• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැව් අනතුරුවලින් ලෝකෙ රටවල් ගොඩගිය හැටි I Sri Lanka Latest News

May 25, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1967 ටෝරි කැනියන් වන්දිය ඩොලර් මිලියන 22යි…

1978 ඇමකෝ කාඩිස් වන්දිය ඩොලර් බිලියන 1.6යි…

ඩීප් වෝටර් හොරයිසන් වන්දිය ඩොලර් බිලියන 65යි…

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඩොලර් බිලියන ——–?

‘මා අද මේ වගතුග කියා සිටින්නේ මහජන නියෝජිතයකු හැටියටත්, පරිසරවේදියකු හැටියටත්, සත්‍ය ගවේෂකයකුත් ලෙසටයි. අද අපට අසන්නට ලැබෙන මෙන්න මේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඛේදවාචකය තුළ ලෝකයට නොකියපු වැදගත් කාරණාවක් තිබෙනවා. ගරු කතානායකතුමනි, අපේ රට අස්සන් කරලා නැහැ Convention of the limitations on liability on maritime claims යන ජාත්‍යන්තර ගිවිසුමට.(Sri Lanka Latest News)

මේකෙන් මොකක්ද කියන්නේ? සමුද්‍රීය පද්ධතියේ මහා විනාශයක් සිදුවූ විට අදාළ රටක් එයට වන්දි ඉල්ලීමේදී ඒ සඳහා ක්‍රියාකාරී වන සහ විවිධ සීමා පනවන ජාත්‍යන්තර සම්මුතියක් තිබෙනවා. ඒකට අපේ රට අස්සන් කරලා නැහැ. හැබැයි ඒකට සිංගප්පූරුව අස්සන් කරලා තිබෙනවා. එතකොට මේ එක්ස්ප්‍රස් පර්ල් නඩුව පවරන්නට යන්නේ වන්දි ලබාගැනීමේදී සීමාවන් පනවපු සම්මුතියක් අස්සන් කළ රටක් තුළදී යන්න තමයි මට අවබෝධ වෙන්නේ.

මේ කරුණ අවබෝධ කරගන්න සොක්‍රටීස්ලා, ප්ලේටෝලා වෙන්න ඕනෙ නැහැ. ගරු කතානායකතුමනි, ඔබතුමාම මට කියන්න ජාත්‍යන්තර සමුද්‍රීය වන්දි ලබාගැනීමේ ගිවිසුමකට අස්සන් කළ රටක මේ නඩුව පවරන එක අපේ රටට වාසිද අවාසිද කියලා. මම හිතන්නේ මාතර හක්මන දිස්ත්‍රික්කයේ පෙරපාසල් දරුවන්ට වුණත් ඕක තේරේවි. ඒ තත්ත්වය ගැන තවත් ඕනෑම කෙනකුට වුණත් ඉතා සරලව තේරුම් යනවා. ඒ නිසා අද මේ එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා….’

මෙම සුවිශේෂ වගතුග ඇසෙන්නේ කොතැනකින්ද? මෙයට දින කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුව තුළින් මේ කතාව අසන්නට ලැබුණේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ප්‍රකාශයක් තුළිනි. වර්තමානයේදී අපට බොහෝ විට අසන්නට ලැබෙන මහත් ආන්දෝලනාත්මක වගතුගක් වන්නේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවුණු එක්ස්ප්‍රස් පර්ල් නැවේ මහා ඛේදවාචකයයි. මෙය අද ශ්‍රී ලංකාවට පමණක් නොව ජාත්‍යන්තරවද මහත් ආන්දෝලනයකට හේතුවී ඇති සිදුවීමකි. මෙම අර්බුදකාරී සිදුවීම ආශ්‍රිතව සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ විශේෂ ප්‍රකාශයේ මෙසේද තවත් තොරතුරු රැසක් හෙළිව තිබිණි.

