• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොවිඩ් ඉවර නෑ : මෙන්න දැනගන්න අතුරු ආබාධ ගොඩක් තියෙනවා I Sri Lanka Latest News

March 7, 2024
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

වසර 03කට අධික කාලයක් ලොව පුරා පැවැති මාරාන්තික කොවිඩ් වසංගතයෙන් ලොව අහිංසක මිනිසුන් ලක්ෂ 70කට (මිලියන 07ක්) අධික පිරිසක් කොරෝනා මාරයාගේ කටට ගියේය. එයට අමතරව තවත් කෝටි ගණනාවක ජනතාවකට රෝගය වැලඳී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන්නට සිදුවිය. කාලයක් ගතවන තෙක්ම කොරෝනා මාරයා පරදවන්නට කිසිදු බෙහෙතක් නොවීය. මෙවැනි වටපිටාවකදී මාස ගණනාවක් ගතව යත්ම ලෝකයේ දියුණු රටවල් කිහිපයකම වෛද්‍ය පර්යේෂණයන් සිදුකරන්නට ගත්තේය.(Sri Lanka Latest News)

ඒ මෙම බියකරු වසංගතයට යම් ඖෂධයක් සොයා ගන්නටය. කාලය ගතවත්ම මෙම බොහෝ පර්යේෂණයන් සාර්ථක වී කොවිඩ් මර්දන එන්නත් කිහිපයක් සොයා ගැනිණි. ඒ අනුව ලෝකයේ රටවල් කිහිපයකම බටහිර ඖෂධ සමාගම් සහ එම රාජ්‍ය පර්යේෂණ ආයතන සිදුකළ පර්යේෂණයන් හරහා සාර්ථක එන්නත් වර්ග කිහිපයක් සොයාගනු ලැබීය. එය ලොව පුරා නව පිටුවක් පෙරළන්නට සමත් විය.

මේ ආකාරයට ලොව පුරා සොයාගත් සාර්ථක එන්නත් වර්ග 03 වූයේ ෆයිසර් (Pfizer), මොඩර්නා (Moderna) සහ ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) යන එන්නත්ය. ඉන් පසුව ලෝකයේ රටවල් රාශියක වෙසෙන කෝටි ගණනාවක ජනතාවට කොවිඩ් රෝගයෙන් වැළකීම උදෙසා මම එන්නත් ලබාදෙන ලදී. එන්නත් ලබාගන කොවිඩ් රෝගයෙන් වැළකුණු පිරිස මෙන්ම එන්නත් ලබාගෙන කොවිඩ් රෝගය වැලඳුණු පිරිසක්ද වූහ. එසේ වූයේ එක් එක් පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තියට අනුවය. ඔබට අද කොවිඩ් මාරයාගේ කතාවේ අතීත ආවර්ජනයක් ලියා තැබීමට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී අසන්නට ලැබුණු නවතම පුවතක් හේතුවෙනි.

මෙය මෙතෙක් ලෝකයේ සිදුකරන ලද අතිවිශාල වෛද්‍ය පර්යේෂණයක ප්‍රතිඵලයකි. එනම් කොවිඩ් වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ලෝකයේ ජනතාව විසින් ලබාගත් එන්නත් වර්ග හරහා වර්තමානයේදී එම ජනතාව විවිධ අතුරු ආබාධයන්ට මුහුණ දී සිටීමයි. මෙලෙස කොරෝනා එන්නත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් සිදුකරන ලද පර්යේෂණයකින් මෙම කරුණු අනාවරණ කරගෙන ඇත. කොවිඩ් එන්නත් ලබාගෙන තිබෙන පුද්ගලයන් මිලියන 99ක් වැනි විශාල ප්‍රමාණයක් යොදාගෙන මෙම අධ්‍යයනය සිදුකර ඇත. ලෝකයේ එන්නත්කරණය ගැන පුළුල් පර්යේෂණ සහ සමීක්ෂණයන් සිදුකරනු ලබන Global Vaccine Data Network (ගෝලීය එන්නත් දත්ත ජාලය) නමැති ආයතනය විසින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

මෙය පිහිටුවා ඇත්තේ නවසීලන්තයේ අගනුවර වන ඕක්ලන්ඩ් නගරයේ වන අතර, එය එම නගරයේම ස්ථාපනය කර ඇති ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලය (The University of Auckland) සමග අනුබද්ධව තම පර්යේෂණ කටයුතු සිදුකරයි. මෙම ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ ඇති Vaccine Safety Net නමැති ව්‍යාපෘතියේ සාමාජිකයකුද වෙයි. මේ ආකාරයට එය ජාත්‍යන්තර අනුමැතියක් ලත් ආයතනයක්ද වෙයි. Global Vaccine Data Network හි ප්‍රධාන කාර්යාලය වන්නේ ලෝකයේ භාවිතයට ගනු ලබන විවිධ එන්නත්වල ආරක්ෂාව සහ සඵලතාව පිළිබඳ පර්යේෂණයන් සහ අනෙකුත් අධ්‍යයනයන් සිදුකිරීමයි. ඔබට මෙලෙස එම ආයතනය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් සිදුකළේ මෙම කතාව තවත් පහසුවෙන් අවබෝධ කරගන්නටය.

