• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

”පාස්කු ප්‍රහාරය ගැන මම දන්නවා” මෛත්‍රීගේ කතාව මෛත්‍රිමට කැරකෙයිද? Sri Lanka Latest News

April 2, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
මෛත්‍රීපාලට පල්ලියෙන් පණිවුඩයක්!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහකට මාතෘකාවක් වී තිබේ. ඒ, තවත් දින කිහිපයකදී පාස්කු ප්‍රහාරය එල්ලවී වසර 5ක් සම්පූර්ණ වීමට නියමිතව තිබීම හේතුවෙන් නම් නොවේ. පසුගිය සිකුරාදා (මාර්තු 22) හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙනි.
වසර ගණනාවක් පුරා විවිධ කොමිෂන් සභාවලට සාක්ෂි දෙමින්, විවිධ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටි මෛත්‍රීපාල සිරිසේන හදිසියේ 22 වැනිදා ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න තමන් දන්නා බවය. (Sri Lanka Latest News)

‘පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන්ද සිද්ධ වුණේ කියලා. ඔය නඩු අහන ඒවෑ ඒ අල්ලලා තියෙන ත්‍රස්තවාදියෝ ඒක හරි. ඒ මම අල්ලපු අය තමයි දැන් ඔය නඩු අහන්නෙ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මගින්. අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියලා තවම කිසි කෙනෙක් කියල නෑ. හැබැයි ඒක මම දන්නවා කවුද කළේ කියලා. මට අධිකරණයෙන් යම්කිසි ඉල්ලීමක් කළොත්, නැත්නම් නියෝගයක් කළොත් ඇවිල්ලා මට මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලා, මම ලෑස්තියි කවුද මේ පාස්කු ප්‍රහාරය කළේ කියන එක. අනික් කාරණය තමයි, ප්‍රධාන වශයෙන්ම එය ඉතාමත් රහසිගතව තබාගැනීම ඒ විනිශ්චයකාරතුමන්ලාගෙත් වගකීමක් වෙනවා’ ඔහු ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පතිවරයාට නියෝග කළේය. ඒ අනුව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝග කර තිබේ.

ඒ අනුව මාර්තු 25 වැනිදා පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය. පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ ලබාදීමෙන් පසු පස්වරු 3.50ට පමණ ඉන් පිටව ගියේය.

‘විමර්ශනවලදී සහ නඩු විභාගවලදී සත්‍යය හෙළි නොකළේ ඇයි?’ අගරදගුරු පදවියේ මතය
පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු දැන සිටියේ නම් විමර්ශනවලදී සහ නඩු විභාගවලදී එය හෙළි නොකළේ මන්ද යන්න ගැටලුසහගත බව අගරදගරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පැවැසීය.

‘එයා මිලියන 100ක් ගෙවන්න වුණ නඩුවේදිවත් කිව්වෙ නෑ මේ ගැන දන්නවා කියලා. පාස්කු කොමිෂන් සභා වාර්තාවලත් එයා කිව්වේ, එයා දන්නෙවත් නෑ කියලා. එහෙම කියපු එක රටේ අධිකරණය, ජනාධිපති කොමිෂන් සභා හෑල්ලුවට ලක්කිරීමක්. සත්‍ය වසන් කිරීමක්. ඒ නිසා මෙයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන රඳවා තබාගෙන කටඋත්තර ගන්න ඕනෙ බැරෑරුම් දෙයක්’ බවද ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් පැවැසීය.’

‘අනිත් එක ඔහු කියලා තියෙනවා, තමන් හෙළිකරන කරුණු රහසිගතව තියාගන්න එක විනිසුරුවරුන්ගේ වගකීමක් කියලා. ඒක එහෙම වෙන්න බෑනෙ. මොකද, වරදකරුවකු හොයාගත්තා නම් ඔහුට එරෙහිව නඩු විභාගයක් කරල දඬුවම් දිය යුතුයි. එහෙම නැතුව වැරදිකරුට නිදැල්ලේ ඉන්න කියන්න පුළුවන් ද ඔහුට?’

පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පිළිබඳ කරුණු දැනගෙන එය වසන් කිරීමේ වරදට සැකකරුවකු ලෙස මෛත්‍රීපාල සිරිසේන වහා අත්අඩංගුවට ගතයුතු බව විවිධ පාර්ශ්වවල මතය වී තිබේ. කෙසේ වෙතත්, මාධ්‍යවල විකාශය වූ ප්‍රකාශයක් මත මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගත නොහැකි බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාර්තු 24 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.