‘අද මේ රටේ පාලනය එම සිදුවීමට අදාළව සොයා බලන විශේෂඥවරුන් ගැන කතා කරනවා. මේ කියන විශේෂඥවරුන් ගැන සොයා බලන්න අපට අයිතියක් නැද්ද? මේ විශේෂඥවරුන්ගේ සුදුසුකම් ගැන ප්‍රශ්න කරන්න අපට අයිතියක් නැද්ද? ඒ අයිතිය අපට තියෙනවා. දේශීයත්වය ගැන මහ ලොකුවට කතාකරන කණ්ඩායම් රටේ ඉන්නවා. එහෙම නම් අපේ රටේ සිටින විශේෂඥයන් ගැනත් විශ්වාසය තබන්න. ඒ අයගේ අදහස්වලට සවන් දෙන්න. විදේශීය රටවල විශේෂඥයන් ගැනම හිතන්නේ ඇයි? මේ සිදුවීමට අදාළව නැව් සමාගම එක්සත් රාජධානියේ නඩුවක් පවරලා තිබෙනවා. එයින් කියන්නේ මෙයට අදාළ වන්දිය සීමාකරන්න කියලයි.

ඒ කියන්නේ වන්දිය ඇමෙරිකානු ඩොලර් මිලියන 27කට පමණ සීමා කෙරෙන තත්ත්වයක්. එවැනි තත්ත්වයක් තිබියදී හැමෝටම තේරෙනවා මේ නැව් සමාගම එන්නේ මොකාටද කියලා. ඒ අය අර මහා හානියකට පත්වුණු ධීවර ප්‍රජාවට ලෙවකන්න සොච්චමක් බෙදලා දුන්නා. ඊට පස්සේ තවත් මොකක්ද ඩොලර් බිලියන 10ක්ද කොහෙද දුන්නා. මේ වින්දිතයන්ට මෙහෙමද සලකන්නේ? අපට ඕනෙ දැන් මේ කුමන්ත්‍රණකාරී නැව් සමාගම සිදුකළ දහජරා ක්‍රියාව පරාජය කිරීමටයි. මේ වටපිටාවේදී තමයි අපේ රටේ විශේෂඥ මණ්ඩලය තීන්දු කරලා තියෙන්නේ මේ ඛේදවාචකයේ වන්දිය විදියට ඩොලර් බිලියන 6.4ක වන්දියක් අවශ්‍ය බවට.

IMF එකෙන් අවුරුදු හතරකට ශ්‍රී ලංකාවට ලැබෙන්නෙත් ඩොලර් බිලියන 2.9ක් පමණයි. ඒ නිසා ඩොලර් බිලියන 6.4ක් නොව තවත් වැඩියෙන් මේ වන්දිය ඉල්ලා සිටිය යුතුයි. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ 220ම එකාමෙන් වැඩකරන්න ඕනෑ. අනුමැතිය ලබාදෙන්න ඕනෑ. මේ සටන අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ. ලෝකයේ හැම රටකම මේ වගේ සමුද්‍රීය ඛේදවාචකවලදී විශාල වන්දි මුදල් ලබාගෙන තිබෙනවා. ජාත්‍යන්තර වාර්තා ගත් විට ඒ බව පෙනීයනවා. මේ ආකාරයෙන් සිදුවුණු ‘ටෝරි කැනියන්’ නැවේ ඛේදවාචකය ප්‍රධාන කරගත් තවත් සිදුවීම් ගණනාවකදී මේ තත්ත්වය පැහැදිලිවම පෙනීයනවා…’

මේ ආකාරයට ශ්‍රී ලංකාවට සිදුවූ මෙම මහා විනාශය උදෙසා මේ වන විටත් නිසි සාධාරණ වන්දි මුදලක් ලැබී නොමැත. පසුගිය වසරේදී සිදුවූ මෙම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදේ ගිලීයෑම හේතුවෙන් එම නැව තුළ පටවා තිබූ නයිටි්‍රක් අම්ලය මෙටි්‍රක් ටොන් 25ක් සහ ප්ලාස්ටික් පෙලට් (බෝල) බිලියන 50ක ප්‍රමාණයක් සාගරයට එකතු වුණේය. ඒ අනුව ශ්‍රී ලාංකික සමුද්‍රීය පද්ධතියට වදනින් කිව නොහැකි තරමේ මහා විනාශයක් සිදුවිය. මෙය ලෝකයේ සිදුවූ දරුණුතම සමුද්‍රීය පරිසර දූෂණවලින් එකක් ලෙසට හඳුන්වා දී තිබිණි. නෞකාව දින ගණනාවක් පුරා දැවෙමින් තිබී පසුව මුහුදු පතුලට ගිලාබැස්සේය.

