• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටී.එම්. ජයරත්න ‘අම්මා සඳකි’ සින්දුව කිවුවෙ මේ වගේ අමන පියවරුන් ගැන නම් නෙවෙයි I Sri Lanka Latest News

February 24, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තාත්තා කෙනකුගේ ආදරය කියන්නේ දරුවෙකුට ලෝකයක් වගේ. දරුවන්ට යහපත් ජීවිතයක් ලබාදෙන්න ඔහු දරන උත්සාහය වචනවලින් විස්තර කරන්න බැරි තරම්. දරුවෙකුගේ ජීවිතයේ එකම වීරයා වෙන්නේ තාත්තායි.(Sri Lanka Latest News) ඒ තාත්තා තමන්ගේ පාවහන් යුවල ගෙවෙනතුරු ඇවිදලා, දෑතේ කරගැට එනතුරු වැඩ කරලා අනන්ත දුක් විඳලා හරි හම්බ කරන්නේ දරුවන්ට හොඳ ජීවතයක් උදාකර දෙන්නයි. ඒ තරමට දරුවන් වෙනුවෙන් පියවරු කැපවෙනවා. එවැනි උතුම් පියවරු අතර සිටින ඇතැමුන් ‘තාත්තා’ කියන වචනයේ අර්ථයට නිගා දෙන පුද්ගලයන් බව වැටහෙන්නේ තිස්සමහාරාම ප්‍රදේශයෙන් පසුගියදා අපට අසන්නට ලැබුණු මේ කතාවත් එක්කයි.

මේ සිදුවීම වාර්තා වුණේ තිස්සමහාරාම ප්‍රදේශයේ එක්තරා පාසලකින්. පාසලේ සියලු දරුවන්ට සපත්තු ලබාගැනීම සඳහා වවුචර ලබාදී තිබියදීත් දරුවන් සෙරෙප්පු පැලඳගෙන පාසල් ඒම දින කිහිපයක් තිස්සේ නිරීක්ෂණය කළ එම පාසලේ විදුහල්පතිවරයා ඒ පිළිබඳ දරුවන්ගෙන් විමසා සිටියා. එහිදී දරුවන් විදුහල්පතිවරයාට පවසා තිබූ කරුණු හදවත කම්පාකරවනසුලුයි.

‘සපත්තු වවුචරය සපත්තු කඩේ මාමට දීලා ඒ සල්ලි ඉල්ලගෙන තාත්තා කසිප්පු බීලා. ඉතින් සපත්තු ගන්න විදියක් නැහැ’ යනුවෙන් එක් සිසුවෙක් තමන්ට පැවැසූ බවයි විදුහල්පතිවරයා පවසා සිටියේ.

එසේම තවත් බොහෝ සිසු දරුවන් පවසා තිබුණේ සපත්තු වවුචරය විකුණා ගෙදරට අවශ්‍ය අල පරිප්පු තුනපහ ආදිය මිලට ගැනීමට කටයුතු කළ බවයි.

මෙම කනගාටුදායක සිදුවීම අනාවරණ වීමත් සමග ඒ පිළිබඳ සොයා බැලූ විදුහල්පතිවරයාට දැනගන්නට ලැබුණේ ප්‍රදේශයේ ජීවත් වන බහුතරයක් දෙනා දැඩි ජීවන අරගලයකට මුහුණ දී සිටින බවයි. එදිනෙදා කුලී වැඩක් කර ජීවිතය ගැටගසා ගන්නා ඔවුන්ට හරිහමන් ආදායමක් ලැබෙන්නේ නැහැ. ස්ථිර රැකියාවක් නොමැති ඔවුන් ජීවිතය ගැටගසා ගන්නේ ඉතාම අපහසුවෙන්. අහස උසට නැග ඇති භාණ්ඩවල මිල ඔවුන්ට දරාගන්නට බැරි තරම්. ඒ නිසාම, සපත්තු ලබාගැනීමට රජයෙන් නොමිලේ ලබාදෙන වවුචරය මුදල් කර, ඒ මුදලින් ගෙදර අඩුපාඩු ලබාගන්නා තත්ත්වයක් ප්‍රදේශයේ ජනතාව අතර පවතින බවයි විදුහල්පතිවරයා හෙළිකරගෙන තිබුණේ. ඒ අතර ඇතැම් පියවරුන් මෙම සපත්තු වවුචරය විකුණා ඒ මුදලින් මත්පැන් පානය කිරීමේ ප්‍රවණතාවක්ද වාර්තා වී ඇති බව හෙළිව ඇත.

