• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ දෙමළ කොල්ලා අරන් ආව පන්සලේ නවත්වන්න… හොඳයි කියලා මේ කොල්ලාව ලොකු හාමුදුරුවො බාර ගත්තා I Sri Lanka Latest News

June 13, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උතුම් පැවිදි දිවියට එළැඹෙනවා කියන්නේ එක් සැණින් හිත හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට සසර හුරුවක් තියෙන්න ඕනෙ. පැවැදි වීම සඳහා අත්‍යාවශ්‍යම අනෙක් කරුණ තමයි පෙර කළ පින් ඇති බව.(Sri Lanka Latest News)

ඒ වගේම ජීවිතය ගැන, ලෝකයේ යථාර්ථය ගැන යම් අවබෝධයක් තියෙන්නත් ඕනේ. සිද්ධාර්ථ කුමාරයා වුණත් සත්‍ය සොයා යන්න තීරණය කළේ මහල්ලෙක්, රෝගියෙක්, පැවිද්දෙක් සහ මෘත දේහයක් කයන සතර පෙරනිමිති දැකීම නිසා සිතේ ඇතිවූ යම් අවබෝධාත්මක ස්වභාවයක් නිසයි.

බ්‍රාහ්මණෝස්‍ය මුඛ මාසීද් –
බාහු රාජන්‍යන් කෘතන්
ඌරු තද්‍යස්‍ය යද් වෛශ්‍ය –
පද්භ්‍යානන් ශුද්‍රො අජායත

මේ සංස්කෘත ශ්ලෝකයෙන් කියැවෙන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණයෝ පහළ වෙනවා, දෙවුරෙන් ක්ෂත්‍රීයෝ පහළ වෙනවා, කලවෙන් වෛශ්‍යයෝ පහළ වෙනවා, දෙපතුලෙන් පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් වටිනාකමක් අයිතිවාසිකමක් නොලැබූ ක්ෂුද්‍රයෝ පහළ වෙනවා යන්නයි. මේ මතය බුදුරදුන් ජීවමාන කාලයේ ඉන්දියාවේ මුල්බැසගත් බමුණු මතයක් වුණා.

නමුත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා මේ හණමිටි අදහස් මතවාද සුන් කළා. යම් කෙනෙක් බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ උපතින් නොවන බවත්, ඔවුන් සිදුකරනු ලබන ක්‍රියාවන් අනුව බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. ‘නජජ්ජා වසළො හොති – නජජ්ජා හොති බ්‍රාහ්මණා – කම්මනා වළො හොති – කම්මනා හොති බ්‍රාහ්මණා’ යන ගාථාවෙන් බුදුරජාණන්වහන්සේ ඒ බව දේශනා කළා.

බුද්ධ දර්ශනයේ කුලගොත් උස්මිටිකම් ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට ඉහතින් සඳහන් කළේ අපට මෑතකදී අසන්නට ලැබුණු වටිනා පුවතක් නිසයි. ද්‍රවිඩ ජාතික මවුපිය යුවලකට දාව උපත ලැබූ දරුවෙක් සම්බුද්ධ ශාසනයට ඇතුළත්ව උතුම් පැවැදි දිවියට පිවිසීම එම වටිනා පුවතයි.

ක්‍රිෂ්ණමූර්ති කවිරාජ් මහනුවර පුස්සැල්ල ප්‍රදේශයේ දරුවෙක්. මේ දරුවා මෙලොවට බිහිවූ දවසේ පටන් මවු සෙනෙහස, උණුසුම, රැකවරණය මේ සියල්ල ඔහුට හිමිවුණේ නැහැ. ඒ ඔහුගේ අම්මා හයක් හතරක් නොතේරෙන තම දරුවා තනිකර යෑම හේතුවෙන්.

