• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝලාත් අමුඩෙ මාරු කරන්න ලෑස්තියි I Sri Lanka Latest News

January 14, 2024
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පේරාදෙණිය කාලයේ අපේ යාළුවෙක් උන්ණේය. ඒකා මහියංගණයට කිට්ටු උඩුදුම්බර ආසන්නයේ එකෙකි. ඒ සංදියේ ඒ හරිය උඩුදුම්බර නොවේ. “මාඩු” ගොඩය. මාඩු යන පදය “මාටු” යන ලෙසටද ව්‍යාකාර්ණයෝ (ව්‍යාකර්ණානුකූලව හොඳ බස දොඩන්නෝ) උසුරුවත්.(Sri Lanka Latest News)

මාඩු ගොඩ පසු කලෙක මොඩිෆයි වූයෙන් උඩුදුම්බර වූවේය. මාඩු හෝ මාටු හෝ ඔය දෙකෙන් කෝකහරි වුවත් ඔය පදයෙන් කියැවෙන බඩු (වර්ගය) නම් ඔය පැත්තේ පාරවල් පාරවල් ගානේ උන්හ. ගොඩ ගොඩවල් වශයෙන් ප්‍රදේශයේ සිටියෝය. ඔවුහු ප්‍රදේශවාසීන්ගේ ජීවන සම්පත වූවෝය. ඒ ගවයෝය. එළ ගවයෝය. මාඩු ලා සේම ඔවුන්ට හරි හරියටම වාගේ “ආඩු”ලාද උන්හ.

ආඩු යනු එළුවන්ය. ඔය දෙවර්ගය වැඩි වශයෙන්ම සිටීමට හේතුව වර්තමානයේ සේම ඒ කාලයේ ද ඒ පැත්තේ කෘෂිකර්මාන්තය (එළවළු ගොවි තැන) First place එක වීමය. බීට්රූට්, නෝකෝල්, ලීක්ස්, කැරට්, බෝංචි වාගෙ දේවල් ප්‍රවාහනය සඳහා මගී බස්වලට පැටෙව්වේ ගෝනි ගනංය. ප්‍රදේශවාසීහු වැඩි කොටසක් (මට මතක හැටියට හින්දු ලබ්ධිකයෝ හෝ ඉස්ලාම් භක්තිකයෝය). ඔය කියන්නේ හැට (1960) ගණන්වල මගේ මතකයයි.

මහියංගණේට යන්න නුවරින් බස් එකක එල්ළුණු පසුව හුන්නස්ගිරිය ළංවෙන විට “අම්මට සිරි” උදේ හත අට නමය වන විටත් ඉන්න හිටින්නට බැරිය. වෙව්ලනවෝය. දත් තිස්දෙක කටකට ගගා එකට හැපෙනවාය.

හුන්නස්ගරිය කඳු මුදුනේ තිබුණු ටකරං කඩදෙක තුනේ උණු උණු වේ පිච්චෙන පාන්පිටි රොටි දෙක තුනක් හායි හූයි ගාන පදමට සැර කොච්චි ලුණු මිරිසුත් සමග “අඹරා” (ගිලදමා) තනිකර පැණි පාට කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක කහට කෝප්පයක් ඇදලා ඇරියම අර වෙව්ලන සීතල පැන දුවන්නේ පැත්ත පළාතේ නොසිටය.

ඔය කියන හරියට මහියංගණේ බිංතැන්න ඉතා කිට්ටු නිසා අපේ යාළුවාටද බ්‍රාහ්මණයන්ට වූ දේම සිදුවූවේය. බ්‍රාහ්මණයෝ දෙවරක් උපදිත් යැයි වේදයේ ඉගැන්වේ. ඒ පළමුවෙන් මව් කුසෙනි. දෙවැනුව “පූණ” නූල පළඳවනදාය.

ඉතිං අපේ සගයාගේ (මාඩු ගොඩයා) උප්පැන්නේ තිබූ නම කෝක වුවත් අපේ උන් අලුත් උප්පැන්නයක් දී නමක් රෙජිස්තර කළෝය. නම “පොර මොලා“ය. ඒ බිංතැන්න ළඟ නිසාය.