මේ නිසා එකල ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පතට අතිශය දරුණු ලෙස බලපෑමක් එල්ල වූ අතර, මස්ත්‍යයන් මෙන්ම වෙනත් ජලජ ජීවීන් රාශියක්ද මරණයට පත්විය. එසේම ධීවර කර්මාන්තයට එල්ල වූ දැඩි තර්ජනය හේතුවෙන් ධීවරයන් දහස් ගණනකට රැකියා පවා අහිමි වී ගියේය. තවමත් මෙම නැව තුළ තිබුණු භයානක විෂ ද්‍රව්‍ය මුහුදු පතුලේ තැන්පත්ව ඇත. එසේම දිනෙන් දින ඒ මගින් සිදුවන විනාශයද තීව්‍ර වෙමින් තිබේ. දැනට මෙම මහා විනාශය උදෙසා නැව අයිති සිංගප්පූරුවේ සමාගමෙන් මෙරටට ලැබී ඇති අල්ප වන්දි මුදල වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7ක මුදලකි.

නමුත් ශ්‍රී ලංකාවේ පාරිසරික විශේෂඥයන් ප්‍රකාශ කර සිටින්නේ එයට සම්පූර්ණ වන්දියක් ලෙස ඩොලර් බිලියන 07ක මුදලක්වත් අවම වශයෙන් ලබාගත යුතු බවය. එලෙස ශ්‍රී ලංකාවට වන්දි මුදලක් ලැබුණහොත් එය දැනට ශ්‍රී ලංකාව විඳිමින් සිටින මහා ආර්ථික අර්බුදයට පවා සහනයක් වනු ඇතැයි බොහෝ පාර්ශ්ව පෙන්වා දෙයි. එය ශ්‍රී ලංකාවට ජීවන මාර්ගයක්ද වනු ඇතිය.

ලෝකයේ මෙලෙස සිදුව ඇති මහා සමුද්‍රීය විනාශයන් ගැන ඉතිහාසගත වාර්තා රැසක් ඇත. පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කතාවේදී පැවැසුණු ටෝරි කැනියන් මහා ඛේදවාචකයද ඉන් ප්‍රධානතම සමුද්‍රීය විනාශයකි. ඒ ගැන සොයා බලමු.

Torrey Canyon Oil Spill (ටෝරි කැනියන් සමුද්‍රීය තෙල් කාන්දුව – 1967
මෙය 1967 වසරේදී එක්සත් රාජධානියේ (එංගලන්තයේ) නිරිතදිග වෙරළට ඔබ්බෙන් සිදුවූ මහා විනාශයකි. බොරතෙල් ලීටර් මිලියන 165ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ ටෝරි කැනියන් නෞකාව අනතුරට පත්වීමෙන් මෙම විනාශය සිදුවිය. මෙහිදී නෞකාව අනතුරට පත්වී තිබුණේ මුහුදේ විශාලතම ගල් පර්වතයක හදිසියේ ගැටීම හේතුවෙනි. වැරැදි සමුද්‍රීය ගමනාන්ත නියාමනයක් හරහා එම විනාශය සිදුව තිබිණි.

එහිදී බොරතෙල් ලීටර් මිලියන 100කට අධික ප්‍රමාණයක් සමුදුරට එකතු විය. එය වැළැක්වීම සඳහා තෙල් ගිනිතබා විනාශ කිරීම සඳහා නෞකාවට අහසින් බෝම්බ හෙළීමද සිදුකෙරිණි. එහිදී එංගලන්තයේ බලධාරීන් බලාපොරොත්තු වූයේ එසේ ගිනිතැබීම මගින් බොරතෙල් තවත් ප්‍රදේශවලට යෑම වැළැක්වීමය. එහෙත් අවසානයේදී නෞකාව ආශ්‍රිත ප්‍රදේශය මහා ගිනිජාලාවක් බවට පත්විය. එහිදී නෞකාව මතට රාත්තල් 1000ක් බර බෝම්බ 42ක් හෙළීය. මෙම සමුද්‍රීය විනාශය හේතුවෙන් මුහුදේ කිලෝමීටර් 190ක දුරක් අපවිත්‍ර විය.

