• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, December 9, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මං ඉතාලියේ තනිවුණා I Sri Lanka Latest News

June 18, 2023
in Exclusive, Holiday, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on FacebookShare on Twitter

ලංකාවේ ඉඳන් ගොඩක් ඈතින් පිහිටලා තියෙන රටක් වුණත් ඉතාලිය අපට හරිම සමීපයි. ඒකට ප්‍රධානතම හේතුව අපේ රටේ බොහෝ දෙනෙක් ඉතාලියේ ඉන්න එක. රැකියාවල නියුතු අය වගේම ඉතාලියේ ස්ථිර පදිංචිය හිමි ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුත් ඉන්නවා.(Sri Lanka Latest News)

සාමාන්‍යයෙන් අපි දන්න කියන කවුරුම හරි ඉතාලියේ ඉන්නවනේ. අඩු ගානේ ඉන්න කෙනෙක් ගැන අහලා හරි තියෙනවා. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් ඒ ඉතාම අඩුවෙන්. ඒ තරමටම ඉතාලිය අපට හරිම සමීපයි. බොහෝවිට අතීතයේ නම් වැඩි වශයෙන් ඉතාලි ගියේ මීගමුව, වෙන්නප්පුව අවට පිරිස්. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. මීගමුවට පුංචි ඉතාලිය කියන්නෙත් ඒකනේ.

මීට දශක දෙක තුනකට කලින් නම් ඒ බොහෝ දෙනෙක් ඒ ගමන ගියේ බෝට්ටුවෙන්. මෙච්චර රටවල් තියෙන ලෝකේ බෝට්ටුවලින් ඇයි ඉතාලිම යන්නේ කියන එකත් මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබුණා. මොකද ලෝක සිතියමට අනුව ලංකාවේ ඉඳන් බෝට්ටුවේ ඉතාලි එන්න නම් අප්‍රිකා මහද්වීපය වටෙන් එන්න ඕනේ. ඒ අතරමඟ තව යුරෝපා රටවලුත් පහුවෙනවා. ඒත් ඔය බෝට්ටු ගමන ගොඩක්ම ආවේ ඉතාලියට. ලංකාවේ ඉඳන් විතරක් නෙවෙයි, පාකිස්තානේ, ඉන්දියාව වගේ අසල්වැසි රටවල බහුතරයකුත් ඔය වගේ ඇවිත් තියෙනවා.

ඉතාලියේ ක්‍රියාත්මක වෙන ලිහිල් සංක්‍රමණ නීති තමයි ඒ ගමනට ඉතාලියම තෝරාගන්න හේතුව. සාමාන්‍යයෙන් ඉතාලි මුහුදු සීමාවට ඇතුළු වෙන සංක්‍රමණිකයන්ව හරවා යැවීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම අතීතයේදී ඉතා පහසුවෙන් ඒ අයට නීත්‍යනුකූල ලියකියවිලි හදාගැනීමේ පහසුවත් ඉතාලියේ තිබිලා තියෙනවා. කතාවට ‘කොල නීති’ කියන්නේ ඒවට. අද වෙද්දී නම් ඒ තත්ත්වය බොහෝ දුරට වෙනස්. බෝට්ටුවෙන් එන ඉතාලි ගමන දැන් නම් බොහෝ දුරට නැවතිලා. ඒ වෙනුවට දැන් භාවිත වෙන්නේ වෙනත් ක්‍රම. ඒත් ඉතාලිය එක්ක අපට දැනුණු සමීප බව තාමත් එහෙමමයි.