ඕකා සමහර විට අපේ දේශපාලනඥයන් කරන තරමේ නොවුණත් මහ අමන (ගොං) වැඩද කෙළේය. ඒ නිසා ඇතැම් විට පොරමොලා පොර “මෝලා” වූයේය. අපරාධෙ කියන්ඩ බැරිය. අපේ පොරමෝලා උපාධිධාරියකු වූවා මිස කිසිදාක මෝලෙක් නම් වූයේ නැත.

හැබැයි මේ අටුවාව ඉදිරිපත් කෙළේ මෝලෙක් වූ පොරක් ගැන කියන්නට නොව පොරක් වූ මෝලෙක් ගැන කියන්නටය.

මේ මෝලා එසේ මෙසේ පොරක් වූවා නොව ඕනෑම අන්දමේ මෝල්ලු සැලන්ඩර් (සරෙන්ඩර්) කරන්ඩ බල්ලන් බූරුවන් නටවන මන්තරයක් ඉගෙන ගත් නිසාය. ඇතැම් මන්ත්‍ර ජපයේදී අඹ කොළ, දෙහි කොළ, කොහොඹ කොළ ආදි පත්‍ර වර්ග ආතුරයාගේ සිරුරේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ස්පර්ශ වෙන්නට නොවන්නට ගෙනයාම චාරිත්‍රානුකූල වුවත් මුන්නැහේ මන්තරය ජප කරන්නට එච්චර වධ වින්දේ නැත.

මොනරු ඉන්න රූප කොළ කීපයක් පෙන්නූ පමණින්ම බඩගානා කුරගානා උරග, අපා, දෙපා, සිව්පා, බුහුපා පමණක් නොව රටටම එපා, ඕනෑම වර්ගයේ සේම පෘෂ්ට වංශිකයන්ද ඇදී එන බව හෙතෙම උගත්තා පමණකි.

එහෙත් ඒ කොළ පමණක් නොව ඒවා අච්චුගහන යන්ත්‍ර පවා පෙන්නුවද ඊට සෙකන්ඩ් නොවුන කශේරුකාව තිබුණෝ නම් ඒවා දෙස බැලුවෝ අලුයම හෙළුෑ කෙළ පිණ්ඩයක් දෙස බලන්නා පරිද්දෙනි.

රූපවාහිනිය නොවුණු හැට (1960) ගණන්වල තිබුණේ ගුවන්විදුලි සේවයකි. ඇතැමුනට (විශේෂ යෙන් ආණ්ඩු විරෝධීනට) ඒක ගුවන් විහිළු සේවයක් වූවේය. ආණ්ඩුවේ හොරණෑව වශයෙන්ද හඳුන්වනු ලැබිණි.

1965 -1970 කාලයේ තිබුණේ දෙමළ මුස්ලිම් පක්‍ෂ ඒකාබද්ධ කරගත් එක්සත් ජාතික පක්‍ෂයේ ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් පිහිටුවූ ආණ්ඩුවකි. එය විරුද්ධ පක්‍ෂය උපහාසයට ලක්කරනු ලැබුවේ හත් හවුල වශයෙනි.

ඒ ආණ්ඩුව 1970 දි ආසන අටට බස්සවා බලය ගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ සමසමාජ පක්‍ෂය සහ පීටර් කේනමන් මහතාගේ කොමියුනිස්ට් පක්‍ෂය සමග එක්ව පිහිටුවූ ආණ්ඩුව තුන්හවුල නම් වූවේය. එහි මොළකාරයා ඇන්.ඇම්.ය. (ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තරයේ ද පිළිගැනීමට පාත්‍ර වූ එතුමා ලංකාවේ සංවර්ධනයට මෙතෙක් විශාලම මෙහෙය කළ ජාති හිතෛෂී දේශපාලනඥයාය.)

මොනවා කීවද මහජනයාට ඔය කාලයේ ප්‍රවෘත්ති අසන්නට ලැබුණේ ගුවන් විදුලි සේවයෙන් පමණි.

ඔය ආණ්ඩු දෙකේ කාලය තුළත් ප්‍රවෘත්ති ආරම්භ කිරීමට පෙරාතුව ගුවන් විදුලියෙන් ඉතා ලස්සන තේමා වාදන දෙකක් විකාශය වූයේය.

