• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලා හමාරයි…

September 4, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
කාලා හමාරයි…
Share on WhatsAppShare on Facebook

‘ආවා ආවා මෙන්න ආවා… අලුත්ම එක ආවා…’ ඉස්සර කැසට් පීස් එනකොට ගුවන්විදුලියෙ වෙළෙඳ දැන්වීම් යන්නේ ඔය විදියට. ‘ආවා ආවා අලුත්ම එක ආවා…’ කියලා. හැබැයි මේ කියන්නේ වෙන කතාවක්. ආවා ආවා කිව්වාම පහුගිය දවස්වල ආවා කියලා කිව්වේ යාපනේ ආවා කල්ලියට. කවුද කොල්ලො කට්ටියක් එහෙන් මෙහෙන් පැනලා හොරකම් කරපු ගමන් ආවා ආවා කියලා කියන්න අපි පටන්ගත්තා. හැබැයි දැන් මේ කියන්නේ එහෙම ආපු එකක් ගැන නෙවෙයි. මෙන්න ආවා අලුත් ප්‍රතිඵල. අයවැයකුත් ආවා. අතුරු අයවැයකුත් ආවා. මේවා එනකොට අපට දැනෙන්නේ අන්න අඩුවෙයි, මෙහෙන් අඩුවෙයි, අරෙහෙන් අඩුවෙයි කියලා. අයවැය ගැන ප්‍රවෘත්තිය කියලා ඊට පස්සේ ප්‍රවෘත්තිය විදියට කියන්නේ පාන් ගෙඩිය රුපියල් 300ට යයි කියලා. එහෙම කිව්වම ඇඟ හිරිවැටෙනවා. අතපහ පණ නැතිවෙලා යනවා. හේතුව කාලා හමාරයි කියන එක ගැන දැනෙන්න පටන්ගත්තට පස්සේ.

අතුරු අයවැයකුත් ආවා. ඒකෙන් සහන වගයකුත් ආවා. ඒ සහන අස්සේ පවුල් 61,000කට විතර රුපියල් 10,000 ගානේ දෙනවා කිව්වා. සමෘද්ධි සහනාධාරය වැඩි වුණා. ගැබිනි ආධාරය දෙගුණ වුණා. පොරොත්තු ලේඛනයේ හිටපු අයටත් සමෘද්ධිය ලැබෙනවා කියලා තීන්දු වුණා. මේ ඔක්කොමත් එක්ක අපට දැනෙන්නේ පුදුම සැනසිල්ලක්. හරිම ෂෝක්. ඒත් ජීවත් වෙන්න පුළුවන්ද? ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියන එක සම්බන්ධව කණ්ඩායම් දෙකක් දෙවිදියකට කියලා තිබුණා. එක කණ්ඩායමක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ ගැන ලොකු සමීක්ෂණයකින් පස්සේ තීන්දුවක් ප්‍රකාශයට පත්කරලා තිබුණා. අපි මෙහෙමයි මේ ගැන හිතන්නේ කියලා. හැබැයි ලංකාවෙ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වගේ ඇතැම් ආයතන එකතු වෙලා මේ ගැන වෙනම විශ්ලේෂණයකුත් කරලා තිබුණා. මෙහෙම රටක එහෙම දේවල් කරන එක හොඳයි. ඇත්තටම රට තියෙන්නේ බරපතළ අර්බුදයක. දැන් අපි අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කරලා අයි.එම්.එෆ්. තීන්දුවල අවසන් අදියර දක්වා පැමිණෙමින් ඉන්නේ. ඒක ඉතා හොඳ දෙයක්. හැබැයි අයි.එම්.එෆ්. යනවා කියන එක රටක ජයග්‍රහණයක් නෙවෙයි. අයි.එම්.එෆ්. ගියා කියලා අපට ලැබෙන්නෙ ණය. අපට ලැබෙන්නේ සහනාධාර. අපි එතකොට තවත් අසරණයො බවට පත්වෙන එක විතරයි වෙන්නේ. ඒවා අමතක කරලා දාලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මේ වෙලාවෙ හොඳයි. ඒ වුණාට එහෙම ජීවත් වෙන්න තරම් අපට ගැළපෙන පරිසරයක් ලංකාවෙ නෑ. අපි ඉන්නේ භයානක අවධියක. හාල් කිලෝ එක රුපියල් 300 වෙයි කියලා බයේ ගැහෙමින් හිටිය අපට දැන් ඔන්න දැන් යාන්තම් හාල් කිලෝ එක රුපියල් 200 සීමාවෙ නතර වෙයි වගේ හිතට සැනසිල්ලක් දැනෙන තැනකට ඇවිල්ලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙනවා. තෙල් පෝලිම් ඇතිවෙනවා, නැතිවෙනවා. ආයෙත් මතුවෙනවා. වෙලාවකට තෙල් නෑ කියලා තැන් තැන්වල මාධ්‍යවලින් වාර්තා වෙනවා. ඊට පස්සේ ආයෙත් ෂෙඩ්වල තෙල් තියෙනවා කියලා අපට දැනෙන්න පටන්ගන්නවා. මේ සියල්ලත් එක්ක තමයි මේ රට දුවන්නේ. ඒ නිසා කෙනෙකුව ඉලක්ක කරලා අභියෝග කරලා මේ ආණ්ඩුව වැරැදියි, මිනිස්සු වැරැදියි කියලා කාටවත් චෝදනා කරන්න බෑ. දෙතුන්ගොල්ලන්ගෙම වැරැදි තියෙනවා. හැබැයි ඉතින් පාලකයො නම් මේ වැරැද්දට 100%ක් වගකියන්න ඕනෙ කියන එක අපි කිසිසේත්ම අමතක කරන්න හොඳ නෑ.