ලෝකයේ විවිධ කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයන් මිලියන 99ක් නියැදි ලෙස ලබාගනිමින් සිදුකළ මෙම පර්යේෂණයට වසර 2ක පමණ කාලයක් ගතව ඇත. මෙය මෙතෙක් කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සිදුකරන ලද විශාලතම අධ්‍යයනය වශයෙන් සැලකෙයි. රටවල් 8ක් ආශ්‍රිත කරගෙන මෙම පර්යේෂණය සිදුකර ඇත. ආර්ජන්ටිනාව, ඔස්ටේ්‍රලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය එම රටවල් වෙයි.

කිසිදු ආසියාතික හෝ අප්‍රිකානු රටක් ආශ්‍රිතව සමීක්ෂණය සිදුකර නැත. එහෙත් එය එම අධ්‍යයනයට බාධාවක් නොවන බව ප්‍රකාශ වී ඇත්තේ ඉහත රටවල් 8 තුළද කොවිඩ් වසංගතය ප්‍රබල ලෙස ව්‍යාප්ත වූ හෙයිනි. එබැවින් එම රටවලින් නියැදි ලබාගැනීමද අධ්‍යයනයට බාධාවක් නොවේ. මේ ආකාරයට යටකී අධ්‍යයනයට සහභාගි වූ පර්යේෂකයන් නිගමනය කර ඇති අතුරු රෝගාබාධයන් ගණනාවක් ඇත.

ඉහත Global Vaccine Data Network යන ආයතනය යටතේ සිදුකෙරුණු මෙම අධ්‍යයනය මුලින්ම ආරම්භ කර ඇත්තේ 2021 අවසාන භාගයේදීය. එය නිල වශයෙන් නම්කර ඇත්තේ The Global Covid Vaccine Safety Project (ගෝලීය කොවිඩ් එන්නත්කරණ ආරක්ෂිත ව්‍යාපෘතිය) ලෙසිනි. පොදු මූල ලේඛයක් (ප්‍රොටෝකෝලයක්) භාවිත කරමින් කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයන් මිලියන 99ක් වෙන වෙනම අධ්‍යයනයට ගනිමින් පර්යේෂණය සිදුකර ඇත. මෙහිදී මෙම නිරීක්ෂණයන් ප්‍රධාන වශයෙන් ස්නායු, රක්තපාත සහ හෘද තත්ත්වයන් යටතේ සිදුකරන ලදී. එසේම වයස සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව වර්ගීකරණයද සිදුකරන ලදී. ඉන් පසුව එම සෞඛ්‍ය ආරක්ෂණ දත්ත කට්ටලවලින් නිරීක්ෂණිත අනුපාතයන් වාර්තා කර ගන්නා ලදී.

මුලින්ම කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසුව දින 42ක කාලයක් දක්වා ප්‍රාථමික විශ්ලේෂණයක් සිදුකරන ලදී. ඉන් පසුව විවිධ කාල පරාසයන්ට අනුව අනෙකුත් විශ්ලේෂණයන්ද සිදුකෙරිණි. එතැනින් පසුව ඒ ඒ පුද්ගලයන්ට අදාළව විද්‍යුත් සෞඛ්‍ය ආරක්ෂණ දත්ත සම්පාදනය කරන ලදී. මෙම අතිශය පුළුල් ක්‍රියාවලිය පර්යේෂකයන් විසින් සජීවී ක්‍රමවේදයක් හරහා සිදුකෙරුණු අතර විවිධ වෙබ් අඩවි රාශියක් හරහාද දත්ත එක්රැස් කරගැනීම සිදුකරන ලදී. මේ අනුව ස්ථිර ලෙසින් පුද්ගලයන් 99,068,901කගේ දත්ත අධ්‍යයනය සඳහා ලබාගැනිණි. ඒ කොවිඩ් ප්‍රධානතම එන්නත් වර්ග තුන වන ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් පුද්ගලයන්ය. අනෙනකුත් කොරෝනා එන්නත් ලබාගත් අල්ප පිරිසක් මෙම අධ්‍යයනයට ඇතුළත් නොවීය.