65-70 කාලයේ යූ.ඇන්.පී. ආණ්ඩුව සමයේ වාදනයට අනුව තනුවට (ඇන්.ඇම්ට. ඔලොක්කුවට) වචන දමා කොල්ලෝ විරුද්ධ පාක්ෂිකයන්ට නක්කලේ දැමූහ.

“ඇන්.ඇම්.ට,පුළුවංද හත් හවුල පෙරළන්ඩ
ඇන්.ඇම්.ට,පුළුවංද හත් හවුල පෙරළන්ඩ” යන්න ඒ නිමැවුමයි.

ඒ ආණ්ඩුව 1970 දී පෙරළා බලය ගත් සිරිමාවෝගෙ ආණ්ඩුව (මුදල් ඇමැති ඇන්.ඇම්.) සමයේ කොල්ලෝ යූ.ඇන්.පී.කාරයන්ට රිටර්න් එක දුන්හ. ඒ මෙසේය.

“ඩඩ්ලි ඩඩ්ලි දැං කොහොමද?

ඩඩ්ලි ඩඩ්ලි දැං කොහොමද?

“ඩඩ්ලි ඩඩ්ලි දැං කොහොමද?

අපට බැනල ගෙදර නේද?

ඩඩ්ලි ගෙදර ඈ ඈං…”

ඔය කියන ගී සංවාදය ගැන ඩිංගිත්තක් හරි ඇහැ කන යොමු කෙළේ නම් අර කියන මෝලා කවුරුන්දැයි දැනගැනීමට දෙවරක් චක්කරේ, දෙවරක් කියන්න ඕනෑ නැත.

ඔක්සිජන් නැතුවාට දෝ කාබන් ඩයොක්සයිඩ් ද? කාබන් මොනොක් සයිඩ්ද? මොනවා හෝ හරි ගැසීමෙන් පමණක් නොව, අර වැට් කියන බඩකඩුත්තුව ගැසීම නිසාත් මේ වනවිට බඩගින්නේත්, බේත් නැතුවත්, කෑම නැතුවත් පාර දිගටත් මිනිසුන්ට නහින්නට සිද්ධවී ඇති කාලේ, ලොක්කා රුපියල් විසිපන් කෝටියක් කජු ඇට කොස් ඇට යැයි සිතා මූදු හයිරංකාරයන් මට්ටුකරන්නට ලංකාවෙන් ගිය පළමු කෙළිකාරයා පරාක්‍රමබාහු රජ්ජුරුවන්වහන්සේ යැයි කීවද, එතුමාගේ (පරාක්‍රමබාහු රජ්ජුරුවන් වහන් සේගේ) අඩවියේ ඉඳගෙනම මුළුරටම ගසාකන, හුවගාතේ (සුදහගින්නේ) තියන මේ කියන මොට්ට නොව පට්ට කට්ට “මෝල්” වහන්සේ මට්ටු කරන්ඩ බැරි අපේ ලොක්කා කෙරෙහි අපේ හිතේ ඇත්තේ නං අසීමිත කරුණාවකි.

වැඩේ තියෙන්නේ ඒ කරුණාව පෙන්නන්න අපට අවස්ථාව තාම නැතිකමය. විරුද්ධ පස්සේ (පක්‍ෂය) පණ මදිකමය. නැත්තං පූජාවලියේ හෝ සද්ධර්මරත්නාවලියේ සඳහන් පරිදි “තට කියටි දනිමු”.

මුන් වහන්සේ පමණක් නොව මුන්වහන්සේගේ මලණ්ඩ කෙනකුන් ද හයිරංකාරයකු බව ටිකකලකට පෙර දත්තෝය. වැලිගොඩ දැමීමේ මොකක්දෝ “හුටප්පරයක්” කරණකොටගෙන කාගෙදෝ ඔළුගෙඩිය දෙබෑ වෙන්නටම ඒකා පොරවකින් “කෙළලා” දැමූ පුරාවෘත්තයක් ද මීට ටික කලකට ඉහත දී පත්තර ගොයියලා කීවා ද මතකය.

ඊටත් බොහොම ඉස්සර පත්තර කෑලිවල ගිය කතාවක්ද යාන්තමින් මතක තිබේ. ඒ වගත් මෙසේමය.

