බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. Sri Lanka Latest News
ඒ, එරට රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති වූ ගැටුමක් අතරතුරදීය.
ඒහිදී ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට පත්වූ 13 දෙනාම බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය මෙහෙයවූ බවට සැක කෙරෙන කොස්ගොඩ සුජීගේ සමීපතමයින් බව පැවසේ.
වැඩිදුරටත් හෙළිවී ඇත්තේ කොස්ගොඩ සුජී එම පිරිස මුදාගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින බවය.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යය තවමත් ලක් රජයට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැත.
සැකකරුවන් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙරටේ ආරක්ෂක අංශ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.