‘රූපවාහිනියේ විකාශය වුණු එතුමාගේ ප්‍රකාශය දිහා බලලා, එතුමා අත්අඩංගුවට ගන්න කියලා කියන අයගේ ප්‍රකාශවල කිසිදු පදනමක් නෑ. එතුමාගේ ප්‍රකාශය සටහන් කරගෙන ඒ පිළිබඳ විමර්ශනයක් කරලා අවසානයේදී ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපට ඒ වගේ තීරණයක් ගන්න පුළුවන් වෙයි. කෙනෙක්ගෙ ප්‍රකා

යක් මාධ්‍යවලින් දැකල අත්අඩංගුවට ගන්න කියල කියනවා නම් මේ රටේ පුදුම තත්ත්වයක්නෙ ඇතිවෙන්නේ’ පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර, අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඔහුට ආරක්ෂාව අවශ්‍ය නම් එය සලසා දිය හැකි බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

‘තොරතුරු වසන් කිරීම වරදක්’
ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපරාධයක තොරතුරු හෝ සාක්ෂි වසන් කිරීම වරදක් බව නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි. ඔහු ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න දැනගෙන මෛත්‍රීපාල සිරිසේන එම තොරතුරු හෙළි නොකර සිටියා නම් එය බරපතළ වරදක් බවය.

‘තොරතුරු වසන් කිරීම කියන්නේ වරදක්. දණ්ඩ නීති සංග්‍රහය යටතේත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේත් ඒක වරදක්. ලංකාවේ ක්‍රියාත්මක නීතිය යටතේ තොරතුරු වසන් කරන්න හැකියාවක් නැහැ. මේක මේ පොල් ගෙඩි කීපයක් හොරකම් කිරීම වගේ සුළු ප්‍රශ්නයක් නෙවේ. මේක රට මුහුණ දුන්න විශාල ඛේදවාචකයක් ගැන රටේ පළමුවැනි පුරවැසියා ලෙස කටයුතු කරපු ජනාධිපතිවරයෙක් කරන ප්‍රකාශයක්. ඒ නිසා ඔහු මේ බරපතළ තොරතුරු වසන් කරගෙන හිටියා නම් ඒක දඬුවම් ලැබිය යුතු වරදක්.’

මේ අතර, බොරු සාක්ෂි හෝ බොරු තොරතුරු ඉදිරිපත් කිරීම ද බරපතළ වරදක් බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැවැසීය.
‘යම් අපරාධයක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි දීම එම අපරාධයේ ස්වභාවය අනුව ඊට ලැබිය යුතු දඬුවම ලැබිය හැකි වරදක්. මරණීය දණ්ඩනය ලැබෙන වරදක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි දීම මරණීය දණ්ඩනය ලැබිය යුතු වරදක්’ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැහැදිලි කළේය.

නිදොස්කොට නිදහස් වූ සැකකරුවෝ
මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක්ද වසර ගණනාවක් සිර දඬුවම් වින්දෝය. තවත් කිහිප දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියහ. ඒ අතරින්, වසර ගණනක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදොස් කොට නිදහස් වූ කිහිප දෙනෙක් වූහ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු ද ඒ අතර වූහ.

‘මේ වගේ නිකරුණේ බන්ධනාගාරවල මිනිස්සුන්ට දුක් විඳින්න සිද්ධ වුණේ හරි තොරතුරු සහ සාක්ෂි නොතිබුණු නිසානෙ. ඉතින් මෛත්‍රීපාල සිරිසේන නිවැරැදි තොරතුරු දැනගෙන ඒවා වසන් කරගෙන හිටියා නම් ඒක ලොකු වරදක්’ නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවැසීය.

වසර දෙකකට පෙර කීවේ කුමක්ද?
කෙසේ වෙතත්, 2020 ජූනි මස 14 වැනිදා බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ, ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව නඩු විභාග වෙමින් පවතින බවය.

‘හිස් තැන ඉතින් අද පරීක්ෂණවලින් බොහොම පැහැදිලිව පෙනීගිහින් තියෙනවනේ. කවුද වගකිව යුත්තෝ කියල මේ වන විට බොහොම පැහැදිලිව පෙනී ගිහින් තියෙනවා. ඒ හිටපු වගකිවයුතු අයගේ තමා සේවය තහනම් කරලා දැන් ඔය නඩු විභාග වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා තියෙනවා ඒ අයට. ඉතින් ඕක මේ බොහොම පැහැදිලියි. තව තියෙන තත්ත්වයන් ගත්තම හාර හාර කවුද මේක කියන්න තරම් මහා යටට යන්න දෙයක් නෑ. දැන් මේක පරීක්ෂණවලින් ඔක්කොම එළිවෙලා තියෙනවා කවුද වගකිව යුත්තෝ කියලා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා දැන් නඩු විභාග වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්. ඉතිං ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්, දැන් ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කෙරීගෙන යනවා. ඒ නිසා මේක අපි මාධ්‍ය තුළ කතා කිරීමත් සුදුසු වෙන්නේ නෑ.’

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ලොකු අවුලක්! ජනාධිපතිගේ යෝජනාවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමම විරුද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දෙදරු පියෙක් බොරලැස්ගමුවේ සම්බාහන මධ්‍යස්ථානයක් ඇතුළේ මියගිහින්! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.