එසේම වර්ග සැතපුම් 270ක දුරක සිටි මුහුදු පක්ෂීන් සහ මත්ස්‍යයන් මරණයට පත්විය. පක්ෂීන් පමණක් 15,000ක් මියගොස් තිබිණි. එසේම ධීවර කර්මාන්තය මුළුමනින්ම විනාශයට පත්විය. මෙම නෞකාව ලයිබීරියානු සමාගමකට අයත් එකක් විය. මෙම සමුද්‍රීය විනාශය ලොව මෙතෙක් සිදුවූ විශාලතම සාගර විනාශය ලෙස සැලකෙයි. මෙහිදී එංගලන්තයේ මෙන්ම ප්‍රංශයේ සමුද්‍රීය කලාපයද දැඩි විනාශයකට ලක්වූ අතර දෙරට විසින්ම නැව් සමාගමට එරෙහිව නඩු පවරනු ලැබීය.

එහිදී අවසානයේ එකල (වසර 55කට පෙර) මෙම විනාශයට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 22ක මුදලක් ලබාගත් බව පැවසෙයි. අද කාලයේ හැටියට එම මුදල ඩොලර් බිලියන 25කටත් අධික යැයි පැවසෙයි. මෙයින් පෙනීයන්නේ වසර 55කට පෙරදීත් එවැනි වන්දි ලබාගත්තේ නම්, අද ශ්‍රී ලංකාව ලබාගන්නා වන්දි මුදල කොතරම් සොච්චමක්ද යන්නය.

ලෝකයේ මෙලෙස පසුගිය දශක 4ක 5ක සමීප කාලයක් තුළදී සිදුවූ සුවිශාලතම සමුද්‍රීය පරිසර විනාශයන් කිහිපයක් ගැන ජාත්‍යන්තර වාර්තා කරුණු කියාපායි. මේ පරිසර විනාශයන් සියල්ලම නෞකාවන් විනාශ වීම ආශ්‍රිතව සිදුවූ ඛේදවාචකයන් වෙයි. එනම් රටවල් ගණනාවකදී බොරතෙල් සහ වෙනත් විෂ රසායනික ද්‍රව්‍යයන් ප්‍රවාහනය කළ නෞකාවන් විනාශයට පත්වීම එම ඉතිහාසයට එක්වූ වගතුගයි.

The Amoco Cadiz oil spill (ඇමකෝ කාඩිස් තෙල් කාන්දුව) 1978
බොරතෙල් ගැලුම් මිලියන 70ක් ප්‍රවාහනය කළ නෞකාවක් ප්‍රංශයට ආසන්න මුහුදේදී විනාශයට පත්වීම. මෙය බොරතෙල් ලීටර් මිලියන 265ක ප්‍රමාණයකි. මෙහිදී ඇමෙරිකානු සමාගමකට අයත් ඇමකෝ කාඩිස් නෞකාව අනතුරට පත්වන්නේද මුහුදු පතුලේ තිබුණු ගල් පරයක හැපීම නිසාය.

1978 වසරේදී අනතුරට පත්වූ මෙම නෞකාවේ දිග මීටර් 334ක් වෙයි. උස මීටර් 51කි. එයින් පෙනීයන්නේ එය අතිවිශාල නෞකාවක් වන අතර එහි කාර්යමණ්ඩලයද 44 දෙනෙකි. මෙම මහා විනාශය හේතුවෙන් එකල ප්‍රංශයේ සමුද්‍ර පද්ධතියට ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට අධික හානියක් සිදුවුණේ යැයි ගණන් බලා තිබිණි. නැව අයිති ඇමෙරිකානු සමාගමෙන් වන්දි ඉල්ලා ප්‍රංශ රජය නඩු පැවරූ අතර, එම වන්දිය ප්‍රංශ ෆ්‍රෑන්ක් බිලියන 1.9ක් විය.

මෙය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක මුදලක් විය. කෙසේ වෙතත් වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 155ක් පමණ ලැබුණු බව පැවසෙයි. වසර 45කට පෙර එම මුදල මෙකල හැටියට ඩොලර් බිලියන 20ක් ඉක්මවා තක්සේරු කළ හැකිය.