පුංචි කිරිකැටියකුගේ මුළු ජීවිතයම ගොඩනගන්න අම්මා කෙනකුගේ ආදරය කරුණාව බලපාන බව අපි දන්නවා හැමෝම දන්නා කරුණක්. විශේෂයෙන්ම දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට එය තදින්ම බලපානවා.

අම්මා නොමැති නිසා පුංචි කවිරාජ්ව හදාවඩාගැනීමේ වගකීම පැවරුණේ ඔහුගේ තාත්තාට සහ පුංචි අම්මාටයි. පවුලේ පැවැති අගහිඟකම් නිසාම මේ දරුවාට අධ්‍යාපනය ලබන්න හැකි වුණේ පහ වසර ශිෂ්‍යත්ව පන්තිය දක්වා පමණයි. ඉන් පසුව මේ දරුවා පාසල් ජීවිතයට සමුදීලා නිවෙසේ අවුරුදු දෙක තුනක් කාලය ගතකරනවා. මේ අතරතුර කාලයේ තමයි කවිරාජ් පොතුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ තම ඥාතියකුගේ ගෙදර ගිහින් නවතින්නේ. ඒ ආසන්න නිවෙසක පුංචි දරුවකු පැවිදි දිවියට එළැඹ සිටි අතර, උන්වහන්සේ සීලරතන පොඩි හාමුදුරුවන් ලෙස හඳුන්වනු ලැබුවා. මේ පොඩි හාමුදුරුවන්ගේ මෑණියන් දවසක් තමන්ගේ දරුවා මහණ වුණු පන්සලේ ලොකු හාමුදුරුවන්ට දුරකතන ඇමතුමක් දීලා ඉල්ලීමක් කරන්නට වුණා.

‘අනේ හාමුදුරුවනේ පුංචි දරුවෙක් ඉන්නවා ඉස්කොලේ යන්නේ නැති. පුළුවන් නම් පන්සලේ නවත්තගන්න…’ මේ අම්මා හාමුදුරුවන්ගෙන් කළේ එම ඉල්ලීමයි. ඒ අනුව හාමුදුරුවන්ගේ වැඩිමහල් සහෝදරයා හරහා පුංචි කවිරාජ්ව මේ ලොකු හාමුදුරුවන් වැඩසිටින නැදුරන චිත්‍රාඇල්ල ශ්‍රීපාදස්ථාන විහාරයට යොමුකෙරුණා.

පුංචි කවිරාජ් පන්සලට ඇවිත් කාලයක් ගතවුණා. උදේ හවා කවිරාජ්ට දකින්නට ලැබුණේ බුදුරජාණන් වහන්සේ උදෙසා කරනු ලබන වත්පිළිවෙත් පින්කම්. ඔහුට අසන්නට ලැබුණේ දහම් කරුණුයි. මේ යහපත් ඇසුර නිසාම කවිරාජ් යහමඟට යොමුවුණා. දරුවෙකු යහමඟට යොමු වන්නට නම් ඔවුන්ට යහපත් ඇසුර අතිශයින් වැදගත් බවට කදිම නිදසුනක් මේ කතාවෙන් කියැවෙනවා.

උදේ සවස ධර්ම ශ්‍රවණය කිරීමෙන්, වත් පිළිවෙත් පිරීමෙන් පුංචි කවිරාජ්ගේ සිත දහම කෙරෙහි තදින්ම ඇදීගියා. ඔහුට සිතක් පහළ වුණා පැවිදි ජීවිතයට එකතු වෙන්න. ඉපදෙමින් මැරෙමින් යන, නිමාවක් නැති මේ සසර ගමන කෙටිකරගන්න ඔහුට සිත් පහළ වුණා. ඔහුගේ ඒ උතුම් අපේක්ෂාව ඉටුකරන්නට විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා පසුගිය පෙබරවාරි 20 වැනිදා කටයුතු කළා. ඉතා හොඳින් සිල් ගුණදම් පුරණ උන්වහන්සේගේ පැවිදි නම වන්නේ පූජ්‍ය පුස්සැල්ලේ කුසලධම්ම ස්වාමින්වහන්සේය. මේ පොඩි සාමණේරයන් වහන්සේ මේ වන විට ශ්‍රී ධර්මඥාන පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් වැඩිසිටිනවා.