රජය මෙම වසර සඳහා සපත්තු වවුචර් පත් නිකුත් කර තිබුණේ දුෂ්කර සහ අති දුෂ්කර කලාපවල දරුවන්ටයි. එලෙස තෝරාගත් පාසල්වල ඉගෙනුම ලබන දරුවන් 7,40,000කට පමණ එම වවුචර්පත් නිකුත් කෙරුණා.

මේ අහිංසක දරුවන්ගේ සපත්තු වවුචර් පිළිබඳ කතාව කන වැකුණාම අපේ හදවතට දැනුණේ මහත් වේදනාවක්. තමන්ගේ දරුවාට ලැබුණු සපත්තු වවුචරය විකුණලා මත් වතුර බොන්න තාත්තා කෙනෙක්ට පුළුවන්ද? තමන්ට දරුවන්ට සපත්තු අරන් දෙන්න බැරි නම් නොමිලයේ ලැබුණු දේවත් දරුවන්ට පරිහරණය කරන්න ඉඩදෙන්න තිබුණා. රබර් සෙරෙප්පු දෙකක් පැලඳගෙන පාසල් යනවා වෙනුවට සපත්තු දෙකක් පැලඳගෙන පාසල් යන්නට දරුවකුට ඇති අවස්ථාව උදුරාගන්න තරම් තාත්තා කෙනෙක් අකාරුණික වෙන්නේ කොහොමද?අහිංසක දරුවන් පාසලක් තුළ මේ ප්‍රශ්න මැද කොයි තරම් අසරණ වෙනවද? මානසිකව කඩාවැටෙනවාද?

විදුහල්පතිතුමා සපත්තු ගැන විමසන විට ඒ අහිංසක දරුවන්ට දෙන්න උත්තරයක් නැති වෙන්නට ඇති. තමන්ගේ තාත්තා මත් වතුර බෝතලයක් වෙනුවෙන් මෙවැනි පහත් ක්‍රියාවක් කරාවි කියලා මේ දරුවන්ට හිතාගන්නට බැරිව ඇති.

වැඩිහිටියන් කරන වැරදිවලට දරුවන් පළි නැහැ. මෙවැනි අකාරුණික පියවරු අතර දරුවන් වෙනුවෙන් තමන්ගේ වගකීම හරියටම ඉෂ්ට කරන තාත්තලත් ඕනෑ තරම් සිටිනවා. තමන්ගේ දරුවන් ගැන වගේම අනෙක් දරුවන් ගැනත් හදවතින් හිතන්නට පුළුවන් නම් කොයිතරම් උතුම්ද?

දරුවන්ගේ සපත්තු වවුචරේ විකුණලා කුස පුරෝගන්න මවුපියන්ට සිද්ධ වෙලා තියෙන්නේ එක අතකින් මේ රටේ දැවෙන ආර්ථික ප්‍රශ්න නිසයි. පාලකයන් දිළිඳු ජනතාව සොයා බලා ඔවුන්ට සහන සලසනවා නම් මෙවැනි ප්‍රශ්න යම්තාක් දුරකට හෝ වළක්වා ගන්න පුළුවන්. සපත්තු වවුචරය විකුණන් කන පියවරුන් අතර බෝධිසත්ව ගුණ තියෙන උතුම් පියවරුත් සිටිනවා. එවැනි රත්තරන් තාත්තා කෙනෙක් ගැන කියැවෙන පුවතක් මීට සති කිහිපයකට පෙර අපට අසන්න ලැබුණා.