දැන් එතකොට පවුලකට මාසෙකට කියක් විතර වියදම් වෙනවද? එතකොට රුපියල් 13,000කින් ජීවත් වෙන්න පුළුවන් කතාවක් එක පැත්තකින් කරළියට ආවා. රුපියල් 63,000කින් ජීවත් වෙන්න පුළුවන් කියලා කියන කතාව දැන් රුපියල් 1,10,000 දක්වා ඉහළ ගිහින් කියලත් කියනවා. මේවා මොන වගේද? මේවා ඇත්තද? මේවා සවිස්තරාත්මකව හොයා බැලුවොත් මේවායෙ ඇතුළේ තියෙන කතන්දරය පැහැදිලි වෙන්නෙ කොහොමද කියන එක ගැන අපි චුට්ටක් හොයා බලන්න තීරණය කළා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කරපු නිල ලේඛනයක මේක තිබුණේ.

2022 ජුනි මාසයට අදාළව නිකුත් කරලා තියෙන මේ නව දත්ත සටහනට අනුව, එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) ජාතික අගයක් වශයෙන් රු. 12,444ක් දක්වලා තිබ්බා. මේ අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන වෙනම ගණන් බැලුවාලු. ඒ අනුව වැඩිම වියදමක් දැරීමට සිදුවෙලා තියෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයන්ට ලු. ඒ මුදල රුපියල් 13,421ක් ලු.

අවමය විදියට මොනරාගල දිස්ත්‍රික්කය දක්වා තිබුණා. ඒ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මාසයක් තුළ දැරීමට සිදුවන අවම වියදම රු. 11,899ක් කියලයි කියන්නෙ.

හැබැයි ඉන් පස්සෙ මෙන්න මෙහෙම ගණන් හැදිල්ලක් එළියට ආවා. රුපියල් හැටතුන් දහසක් විදියට තිබ්බ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ මාසික පරිභෝජන වියදම (ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් අද වෙන කොට රුපියල් එක් ලක්ෂ දසදහස දක්වා රුපියල් 47,000කින් විතර ඉහළ ගිහිල්ලා කියලා. මේ කාරණාව විශේෂ අධ්‍යයනයකින් පෙනීගිය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහත්තයා කියලා තිබුණා.

රුපියල් දාහතරදහස් පන්සියයක් විදියට තිබුණු අන්ත දුගී පවුලක 2019 වර්ෂයේ මාසික පාරිභෝජන වියදම උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් අද වෙන කොට රුපියල් විසිපන්දහස් පන්සියයක් දක්වා රුපියල් 11,000කින් වැඩිවී ඇතැයි පවසන මහාචාර්යවරයා මේ කාණ්ඩයේ දුගී පවුල් ලක්ෂ 21ක් රට තුළ ජීවත් වන බවත් කියලා තිබුණා. රුපියල් එක්ලක්ෂ අනූඅට දහසක් ලෙස පැවැති මෙරට ඉහළ ආදායම් ලබන පවුලක 2019 වර්ෂයේ මාසික වියදම මේ තත්ත්වය හේතුවෙන් මේ වනවිට රුපියල් තුන්ලක්ෂ හතළිස් පන් දහසක් දක්වා රුපියල් එක්ලක්ෂ හතළිස් දහසකින් වැඩිවී ඇතැයි ඔහු කියනවා.

එම ඉහළ ආදායම් ලබන පිරිසට ලක්ෂ 20ක ජනගහනයක් ඇතුළත් වන බවත් වසන්ත අතුකෝරළ මහත්තයා කියලා තිබුණා.

රුපියල් හතළිස්අට දහසක් විදියට තිබ්බ මෙරට මැදි ආදායම් ලබන පවුලක මාසික වියදම උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට රුපියල් අසූතුන් දහසක් දක්වා රුපියල් තිස්පන්දහසකින් වැඩිවී ඇති බව එම අධ්‍යයනයේදී පෙනීගිය බවද මහාචාර්යවරයා කියනවා.

මේ අතර පසුගිය 2019 වර්ෂය වන විට මාසික පරිභෝජන වියදම රුපියල් ලක්ෂය ඉක්මවූ පුද්ගලයන් ලක්ෂ විසිඑකක් රටේ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ අසූහතරක් දක්වා ඉහළ ගිහිල්ලාලු.

මාසික පරිභෝජන වියදම රුපියල් ලක්ෂය ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව මෙසේ ඉහළ ගොස් ඇත්තේ ජීවන තත්ත්වය ඉහළ යෑම නිසා නොව පාරිභෝජන භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ යාම නිසයි.

අපි පිළිගන්න ඕනෙ කොයි සංඛ්‍යා ලේඛනයද? අඩුම තරමින් අපිට අපේ සාක්කුවෙ තිබුණු සල්ලිවලට වෙන දේ විතරක්වත් හොයාගන්න පුළුවන් නම්, ඒක විශාලම ජයග්‍රහණයක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

IMF එක්ක ගහපු ගිවිසුම රහසිගත එකක්! පාර්ලිමේන්තුව දන්නෙත් නෑ! (VIDEO)

Next Post

181 බේරගන්න බැරිවෙයි! එක බෝලයක් ඉතිරිව තිබියදී පාකිස්තානය ඉන්දියාව පරද්දයි!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.