අද සමාජයේ බොහෝ දරුවන් අසරණ තත්ත්වයට පත්වන්නේ ඒ දරුවන්ට ආදරය කරුණාව ආරක්ෂාව නැති වූ අවස්ථාවලදීයි. මවුපියන් සිටින බොහෝ දරුවන් පවා නොමඟ ගිහින් විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ආකාරය අද සුලබ දසුනක් බවට පත්වෙලා. මවුපියන් දරුවන් අත්හැර යෑම තුළ සිදුවන එවැනි කනගාටුදායක සිදුවීම් අතර, කුසලධම්ම පොඩි හාමුදුරුවන්ගේ ජීවිතය ඒ හැමටම ආදර්ශයක්.

සිදුහත් තවුසාණන් පවා සත්‍යය සොයා යන්නට පටන් ගත්තේ සිත දවන ක්ලේෂයන්ගෙන් මිදීමක් සොයාගත යුතු යැයි හැඟුණු නිසයි. උන්වහන්සේ එලෙස සිතමින් ගිහි ගේ හැරදා ගියත් නිවැරැදි මාර්ගයට යොමුවෙන්න කාලයක් ගතවුණා. උන්වහන්සේ තීරණය කළා මේ ජීවිතයේ ළාමක ආශාවන් පසුපස හඹා යෑමේ කිසිම අරුතක් නැහැ කියලා. සියලු දුක්වලට හේතුව කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව බව උන්වහන්සේ වටහාගත්තා. තෘෂ්ණාවට හේතුව අවිද්‍යාව බවත්, අවිද්‍යාවෙන් සිත මිදීම නිර්වාණය බවත් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් අවබෝධ කළා. දහස් ගණන් ලක්ෂ ගණන් අසරණ ජනතාව ඒ උත්තම බුද්ධ ඥානයට ගරු කරමින්, එම දහම අවබෝධ කරගන්නට වෙහෙසෙනවා. සීල – සමාධි – ප්‍රඥා ගුණ පුරනවා.

ලෝකයේ ඉමක් කොනක් නොදැන මංමුළා වූ මිනිසුන් අතරින් ලොව ඇති පරම සත්‍යය සොයා යන පැවිදි උතුමන් අතළොස්ස අතරට අද කුසලධම්ම පොඩි හාමුදුරුවන්ද ඇතුළත් වෙලා. තමන් උපන් ජාතිය ආගම කුලය කුමක් වුණත්, සත්‍යය ඇත්තේ බුදුරදුන් දෙසූ දහම තුළ බව මේ පුංචි සාමණේර හිමියන් මේ වන විටත් අවබෝධ කරගෙන ඇති. උන්වහන්සේගේ පැවිදි දිවියේ ඒකායන අරමුණ වන නිර්වාණාවබෝධය මේ ජීවිතයේදීම ලැබේවා කියලා ‘මව්රට’ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

‘හිත් නිවාලන දෙයක් වේ නම්
ඒ, බුදුරදුන් දෙසු ධර්මයයි…
අරුත දැනගෙන කරන කාරිය
සසර ගමනට මහමෙරයි…
අත්හැරපු තැන තියෙන සැනසුම
නිමක් නෑ එය අපමණයි…
බුදුන් දෙසු මඟ යන්න හැකි නම්
එතැන ඇත්තේ නිවීමයි…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මතක තියාගන්න කකුළුවා වතුරෙ නටන්නේ වතුර උණුවෙනකම් විතරයි! කාදිනල් හිමියන් මේ කියන්නේ කවුරු ගැනද? VIDEO I Sri Lanka Latest News

Next Post

‘ඇය සුරකින AIA’ පළමු සංවත්සරය සමරයි I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.