• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පුංචි මොස්කව්’ බවට පත්වූ උණවටුනේ ‘සුදු මුහුණු සාදය’ I Sri Lanka Latest News

March 8, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හලක පැවැත්වීමට නියමිතව තිබූ සාදයක් පිළිබඳ මේ වන විට ජාත්‍යන්තර අවධානයක් යොමුවී තිබේ. එම සාදයට ජාත්‍යන්තර අවධානයක් හිමි වූයේ, එය ‘සුදු මුහුණු සහිත’ සංචාරකයන්ට පමණක් වෙන්වූවක් බවට සංවිධායකයන් ප්‍රචාරණය කර තිබීමත් සමගය.(Sri Lanka Latest News)

අදාළ සාදය පෙබරවාරි 24 වැනි සෙනසුරාදා Sarayka Lounge නමැති අවන්හලෙහි පැවැත්වීමට සැලසුම් කර තිබිණි. කෙසේ වෙතත්, පෙබරවාරි 23 වැනිදා ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් Sarayka Lounge සඳහන් කර තිබුණේ, වහා ක්‍රියාත්මක වන පරිදි අදාළ සාදය නතර කිරීමට පියවර ගත් බවය. සිය අවන්හලෙහි විවිධ ඉසව් සඳහා සත්කාරකත්වය සපයන අතර, මෙයද එවැනි ඉසව්වක් බවත් ජාතිවාදී ප්‍රකාශන හෝ සංවිධානවලට මීට පෙර හෝ ඉදිරියේදී හෝ සහාය නොදෙන බවත් එහි සඳහන් විය. ඒ සම්බන්ධයෙන් කනගාටුව පළකරන බවද එහි දැක්වේ.

දැඩි විරෝධයක්

‘සුදු මුහුණු පමණක් ඇති’ සංචාරකයන්ට සීමා කර තිබූ මෙම රාත්‍රී සාදය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා කරන ලද ප්‍රචාරණයේදීම එල්ල වූයේ දැඩි විරෝධයකි. මෙවැනි සාද හරහා වර්ණ භේදවාදයට මඟ විවර වන බවට දෙස් විදෙස් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ දැඩි විවේචන එල්ල විය. දිගින් දිගටම එල්ල වූ මෙම විරෝධය හමුවේ එම සාදය අහෝසි කිරීමට සිදුවී තිබිණි.

සංවිධායකයෙකුගේ පසුතැවිල්ල

මෙම සාදය සංවිධාන කිරීමට සහය දුන් බව පවසන geo_ecstatic නමින් පෙනී සිටින DJ ශිල්පියකු ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් කනගාටුව පළකරමින්, සමාව ඉල්ලා තිබේ. ඔහු සිය සටහන සිංහල බසින්ද පළකර තිබීම විශේෂත්වයකි.

රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කර තිබුණේ, ‘අදාළ සාදය පැවැත්වීමට නියමිතව තිබූ අවන්හල’ සහ ප්‍රධාන සංවිධායකයන් රුසියානු පුරවැසියන් බව තහවුරු නොවන දත්තවලින් පෙනීයන’ බවය.

කෙසේ වෙතත්, එහි සඳහන් කර තිබුණේ, එය Dress-Code: White. එනම් සුදු පැහැති ඇඳුමින් සැරසී පැමිණිය යුතු සාදයක් බවය.

රුසියානු රජය සියලුම ආකාරයේ වාර්ගික නොසලකා හැරීම් හා ජාතිවාදය දැඩි සේ හෙළාදකින බවත්, කුමන ආකාරයේ වුවද, එවැනි කෲරකම්වලට එරෙහිව කටයුතු කරන බවත් එහි දැක්වේ.

එසේම, ශ්‍රී ලංකාවේ නීතියට හා චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරන්නැයි රුසියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

‘කිසිදු අදහසක් දක්වන්න බෑ’ රුසියානු තානාපති කාර්යාලය

සැලසුම් කර තිබූ උණවටුන රාත්‍රී සාදය සම්බන්ධයෙන් සහ සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු ජාතිකයන් ව්‍යාපාරවල නිරතව සිටින්නේද යන්න පිළිබඳ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් අප දුරකතනය ඔස්සේ විමසීමක් කළ අතර, එහිදී එය ඊමේල් පණිවුඩයක් හරහා යොමුකරන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව, අප යොමු කළ ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය දැනුම් දී තිබුණේ, ‘බි්‍රතාන්‍ය බලධාරීන් Russia Today පුවත් ඒජන්සිය සමග සහයෝගයෙන් කටයුතු නොකරන හෙයින්, කිසිදු අදහස් දැක්වීමක් කළ නොහැකි’ බවය.