ඔන්න ඔය පළාතේම පරාක්‍රම ගොයියාත් තමන්නේ නමින්ම හැදූ සාගරයක්ද, මූදක්ද ආසියාවේ ලොකු සයිස් එකේ හෝටලයක් හිමි කිසියම් පෞද්ගලික ආයතනයක් ඒ නිශ්චල දේපළ රාජ්‍ය මුල්‍ය ආයතනයකට උකස්කර ලොකු ණයක් අරං තිබුණේලු.

ණය ගැතියන්ට (දේපළ හිමිකරුවන්ට) ඒ ණය මුදල ඒ මූල්‍ය ආයතනයට නිසි කලට ගෙවා නිමකිරීමට නොහැකි වීම නිසා අධිකරණ තීන්දුවක් පරිදි වෙන්දේසි කරනවා බලා ඉන්නට සිදුවූයේලු.

නියමිත දිනට පැවැත්වෙන වෙන්දේසියට සහභාගිවීමේ අභිප්‍රායෙන් ඊට පෙර දින සවස පැමිණි අපේක්‍ෂිත ගැනුම්කරුවන් අවට හෝටල්වල ලැගුම් ගෙන සිටි සඳ ඒ රාත්‍රියේ ගිනි අවිවලින් සන්නද්ධ “අයියලා” පිරිසක් පැමිණ අහසට වෙඩි තබා මරණ තර්ජනය කර ඒ පිරිස් පලවා හැර පියාලූහයි කියත්.

පසුවදා ධාවන තරගය පැවැත්වුවත් හිටියේ එකම එක අශ්වයෙක් ලු. ඌට කප් එක ගන්න ඒතරම්ම දුෂ්කර නුවූයේලු.

දේශපාලන බලය තිබ්බත් නැතත් උසී උසී කියන කල්හි බුරා පනින්නට මිනී කන උන් උන්නත් නැතත් ඒ ගැන නොසිතා නොබලා ඉතා සහගත, යුක්ති ධර්මානුකූලව ඉතා සාධරණ අන්දමින් එසේ තමන් සන්තක කරගත්තේ යැයි කියන ස්ථානයට ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව අතැඹුලක් සේ (ඉතා පැහැදිලිව) දැන පරාක්‍රමබාහු උන්නාන්සේගේ මූදෙන් ටිකක් ඈ`දාගෙන ඇත්තේ මහින්දයියලා, රනිල් ගොයියලා හම්බන්තොටිං සහ කොළොතොටිං චීන්නුන්ට දුන්නා වගේ යන්න නම් නොසිතනු මැනවි.

එහෙත් අර කියන පරාක්‍රමබාහු වහන්සේගේ සාගරයෙන් අක්කර පහක පමණ ප්‍රමාණයක් අත්පත් කරගෙන සංවර්ධනාත්මක ව්‍යාපෘතියක යෙදෙන සමයේ (2009 පමණදී) මේ ලියුම්කරු මාරයා සමග ඇයි හොඳයිකම් පවත්වන හෙයින් ඌතුමා සමග ඔය කියන ව්‍යාපෘතිය දැකබලාගනු රිසින් අප්‍රසිද්ධියේ ගොස් ඡායාරූපද ගත්තේය.

ඒ විස්තරය 2009.10.08 දින කිසියම් පුවත්පතක පළවූ පසු මේ මෝල්වහන්සේ කිසියම් පිරිසක්ද කැටුව කර්තෘ මණ්ඩලයට අවුත් ටිකක් වෙන්නට යකා නටා ගියේය. ඒ එක බඩවැල කඩාගෙන පැමිණි යේ යැයි ගම්මුන් කියන කෙනෙකුගේ හයිය නිසාය. ඒ කාලයේ මෝල් වහන්සේ හයිරංකාරකං දැම්මේ ඒ කියන පුද්ගලයාගේ හයියෙනි.

(ලියුම්කරු එසේ ගිය විට එවක (2009) තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා එවක විපක්‍ෂනායක තිස්ස වීරක්කොඩි මහතා මෙසේ කීවේය.