ලංකාවෙන් පිට වෙනත් රටක් ගැන කියවෙන සින්දු, චිත්‍රපට, ටෙලිනාට්‍ය ගත්තත් ඒ අතර වැඩියෙන්ම කියැවෙන්නේ ඉතාලිය ගැන කියන එකට විවාදයක් නැහැ. චිත්‍රපට ගත්තොත් අපේ මතකයට මුලින්ම එන්නේ ‘මිල්ලෙ සොයා’. මෑතකාලීන ගීත ගත්තොත් ‘චාවෝ මල්ලී’, ‘මං ඉතාලියේ තනි වුණා’ වගේ ගීත උදාහරණයට ගන්න පුළුවන්. ධනපාල උඩවත්ත ගායනා කරන ඒ ගීතයේ ඉතාලියේ බොහෝ නගර සහ ස්ථාන ගැන කියැවෙනවා. ඒ වගේම බොහෝ ටෙලිනාට්‍යවලත් ඉතාලියේ ඉන්න චරිත ගැන අපට අහන්න දකින්න ලැබෙනවා.

අතීතයේ බෝට්‍ටුවලින් ඉතාලි ආව ගමන ගැන තමයි ‘මිල්ලෙ සොයා’ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. මිල්ලෙ කියන්නේ ඒ කාලේ ඉතාලියේ තිබුණු මුදල් ඒකකය. ඒත් අද වෙද්දී ඉතාලියේ මිල්ලේ සොයාගන්න නැහැ. යූරෝ තමයි දැන් ඉතාලියේ මුදල් ඒකකය විදියට භාවිත වෙන්නේ.

ලංකාවේ ඉඳන් ඉතාලිය ගැන අහද්දී අපට මැවෙන්නේ වෙනම ලෝකයක්. දන්න වචනවලින් කිව්වොත් දිව්‍ය ලෝකයක් වගේ එකක්. මට වුණත් එහෙමයි. ඉතාලියේ ඉඳන් නිවාඩුවට ලංකාවට ආව කෙනෙක් වුණත් දැක්කම අපේ හිතට එහෙම හැඟී මක් එනවනේ. ලස්සනට අඳින පලඳින, සුවඳ හමන මිනිස්සු තමයි අපට ඉතාලිය කිව්ව ගමන් මතක් වෙන්නේ.

ඒ කතාව 100%ම බොරු නෙවෙයි. ඒත් ඒක 100%ක් ඇත්තත් නෙවෙයි කියලා තේරෙන්න නම් ඉතාලියටම එන්න ඕනේ. මොකද ඉතාලිය කියන්නේ බහුවාර්ගික රටක්. විවිධ රටවල ජනතාව එකට ජීවත් වෙන රටක්. ඉතාලියේ බස් රථයකදී හෝ දුම්‍රියකදී සුදු හම තියෙන මිනිස්සු එක්ක හරි හරියට කළු හම තියෙන මිනිස්සුත් දැකගන්න පුළුවන්. ආව ගමන් නම් ඒක ටිකක් අසාමාන්‍ය දෙයක් විදියට තමයි තේරෙන්නේ.

ඒත් පහු වෙද්දී නම් ඒක සාමාන්‍ය අතට හැරෙනවා. ඒ කළු හම සහිත අප්‍රිකානුවන් බහුතරය ඉතාලි ජාතිකයන්. ඉතාලිය අප්‍රිකා මහද්වීපයට නුදුරින් පිහිටලා තියෙන හින්දා අප්‍රිකා ජාතිකයන් තමයි විශාල වශයෙන් සංක්‍රමණිකයන් විදියට ඉතාලියට එන්නේ. එහෙම ආව බොහෝ දෙනෙක් අද වෙද්දී ඉතාලි පුරවැසිභාවය හිමිකරගෙන තියෙනවා. ඒ හින්දා ඉතාලි පාසලක් තුළ වුණත් හරි හරියට කළු හම සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැකගන්න පුළුවන්.

වර්තමානය වෙද්දිත් අප්‍රිකා රටවලින් ඉතාලියට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ අඩුවක් නැහැ. ඒ වගේම ඉතාලියේ නිදහස් සහ සාමකාමී වාතාවරණයට මේ ඇතැම් අප්‍රිකානුවන්ගෙන් වෙන බලපෑමත් සුළුපටු නැහැ. අද වෙද්දිත් ඉතාලියේ බොහෝ නගරවල යටිබිම් පදික මාරු බොහෝ කළු ජාතිකයන්ගේ රාත්‍රී නවාතැන් බවට පත්වෙලා තියෙනවා.