ඒ තාත්තාගේ කකුලක් නැහැ. ඔහු ආබාධිතයෙක්. ඒ වුණත්, ඔහු පාසල් දරුවන්ගේ කැඩුණු, ඉරුණු සපත්තු මසා නොමිලේම අලුත්වැඩියා කර දෙන්න කටයුතු කරපු පුවතක් තමයි මේ විදියට ආරංචි වුණේ.

ඔහු තමන්ගේ දෑත්වල සවියෙන් අනුරාධපුර රාජාංගනය යාය 4 පාසලේ දරුවන් වෙනුවෙන් දවස් දෙකක් තිස්සේ සපත්තු අලුත්වැඩියාව සිදුකර දී තිබුණේ ඒ අහිංසක දරුවන්ගේ පාසල් ගමනට ශක්තියක් වෙන්නයි. නිශාන්ත පුෂ්පකුමාර නමැති ඔහු දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියෙක්. මීට වසර කිහිපයකට කලින් පොල් කැඩීම සිය රැකියාව ලෙස සිදුකළ ඔහු හදිසි අනතුරක් නිසා ආබාධිත වුණා. එදා පටන් ඔහු සපත්තු මැසීම ජීවිකාව ලෙස තෝරාගත්තා. ඒ අතර, දුප්පත් අසරණ පාසල් දරුවන්ගේ කැඩුණු සපත්තු ඔහු නොමිලේම අලුත්වැඩියා කර දීමටත් කටයුතු කළේ දරුවන් වෙනුවෙන් සිය හදවතේ ඇති ආදරය කොයි තරම්ද යන්න ගැන හැමටම ආදර්ශයක් දෙමින්.

අම්මලා තාත්තලා ජීවත් වෙන්න ඕනේ දරුවන්ට ආදර්ශවත් ලෙසයි. විශ්ෂයෙන්ම තාත්තා කෙනෙක් දරුවන්ට ආදර්ශවත් විය යුතුයි. මොකද, යහපත් තාත්තා කෙනෙක් දරුවන් ළඟ සිටින විට ඒ දරුවන්ට ශක්තියක්, ආරක්ෂිත බවක් දැනෙන නිසා. ඒ වගේම හොඳ නරක, ගුණ ධර්ම ගැන දරුවන්ට කියාදී අනාගතය ජයගන්නා ආකාරය ගැන ඔවුන්ට උගන්වන්න මවුපියන් නිරන්තරයෙන් වගබලාගත යුතුයි. සමාජයට යහපත් පුරවැසියෙක් බිහිවීමට නම් ගුණධර්මවලින් සාරධර්මවලින් පිරිපුන් දරුවකු තැනිය යුතුයි. ඒ වෙනුවෙන් මවුවරු පියවරු කැපවී කටයුතු කළොත් විතරයි දරුවන්ගේ අනාගතයත් සමාජයත් යහපත් ලස්සන එකක් බවට පත්වන්නේ.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඕඩර් කරපු කෑම එක ගෙදරට ගේන්න පරක්කු වුණා කියා කුවේට්වල රස්සාව කරපු ලාංකිකයෙකුට වෙඩි ‌තියලා! ‌මැහුම් 40ක් දා රෝහලේ! රාජාංගණයේ පවුලක් අනාථයි! I Sri Lanka Latest News

Next Post

කොස්ගොඩ සුජීගේ පාතාල නායකයන් සෙට් එකක් ඩුබායි ‌නයිට් ක්ලබ් එකක් ඇතුළේ මරාගනී! 13 දෙනෙක් ඩුබායි පොලිසියෙන් අල්ලන් යයි! බූස්සේ හර්ෂ-ඌරගහ මයිකල් ඇතුලු බෙලිඅත්තේදී සමන් පෙරේරා එක්ක පස් දෙනෙක් මරා ඩුබායි පැන්න කීපදෙනෙකුත් ඒ අතර! I Sri Lanka Latest News

MORE NEWS

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.