත්‍රික සබැඳියාව ඉක්මවා ගිය මිතුරුකමක් නඩත්තු කළ මිතුරියෝ දෙදෙනෙක් වූහ. ඊට සමගාමීව ඉන්දු – චීන යුද්ධයේදී මැදිහත් රාජ්‍ය නායිකාවක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැක්වූ දායකත්වය නිසා ඈ ගොඩනගාගෙන තිබූ දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිරූපයද කච්චතිව් අර්බුදය ගොඩින් බේරාගැනීමට හේතුවක් වන්නට ඇත.

කෙසේ වුවත් කච්චතිව්හි අයිතිය දිනාගැනීම නිසා මැතිනියට ශ්‍රී ලංකාවේ දැවැන්ත ජනප්‍රිය බවක් හිමිවන්නට විය. එවකට පැවැති සීමිත මාධ්‍ය අවකාශය මගින් බණ්ඩාරනායක මැතිනිය ඉහළට ඔසවා තබන ලද්දේය. ‘මැතිනිය හමුවේ ඉන්දීය යෝධයා දණ නමයි’ ‘මවුබිමේ අයිතිය මැතිනිය යළි දිනාගනී’ වැනි ආකර්ෂණීය සිරස්තලවලින් එකල පුවත්පත් වැසී යන්නට විය.

ඒ අතරතුර මේ ජයග්‍රහණය තුට්ටුවට දමා ලියූ ලිපිද පළ නොවූවා නොවේ. සිරිමාවෝ මැතිනිය සහ ඉන්දිරා ගාන්ධි අතර නිතරදෙවේලේ ත්‍යාග හුවමාරු කරගැනීමේ සිරිතක් විය. සිරිමාවෝ ඉන්දිරාට නිතර යැවූවේ ශ්‍රී ලංකාවේ බතික් සාරිය. ඉන්දියාවේ ඉන්දිරාද වගකිව යුතු අවස්ථාවන් රැසකදී ඇඳ සිටියේ ලංකාවේ බතික් සාරිය. එවක ප්‍රකට බතික් නිර්මාණ ශිල්පියෙක් වූ විපුල ධර්මවර්ධන අතින් නිමවූ අලංකාර සාරි සිරිමාවෝ නිතර ඉන්දිරාට තිළිණ කළාය. එහෙයින් ඇතැම්හු බතික් සාරි දෙක තුනක් දී ඉන්දියාවේ දූපතක් ලියාගත් බවට කටකතාද පවසන්නට වූහ.

කච්චතිව් දූපත ලංකාවට පැවරීම ගැන ඉන්දියාවේ දැවැන්ත විරෝධයක් මතුව ආ මුත් එවක ඉන්දිරාට තිබූ ජනප්‍රිය බවට ඉන් දැඩි හානියක් වූයේ නැත. එහෙත් තමිල්නාඩු බලධාරීහු අඛණ්ඩවම කච්චතිව් දූවේ අයිතිය ගැන වදවෙන්නට වූහ. 1974 දී කච්චතිව් දූපත ලංකාවට පවරා දෙන අවස්ථාවේ දූපත අවට ධීවර කර්මාන්තයේ යෙදෙන්නට තමිල්නාඩු ධීවරයන්ට අවස්ථාව හිමිව තිබූ මුත් එම අවස්ථාව 1976 දී ඇතිකරගත් අතුරු ගිවිසුමක් මගින් අහිමි කරන ලදී. මෙම තත්ත්වය අඬන්නට හිටි එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාට දෙවැනි නැති ක්‍රියාවක් විය.

ලෝක් සභාවේ බලය පිහිටුවීම සඳහා තමිල්නාඩු, කර්නාටක, කේරළ වැනි ප්‍රාන්තයන්හි බලය තීරණාත්මක ලෙස බලපාන්නට වූ බැවින් පසුකාලීනව සෑම මැතිවරණයක් ආසන්නයේදීම කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීම ඉස්මතු වන්නට විය. මෙහි කූටප්‍රාප්තිය ලෙස කච්චතිව් දූපතට අදාළ 1974 සහ 1976 ගිවිසුම් ද්විත්වයම අභියෝගයකට ලක්කරමින් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් 2008 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කළාය. එහෙත් එකී පෙත්සම අධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමත් සමග ජයලලිතාගේ වෑයම පරාජයට පත්විය. එහෙත් ඈ මියයන තුරුම ඊට සටන් කළාය.

සැබැවින්ම ඇය ඒ සටන කළේ දිනන්නට බැරි බව දැන දැනය. ඇය පමණක් නොව කච්චතිව්ව වෙනුවෙන් මරාගෙන මැරෙන්නට පෙරට ආ එම්.ජී.ආර්. සහ කරුණානිධි වැනි දකුණු ඉන්දීය දේශපාලනඥයෝ ද ඒ බව දැන සිටියහ. එහෙත් දේශපාලනඥයන් ලෙස දකුණු ඉන්දීය ජනතාව අතර සිය බලය තහවුරු කරගන්නට එවැනි රංගන අත්‍යාවශ්‍යය.

මේ වන විට කච්චතිව් යනු පාළු දූපතකි. එහි වසරකට වරක් පැවැත්වෙන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය වෙනුවෙන් පමණක් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කතෝලිකයෝ වැල නොකැඩී එහි එති. කච්චතිව් ලංකාවට අයත් වුවත් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය සඳහා එහි එන ඉන්දියානුවන්ට ඒ අවශ්‍යතාව පැනනගින්නේ නැත. අක්කර 700කට ආසන්න කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය ඉදිකර ඇත්තේද නාවික හමුදාව මගිනි. ඊට අමතරව එහි කුඩා නාවික මුරපොළක්ද පිහිටුවා ඇත්තේය.