ඒ හේතුවෙන් එම උමං මාර්ග අපිරිසිදු සහ අනාරක්ෂිත ස්ථාන බවටත් පත්වෙලා තියෙනවා. ඔව්. දුගඳ හමන උමං ඉතාලියෙත් තියෙනවා. ඒ වගේම දුම්රියවල හොරෙන් ගමන් කිරීම, සිඟමන් ඉල්ලීම මෙන්ම බලහත්කාරයෙන් මුදල්, බඩු බාහිරාදිය පැහැර ගැනීම සම්බන්ධයෙනුත් ඔවුන්ට චෝදනා එල්ල වෙනවා. රාත්‍රී කාලයට තනිවම ගමන් කරන්න සුදුසු නැති ප්‍රදේශ අදටත් ඉතාලියේ තියෙනවා. හැබැයි ඕනෑම නගරයක වීදියක් හෝ දෙකක් පමණයි මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

ඒ එක්කම නීති වීරෝධී මත්ද්‍රව්‍ය අලෙවියේත් ඉදිරියෙන්ම ඉන්නේ මේ කළු ජාතිකයන්. ලෝකයේ බොහෝ තහනම් මත්ද්‍රව්‍ය ඉතාලියේ අලෙවි වෙනවා. හමේ පාට අනුව මිනිස්සු වෙන් කරන එක පහත් වැඩක් වුණත් මේ දේවල් විස්තර කරන්න වෙන ක්‍රමයක් නැති හින්දා එහෙම කළ බවත් කියන්න ඕනෑ.

මීට අමතරව ඉතාලිය ගැන තව කතාකරන්න බොහෝ දේවල් තියෙනවා. ඇවිදින්න බොහෝ තැන් තියෙනවා. ඉතාලියේ ඉන්න අපේ අය කරන කියන බොහෝ දේවල් තියෙනවා. සුදු කළු ඉතාලියේ ඒ හැම දෙයක් ගැනම අපි හීන් සීරුවේ කතා කරමු.

චන්දන පොන්නම්පෙරුම

ShareTweetSendShare
Previous Post

ආරක්ෂක නිලධාරීන් කුඩ අල්ලන් ඉඳිද්දී ආණ්ඩුවේ ඇමැතිවරු නිදහස් චතුරශ්‍රයේ ව්‍යායාම කරන වීඩියෝ එක සමාජ මාධ්‍යයේ ‘වයිරල්’ වෙයි! මෙන්න වීඩියෝ එක! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

පියාගේ ආභාෂයෙන් මමත් සසුනට අරුණෙන් සම්බුද්ධ ශාසනයට විශාල වැඩ කොටසක් කළා! රට පුරා චෛත්‍ය වහන්සේ 12 නමක් හැදුවා! ඉදිරියේදී දහසක් හදන්න සැලසුම් කරලා තියෙනවා! දහම් පාසල් ශාලා දහසක් ගොඩනගනවා! රටේම සිද්ධස්ථාන ගොඩනැගුවා! මේවා කඩාකප්පල් කරන්න මටත් බිරියටත් සමහරු අභූත චෝදනා එල්ල කරනවා! පහර පිට පහර දෙනවා! අපි මේවාට සැලෙන්නේ නෑ! මේ ශාසනික සේවාව ඉදිරියටත් කරනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මිහින්තලේ හිමියන්ගේ ජීවිතේට බරපතළ තර්ජනයක්! පක්ෂ භේද එපා! මිහින්තලේ නායක හිමියන්ගේ ජීවිතේ බේරගන්න පෙරට එන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමි ‘පොහොට්ටුවකුත්’ අරන් මාධ්‍ය හමුවට ඇවිත් පොහොට්ටුවෙන් කරන මඩ ප්‍රහාරයක් ගැන විශාල හෙළිදරව්වක් කරයි! ‘කෝටියක් දීපන්.. නැත්නම් උඹ මරනවා!’ වීඩියෝ එකක් පෙන්වා මරණ තර්ජන කළේ කව්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News
Exclusive

