මෙම වසරේ ජනවාරි 10 දක්වා කාලය තුළදී රට පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 3,710 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛi අනෝජා ධීරසිංහ මහත්මිය ‘මව්රට’ට පැවැසුවාය. (Sri Lanka Latest News)
ඊසානදිග මෝසම හේතුවෙන් උතුරු නැගෙනහිර ඩෙංගු පැතිර යෑම වැඩිවී ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.
කොළඹ ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් 802ක් වාර්තා වන අතර, යාපනය ප්‍රදේශයේ එම සංඛ්‍යාව 671ක් බවද වාර්තා වී ඇත.
අදාළ ප්‍රදේශවල උණ රෝගයෙන් දින දෙකට වඩා පෙළෙන රෝගීන් මෙන්ම ගැබිනි මවුවරුන්ද වෛiවරුන් වෙත යායුතු බවයි විශේෂඥ වෛiවරිය පෙන්වා දෙන්නේ.
ඉහත සඳහන් ඩෙංගු රෝගීන් අතරට ගම්පහ ප්‍රදේශයෙන් 337ක්ද, මහනුවරින් 261ක්ද, පුත්තලමෙන් 186ක්ද, කුරුණෑගලින් 152ක්ද, කෑගල්ලෙන් 128ක්ද, කළුතරින් 157ක්ද වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.
2022 වසර තුළදී පමණක් ඩෙංගු රෝගීන් 88,398ක් සොයාගෙන ඇති අතර, මියගිය සංඛ්‍යාව 59කි.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ වන අතර, එම සංඛ්‍යාව 11,910ක් බවද සඳහන්ය.
ප්‍රේමලාල් විජේරත්න