ඉන්දියාව මේ ගෙවමින් ඉන්නේ මැතිවරණ වසරකි. මීළඟ ලෝක් සභා මැතිවරණය 2024 අප්‍රේල් – මැයි අතර පැවැත්වීමට නියමිතය. ඒ අනුව තවත් මාස 08ක් තුළ සිය ජනප්‍රියතාව උරගා බලන්නට අගමැති නරේන්ද්‍ර මෝදිට සිදුවේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෝදිගේ ජනප්‍රියතාව වේගයෙන් පහළ බසිමින් තිබෙන අතර, ප්‍රතිවාදී අපේක්ෂක රාහුල් ගාන්ධිගේ ජනප්‍රිය බව වේගයෙන් ඉහළ යමින් පවතී. ගුජරාට් අධිකරණය මගින් රාහුල්ට පනවා තිබූ සිර දඬුවම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමත් සමග රාහුල් ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂයේ ජනප්‍රිය බව මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය පරදා බොහෝ ඈතට ගොසිණි. එහෙයින් අගමැති මෝදි දැන් සිටින්නේ දේශපාලන සැඩ පහරකට හසුවය. තුත්තිරි ගසක හෝ එල්ලී සිය බලය රැකගැනීමට උත්සාහ ගනිමින් සිටින මෝදිගේ අතට අසුව ඇත්තේ කච්චතිව් ප්‍රශ්නයය.

පසුගියදා ලෝක් සභාව අමතමින් ඔහු කච්චතිව් දූපත ශ්‍රී ලංකවට පවරාදීම පිළිබඳ ඉන්දිරා ගාන්ධි සහ කොංග්‍රසයට බරපතළ ලෙස දොස් කීවේය. කච්චතිව් ඉන්දියාවට පවරා ගතයුතු බව නොකියා කීවේය. ඒ අනුව මෝදී තමිල්නාඩු පමණක් නොව අසල්වැසි ආන්ද්‍රා, කර්නාටක, කේරළ වැනි ප්‍රාන්තවලද බහුතර ජනයාගේ නාඩිය අල්ලන්නට ආසන්නව ඇත්තේය. මේ ආකාර‍යේ ලාභ දේශපාලනයක යෙදීම නරේන්ද්‍ර මෝදිට ආගන්තුක අත්දැකීමක් නොවේ.

ඔහු 2019 මහ මැතිවරණයට පෙරද මේ ආකාරයේම නාඩගමක් නැටුවේය. ඒ කාෂ්මීර ප්‍රශ්නය මුල්කරගෙන පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරමිනි. එම අවස්ථාවේදී පාකිස්තානය එක් ප්‍රහාරක යානයක් බිම හෙලූ අතර, එහි නියමුවා අත්අඩංගුවට පත්වූයේය. එහෙත් පාකිස්තානය එම නියමුවා නිදහස් කරමින් මෝදිගේ ආවේගශීලීත්වය බින්දුවට වැටෙන ප්‍රතිචාරයක් දැක්වීම නිසා එවක එරට අගමැතිවරයා වූ ඉම්රාන් ඛාන්ගේ ජනප්‍රියභාවය ජාත්‍යන්තරයේ ඉහළ ගියේය. අවසානයේ මෝදි ඉන්දියාව දිනාගත්තද, ඉම්රාන් ලෝකයම දිනාගත්තේය.

දැන් තවත් මැතිවරණයක් ආසන්නයේ සිටින නරේන්ද්‍ර මෝදි යළිත් කච්චතිව් දූපත වෙන්දේසියට දමා ඇත්තේය. ඒ තමිල්නාඩු, කේරළ, ආන්ද්‍රා කර්නාටක ආදී ප්‍රාන්තයන්හි ඡන්ද ගස් සෙලවීමටය. මෝදි එසේ කරද්දී ලංකාවේ දේශපාලනඥයන්ද තවත් වටයකින් වැඩ අල්ලා ඇත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්වපාක්ෂික රැස්වීම් පවත්වමින් 13 වැනි ව්‍යවස්ථාවේ අභියෝගයට ලක්ව ඇති ඉඩම් – පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට සැරසේ.

ඔහු එසේ කරද්දී ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන පොහොට්ටුව සිය සිංහල බෞද්ධ බළකොටුව රැකගනුවස් 13 ක්‍රියාත්මක කිරීමට එරෙහි වෙමින් සිටිති. මේ හදිසියේ රනිල්ට 13 වැනි සංශෝධනය මතක් වෙන්නටත්, 13¤ දෙන්නට කතා කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 13ට විරුද්ධ වීමත් දෙකම කියාපාන්නේ දේශපාලනඥයන්ගේ සටකපට බව පමණක් නොවේ. දේශපාලනඥයන්ගේ සටකපටකම්වලින් කෙතරම් මට්ටු වුණත් ලංකාවේ සමස්ත ඡන්දදායකයා තරමටම ඉන්දියාවේ ජනයාද පහසුවෙන් ඇන්දවිය හැකි බවය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාසල්වලින් 65%ක උසස්පෙළට විද්‍යාව උගන්වන්නේ නෑ! මේ නිසා විශ්වවිද්‍යාලවල 25%ක් කලා උපාධිය හදාරනවා! ඒකෙන් 70%කට රස්සා නෑ! රටේ අධ්‍යාපනයේ ඛේදවාචකය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති පෙන්වා දෙයි! I Sri Lanka Latest News

Next Post

අදටත් කඳ සුරිදුන්ගේ හාස්කම් සිදුවන කැබිලිත්ත දේවාලයේ අබිරහස I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.