ආගමන විගමන පාලකගේ නියෝගයට ජනපතිගෙන් වැට

මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුව රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ට නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙබරවාරි 22 වැනිදා සිට දින 14ක කාලයක් ලබාදෙන බවටය.

කෙසේ වෙතත්, පූර්ව කැබිනට් අනුමැතියකින් තොරව ආගමන විගමන පාලකවරයා නිකුත් කළ එම නියෝගය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කළේය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මීට පෙර දීර්ඝ කළ වීසා ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බවය.

මේ සම්බන්ධයෙන්, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියගෙන් අප කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් කිසිවක් මේ මොහොතේ සඳහන් කළ නොහැකි බවය.

‘පුංචි මොස්කව්’

ගාල්ල, උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපාරය වැඩි වශයෙන් රුසියානු ජාතිකයන් අතට පත්ව ඇතැයි උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති නීතිඥ රූපසේන කොස්වත්ත පැවැසීය.

ඔහු අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය හමුවේ නෝර්වේ වැනි ස්කැන්ඩිනේවියානු රටවල සංචාරකයන් උණවටුන ප්‍රදේශය අතහැර මිරිස්ස ප්‍රදේශයට යාමේ ප්‍රවණතාවක් ඇති වී ඇති බවය.

‘මගේ මිතුරෙක් ඉන්නවා නෝර්වේවල. ඔහු මට කිව්වා ස්කැන්ඩිනේවියානු රටවල සංචාරකයන් උණවටුන පුංචි මොස්කව් කියලා හඳුන්වනවා කියලා. ඇත්තටම උණවටුනේ සංචාරක අවන්හල් වැඩි සංඛ්‍යාවක් කරගෙන යන්නේ රුසියානු ජාතිකයන්. ඔවුන් ඒ ව්‍යාපාර කරගෙන යන එක වරදක් නෙවෙයි. මගේ හෝටලයත් රුසියානුවකුට බදු දීලා තියෙන්නේ. හැබැයි නීති විරෝධී විදිහට ව්‍යාපාර කරනවා නම් දේශීය වුණත් විදේශීය වුණත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි’ නීතිඥ රූපසේන කොස්වත්ත පැවැසීය.

‘උණවටුන ආක්‍රමණය කරමින් සිටින රුසියානු පරපෝෂිත කණ්ඩායමක්’

උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් ගීගනගේ පැවැසුවේ, ‘අපි මේ මොහොතේ කතා කරන්නේ උණවටුන ආක්‍රමණය කරමින් සිටින රුසියානු පරපෝෂිත කණ්ඩායමක් පිළිබඳවයි. ඔවුන් රුසියානු සංචාරකයන් නොවේ. ඒ නිසා අපි ඒ දෙක පළමුව වෙන්කර හඳුනාගත යුතුයි. අපි රුසියානු සංචාරකයන්ට කැමැතියි. මොකද උණවටුන ගත්තම සියයට 60ක්ම ඉන්නේ රුසියානු සංචාරකයන්.’

‘එයාලගෙන් අපිට හොඳක් මිසක් නරකක් නැහැ. නමුත් එයාල උණවටුන ප්‍රදේශයට ගොඩක් එන හින්දා එයාලගේ පස්සෙන් ආපු සංචාරකයන් නොවන කුමක් හෝ ක්‍රමයකින් වීසා ඇතුව හෝ නැතුව රටට ඇවිල්ලා මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කරගෙන ගියපු අයගේ එක්කෝ කම්මැළිකම නිසා එක්කෝ නොදන්න නිසා එක්කෝ තමන්ට කරගෙන යන්න බැරි නිසා ඒ බිස්නස් බද්දට අරගෙන කරන රුසියන් බිස්නස්කාරයෝ ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ.’

‘මෙයාල සංචාරකයෝ නෙවෙයි. එයාල කරන්නේ අපේ ගමේ මිනිස්සුන්ට හම්බවෙන්න තියෙන ප්‍රතිලාභ ඒගොල්ලො හූරගන්න එක. ඒගොල්ලො නොකරන බිස්නස් එකක් නැති තරම්.’