The Atlantic Empress and Aegean Captain oil spill (ඇට්ලාන්ටික් ඉම්ප්‍රෙස් සහ කැප්ටන් ඒජියන් තෙල් කාන්දුව) – 1979
මෙය බොරතෙල් නැව් දෙකක් එකට ගැටීමෙන් සිදුවූ මහා සමුද්‍රීය විනාශයකි. මෙහිදී බොරතෙල් ලීටර් මිලියන ගණනාවක් මහා සාගරයට එකතු වූ අතර එම අනතුරින් නෞකා දෙකේ කාර්යමණ්ඩලය 27ක්ද මරණයට පත්විය. මෙම විනාශයේදීද එකල රටවල් සාධාරණ වන්දි හිමිකරගෙන ඇත.

Deepwater Horizon oil spill (ඩීප් වෝටර් හොරයිසන් තෙල් කාන්දුව) – 2010
මෙය ලොව මෑත කාලයේදී සිදුවූ මහා සමුද්‍රීය විනාශයකි. මෙහිදී බොරතෙල් කැණීම් කරන ගැඹුරු මුහුදේ ඇති තෙල් වේදිකාවක නෞකාවක් ගැටීමෙන් එම තෙල් වේදිකාව පෙරළී විනාශ විය. එහිදී සේවකයන් 11 දෙනකු මියගිය අතර, බොරතෙල් ගැලුම් මිලියන 206ක් සාගරයට එක්විය. මේ විනාශයට ඩොලර් බිලියන 65ක වන්දියක් ලබාගෙන තිබිණි. මෙහිදී එලෙස අතිවිශාල වන්දි මුදලක් නීතිමය ලෙස ලබාගෙන තිබුණේ එම අනතුරින් මියගිය සහ තුවාල ලැබූ සේවකයන් සඳහා වන්දි ගෙවීමටය.

මේ ආකාරයේ සමුද්‍රීය විනාශයන් විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර වාර්තා හරහා දැකිය හැකිය. අපට අවසානයේදී නිගමනයකට පැමිණිය හැක්කේ මෙම ඛේදවාචකයන් හරහා සෑම විටම වින්දිත වූ පාර්ශ්ව සඳහා සාධාරණ ඉහළ වන්දි ලබාදී ඇති බවය. ඒ අනුව අද ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ කුමක්ද? අද එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය වෙනුවෙන් අපට ලැබී ඇත්තේ කුමක්ද? එයින් වින්දිත වූ ධීවරයන්ට පවා අද නිසි වන්දියක් ලැබී නැත.

ඇතැම් පිරිස් චෝදනා කරන්නේ එක රුපියලක් හෝ නොලැබුණු බවයි. යම් ධීවරයන් පිරිසකට පමණක් ලෙවකන්නට පුළුවන් තරමේ සොච්චම් මුදලක් ලැබිණි. එහෙත් ප්‍රශ්නය තවම නිමාවට පත්ව නැත. මේ අනුව දැනට ඉල්ලා සිටින ඩොලර් බිලියන 6.4ක මුදලවත් ලැබෙන්නේ නම් කෙතරම් සහනයක්ද? එහෙත් අප සිතන දේ ඉටුවන්නේ නැත. මෙම සිද්ධිය පිටුපසින් මහා කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන බව පැහැදිලිය. මේ වන්දි මුදල් රටට හෝ ජනතාවට හෝ නැතත්, වෙනත් අදිසි බලවේගයන්ට ලැබීමට ඉඩ ඇති බව පැහැදිලිවම පෙනෙන්නේය. එසේම නැව් අයිතිකාර පාර්ශ්වයද මෙම ප්‍රශ්නය යටගැසීමට පැය 24 පුරාම උත්සාහ දරමින් සිටියි. ‘ඌරෝ කැකුණ තළන විට හබන් කුකුළන්ට රජ මඟුල්’ යැයි කියන්නේ මේ කතාවලට නොවේද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලංකාවෙ තෙල් මිල අඩු කරන්න පුලුවන්! ලෝක වෙළෙඳපොළේ හිටු කියලා බහිනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මතකද රාජපක්ෂ ආණ්ඩුව ගහපු මේ බොරුව? මතකද මේ රටේ ටෙලිවිෂන් පත්තර මේක ගැන කියලා මිනිස්සුන්ව අන්දපු හැටි! අද බොරුව එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.