‘දේශපාලන බලය යොදාගෙන පරාක්‍රම සමුද්‍රයේ කොටසක් අල්ලාගැනීම ඉතාම අසාධාරණ ක්‍රියාවක්. මේ සම්බන්ධයෙන් රාජකාරි කිරීමට රාජ්‍ය නිලධාරීන්ටත් ඉඩක් නෑ. ප්‍රදේශවාසීන්ද තර්ජන ගර්ජනවලට බයේ කතාකරන්නේ නෑ. මේ පරාක්‍රම සමුද්‍රයේ උද්‍යානයක් ඉදිකිරීමෙන් පාඩුව ගොවීන්ටයි.’

‘වැවේ ගබඩා කෙරෙන ජල ධාරිතාව අඩුවීම නිසා ගොවිතැනට ප්‍රමාණවත් අන්දමට ජලය ලැබෙන්නේ නෑ. ගොවිතැන් පාළුවෙනවා. පසුගිය කන්නවලදී සියයට පනහකින් (50%) අස්වැන්න අඩු වුණා. මම මේ ගැන ප්‍රාදේශීය සභාවේදී තුන් සැරයක්ම කතා කළා. අවශ්‍ය සෑම තැනකටම දැන්නුවා. ඒත් ප්‍රතිඵලයක් නෑ.’

එපමණක් නොව රට්ටු කන හාල්වල පමණක් නොව දෙයියන්ගෙ හාල්වල පවා ඒකාධිකාරිය මේ මෝල්වහන්සේ පමණක් නොව අනිත් මෝල්වහන්සේලා තුන් කට්ටුවද අතේ තියාගෙන ඇත්තාහ. දැන් නාඩුත් නැත. මාඩුත් නැත. කීරි සම්බාත් නැත. කීරි තියා පතුරු සම්බාත් නැත. ඉතුරු නැතුව පතුරු ගැසී සිටින්නෝ මේ රටේ මහජනයාමය.

මොකක්ද පක්‍ෂයක ලොකු තනතුරකින් ඉවත් කිරීමට මහින්දයියා වලිකන කොට “පුළුවං නං ඉවත්කරල බලමු” යැයි ප්‍රසිද්ධ රූපවාහිනී සාකච්ඡාවක දී මහින්ද අයියාගේ “හොම්බට අනින්නා” සේ මේ මෝල්වහන්සේ අභියෝග කෙළේය. ඒ තනිවම නොවේ. සහායට සිටින අනිත් මෝල්ලු තුන් හතර දෙනාත් සමගය.

අයියාගේ පස්සේ යමින් සිටි මේ මෝල්වහන්සේ පසුව ගෝඨා පුටුවට නැංවීමටද සෑහෙන මහන්සියක් ගත්තේය.

දැං මුන්නැහේට මහජනයා වෙනුවෙන් “කරුණා සීතලං හදයං” හදවත කම්පාවී සත්ව කරුණාව පහළවී ඇත්තාසේය.

පේන හැටියටනං කම්පාවී ඇත්තේ හදවත පමණක් නොවේ. උණ්ඩුකපුච්ඡය, අග්න්‍යාසය, ප්ලීහාව, අණ්ඩකෝෂය පවා කම්පාවී ඇති සේය. මන්ද ඊයේ පෙරේදා වටිනාවන්ත (ගම්මුන් කියන පරිදි) ප්‍රකාශයක් කර ඇති හෙයිනි.

දැන් පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසිපස් (225) දෙනාම වැඩකට නැති හෙයින් ළඟදීම වෙනස් කළ යුතු බව කීමෙනි. ඒ “එනපාට හරිනෑ, කෙල්ල ගෙට ගං” කියන කාරණේ පැහැදිලිවම පේන්න ඇති බැවිනි. මහජනයා ගැන දුක හිතී ඇත්තේ දැංය.

හොඳ හොඳ සෙල්ලං පාන්දර ජාමෙටය. ඔය කසකාරයාය. පෙරහැර ඉස්සරහටය.

“අඳෝ බයියෝ” කියන්නේ ඔන්න ඕවාටය.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

යුක්තිය මෙහෙයුම් 31,000 පන්නයි! සැකකරුවොත් 31,000! Sri Lanka Latest News

Next Post

මේ යන විදියට රටටම ඩෙංගු හැදෙයිද? Sri Lanka Latest News

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.