මිහින්තලේ හිමියන්ගේ කෑමට වහ දාලා දෙන්නද යන්නේ? මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අසූචි පොහොර නැවේ ගනුදෙනුව නිසා රටට ඩොලර් ලක්ෂ 69ක් නැති වුණා! මිලියන 1382ක්! අන්තිමේ සල්ලිත් නෑ පොහොරත් නෑ! නැනෝ පොහොර වංචාව නිසා මිලියන 7840ක් රටට නැතිවුණා! මේවා විගණන වාර්තාවේ තියෙනවා! ඒ විගණන වාර්තා හැදුවේ සියලු සුදුසුකම් ඇති විගණකාධිපතිවරයා! එහෙම නැතිව යූනියන්වලින් පත්කරපු හොර විගණකයෙක් නෙමෙයි! හිතවත්කම් නැතිව වහාම විගණන වාර්තාව ක්‍රියාත්මක කරන්න! විපක්ෂනායක සජිත් අදත් අසූචි පොහොර වංචාව ගැන ආණ්ඩුවට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

පොලිසිය ඇතුළේ ලොකු පුටු මාරුවක්! I Sri Lanka Latest News

Load More
Leave Comment
හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

ශානි අබේසේකර මහතාව වාහනයකින් හප්පා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරීන් විසින් පසුගිය දා...

Read more
සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ ජීවිතේට බරපතළ තර්ජනයක්! පක්ෂ භේද එපා! මිහින්තලේ නායක හිමියන්ගේ ජීවිතේ බේරගන්න පෙරට එන්න! විපක්ෂනායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමි ‘පොහොට්ටුවකුත්’ අරන් මාධ්‍ය හමුවට ඇවිත් පොහොට්ටුවෙන් කරන මඩ ප්‍රහාරයක් ගැන විශාල හෙළිදරව්වක් කරයි! ‘කෝටියක් දීපන්.. නැත්නම් උඹ මරනවා!’ වීඩියෝ එකක් පෙන්වා මරණ තර්ජන කළේ කව්ද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ හිමියන්ගේ කෑමට වහ දාලා දෙන්නද යන්නේ? මෙන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

අපභ්‍රංස විදුලි බල ගැසට් එක අදත් පාර්ලිමේන්තුවේ පත්තු වෙයි! සජිත්-දයාසිරි-චරිත ඇමැති කංචනව වටකරයි! දෝෂ 42ක් තියෙන බව කංචන පිළිගනී! හදිසියේ ගේන්න හිටපු පනත ජනවාරි දක්වා කල්දාන්නත් එකඟ වෙයි! VIDEO I Sri Lanka Latest News

ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අසූචි පොහොර නැවේ ගනුදෙනුව නිසා රටට ඩොලර් ලක්ෂ 69ක් නැති වුණා! මිලියන 1382ක්! අන්තිමේ සල්ලිත් නෑ පොහොරත් නෑ! නැනෝ පොහොර වංචාව නිසා මිලියන 7840ක් රටට නැතිවුණා! මේවා විගණන වාර්තාවේ තියෙනවා! ඒ විගණන වාර්තා හැදුවේ සියලු සුදුසුකම් ඇති විගණකාධිපතිවරයා! එහෙම නැතිව යූනියන්වලින් පත්කරපු හොර විගණකයෙක් නෙමෙයි! හිතවත්කම් නැතිව වහාම විගණන වාර්තාව ක්‍රියාත්මක කරන්න! විපක්ෂනායක සජිත් අදත් අසූචි පොහොර වංචාව ගැන ආණ්ඩුවට මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version