‘අපි මේ අවස්ථාවේ හිස්ව තිබිච්ච හෝටල් ඒවා පුරවන්න Travel agencies වලට අඩු මුදලකට දීලා තියනවා. අපි බලාපොරොත්තු වෙන්නේ කෑම බීම සේවා සපයලා අමතර ආදායමක් ලබන්න. හැබැයි දැනට වෙලා තියෙන්නේ උණවටුනට එන රුසියානු සංචාරකයන්ට සැපයීම අපෙන් ගිලිහිලා රුසියානු කූට වෙළෙඳුන් අතට පත්ව තියනවා. ඒගොල්ලත් නොකරන බිස්නස් එකක් නැති තරම්. දැනට උණවටුන ගියොත් ඒගොල්ලන්ගේ නීති විරෝධී club සහ සූදු තියෙනවා. ප්‍රසිද්ධියේ බෝඩ් දාගෙන කරන පෝකර් games සහ ක්ලබ්ස් තියෙනවා. ඒ වගේම ඇප්ස් හරහා කරන බිස්නස් ගොඩයි. සිගරට් ඉඳලා විස්කි වෙනකම් නීති විරෝධීව බිස්නස් සිදුවෙනවා. රජයට කිසි ආදායමක් ගෙවන්නැතුව මෙයාලට මේවා කොහොමද හම්බවෙන්නේ? ඒ ගැනත් හොයන්න ඕනේ. සමහර වෙලාවට එයාලගේ රටේ ඉඳලා අතේ ගෙනල්ලා මේ බිස්නස් එක කරනවා වෙන්නත් පුළුවන්.’ නිමල් ගීගනගේ පැවැසීය.

‘ඒ වගේම අනෙක් සංචාරකයන් උණවටුනට එන එක අඩුවෙලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපීයයන්. මේකෙ අතුළේ හුඟාක් කතා කරන්නේ රුසියානු භාෂාව. ඉන්නේ රුසියන් අය. ඒ නිසා යුරෝපීය අය මෙහෙ එන්නේ නැහැ. අනික් සංචාරක ව්‍යාපාර කරන අයටත් තමන්ගේ ව්‍යාපාරය කරගන්න බැරිවෙනවා. අන්තිමට එයාලා කරන්නේ ඒ බිස්නස් එක රුසියන් කෙනෙක්ට දෙන එක. මේ විදියට ගියොත් අපේ ව්‍යාපාර නැතිවෙනවා. තව අවුරුදු කිහිපයක් යනකොට උණවටුනේ සංචාරක ව්‍යාපාරය රුසියානු සංචාරක ව්‍යාපාරයන් අතට යනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා වගකිවයුතු බලධාරීන් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන්න ඕනේ.’ යැයි ඔහු පැවසීය.

‘රුසියන් නෙමෙයි ඕනෑම විදේශිකයකුට මෙරට ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. අපි ඒක පිළිගන්නවා. එහෙම වෙන්න ඕනෙ. එතකොට තමයි දියුණුවක් ලබන්න පුළුවන්. හැබැයි එන්න ඕනෙ ආයෝජකයෝ නැතුව පරපෝෂිතයන් නෙවෙයි. රජයක් විදියට ආයෝජකයන් අඳුරගෙන දිරිමත් කරනවා වගේම අපේ රටේ ආයෝජනය කරපු අපිවත් බේරගෙන පිටින් එන ආයෝජකයොත් බේරගෙන මේ පරපෝෂිතයන්ගෙන් මේ ක්ෂේත්‍රය බේරාගත යුතුයි.’ ඔහු අවධාරණය කළේය.

නම සඳහන් කිරීමට අකැමැති තවත් සංචාරක ව්‍යාපාරිකයෙක් පැවසුවේ, ‘මේ වන විට යම් යම් ආරංචි තියෙනවා රුසියානු ගණිකාවන් යොදාගෙන කරන ව්‍යාපාර උණුවටුන තුළ තියෙනව කියලා වගේම ඒවා සැපයෙන්නෙත් රුසියානු සංචාරකයන්ටම පමණක් කියලා. යම් හෙයකින් මේ වගේ හේතුවක් මුල්කරගෙන ශ්‍රී ලාංකිකයන් සමග ගැටුමක් ඇතිවුණහොත් මාධ්‍යයෙන් ඒක කියන්නේ අන්න සංචාරකයන්ට පහර දීලයි කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමුකරන්න ඕනේ.’ ඔහු පැවැසීය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

කොවිඩ් ඉවර නෑ : මෙන්න දැනගන්න අතුරු ආබාධ ගොඩක් තියෙනවා I Sri Lanka Latest News

Next Post

නිවන් සැප ලැබේවා කිව්වම දඬුවම් කරන්නේ කොහොමද? අධිකරණ තීන්දු විවේචනය කරන්න පුළුවන්ද? -ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්- I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.