මෙලෙස කොවිඩ් එන්නත්කරණයෙන් පසුව විවිධ පුද්ගලයන්ට වැලඳුණු විවිධ රෝගාබාධ තත්ත්වයන් යට කී පර්යේෂණයේදී මෙසේ හෙළිදරව් කර තිබිණි. බටහිර වෛද්‍ය විද්‍යාත්මක නාමයන් යටතේ එම නිරීක්ෂණයන් ප්‍රකාශ වී තිබිණි.

තෝරාගත් ස්නායු රෝග තත්ත්වයන්

1. Guillain Barre Syndrome (ගිලායන් බැරේ සින්ඩ්‍රෝමය) – මෙම රෝගී තත්ත්වය යම් පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පර්යන්ත ස්නායුවලට පහර දෙන දුර්ලභ රෝගී තත්ත්වයකි. බොහෝ විට වැඩිහිටියන්ට බලපෑම් සිදුකරනු ලැබීය.

2. Transverse Myelitis (ට්‍රාන්ස්වර්ස් මයිලිටිස්) – තීර්ය්‍ය මයිලටිස් රෝගය – කොඳු ඇට පෙළේ ඇතිවනු ලබන වේදනාවක් සහ ප්‍රදාහයන් ආශ්‍රිත රෝගී තත්ත්වයකි.

3. Facial Palsy (ෆේෂල් පල්සි) – මුහුණේ අංශභාගය යනුවෙන් හඳුන්වනු ලබන රෝගී තත්ත්වයකි.

4. Acute Disseminated Encephalomyelitis (ඇකියුට් එන්සෙපලෝමයිලිටිස්) – මොළයේ සහ කොඳු ඇට පෙළේ ප්‍රදාහයක් මගින් ඇතිවනු ලබන සංලක්ෂිත ස්නායු ආබාධයකි.

5. Cerebral Thrombosis (සෙරෙබ්‍රාල් ත්‍රොම්බෝසිස්) – මොළයේ ශිරා සයිනස් තුළ රුධිර කැටියක් සෑදීමේ තත්ත්වය. මේ නිසා මොළයෙන් රුධිරය පිටවීම වළක්වයි. ස්නායු රෝග තත්ත්වයක් ලෙස සැලකෙයි.

තෝරාගත් රක්තපාත රෝගී තත්ත්වයන්

1. Cerebral Sinus Thrombosis (සෙරෙබ්‍රාල් සයිනස් ත්‍රොම්බෝසිස්) – මස්තීෂ්ක ශිරා ආශ්‍රිතව ඇතිවන රක්තපාත රෝගී තත්ත්වයකි.

2. Splanchnic Vein Thrombosis (ස්ප්ලැන්කිනික් වේන් ත්‍රොම්බෝසිස්) – රුධිර නාළවල අධි රුධිර පීඩනය නිර්මාණය කරන රෝගී තත්ත්වයකි.

3. Pulmonary Embolism (පැල්මොනරි එම්බෝලිසම්) – පෙණහලුවලට රුධිරය යවන නාළ (ප්‍රජප්‍රසීය ධමනය) හදිසියේම අවහිර කරවන භයානක රෝගී තත්ත්වයකි.

4. Unusual Site Thrombosis (අන්යූෂුවල් සයිට් ත්‍රොම්බෝසිස්) – ශරීරයේ අසාමාන්‍ය ස්ථානවල රුධිර නාළවල අවහිර වීම් සිදුවීම.

5. Myocarditis and Pericarditis (මයෝකාඩයිටිස් සහ පෙරිකාර්ඩයිටිස්) – හෘද පේශිවල සිදුවන ප්‍රදාහමය රෝගී තත්ත්වයකි. මෙම ප්‍රදාහය නිසා හදවතට රුධිරය පොම්ප කිරීමේ හැකියාව හීන කරයි.

වෙනත් පුවත්පත් ලිපියකින් දක්නට නොහැකි වන ආකාරයෙන් මෙම රෝගී තත්ත්වයන් ඔබට ඉතා සංකීර්ණව විග්‍රහ කළේ එය හොඳින් අවබෝධ කරගැනීම උදෙසාය. මේ ආකාරයට කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයන්ට පසුකාලයකදී මෙවැනි රෝගාබාධයන් වැලඳී තිබීම ඉතා අනතුරුදායක සහ ඛේදනීය තත්ත්වයක් වෙයි. කෙසේ හෝ මෙම රෝගී තත්ත්වයන් යටතේ සිදුව ඇති ජීවිත හානිද බොහෝ විය. ඒ වුවත් කොවිඩ් එන්නත් නිසා කොවිඩ් මාරයාගෙන්ද ගැලවුණේය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හිමාලයේ මහා හිම පතනයේදීත් බවුන් වැඩූ විස්මිත යෝගිතුමා ගැන පුදුම හිතෙන කතාව I Sri Lanka Latest News

Next Post

‘පුංචි මොස්කව්’ බවට පත්වූ උණවටුනේ ‘සුදු මුහුණු සාදය’ I Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.